සිය මහළු මව්පියන්ට පහරදී , මවගේ ගෙළ මිරිකා බිම දිගේ ඇදගෙන ගොස් දෙදෙනාම නිවසේ කාමරයක් සිරකර මරණීය තර්ජනය කළැයි කියන රොබට් රසල් රොඩ්රිගු නම් පුතෙක් ජනවාරි 31 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක දොරගුළු ලා සිරකර සිටි මව්පියන් මුදාගත් ගල්කිස්ස පොලීසිය 64 හැවිරිදි මවගේ පැමිණිල්ලක් අනුව සැකකාර පුතා අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුතා මව් කිරි බිව් ගුණේ තියයි
ඩොනල් Sunday, 20 January 2013 10:25 PM
මෙයාව සෞදියට යැව්වනම් මොකද? (ත)
දෝහා Sunday, 20 January 2013 02:00 PM
මේ දෙමවුපියෝ සංසාරේ ලොකු පවක් කරන්න ඇති මේ වැඩේ නන්දිත පුතෙක් හදන්න (දී)
දෝහා Sunday, 20 January 2013 02:01 PM
කියන්න වචන නැහැ දෙයියනේ (දී)
සේනානායක Sunday, 20 January 2013 03:01 PM
නූතන අජාසත්වයෙක්. (නි)
උපාලි Sunday, 20 January 2013 11:27 PM
දේවදත්ත පරපුරේ කෙනෙක් නේද? (නි)
ගාමිණි Monday, 21 January 2013 12:14 AM
හැබැයි ඇතුළට ගියාට පස්සේ කට්ටිය අයියට නියමෙට කිරි පොවයි. (නි)
ලාරා Sunday, 20 January 2013 03:33 PM
දෙමව්පියන් අවුරුදු 100 ක් කර මත තබාගෙනත් ඇප උපස්ථාන කලත් ණය ගෙවන්න බෑ කියලා බුදු බණෙහි තියෙනවනේ (ස)
සිල්වා Sunday, 20 January 2013 05:02 PM
දැන් මහගෙදරින් හොදට කෑම ලැබෙනවා ඇති. (නි)
අමර Sunday, 20 January 2013 05:03 PM
පව්කාර පුතෙක්. උපරිම දඩුවම් දෙන්න. (ත)
අජිත් Monday, 21 January 2013 08:15 AM
මේ වගේ අජාසත්තලට මේ ආත්මයේදීම දඩුවම් ලැබේවි (ස)
අරවින්ද Monday, 21 January 2013 08:30 AM
ලංකාවේ නීතියට කරන්න පුළුවන් දේයක් නෑ වගේ (ස)
කිත්සිරි Monday, 21 January 2013 08:44 AM
පුතුන් දූවරුන් මෙසේ නොවීමට ඔවුන් තුළ ගුණධර්ම ඇති කළයුතුයි. දරුවන්ට හොඳ නරක කියාදීමට වෙලාවක් නැති රේස් එකේ දුවන, මවුපියන්ට හොඳ පාඩමක්. (නි)
පාලි ඩුබායි Sunday, 20 January 2013 11:04 AM
මේ වැඩවලට නීතියෙන් උපරිම දඩුවම් දෙන්න. (ත)
ලලිත් - කටාර් Sunday, 20 January 2013 11:06 AM
මෙයා පුතෙක් නෙමෙයි යකෙක්. හැබැයි මෙයා බිරිඳටනම් බය ඇති. (ත)
ජයතිස්ස Sunday, 20 January 2013 11:29 AM
කුඩුකාරයෙක්ද? (ත)
නිසාම් Sunday, 20 January 2013 11:48 AM
ලලිත්, අපි බිරියගෙන් අහලා බලමුද? (නි)
සුදේශ Sunday, 20 January 2013 12:13 PM
මේ පුතා ලබන ආත්මෙදි අරාබියේ ඔටුවෙක් වෙලා නවතීවි (ස)
සෝමරත්න Sunday, 20 January 2013 12:34 PM
මහම මහ පව් කාරයෙක් මෙයානම් (ස)
විරාජ් Sunday, 20 January 2013 12:58 PM
ඒ මිනිහට රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ (දී)
කුරුවිට Sunday, 20 January 2013 09:42 PM
දණගාද්දි ඇවිදින්නට මට අත දුන්නා... (නි)
රසිකා Sunday, 20 January 2013 10:07 PM
මනුස්යයාගේ අවාසනාව සහ මානසික අසහනය පෙන්නුම් කරන කැඩපතක්. විවිධ රෝගාබාධ නිසා කාලෙකින් රෑකියාවක් කීරීමට අපහසු වුණ කෙනෙක්. ආශාවන් නොලැබීම අවාසනාව සහ මනස පාලනය කළ නොහැකි වීම කියන කරුණු නිසා මේ දේවල් වෙන්න ඇති. (නි)
සම්පත් Sunday, 20 January 2013 01:27 PM
මෙයා මව් කිරි නෙමෙයි පොල් කිරි බීලා තියෙන්නේ (ස)