IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් කොළඹට මාරු

පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සුමිත් චන්දන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹට මාරැ කර ඇත.

ඔහු භාරයේ තිබූ ලිපි ලේඛණ සීල් තබා තිබේ.

නව සහකාර මැතිවරණ කොමසාරිස් ලෙස සමන්ත ජයසිංහ මහතා කොළඹින් එහි යවා ඇත

පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයයේ කාමරයක තිබූ ඡන්ද පත්‍රිකා මලු දෙකක් සොයා ගැනීමෙන් පසු රහස් පොලිසිය සහ මැතිවරණ කොමාසරිස් මහින්ද දේශප්‍රිය මහතා ද වෙන වෙනම පරීක්ෂණ සිදු කරයි.

 

 



අදහස් (0)

පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් කොළඹට මාරු

ජානකි Friday, 27 September 2013 09:21 PM

මැදෑ

:       0       0

මනෝ Friday, 27 September 2013 04:00 PM

ඡන්දයට නාම යෝජනා දීපූ දවසේ ඉඳලා ප්‍රතිඵල කියනකං සිද්ධ වෙන සාධාරණ ඡන්දයක් පවත්වන්න මැතිවරණ දෙපාර්තුමේන්තුව කරපු කැප කිරීම අත් දැකපු අයයි ඡන්දයට ඉදිරිපත් වුණු අපේක්ෂකයන්ගේ හෘද සාක්ෂියයි (ඡන්දය අසාධාරණයි කියලා කෑගසන අපේක්ෂකයන්ගේ පවා) ඇත්ත මොකක් ද කියලා දන්නවා. සහකාර කොමසාරිස්වරයාගේ නිර්දෝෂීත්වය හෙළි වෙනවාමයි. (ස)

:       0       0

මනෝ Friday, 27 September 2013 04:00 PM

ඡන්දයට නාම යෝජනා දීපූ දවසේ ඉඳලා ප්‍රතිඵල කියනකං සිද්ධ වෙන සාධාරණ ඡන්දයක් පවත්වන්න මැතිවරණ දෙපාර්තුමේන්තුව කරපු කැප කිරීම අත් දැකපු අයයි ඡන්දයට ඉදිරිපත් වුණු අපේක්ෂකයන්ගේ හෘද සාක්ෂියයි (ඡන්දය අසාධාරණයි කියලා කෑගසන අපේක්ෂකයන්ගේ පවා) ඇත්ත මොකක් ද කියලා දන්නවා. සහකාර කොමසාරිස්වරයාගේ නිර්දෝෂීත්වය හෙළි වෙනවාමයි.(නදී)

:       0       0

නවුෂාඩ් Thursday, 26 September 2013 10:26 PM

බස්නාහිර පළාත් සබා ඡන්ද රාජකාරි වලටද දන්නේ නැහැ (නි)

:       0       0

දිනූ Friday, 27 September 2013 09:56 PM

මැතිවරණයක් සාධාරනව පවත්වාගැනීමට රජයේ නිලධාරීන් බාධක මැද දරණ වෙහෙස අගය කල යුතුයි. මෙම සිදුවීම උලුප්පා කෑගසන අය සත්‍ය වටහා ගනීවීයි ප්‍රාර්ථනා කරමු (දී)

:       0       0

ඇන්ටන් Thursday, 26 September 2013 10:37 PM

ඉබ්බා දියේ දානකොට ඈන්නෑවේ කිවුවලු.පුත්තලමින් කොළඹට මාරුවක් ලැබුනා කියන්නේ කොයිතරම් වාසනාවක්ද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 27 September 2013 10:44 AM

විභාග කොමසාරිස් තුමාට මෙම පදවිය දෙන්න තියෙන්නේ. පසුගිය කාලවල ප්‍රශ්න පත්‍ර වල රහස්‍යභාවය ඉතා හොඳින් රැකපු කෙනෙක් එතුමා. (ස)

