IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘පාතාලය රජ කරන්නේ මහින්ද නැති නිසයි‘

ජාතික ආරක්ෂාවට හානියක් වීමට කිසි විටෙක ඉඩ නොතබන බව ජනපති පැවසුවත් එය පිළිගත නොහැකි බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ බෙංගමුවේ නාලක හිමියෝ කියති.

‘පාතාලය මර්දනය කරන බව ජනපති පසුගිය දිනකදී අභයාරාමයේදී පැවසු නමුත් පාතාලකාරයන් 2015 ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේදී වැඩ කළේ කොහොමද? මහින්ද රාජපක්ෂ මහතා නැවත දිනුවොත් පාතාලකරුවන්ට ශ්‍රී ලංකාවේ සිටීමට නොහැකි නිසා ගිය ජනපතිවරණයට පෙර ඔවුන් රට පැන්නා‘ යැයිද කී ඒ හිමියෝ මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු පාතාලය ශ්‍රී ලංකාවේ නැවත රජකරන බවද කීහ.

bengamuwa_20163783

 



අදහස් (0)

‘පාතාලය රජ කරන්නේ මහින්ද නැති නිසයි‘

දීපාල් නිරෝෂ් Monday, 07 March 2016 04:39 PM

මෙතන ඇත්ත කාරණය නම් එදා රටටම හිටියේ එක පාලකයයි, එක පාතාලයයි. ප්‍රාදේශීයව ඒ නිසා කවුරුවත් මතුවුණේ නැහැ. අද? ඔය හැම ජාතියක්ම ප්‍රාදේශීය වශයෙන් බහුලව බිහිවෙලා. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 07 March 2016 04:43 PM

ඇත්ත නේන්නම් අපේ හාමුදුරුවනේ. මේ පාතාලය ඉවරකරන්න සරත් ෆොන්සේකා මහත්තයාව අධිකරණ ඇමති කරන්න කියලා කියන්නකෝ. (නි)

:       0       0

චමින්ද Monday, 07 March 2016 05:23 PM

සමහරුන්ට නම් අතීතය සහමුලින්ම අමතකවෙලා වගෙයි (නි)

:       0       0

යොහාන් Monday, 07 March 2016 05:37 PM

මේවා ඇහෙනකොට සමහරුන්ට නම් හරි අමාරුයි වගේ (නි)

:       0       0

උපාලි Monday, 07 March 2016 05:56 PM

රොෂාන්, ඔයාට තරහා ගියාද? (නි)

:       0       0

උපාලි ජී Tuesday, 08 March 2016 05:45 AM

කුඩා දරුවෝ වාචාලකමට කටට එන ඕන දෙයක් කියනවා. වැඩිහිටියෝ උනාම කට රැකගෙන ඉන්න අඩු ගානේ උත්සාහ කරනවා. වයස්ගත වෙනකොට මිනිස්සු ආයෙත් කුඩා දරුවෝ බවට පත් වෙනවා කියනවනේ. එතකොට ආයෙත් වාචාලකමට දොඩවන්න පටන් ගන්නවා.(ම)

:       0       0

පෙරේරා Monday, 07 March 2016 06:12 PM

මොකද ඒ කාලේ පාතාලේ රජකළේ එයාලගේ අයනේ (නි)

:       0       0

නාත් රණසිංහ Monday, 07 March 2016 06:17 PM

ඇත්තටම වෙන්නේ සාක්කිකාරයින් නැති කිරීමයි කියලයි මට නම් හිතෙන්නේ. මහින්දගේ කාලේ මැරයින් අතට ගිය ආයුධ තාම තිබෙනවා ඔවුන් ළඟ. (නි)

:       0       0

නලින් යහම්පත් Monday, 07 March 2016 06:35 PM

මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි (නි)

