IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොත් සල්පිලට මහා ජනකායක්

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දොරටු විවෘත කරන්නටත් පෙර සිටම පොත් ගැනීමට එන අයගේ පෝළිම් දක්නට ඇත.

පොත් ප්‍රදර්ශනය ලබන 22 දා අවසන් වේ.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය හා බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා මණ්‌ඩලයේ සහයෝගයෙන් මේ ප්‍රදර්ශනය 15 වරටත් සංවිධානය කරයි.

අලුත් පොත් නිකුත්වීම මෙන්ම අඩු මුදලකට පොත් ගන්නට ලැබීම නිසා බොහෝ පාඨකයෝ‍ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය සඳහා පැමිණෙති. පාසල් සිසූහු ද බොහෝ පිරිසක් ඒ අතර වෙති.

සාහිත්‍ය දේශන, වැඩමුළු, විවිධ ප්‍රසංග, පොත් එළිදැක්වීම්,ආදී ක්‍රියාකාරකම් රැසක් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පැවැත්වේ.



අදහස් (0)

පොත් සල්පිලට මහා ජනකායක්

kuma Friday, 20 September 2013 12:49 PM

ඒක නම් අගය කල යුතු ප්‍රදර්ශනයක්,මම අවුරුදු දහයක් තිස්සේ යනවා. (අ)

:       0       0

මිනිපෙ Thursday, 19 September 2013 09:19 PM

පෙර කලකදී මේ වගේ පෝලිම් තිබුනේ සුදු ලුණු, බ් ලුණු ටික්කක් ගන්න. (අ)

:       0       0

සංජීව Thursday, 19 September 2013 03:00 PM

අහන්න ලැබුන සතුටු දායක ආරංචියක්. තව තව වැඩියෙන් පොත් කියවල තමාගේ දැනුම වැඩි කර ගන්න ලැබේවා. මට නම් ගොඩක් සන්තෝෂ ප්‍රවෘත්තියක්. මීට පෙර මම ඔය ප්‍රදර්ශනයට ගිහින් තියෙනවා, අතුරු සිදුරු නැතුව බී.එම්.අයි.සී.එච් එක පිරෙන ප්‍රදර්ශනයක්.(නදී)

:       0       0

අරා Thursday, 19 September 2013 03:11 PM

මෙය නං ඉතා හොඳ ප්‍රවනතාවයක්. ඒත් ඡන්දය පාවිච්චි කරද්දී වුනත් මොලය පාවිච්චි කරලා කුඩු කාරයන් හා දුෂකයන් තෝරලා බේරලා ඡන්දය පාවිච්චි කරනවා නං වටිනවා. ලංකාවේ මිනිස්සුන්ට අකුරු කියවන්න ලියන්න පුළුවන් වුනාට හරියට හොරුන්ට තක්කඩින්ට අහුවෙනවා. ඒකනේ ලංකාවේ ඡන්දෙන් පත්වෙලා එන දේශපාලකයන් බහුතරයක් දුෂකයන් වෙන්නේ. එම නිසා පොත් කියෙව්වට කමක් නැහැ තමන්ගේ සාමාන්‍ය දැනීම පාවිච්චි කලොත් හොදයි.(නදී) .

:       0       0

අනුර Thursday, 19 September 2013 03:17 PM

පොතට ලැදී ජනතාවට සුබ පැතුම් මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුය.(නදී)

:       0       0

අනුර Thursday, 19 September 2013 03:50 PM

පිට පළාත් වලත් තිබ්බ නම් තමයි හොද. ඈත ඉන්න අයට කොළඹ එන්න අමාරුයි.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 19 September 2013 03:56 PM

මිනිසුන් පොත පත කියවන එක ඉතාම හොඳ දෙයක්. මම හිතනවා මෙයට වඩා ඉඩ කඩ වැඩි තැනක ඊළඟ වතාවේ මේක සංවිධානය කල යුතුයි. (නදී)

