IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පත්තිනි දෙවොලින් මතුවූ මරද මඩු

2016-12-22-ent-04

අද අසිරිමත් නත්තලයි. ඒ හින්දාම අපි අද දවසේ කතෝලික බැතිමතුන්ගේ මහත් ආකර්ෂණයට හා ගෞරවයට පාත්‍ර වූ මරද මඩු යන්න තීරණය කළා. මරද මඩු හෙවත් මඩු දේවස්ථානය ගැන අසා නැති අයෙක් නැති තරම්. මඩු පල්ලියට ගිහින් මරද මඩු මාතාව වන්දනා කරලා එන අතරේ ඔබ මඩු පල්ලිය ගැන නොදන්න කතා කිහිපයක් කියන්නම්. කොළඹ ඉඳලා යනවා නම් අනුරාධපුරයට ගිහින් එතැනින් මැදවච්චියට ගිහින්. මැදවච්චියෙන් වම් පැත්තට A14 මාර්ගය හෙවත් මැදවච්චිය - මන්නාරම් පාරේ කිලෝමීටර් 48ක් ගියාම මුණගැහෙන මඩු දුම්රිය ස්ථානය අසලින් දකුණු පැත්තට මඩු රක්ෂිත වනාන්තරය හරහා ඔබට මරද මඩු දක්වා යන්නට පුළුවන්.

2016-12-22-ent-09බොහෝ දෙනෙක් නොදන්න කාරණය තමයි මඩු පල්ලිය අද කතෝලික දේවස්ථානයක් වුණාට ඇත්තටම ඒ භූමියේ අතීතයේ තිබිලා තියෙන්නේ පත්තිනි දේවාලයක් කියන එක. ප්‍රදේශයේ සැරිසරලා විස්තර හොයද්දී තමයි එක දැනගන්නට ලැබෙන්නේ. පත්තිනි දෙවියන් වෙනුවෙන් දෙවොල් මඩු ශාන්ති කර්මය කළ නිසාවෙන් "මඩු භූමිය" කියන නමත්, ඒ අවට විශාල වශයෙන් තිබූ මරද නොහොත් මරත ශාඛ නිසාවෙන් "මරද" යන නමත් ලැබී අවසානයේ "මරද මඩු" යන නම හෝ "දෙවොල් මඩු" යන නම මෙම ප්‍රදේශය භාවිතවෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ කෝට්ටේ රාජධානිය පවතින මුල් කාලයේ දකුණු ඉන්දියාව පුරාම මුස්ලිම් අන්තවාදය වේගයෙන් පැතිරී ගිහින් තියෙනවා. ඉන් සිදුවුණ ගැහැට ඉවසාගන්න බැරි නිසා සුල්තාන්වරැන් ප්‍රමුඛ ප්‍රභූ පවුල් පිරිවරාගත් හින්දු ජනතාව විශාල වශයෙන් ලංකාවට ඇවිත්. ඔවුන් තමයි මන්නාරම් මුහුදු තීරයේ පදිංචිවෙලා හින්දු ආගම අදහමින් ජීවත්වෙලා තියෙන්නේ. පස්සේ කාලෙක මෙරටට පැමිණි පෘතුග්‍රීසීන් මේ හින්දු ජනතාවගෙන් අති විශාල ප්‍රමාණයක් කතෝලික ආගමට හරවනවා. එසේ තමන්ගේ ආගම වෙනස් කරන පිරිස ඉතාමත් දරැණු අත්දැකීමකට පස්සේ කාලෙක මුහුණ දෙනවා. ඒ තමයි 1544දි යාපනයේ පාලකයා වුණ සංකිලි නැමැත්තා ආගම වෙනස් කළ 600කට අධික පිරිසක් සමූල ඝාතනය කරනවා. ඉතිරි පිරිස කැලෑ වදින්නේ මරියතුමියගේ පිළිමයක් අරගෙන. තමන්ගේ ක්‍රමයට මේ මරියතුමියගේ පිළිමය සාරියක් අන්දවා ඊට වත්පිලිවෙත් කරමින් මේ පිරිස මහ කැලේ මැද ජීවිතය පවත්වා ගන්නවා.

