කැබිනට් ඇමතිවරුන් පත් කරීමේදී පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයකුට හෝ කැබිනට් ඇමති ධූරයක් ලබා දීමට අගමැතිවරයාට සිත් පහළ වේවායි ප්‍රාර්ථනා කරන ලද අධිෂ්ඨාන පුජාවක් අද (7) සවස හලාවත - කාක්කපල්ලිය මංසන්ධියේදී පැවැත්වුණි.
එළිවිටිය ශ්‍රී සුදර්ශනාරාමාධිපති කුලියාපිටියේ අමිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අධිෂ්ඨාන පහන් පුජාව සිදුකළ අතර තෙල් පහන් සහ ඉටි පහන් අතින් ගත් පිරිස අධිෂ්ඨ පාඨ කියමින් පුත්තලම දිස්ත්‍රික්කයට කැබිනට් ඇමති ධූරයක් නොලැබීමෙන් ජනතාවට විශාල අසාධාරණයක් සිදු වන බව කීහ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් පත් කළ බවත් නමුත් තම ගැටළු සම්බන්ධයෙන් කථා කිරීමට කැබිනට් ඇමතිවරයෙකු නොමැති වීම කනස්සල්ලට කරුණක් බවත් ඔවුහු කියති.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
පුත්තලමට ඇමැතිකමක් ඉල්ලා අධිෂ්ඨාන පූජාවක්
සිරිවර්ධන Monday, 07 September 2015 04:50 PM
අපි බලමු අධිෂ්ධානය සඵල වෙයිද කියලා (නි)
සමන් Monday, 07 September 2015 04:54 PM
කියලා වැඩක් නැහැ මේවා ගැන නම්. (නි)
අප්පුහාමි Monday, 07 September 2015 04:54 PM
දේශපාලකයින්ගේ ගණන අඩුවේවා! අපේ නම් පැතුම එයයි (නි)
පීරිස් Tuesday, 08 September 2015 07:38 AM
වත්මන් රජයට පුත්තලමට සුදුස්සෝ සිටීද කියා අපි බලමු (නි)
යමුන Tuesday, 08 September 2015 05:53 PM
සියළු පැතුම් සඵලවේවා! (නි)
සෙනරත් Monday, 07 September 2015 07:22 PM
ඔබගේ බලාපොරොත්තු ඉෂ්ටවේවා! (නි)
කිත්සිරි Monday, 07 September 2015 07:24 PM
අපි බලමුකෝ ලැබෙයිද කියලා (නි)
වසන්ජය Monday, 07 September 2015 07:38 PM
ඇමතිකමක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙකුගේ පෙළඹවීමක්ද? (නි)
ඩිල්ෂාන් Monday, 07 September 2015 07:40 PM
ගණන වැඩි කරගෙන බර අපිටම තමා (නි)
පිටබැද්දර ජයා Monday, 07 September 2015 10:50 PM
අපි කල්පනා කරන්නේ මේ ඉන්න අය ටිකක් අඩු කරගන්න විදියක්. මෙයාලා තව බලාපොරොතු වෙනවා.අම්මපා! කවදා හදන්නද මේ රට? (නි)
විජිත Tuesday, 08 September 2015 12:20 AM
අපි බලමුකෝ... (නි)
මැක්සි ලියනාරච්චි Tuesday, 08 September 2015 12:49 AM
එයාලා අඩුවෙන තරමට හොඳයි (නි)
අජිත් කරුණාරත්න Tuesday, 08 September 2015 01:33 AM
පුත්තලම දිස්ත්‍රික්කය මීගමුව, කොච්චිකඩේ සිට අනුරාධපුර පාරේ සාලිය වැව දක්වා සහ කල්පිටිය වනාතවිල්ලුව ආනමඩුව ඇතුළු ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන සිංහල, මුස්ලිම්, දෙමළ වැසියන් ජීවත්වන ගොවි සහ ධීවරයින් සිටින ප්‍රදේශයක්. එමෙන්ම කල්පිටිය දියුණු කරමින් තිබෙන සංචාරක කලාපයක්. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ක පමණ පාලන ප්‍රදේශයක්. ජනතා ගැටළු අති විශාලයි. කැබිනට ඇමතිධුරයක් වෙන්කිරීම සාධාරණයි. (නි)
අසේල Tuesday, 08 September 2015 03:21 AM
හැබෑටම ඔය ඉල්ලන විදිහට, දිස්ත්‍රික්කයට එක්කෙනා ගානෙ දැම්මා නම් හරි (නි)
තිලක්-ඩුබායි Tuesday, 08 September 2015 03:28 AM
ජනතා ගැටළු අති විශාල නම් හොඳටම ගැලපෙන්නේ රාජපක්ෂ කෙනෙක්ම තමයි.(ම)
ගාමිණි Tuesday, 08 September 2015 03:49 AM
එක අතකට සාධාරණයි පඳුරකට පයින් ගැහුවහම දුසිම් ගානක් විසිවෙන්න ඇමතිලා ඉන්න රටේ මොකද දිස්ත්‍රික්කයකට අඩුම ගානේ එක්කෙනෙක්වත් එන්න මේවා බෙදන්න බැරි. (ම)
දුමින්ද Tuesday, 08 September 2015 04:13 AM
දේශපාලක වන්දනාවෙන් තොර රටක් කවදා උදාවේවිද මන්දා (ම)