:       0       0

සදුන්-ඇමෙරිකා Monday, 07 March 2016 07:42 PM

රොෂාන්, පෙනෙන්නේ නැද්ද දැන් රටට කරගෙන යන විනාශය? පාතාලේ නැවත හිස ඔසවනවා, එකම ඉතිහාසය ආයෙත් කැරකෙනවා. (නි)

:       0       0

නිශාන්ත Monday, 07 March 2016 08:05 PM

ඔබ වහන්සේ එක්ක අපිත් ඉන්නවා (නි)

:       0       0

ලලිත් Monday, 07 March 2016 08:56 PM

මේක අහපු ගමන් මට බුද්ධාලම්බන ප්‍රීතියක් පහළවුණා. (නි)

:       0       0

ලීනා Monday, 07 March 2016 09:08 PM

මහින්ද යුගයේ මෙතරම් මිනීමැරුම් සිදුවුණේ නැහැ (නි)

:       0       0

අතුල Monday, 07 March 2016 09:19 PM

බුදුන්ටත් බුදුදහමටත් නිගාකරන්න නම් එපා (නි)

:       0       0

ගයාන් Monday, 07 March 2016 09:13 PM

පාතාලය රජ කරනවා නෙමෙයි, පාතාලය මර්දනය කරනවා. කවුරු වුණත් හොඳ වැඩක් කරන්නේ. (නි)

:       0       0

මහේෂ් Monday, 07 March 2016 09:17 PM

මේකේ ප්‍රතිචාර දක්වන 90%ක් දෙනා ලංකාවේ අය නෙමෙයිද කොහෙද? (නි)

:       0       0

ජගත් Monday, 07 March 2016 09:56 PM

මහින්ද නැති අඩුව දැන්නම් කාටත් තේරිලයි තියෙන්නේ (නි)

:       0       0

බණ්ඩාර Monday, 07 March 2016 10:08 PM

ඔබ වහන්සේ මේවා මෙහෙම කියන්නේ කොහොමද? (නි)

:       0       0

රවී Monday, 07 March 2016 10:15 PM

වසර 10ක් රට පාලනය කළ මහින්දගේ වැරදි නිසා තමයි ඔච්චර ඉක්මනට පාතාල ලෝකය වැඩ පටන්ගත්තේ. රටේ නීතිය නැත්තටම නැති කරපු එකේ ප්‍රතිඵල තමයි ඔය. ඔක්කොම අපරාධකාරයෝ වරප්‍රසාද ලත් නීතියට ඉහළින් තියපු නායකයෙක් ගැන තවම කඳුළු හලන අය ඉන්නවා. (නි)

:       0       0

ඩෙන්සිල් Monday, 07 March 2016 10:27 PM

හරියට හරි හාමුදුරුවනේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 07 March 2016 10:42 PM

මහින්ද මහත්තයා වගේම අනෙකුත් රාජ්‍ය නායකයුනුත් ඇතැම් අවස්ථාවල යුද්ධ කිරීමට අණ දුන්නා. නමුත් හමුදාවට ශක්තිය තිබුනේ නැහැ යුද්ධය අවසන් කරන්න. ඒකයි ඇත්ත. නමුත් යෝෂිතගේ හමුදාවට එක්වීමත් සමඟ හමුදාව විශාල ලෙස ශක්තිමත් වුණා. හැමෝම හිතාගෙන ඉන්නේ සරත් මහත්තයා හින්ද යුද්ධය දිනුවා කියලනේ. (නි)

:       0       0

තිස්ස Tuesday, 08 March 2016 06:51 AM

එකිනෙකාට විවේචනය කරගෙන මේවාට විසදුම් හොයන්න බෑ. සැවොම එකතුවෙලා කටයුතු කලොත් හරිනේ (ම)

:       0       0

කුෂාන් Tuesday, 08 March 2016 01:25 AM

මේ කතාව අපිත් පිළිගන්නවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 08 March 2016 01:22 AM