:       0       0

කුසුම් Friday, 27 September 2013 12:01 AM

එතුමා මැතිවරණය වෙනුවෙන් කළ උදාර සේවයට උපහාරයක් පිණිස කොළඹට මාරුකර යවා තිබෙනවා. කොච්චර හොඳද නේද? අර ඉතා සුළු අතපසුවීමකින් අමතක වූ ඡන්ද පත්‍රිකා මලු ගැන ඒ හැටි හිතන්න දෙයක් නැහැ. මීට වැඩිය කොච්චර නම් ලොකු "අමතකවීම්" ලෝකෙන් උතුම් රටේ වෙලා තියනවද? (නි)

:       0       0

ජයසූරිය Friday, 27 September 2013 10:56 AM

කවදත් ජලය ගලන්නේ පහත්ම තැනින්. .එම නියමය මෙතනටත් සාධාරණ වේ .අවසානයේ දී සුළු නිලධාරියෙක් ගෙදර යාවි.. (ස).

:       0       0

කපිල Friday, 27 September 2013 11:00 AM

පිටිගල - ස්තාන මාරුවක් දෙන්නේ,, ඒ පරීක්ෂණය හරියට කරන්න ඕන නිසා. එයා එතන තියල පරීක්ෂණ කරන්න ගියොත් එයාගේ බලපෑම් එනවා අනිත් අයට. පැනගෙන ප්‍රතිචාර දැම්මාට ඕවා තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

චාන් Friday, 27 September 2013 12:31 AM

මේකද දඩුවම? වගකීම පැහැරහැරිම නිසා පළමුවෙන්න්ම වැඩ තහනම් කළ යුතුය (නි)

:       0       0

මහින්ද Friday, 27 September 2013 01:30 AM

අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසුවා වගේ (නි)

:       0       0

අරෝෂණ Friday, 27 September 2013 11:27 PM

ගණන් කරන ලද චන්ද පත්‍රිකා හමුවෙලා තියෙන්නේ ඒවා සමග සේසදුම් ප්‍රකාශ {ටල්ල්ය් ශීට්} තිබිල තියනවා මෙතන ගණන් කරන ලද චන්ද පත්‍රිකා බාරදීමේ නොසේලකිල්ලක් සිදුවෙලද ? පරීක්ෂණ වලින් බල ගන්න පුළුවන්: (දී)

:       0       0

උපාලි Friday, 27 September 2013 01:34 AM

පිටිගල, චෝදනා ලැබිය හැකි බවට අනුමාන කෙරෙන නිලධාරියෙකු මාරුකරනවා කියන්නේ දඬුවමක් නෙමෙයි. එනමුත්, පරීක්ෂණයකින් පසු වරදකරු වන කෙනෙක් දඬුවමේ කොටසක් ලෙස මාරුකර යැවිය හැකියි. සහකාර කොමසාරිස්ට චෝදනා එල්ලවෙලත් නැහැ. නමුත් මැතිවරණ කොමසාරිස් කෙලින් පුද්ගලයෙක් (නි)

:       0       0

සත්‍යයා Friday, 27 September 2013 04:14 AM

මේ සකළ රෝගවලම ආසන්න හේතුව දුර්දාන්ත දේශපාලනයයි. මින් ඔබ්බට හිතන්න දේශපාලකයින්වත් ඔවුන්ට ඡන්දෙ දෙන ජනතාවටවත් නොහැකිවීම රටේ ත් ජාතියේත් අවාසනාවක්. හොරකමට, දුෂණයට, වංචාවට තිතක් තියන්න "මතට තිත" තියන්න කතා කරන අයට බැරි මොකද කියලා හොයලා බැලුවොත් ගොඩක් දේවල් ඒකෙන් හෙළිවේවි. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 27 September 2013 04:56 AM

කොළඹ නම් හොදයි (නි)

:       0       0

කඩවත හේමසර හිමි Friday, 27 September 2013 06:44 AM

ඡන්දය තියෙන තැන් හොය හොයා මාරු කරනවා. මේක වෙන්න ඇති අලුත්ම ජිල්මාට් එක.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 27 September 2013 06:58 AM

මෙම නිලධාරියා මාරු කිරීම ප්‍රශ්නයට උත්තරයක් නොවෙයි. පරීක්ෂණ ඉවර වෙන තුරු නිලධාරියාගේ සේවය අත් හිටවිය යුතුයි. මෙයා වරදක් කරලා නැත්නම් යලිත් සේවයට ගත හැකියි. වෙන රට වල කරන්නේ ඒකයි. (නදී)

