IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පුත්තලම් ඡන්ද පත්‍රිකා උසාවියට

පුත්තලම ශාන්ත ඇන්ඩෘ මහා විද්‍යාලයයේ කාමරයකින් සොයා ගත් ඡන්ද පත්‍රිකා පිළිබඳව සම්පුර්ණ වාර්තාවක් සපයන ලෙස පුත්තලම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පුත්තලම තේරීම් භාර නිලධාරී පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර හා සහකාර මැතිවරණ කොමසාරිස් සුමිත් චන්දන මහත්වරුන්ට ඊයේ (25) නියෝග කළේය.

මෙම ඡන්ද පත්‍රිකා පසුගිය 21වැනිදා පැවති වයඹ ඡන්දයේ අදාල ඡන්ද පත්‍රිකාද එම ඡන්ද පත්‍රිකාවලින්  පුත්තලම දිස්ත්‍රිකයේ සමස්ත ප්‍රතිඵලයට හෝ මනාප ඡන්ද වලට බලපෑමක් සිදු වේද යන කරුණු සොයා බලා ලබන 9 වැනි දිනට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මසේත්‍රාත්වරයා කළ නියෝගයේ සදහන් විය.

එම ඡන්ද පත්‍රිකා පාසල් කාමරයේ තැබුවේ කවුද? කුමක් සදහාද?කවර පක්ෂයක එහි මනාප සටහන් ඇත්ද යන කරුණු ද වාර්තාවට ඇතුළු කරන ලෙස මහෙස්ත්‍රාත් දැන්වීය.

පුත්තලම පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම මහතා එම ඡන්ද පත්‍රිකා මලු දෙකක් උසාවියට ඉදිරිපත් කළේය.

එම ඡන්ද පත්‍රිකා සළකුණු කළ ඡන්ද පත්‍රිකාද ගණන් කිරීමට භාජනය වු ඒවාද ,නැද්ද ,යන්නත් එක් එක් පක්ෂවලට ලකුණු කළ ඒවාද යන්න ගැනත් එම ඡන්ද පත්‍රිකා තේරීම්බාර නිලධාරීයා භාරයේ තිබු ඒවාද මෙම ඡන්ද පත්‍රිකා සියල්ල පුත්තලම් දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් විසින් පාවිච්චි කරන ලද ඒවාද යන්න සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් ලබා ගැනීමට ඡන්ද කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වයඹ ඡන්දයේ ඡන්ද දායකයින් පිරිසක් විසින් සලකුණු කළ ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙස ඔහු මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ අවසරය ලැබේනම් සියලු අපේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් මහෙස්ත්‍රාත් උසාවි ලේඛකාධිකාරී ඉදිරිපිට එම ඡන්ද පත්‍රිකා ගණන් කළ හැකි බවද මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.ඡන්ද පත්‍රිකා තොගය ලේඛකාධිකාරී භාරයේ තබන ලෙසද මසේත්‍රාත් නියෝග කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය  ,එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,ජාතික හෙළ උරුමය,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන්  සම්සු රාෆි,වෂිම් රාජා,ඒ කෞර්දීන් ,චාමර පතිරණ,ඩෙන්සිල් සෙනරත් මොහොමඩ් නලීන්,ඉස්මි ඉක්බාල් යන නීතීඥවරු අධීකරණයට කරුණු දැක්වුහ.