අපේ හාමුදුරුවෝ හරියටම හරි. මොකද, අද පාතාලයන්ට ඇමතිකම අහිමිවෙලා, මන්ත්‍රීකම අහෝසි වෙලා, පක්ෂයෙන් එලවලා, තවත් පාතාලයෝ එකෙක් දෙන්නෙක් ඇතුළේ. කොටින්ම රජයෙන් යැපුන පාතාලයෝ අනාථයි අසරණයි. දැන් උන් බිම් මට්ටමින් නැවත වැඩ පටන් අරගෙන. හැබැයි ටික කාලෙකට පමණයි (නි)

:       0       0

චමල්කා Tuesday, 08 March 2016 02:01 AM

අපිත් එකඟයි (නි)

:       0       0

උපුල් Monday, 07 March 2016 01:08 PM

අපේ හාමුදුරුවනේ ඊලඟ ආත්මයේදීවත් සසරින් එතෙර වන්න උත්සහ කරන්න.(හේ)

:       0       0

විපුල Tuesday, 08 March 2016 06:52 AM

හරියටම හරි අපේ හාමුදුරුවනේ. එදා රට දාලා ගිය සමහරක් අද රටට ඇවිල්ලා වගේ පෙනේනේ. දැන් කොළඹ ඇවිදින්න බැහැ කාටහරි වෙඩි තියෙනකොට අපිටත් වදීද කියලා බයයි. දවස් කීයකට කීදෙනෙක් මැරුණද තුවාල වුණාද. යහපාලනයේ වචනයෙන්ම මේවා නවත්වන්න හරිහමන් වැඩ පිළිවෙලක් ඕනෑ. දේශපාලනයට යටවෙලා බැහැ. (නි)

:       0       0

ඉන්දික Tuesday, 08 March 2016 02:32 AM

මහින්ද නැති අඩුව කියා නිමකරන්න බැහැ (නි)

:       0       0

සනත් Tuesday, 08 March 2016 02:37 AM

බන්දුල පෙරේරා, යෝෂිතයි මහින්දයි යුද්ධ කළේ මොන කැලේද දන්නේ නැහැ. අනේ මගේ කට. (නි)

:       0       0

රජින්ද Monday, 07 March 2016 01:19 PM

තවම අපේ මිනිස්සුන්ට හරියටම තේරුනේ නැහැ අපේ හාමුදුරුවනේ. මේ යන විදිහට ගියොත් ඉදිරියේ තියෙන අවධානම විසින් අපි හැමෝවම ගිලගන්නා තෙක් අපේ මිනිස්සු ඇහැරෙන්නේ නැහැ. (හේ)

:       0       0

මුදිත Monday, 07 March 2016 01:33 PM

ඇති හාමුදුරුවනේ හොදටම ඇති ....(හේ)

:       0       0

දිනේෂ් Tuesday, 08 March 2016 02:58 AM

පාතාල නායකයාට බලය නැති නිසා පාතාලය අයාලේ යනවද කොහේදෝ ? (බ)

:       0       0

ජයන්ත දසනායක Monday, 07 March 2016 01:27 PM

අපේ හාමුදුරුවනේ මහින්ද විතරමද පාතාලය මදින්න වැඩ කළේ. අපරාධකාරයෝ හැදෙන්නේ මොකද කියල හොයල බලල දහමට අදාල ගන්න බලන්න. මහින්ද මහින්ද කියල බලාගෙන ඉන්නේ නැතව. බැරි වෙලාවත් මහින්ද මත්තය මළොත් මොකද කරන්නේ. (බ)

:       0       0

කපිල ඩුබායි Monday, 07 March 2016 01:34 PM

මම හොදට බුදු දහම අදහන කෙනෙක්..මේ වගේ අය නිසා දෑන්නම් ආගම එපා වෙලා තියෙන්නෙ..මොනවද මේ කියන්නෙ..මහින්ද ආයිමත් දිනයි කියලා රට පෑන්නලු..එතකන් හිටියෙ කොහොමද.? පොලව යටද? (බ)

