IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බව පාරිසර යුක්ති කෙන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (27) දැනුම් දුන්නේය.

මාදම්පේ ප්‍රදේශයේ සිලිකා වැලි කැණීම් සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලු අවස්ථාවේදී පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා ඒ බව දැනුම් දුන්නේය.

ග්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, ජනක ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන මහත්තුරුන්ගේ සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි. පාරිසරික යුක්ති කේන්ද්‍රය ගො කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් භූ විද්‍යා පතල් කැනීමේ කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.

මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාම සේවක වසම් නවයක සිලිකා වැලි කැනීම් ස්ථාන 40 ක් පවතින බවත් අක්කර 200ක පමණ ප්‍රදේශයක් පුරා වැලි කැනීම් විහිදී ඇති බවත් මේ හේතුවෙන් විශාල පරිසර හානියක් වන බවත් ඒ අනුව ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට විශාල තර්ජනයක් එල්ල වී ඇති බවත් සඳහන් කරන පෙත්සම්කරු අදාළ නීති විරෝධී කැනීම් නැවැත්වීමට සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබිණී.

එම පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව පැවතුනු තත්ත්වය එලෙසම පවත්වාගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබුණත් අධිකරණ නියෝගයට පටහැනිව භූ විද්‍යා පතල් කැනීමේ කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැලි කැණීමේ බලපත්‍ර හතරක් නිකුත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු අධිකරණ නියෝගයට පටහැනිව ඔහු කටයුතු කර ඇත්නම් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි කීය.

 



අදහස් (1)

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්

Bandulasena Saturday, 28 September 2024 06:19 AM

අහන්නත් සතුටුයි අපේ ප්‍රදේශයේ නිවාස වලින් වටවූ කුඹුරක බැකෝ පතල් ව්‍යාපාරයක් කරන්න සූදානම් වූ අවස්තාවේ ගම් වාසීන් ඔය කියන දෙදෙනෙකුට ලිපි මගින් අනතුරු දායක බව දන්වා යැව්වා එම පතල් නිසා නිවාස කීපයක් අනතුරට පත්වුනා සාමාන්‍යයෙන් රජයේ ආයතනයක් වෙතට ලිපියක් ලැබුනොත් ලැබුණු බව දන්වන්න කියලා තිබුනත් මෙතෙක් පිළිතුරක් එව්වෙ නැහැ එහෙම නොසැලකිලිමත් ආයතන ප්‍රධානීන් දෙදෙනෙකුට කුමක් හෝ අමතක නොවන දඩුවමක් දියයුතුය

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 201 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 206 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 82 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1295 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1540 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 131 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site