:       0       0

හේරත් Friday, 27 September 2013 07:25 AM

මේ ඔක්කොමලා කොමසාරිස් වරු වගේ...අලුත් අලුත් අත්දැකීම් ලබාගත්ත නිලධාරීන් ඊළඟ ඡන්දෙට යොදවන්න ඕනේ. නැතිව කොහොමද ඡන්දෙ තියන්නේ?(නදී)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Friday, 27 September 2013 07:49 AM

රජයේ නිලදාරීන්ට දෙන සුපුරුදු දඩුවම දීලා දැන් ප්‍රශ්නය විසදයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 27 September 2013 08:06 AM

කට්ටිය සැහෙන උත්සහයක් දරනවා මේ ගෝනි දෙකෙන් ගොඩ එන්න ..ගණනය කිරීමෙන් පස්සේ ඉවත් කිරීමේදී වුනු නොසැලකිලිමත් කමක් කියල හොදටම පැහැදිලිව පෙනෙද්දී පුත්තලම් බුරුවො ටික මේකෙන් මුළු ඡන්ද ප්‍රථිඵලයම වෙනස් කරන්න හදන්නේ. මේ රටේ ඉන්න ඔක්කොම පුත්තලම් බුරුවො නොවන බව අමතක වෙලා. අපේ අසත්‍ය වගේ මොන්ටිසෝරි බබාල මේකෙන් හෙලු වහගන්න හැදුවට හරියන්නේ නැහැ. පසු බාගය ඔක්කොම එළියේ. උසාවි නියෝගයෙන් කරන පරීක්ෂණයෙන් පස්සේ ගෝනි දෙකේ අග මුල හොයාගත්තම බලමුකෝ කට්ටිය කියන දේවල්.(නදී)

:       0       0

අ කුමාර Saturday, 28 September 2013 08:11 PM

මනෝ, දිනූ,කුමාර ඉදිරිපත් කරලා තියන අදහස් සමග එකග වෙන්න ප්‍රල්‍රවන්.(නදී)

:       0       0

සෙන්සා Friday, 27 September 2013 08:21 AM

මෙතන ඡන්ද ප්‍රතිපලයට කිසිදු බලපෑමක් සිද්ධ වෙලා නෑ.ගණන් කරපු ඡන්ද ගෝනිවල තිබිල තියෙන්නේ. ඡන්දය ගණන් කරනවා කියන්නේ සාමූහික වැඩක්. මේ ක්‍රියාවලියට සමිබන්ධ වන විශාල පිරිසක් ඉන්නවා. සුලු සේවකයින් අතින් වූ අතපසු වීමක් හෝ හිතාමතාම කාගේහරි වුවමණාවකට යමෙක් සිතා මතාම ගණන් කරපු ඡන්ද ගොණි ගෙනල්ලා තිබිබා වෙන්නත් පුලුවන්. කොමසාරිස් තුමා හරි මේ ඡන්ද ගණනය කරන ක්‍රමය ඉතා වෙහෙසකර, යල්පැනගගිය, කාලය හා මින්සුන්ගේ ශ්‍රමය අපතේ යවන,වරැද්දක් සිදුවීමේ අවධානය වැඩි එකක්. එබැවින් දියුණු රටවල තියන ඉලෙක්ට්‍රොනික් ගණනය කිරීමකට මාරුවෙන එක හොදයි. සහකාර මැතිවරන කොමසාරිස් නිර්දෝෂයි. මෙවර මැතිවරන නිලධාරින් සෘජුව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු බවක් දැක්කා. කාට හරි ඔවුන්ගේ කොන්ද කඩන්න හරි නවන්න හරි කැමැත්තක් ඇති. මේ අසිරිමත් රටේ වර්ථමාන තත්වය එයයි. අනාගතයදි එහෙම නොවී සුභ අනාගතයක් ලගා වේවිද? (නදී)