:       0       0

තිලක් Tuesday, 08 March 2016 03:08 AM

අනේ අපේ හමුදුරුවනේ බණක් භාවනාවක් කරගෙන හිටියා නම් නේද හොද?(හේ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 March 2016 01:44 PM

පාතාලයේ නායකයා නැති වීම දුකකි.(බ)

:       0       0

චන්දි Tuesday, 08 March 2016 03:07 AM

සැකකරු ඇල්ලුවා, ආයුධ තියෙන තැන පෙන්නන්න එක්කගෙන ගියා,එතැනදී සැකකරු බෝම්බයකින් පොලිසියට දමා ගහන්න හැදුවා. පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කළා. සැකකරු මියගියා. එහෙම නැත්නම් ආයුධ පෙන්වන්න යන අතරේ ගඟට පැන්නා. මේ ඒ කාලේ ආණ්ඩුවට සම්බන්ධ නොවූ පාතාලයේ අය මර්දනය වුණ හැටි. ඔය දැන් මරාගන්නා පාතාලයේ අය එදා සිල්ගත්තද හාමුදුරුවනේ. (නි)

:       0       0

උපශාන්ත Monday, 07 March 2016 01:46 PM

මෙයාලා මේ වැඩ කරලා දැන් බොරු ප්‍රචාරයක් කරනවාද දන්නේ නැහැ (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 07 March 2016 01:46 PM

පාතාලයට බයේද දන්නේ නැහැනේ මේ විදියට නිහඩව ඉන්නේ. (බ)

:       0       0

රේණුකා Monday, 07 March 2016 01:55 PM

හාමුදුරුවොත් දැක්කා මේ වගේ හාමුදුරුවෝ නම් නොදැක්කා (බ)

:       0       0

ප්‍රියා Tuesday, 08 March 2016 03:09 AM

එදා පාතාලය නැතිකළ හැටියට අදත් නැති කරනවා නම් හරි ලේසියි. එහෙම නම් ගිය ආණ්ඩු කාලේ හොරකම් කළ අයටත් ඒ වගේම දඬුවම් දෙන්න ඕනෑ. මේ ආණ්ඩුව ඉතින් හැමදේටම නීතියට අනුව කටයුතු කරන්න හදනවනේ අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

මිලානෝ Monday, 07 March 2016 01:48 PM

අපේ හාමුදුරුවනේ හිටපු සමහර පාතාලයෝ මැරුව එක ඇත්ත එ්ත් ආපහු අවශ්‍ය වුනොත් ගෙන්න ගන්න ඒ දවස් වල මිලානෝ වලට ගෙනල්ල බස්සපු අය ගැන ඔබ වහන්සේ දැනුවත්ද? ඡන්ද කාලේ ඒ අය මෙහෙන් අතුරුදහන් වුනා කියලත් ඔබ වහන්සේ දැනුවත්ද? ඒ අය ඉස්සර ආණ්ඩුවේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රබලයෙක්ගේ නම කියමින් 'අපි එයාගේ ඉන්ට් එකේ මිනිස්සු' කියලා ගාල්ලේ කොල්ලොන්ගෙන් ගුටි කාපු එකත් ඔබවහන්සේ දන්නවද? (බ)

:       0       0

චමල් Monday, 07 March 2016 01:58 PM

ඒ කාලේ මහින්දගේනේ පාතාලේ. (බ)

:       0       0

මුවිඳු පෙරේරා Monday, 07 March 2016 01:52 PM

මේ ස්වාමීන් වහන්සේ හිටපු ජනාධිපතිතුමාගේ උපදේශක තනතුරක් ලබාගෙන වාහන හා අනෙකුත් දීමනා ලැබූ ස්වාමීන් වහන්සේ කෙනෙක්. එය රහසක් නෙවෙයි. ප්‍රසිද්ධ කාරණයක්නේ. (බ)