 

 

 

 



අදහස් (0)

පුත්තලම් ඡන්ද පත්‍රිකා උසාවියට

හේමන්ත Thursday, 26 September 2013 11:04 AM

පොඩි නොසැලකිලි ගොඩක් තියෙන බව හැඟෙනවා. ගණන් කිරීමෙන් පසු මෙම මළු ටික ගණන් කරලා ගෙනි යන්න බැරි අය කොහොමද පත්‍රිකා ටික හරියට ගණන් කලා කියන්නේ. මෙවැනි වරදකට ඉහලම දඬුවම් දෙන්න ඕනෑ. මේ පත්‍රිකා සියල්ලේම ප්‍රතිපලය බැලුවා නම් යටිකුට්ටු යමක් උනාද කියලා හිතාගන්න පුළුවන්. නඩුකාර උතුමාණන් නිවැරදිවම පරීක්ෂණයට අවතීරණය වෙලා. යුක්තියම ඉටුවේවා! (ස)

:       0       0

විජේ Wednesday, 25 September 2013 10:18 PM

අනේ බුදු අමිලයෝ මොනවද මේ අහන්නේ ජීවත්වෙලා හිටිය ඇතිද?(නදී)

:       0       0

තබුක් සිල්වා Thursday, 26 September 2013 12:16 AM

මානව හිතවාදින්ගේ සැබෑ නොවුණ සිහිනය (නි)

:       0       0

උපාලි Thursday, 26 September 2013 12:23 AM

දයා අලහකෝන් හරි. ඔක්කොම නොසැළකිල්ල නිසා අනාගත් බවයි පේන්නෙ. අන්තිමට පුස්ස බින්ඳා වගේ තියෙයි. හැබැයි, මෙතන ගණන් කරන්න හිටපු ඡන්ද ස්ථානාධිපතිට නම් නොසැළකිල්ලට බෙහෙත් ලැබෙයි. (නි)

:       0       0

අමිල Wednesday, 25 September 2013 05:14 PM

එතකොට ගියවර ජනාධිපතිවරණයේදී නුවරඑළියේ ඡන්ද පත්‍රිකා වගයක් කලගෙඩිහේනෙන් හමු වුණානේ. ඒවාට මොකද වුණේ? (නි)

:       0       0

පැහැසර Thursday, 26 September 2013 06:14 AM

උපාලි හරියටම හරි. ස්ථානාධිපතිට දඩුවම් ලැබෙන එක අනිවාර්යයි. මොකද අපේ රටේ වැරදි කරන අයට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙනවනේ. (නි)

:       0       0

දයාල් Wednesday, 25 September 2013 05:17 PM

මිනිස්සු ඇත්තම කියයි. ඡන්දෙ අවසානයි. නඩුව අහක යයි.. (නි)

:       0       0

කහවිට සම්පත් Thursday, 26 September 2013 06:15 AM

මහේස්ත්‍රාත්තුමනි , ඔබගේ කාර්යභාරය විශීෂ්ටයි. (නි)

:       0       0

අචිනි Wednesday, 25 September 2013 05:45 PM

අමිලට සුදු වෑන් එකක යන්න ආස හිතිලා වගෙයි. අනවශ්‍ය කතා අහන්නේ (නි)

:       0       0

අන්ස්ලාම් Wednesday, 25 September 2013 05:55 PM

ඔය කොච්චර උපක්‍රම දැම්මත් ඡන්ද කාර්ඩ් හිතා මතා අමතක කරලා ගියත් ඡන්ද ප්‍රතිපල වෙනස් වෙන්නේ නැහැ. නිකන් මිනිස්සු හිනස්සන්නේ නැතුව වැඩක් බලාගන්න මහත්වරුනේ (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 25 September 2013 05:59 PM

පොඩි නොසැළකිල්ලකින් සියල්ල කැද හැළියක් කරගත්තා (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 September 2013 09:07 AM

ඔය පත්‍රිකා වලට හරියන්න ඡන්දෙ දාලත් ඉවරයිනේ ඕව ටික විසිකරලා දාමු (අ)

:       0       0

එදිරිසිංහ Wednesday, 25 September 2013 08:33 PM

පුත්තලම් ඡන්ද පත්‍රිකා ප්‍රශ්නය විපක්ෂයට නම් ඉඩෝරයට වහින වැස්සක් වැනිය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 569 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 655 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2102 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1565 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1502 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1749 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24747 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23347 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site