:       0       0

විකී Saturday, 28 September 2013 10:17 PM

මැතිවරණයක් කරද්දී ඒකෙ දැඩිම පීඩනය තියෙන්නේ නිලධාරීන්ට. ඒත් දේශපාලනඥයින්ගේ හිතුවක්කාරී සහ අතිශය නින්දිත සහගත නීති කැඩීම් සමග හැප්පෙන ගමන් හැමදේම ඉතාම නිත්‍යනුකූල සහ විධිමත්ව කරන්න නිලධාරීන්ට කරන්න සිදුවෙන කැපකිරීම් කාගෙවත් ඇස්වලට දැනෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ගෑණු දරුවො පැත්තකට දාලා දින ගණන් නිදිමරාගෙන රටේ සල්ලි වියදම් කරලා මේ තෝරන සෙට් එක හරියට තෝරන්න නිලධාරීන්ගෙන් සිදු වෙන්නේ මිල කරන්න බැරි මෙහෙයක්. එච්චර කරලත් තෝරන අයගේ ගුණ අගුණ සතියක් දෙකක් යන්න කළින් තේරුම් යනවා. මේකෙ නිලධාරීන්ගේ නිවැරදි බවක් තියෙනවාමයි. මොකද සිස්ටම් එක ඒ තරම් වැරදියි. (නි)

:       0       0

සදා Saturday, 28 September 2013 10:52 PM

මැතිවරණ ක්‍රියාවලිය හරියටම දන්නවා නම් සහකාර මැතිවරණ කොමසාරිස් නිර්දෝෂී බව වැටහේවි. මැතිවරණය පැවැත්වුණු කාල සීමාව තුල සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් එතුමා කළ කැපවීම විශිෂ්ටයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 26 September 2013 08:23 PM

අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ ලංකාවෙත් රජයේ නිලධාරියෙක් වැරද්දක් කලොත් කරන්නේ ස්ථාන මාරුවක් දෙන එක. මේකත් ලංකාවේ අලුත් වැඩක්.(නදී)

:       0       0

සදුනි Thursday, 26 September 2013 08:56 PM

රාජකාරිය දේව කාරියටත් වඩා ලොකුයි කියලයි කියන්නේ..එය පැහැර හැරිය අයට දඩුවම් දිය යුතුමයි.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 26 September 2013 08:57 PM

අනේ බොරුවට මිනිස්සු රවට්ටන්න කරන වැඩ. ඡන්දෙ ආයේ තිබ්බොත් තමයි හරි.(නදී)

:       0       0

අනු Saturday, 28 September 2013 10:41 AM

ගණන් කරපු ජන්ද පත්‍රිකා වලින් ප්‍රතිඵල වලට බලපෑමක් වෙන්නේ නෑ.ඒක තේරුම් ගන්න බැරි අය බොරුවට කතා කලාට වැඩක් නෑ. මම නම් හිතන්නේ සහකාර මැතිවරණ කොමසාරිස් නිර්දෝෂීයි.

:       0       0

කුමාර Friday, 27 September 2013 08:30 PM

මැතිවරණකදි මැතිවරණ දෙපාර්තමේන්තුව කරන කැප කිරීම දන්නේ ඒවා කරන මිනිස්සු ගණන් කරපු ජන්ද පත්‍රීකා ටිකක් අල්ලගෙන කෑ ගහන්නේ පැරදිලා ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි බිත්තිවල එල්ලිලා හිටපු කට්ටිය. (අ)

:       0       0

අ කුමාර Sunday, 29 September 2013 09:01 PM

සහකාර මැතිතිවරණ කොමසාරිස් නිවරදියි. මැතිවරණ දෙපාර්තමේන්තුව දෙන උපදෙස් අනුව සහකාර කොමසාරිස් කටයුතු කල යුතුවෙනවා . එම නිසා එසේ කටයුතු කල සහකාර කොමසාරිස් නිවරදියි.(නදී);

:       0       0

විජේ Thursday, 26 September 2013 09:24 PM

නියමයි ඊලගට තියෙන්නේ බස්නාහිර පළාත් සභා ඡන්දයනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 528 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 624 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2044 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1536 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1490 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1714 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24696 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23341 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site