:       0       0

කන්නන්ගර Tuesday, 08 March 2016 03:26 AM

"මහින්ද රාජපක්ෂ මහතා නැවත දිනුවොත් පාතාලකරුවන්ට ශ්‍රී ලංකාවේ සිටීමට නොහැකි නිසා ගිය ජනපතිවරණයට පෙර ඔවුන් රට පැන්නා යැයිද කී ඒ හිමියෝ" මේකට අපි නම් කියන්නේ අග මුල පෑගිලා කියලා. ඡන්දෙට කලින් පාතාලකාරයෝ හිටියේ කවුරු එක්කද? මට නම් හිතෙන්නේ පාතාල රජා නැති නිසා පොඩි උන් යකා නටනවා (නි)

:       0       0

ඇන්ජලෝ Tuesday, 08 March 2016 03:24 AM

‍එහෙම වුනානම් කොහොමද පාතලය තියෙන්නේ.(හේ)

:       0       0

ඇන්ජිලෝ Tuesday, 08 March 2016 03:36 AM

වාර දෙකයි ඉන්නපුළුවන් ,හැමදාම ඉන්න බෑ, තුන්වෙනි පාර ජනතාව ප්‍රතික්ෂේප කලා ඉතින් මොකද කරන්නේ (හේ)

:       0       0

ද සිල්වා Monday, 07 March 2016 02:13 PM

මහින්දට දැන් 70 විතර වෙනවා , මහින්ද ඇර ලංකාව පාලනය කරන්න වෙන පාලකයෙක් නැද්ද ? (හේ)

:       0       0

සමීර Monday, 07 March 2016 02:18 PM

අපේ හාමුදුරුවනේ, පැනපු අය කව්ද කියල දන්නවනම් අදාළ අංශ වලට දන්වන එක හොඳ නැද්ද ? (බ)

:       0       0

සංඛ Monday, 07 March 2016 02:13 PM

ඔව් ඔව් රන්ජිත් මහත්තයට තේරෙනවා මහින්ද මහත්තයගෙන් දෙක තුනක් හරියට කෑවානම්...(බ)

:       0       0

ඉන්දික Monday, 07 March 2016 02:29 PM

සොත්ති උපාලිලගේ යුගය නැවත අැරඹෙමින් පවතිනවා. දේශපාලන කන්නාඩි දාගත්තු අය තමන්ගේ හුදු පැවැත්ම මිස රටේ සුබ සිද්ධියක් හිතන බවක් පෙනෙන්නේ නැහැ. (බ)

:       0       0

සිල්වා Monday, 07 March 2016 02:23 PM

මේවා අහනකොට බඩත් එක්ක ගොර ගොර ගානවා (බ)

:       0       0

භද්‍රානි Monday, 07 March 2016 02:23 PM

කවුරු රටේ පාලනයට ආවත් ඒ අයගේ සැබෑ තත්ත්වය එහෙමමයි. මස් කටු සුප්පන්න දීලා නරක් කරන්නෙත් ඔය පාලකයෝම තමයි. (බ)

:       0       0

සදුන්-ඇමෙරිකා Monday, 07 March 2016 02:25 PM

හාමුදුරුවන් ගේ කට වහන්න හදන අය, ඊට කලින් තමන්ගේ පටු අරමුණු පැත්තකින් තියල රට ගැන හිතුවොත් හොදයි. මොකද මේ රටේ අනිත් මිනිස්සුත් ජීවත් වෙන්න ඕන. (බ)

:       0       0

රොඩ්නි Monday, 07 March 2016 02:33 PM

පතාලයටම තමා පතාලය පාලනය හොඳට කළ හැකි වන්නේ (බ)

:       0       0

සුදේශ් Monday, 07 March 2016 02:27 PM

අප්පා මහින්ද (බ)