සංකිලි සමඟ එකතු වෙන ලංදේසීන් තව තවත් කතෝලිකයින් ඝාතනය කරනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් තමන් සොයා ඝාතනය කරන්නට පිරිස් තනන බව දැනගත්තට පස්සේ තමන්ගේ කතෝලික පියතුමා වුණ "කණ්ණාඩි ස්වාමි" හෙවත් පෙද්‍රෝ පියතුමන් මේ මරද මඩු පිළිමයත් වඩමවාගෙන සිංහල රජුගේ ආරක්ෂාව ඉල්ලා රට ඇතුළට එන්නට පිටත් වෙනවා. මේ පිරිස ලන්දේසීන්ට හසුනොවනු පිණිස කැලෑ මාර්ගවලින් වනසතුන් ගෙන් බේරී නුවර රාජධානියට යන අතරතුරේ එක්තරා වනගත ප්‍රදේශයක වැවක් අද්දර නවතිනවා. එහි සිංහල රජුට අයත් බදු එකතු කරන මධ්‍යස්ථානයක් තිබුණාලු. පස්සේ බදු නිලධාරියාගේ උදව්ද ඇතිව ඔවුහු එම ගමේ කුඩා පැලක දේවමාතා පිළිරැව වඩා හිඳුවා ගෙන එහි පදිංචිවෙලා තියෙන්නේ අර සිංහල නිලධාරියාගේ ආරක්ෂාව යටතේ. මේ තමයි අර උඩ කිව්ව මරද මඩු ගමගතව කතාවක් තියෙනවා මරද මඩු යනු කුඹුක් වැව යන අර්ථයෙන් කියනවා කියලත්.

වැව අද්දර කුඩා දේවස්ථානයේ මොවුන් මෙසේ සිටින අතර යාපනයේ සංකිලි රජුගෙන් බේරී පලා ආ තවත් කතෝලිකයින් 700 දෙදෙනෙක් ද මේ මාර්ගයේ අවුදින් ඔවුන්ට එකතු වෙනවා. මේ පිරිසට නායකත්වය දී ඇත්තේ හෙලේනා නම් වූ පෘතුගීසි තරැණියක්. ඇය පෘතුගීසි සෙන්පතියකුගේ දියණියක කියලා තමයි පොත පතේ තියෙන්නේ. මඩු ගම්මානයේ දී හෙලේනා තරැණිය ටිකක් කපටි වෙනවා. ඇය කරන්නේ තම ආගමේ නාමයෙන් අර කිව්ව බදු නිලධාරියා සමඟ විවාහවීම. පස්සේ බදු නිලධාරියාගේද අනුදැනුම මත වනය හෙළිකොට නව ගම්මානයක් විශාල වශයෙන් තනාගෙන ඔවුන් එහිම නවතිනවා. බදු නිලධාරියෙකු මෙන්ම සිංහල සෙනෙවියෙකු ද වූ පුරැෂයා සමඟ විවාහ වූ පසු හෙලේනාට පැවැරැන රාජකාරිය වුණේ මඩු දේවස්ථානය හොඳින් නිමවීම. ඇය ස්ථිර ගොඩනැඟිල්ලක් තනවා දේවමාතා පිළිරැව එහි වඩා හිඳුවා එම දේවස්ථානය මරිය මාතා නමින් කැපකරන්නට කටයුතු කරනවා. මඩු දේවස්ථානයේ හෙවත් මඩු පල්ලියේ ආරම්භය එයයි.

ඉන්පසු මඩු මාතාවන් තමන්ගේ පිහිට පතා එන වන්දනාකරැවන්ට පිහිට වන්නට පටන් ගන්නවා. එකල වනසතුන් අලින් වලසුන් ගෙන් ගහණ මේ වනගත ප්‍රදේශය හරහා යන එන වෙළෙන්දන් මගියන්ට සිදුවුණු උවදුරැවලදී මඩු මාතාවගේ පිහිට යැදීමෙන් පසු ඒවා දුරැ වූ බව විශ්වාස කරනවා. රෝග පීඩාදිය ඇතිවූ අවස්ථාවේදී මඩු මාතාවන්ට කන්නලව් කිරීමෙන් ලද සහන වැඩියි කියලත් ඔවුන් සිතනවා. මේ නිසා මඩු පල්ලියේ යශෝරාවය ශ්‍රී ලංකාව දස දෙස පැතිරෙන්නට වූයෙන් වර්ෂයක් පාසා අගෝස්තු මස පවත්වන මඩු මංගල්‍යයට දස දෙසින් වන්දනාකරැවෝ එන්නට පටන් ගන්නේ ඒ නිසයි. මෙසේ ජනී ජනයා අතර ප්‍රචලිත වූ මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් මොයිස් මහතා විසින් 1823 දී මැටියෙන් වඩා විශාල මැදුරක් තනවන්නට කටයුතු කරනවා. ඒ අනුව ලංකාවට පැමිණ ජුසේවාස් පියතුමා ද මඩු දේවස්ථානය වන්දනා කළ බව පැවසෙනවා. අපි දකින මේ මඩු දේවස්ථානය 1872 දී තනා නිමකළ එකක්. එය සෑදවීමට මුල් වූයේ 1868 දී අගරද තනතුරට පත් බොන්වින් නමැති පියතුමාය.

 

- ප්‍රසාද් - 

 

2016-12-22-ent-12
2016-12-22-ent-11
2016-12-22-ent-10
2016-12-22-ent-08
2016-12-22-ent-07
2016-12-22-ent-06
2016-12-22-ent-05



අදහස් (0)

පත්තිනි දෙවොලින් මතුවූ මරද මඩු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 16 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 121 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 139 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 250 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 79 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 159 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site