:       0       0

ජයසූරිය Thursday, 19 September 2013 04:20 PM

උගතමනා සිල්පය මයි මතු රැකෙනා. ලංකාව පුරාම මෙම වැඩසටහන දියත් කරන්න.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 19 September 2013 04:59 PM

ඉස්සර නම් සතිය, මාසය කියලා ලොකු ගැම්මක් තිබුණා. දැන් ඒකත් වෙනස් වෙලා (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 19 September 2013 05:01 PM

මෙවර යන්න තවමත් නොහැකිවුණා. හෙටවත් යන්න ඕනෑ (නි)

:       0       0

ඉෂාර Friday, 20 September 2013 09:16 AM

4 වෙනි රූපයේ ඉන්නා ආච්චි ශර්ලොක් හෝම්ස් පොත් ගන්නයි සූදානම (නි)

:       0       0

රජිත් - ඉතාලිය Friday, 20 September 2013 09:55 AM

මම දන්නා විදියට නම් ලෝකය විනාශ කෙරුවේ පොත් කියවපු මිනිස්සු සහ පොත් කියවන මිනිස්සු ඒ හැම කෙනාම නූගත්තු. පොත පෙරලුව එදා ඉදන් මෝඩයෝ පොත් කියවන උන්ගේ බහට රැවටිලා ලෝකය විනාශ කරනවා ? (ස)

:       0       0

නසා Thursday, 19 September 2013 05:31 PM

ජයසුරිය වැරදීමක්. මතු රැකෙන ශිල්පය මයි උගත මනා. 21 වෙනි ශත වර්ෂයට.(නදී)

:       0       0

දුමින්ද Thursday, 19 September 2013 05:37 PM

ඔය පොත් කියවා ඉවර උනහම ඒවා පරණ පත්තරකාරයාට නොදී පුස්තකාලයකට පරිත්‍යාග කරන්න.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 19 September 2013 06:09 PM

ලංකාවේ බත් කන කකුල් දෙකේ මෝඩයෝ පොත් නෙමෙයි මොනවා කියෙව්වත් වැඩක් නැහැ. (නි)

:       0       0

දුරන්ග් Thursday, 19 September 2013 07:05 PM

හද්ද පිටිසර ඉන්න අධ්‍යාපනය ලබන දුප්පත්, අහිංසක, අසරණ දුවා දරුවන්ගේත් බුද්ධියේ නිම්වළලු ප්‍රසාරණය විය යුතුය. ඒ දරුවන්ටත් පුළු පුළුවන් විදියට පොතක් පතක් මිලදී ගන්න හැකි වෙන්න කරුණාකර හද්ද පිටිසරටත් යන්න. කිරි ටිකක් ගමටත් බෙදන්න. (නි)

:       0       0

අකලංක Thursday, 19 September 2013 07:23 PM

මෙතන ඉන්න සමහර පොත්කඩකාරයෝ මිනිස්සුන්ට සළකන්නේ පහත් විදියට. අපි යන්නේ පොත් ගන්න,ඒත් මොකටද රුපියල් දහයේ ටිකට් කඩන්නේ? නිකන් පොත් දෙන්නේ නැහැනේ. (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Friday, 20 September 2013 12:06 PM

අකලංක, ඔයා රුපියල් දහය ලොකු කරගෙන දඟලලා වැඩක් නෑ. අද ඔය රු. දහයෙන් මොනවද කරන්න පුළුවන් ඔයාට. ඔයා සිගරට් බොනවද මම දන්නේ නෑ. ඒකත් රුපියල් 25 ක් නේ. ඔයා දන්නවද ඔය එකතු කරන රුපියල් දහයේ ඒවායෙන් ඔය සංවිධායක මහත්වරු මොනවද කරන්නේ කියලා. ඒ අය දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙනවා. කොච්චර හොඳ වැඩක්ද? මොනවා හරි කියන කොට ඒ ගැන දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න එක වටිනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 835 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5241 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3054 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1418 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1526 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28250 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site