:       0       0

අන්වර් Monday, 07 March 2016 02:27 PM

දන්න දෙයක් කියන්න. මහින්දගේ ගෝලයෝ තමයි ඕව කරන්නේ.දායකයන්ට ධර්මය කියා දෙන්න නොදන්න දේශපාලනය කරන්නේ නැතිව (බ)

:       0       0

ඉඳුනිල් Monday, 07 March 2016 02:29 PM

ඇත්තටම කතාව වැඩියි තමයි සිරිසේන මහත්තයාගේ. දැන් ඕනේ වැඩ. (බ)

:       0       0

ආරියසේන Tuesday, 08 March 2016 11:44 AM

අපේ හාමුදුරුවෝ කියන දේ කාටත් වැටහෙන්නේ නෑ.(හේ)

:       0       0

ප්‍රියංකර Monday, 07 March 2016 02:35 PM

ඔව් හාමුදුරුවනේ දැන් සුදු වෑන් නැහැ,පොලිසිය ආයුධ පෙන්වන්න ගෙනියන්නෙත් නැහැ හරි විදියට කරන්න ඉඩදීලා ඔබ වහන්සේ සාසනේට දෙයක් කරන්න.(හේ)

:       0       0

සුනිල් Monday, 07 March 2016 02:52 PM

ඕනෑම කෙනෙක් ඕනවට වඩා විස්වාස කරන්න ගියාම අානන්ද බක්තිකයෙක් වෙනවා. (හේ)

:       0       0

උපුල් Monday, 07 March 2016 03:02 PM

හැම දෙයක්ම මහින්ද නැති නිසාද? (හේ)

:       0       0

ආරච්චිගේ Monday, 07 March 2016 02:56 PM

මෙයාලට මොන අයිතියක්ද දේශපාලනය ගැන කතාකොරන්න ඕනතරමක්(225ක්ම)පාර්ලිමේන්තුවේ ඉන්නවා,උන් පඩි අරගෙන නිකන් ඉන්නේ නඔැතුව මොකක්හරි කතාකළ යුතුය,ගුණදාස අමරසේකරත් ඔය ළඟම ඉන්නේ. (බ)

:       0       0

බණ්ඩාර Monday, 07 March 2016 02:57 PM

එම්බාම් කරලා වගේ (බ)

:       0       0

රොෂාන් Monday, 07 March 2016 03:05 PM

සඳුන් ඇමරිකා, නිකම් මෙතන රට ගැනයි ජාතිය ගැනයි හාමුදුරුවන්ගේ කට වැහීම ගැන කතා කළාට අැග ඇතුලේ ඉන්නේ සුද්දෙක් නේද? නමට පස්සෙන් ඇමරිකාව කියල දැම්මම හිතන්න ඇති අපි බයේ ගැහෙයි කියල නේද? ඔච්චරටම කැක්කුමක් තියනවා නම්, ඇමරිකන් කාරයින්ට පස්ස අල්ලන්නේ නැතිව එනවකො ලංකාවට. නිකම් පයිතියන් කතා නොකර යනවා හලෝ යන්න ඇමරිකාවටම. මම දන්නා විදිහට නම්, ලංකාවේ නමක් ඉදිරියෙන් පිටරටක නමක් යොදන්නේ පරයෙක් (බ)

:       0       0

තුෂාර Tuesday, 08 March 2016 04:27 AM

මහින්ද ට පාතාලය කොන්ට්‍රෝල් වගෙයි..(බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 08 March 2016 04:29 AM

මිනිසුන්ට දහාඅට නීති දාල රට පාලනය කළාම කියන්නේ කෝ රටේ නිදහසක් කියල අහනවා.ඒ වගේම උපරිම නිදහස දුන්නම කියනවා කෝ රටේ නීතියක් ආරක්ෂාවක් කියලා. එහෙමනම් ඉතින් හමුදා පාලනයක් තමයි එකම විසදුම මේ ඔක්කොටොම වැඩිය. (බ)

:       0       0

දීපාල් Monday, 07 March 2016 03:24 PM

ඔබවහන්සේටත් අර අමතකවීමේ රෝගය තදින්ම වැළදිලා.(හේ)

:       0       0

නිම්මි Monday, 07 March 2016 03:30 PM

මහින්ද නැති පාඩුව මුන්ට තාම තේරුනේ නැ. දවසක මුන්ගේ ළමයින්ට තේරෙයි හාමුදුරුවනේ. (බ)

:       0       0

සමන්ති Monday, 07 March 2016 03:44 PM

කොළඹ කොටුවේ අධි ආරක්ෂක කලාපයේදී කෙනෙක් මැරුවේ කොයි කාලයේද? රත්මලාන හමුදා කඳවුරක් අසල මාධ්‍යවේදියෙක් මරණ ලද්දේ කොයි කාලේද? හාමුදුරුවනේ (බ)

:       0       0

චමින්ද Tuesday, 08 March 2016 04:43 AM

පතලේ මර්දනය කරන්නත් නීති මාර්ගයෙන් මිස අවනීතියෙන් බැහැනේ (හේ)

:       0       0

කමල් Monday, 07 March 2016 03:40 PM

බුදු හාමුදුරුවන්ගේ ධර්මය දෙසීමට පැවිදි වූවන් දේශපාලකයන්ට කඩේ යාම දුකකි. ලාභ අපේක්ෂාවෙන් බුදු දහම පාවා නොදෙනු. (බ)

:       0       0

තිලක් Tuesday, 08 March 2016 05:00 AM

හැමදුරුවන් කියන්නේ ඇත්ත, (හේ)

:       0       0

කමල් Monday, 07 March 2016 03:59 PM

ගාල්ල හිර ගෙදරට ගිහින් ජුලං පිටියේ අමරේ මම මහින්ද කියලා කතා කරපු එක ගැන දන්නවාද (බ)

:       0       0

මිලාන් Monday, 07 March 2016 04:11 PM

රොෂාන්, ඔබ ජාතකයයි ලිපිනයයි පටලවාගෙන. (බ)

:       0       0

මිසාබ් Monday, 07 March 2016 04:22 PM

ඔය චීවරය දරාගත්ත හොර තක්කඩියෙක් අපි දන්නවා මහින්දගේ කළේ මෙයාගේ සල්ලි හම්බ කිරිල්ල දැන්වත් බුදු දහම ඉගෙන ගත්තොත් හොඳ නැද්ද රොෂාන් ඔබගේ කියමන මසුරන් දාහක් වටිනවා කොල්ලෝ අපේ රටෙන් පිටරට ගිහින් ඉන්න පාහරයෝ ඔක්කොම තමන්ගේ නමට ඉදිරියෙන් ඉන්න රටේ නම දාන්නේ අපිට ඉන්න රට පෙන්නන්නද දාන්නේ නැහැ නේද ඔය කිසිකෙනෙක් අපේ රටට ආදරය නැහැ උන් ඔක්කොමගේම බොරු මවා පෑමක් තියෙන්නේ (බ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 07 March 2016 04:33 PM

මිලානෝ පිටිගල කියන කතාව සම්පුර්ණ ඇත්ත. නදුන්, ෆියට් ඇතුළුව චරිතය අප්‍රසිද්ධ නමුත් නේවි එකේ ඉඳලා රට බේරාගත්තා කියන රණවිරු ලේබලය මුහුණු පොතෙන් පමණක් පතුරවමින් හිටි හැටියේ මිලානෝ වල පහළ වුණ භූතයින් අපමණ සිටිනවා. ඔවුන් පාතාලයෝ වුණත් යම් ආරක්ෂාවක් සහිතව වීසා ලබාගෙන මෙහි පැමිණ ඇත. හාමුදුරුවනේ, මුලින්ම හොයලා බලන්න මේ අය එව්වේ කවුද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 193 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1096 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3839 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2925 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3386 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1485 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site