IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පෘථිවිය නූලෙන් බේරෙයි ?

පෘථිවිය දෙසට වේගයෙන් පැමිණෙමින් තිබෙන ග්‍රාහකයක් හිදිසියේ ම සොයාගත හැකි වූ බව නාසා ආයතනය පවසයි. මේ ග්‍රාහකය ලබන ඉරිදා (07) පෘථිවියට වඩාත් ආසන්න වුව ද පෘථිවියේ නොවැදී නවසීලන්තයට ඉහලින් එරට වේලාවෙන් සවස 2.18ට ගමන්කරනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ කියති. එය පෘථිවිය හා චන්ද්‍රයා අතර ඇති දුරෙන් දහයෙන් එකක් හෙවත් කිලෝ මීටර 36,000 ක් පමණ ආසන්නයෙන් ඇදී යනු ඇත. එසේ වුව ද මේ ග්‍රාහකය පෘථිවිය වටා කක්ෂගත කැර ඇති චන්ද්‍රිකාවල වදින්නේ නැතැයි ද පර්යේෂකයෝ කියති.

2014 ආර්.සී. ලෙස නම්කැර ඇති මේ ග්‍රාහකය මීටර 18ක් දිගැතිය. පර්යේෂකයන් පවසන්නේ ග්‍රාහක පිළිබඳ අධ්‍යයනය කිරීමට මෙය මහඟු අවස්ථාවක් වන බවයි. පියවි ඇසින් දැකිය නොහැකි මේ ග්‍රාහකය දුරදක්නවලින් නිරීක්ෂණය කළ හැකිවනු ඇතැයි ද විද්‍යාඥයෝ කියති.

පෘථිවියට මෙතරම් සමීප වෙමින් තිබෙන ග්‍රාහකය සොයාගැනීමට සමත් වූයේ ඇරිසෝනා හි පිහිටුවා ඇති කැටලිනා ගුවන් පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පිරිසකි. මීටර 18ක් වැනි විශාලත්වයෙන් යුතු ග්‍රාහකයක් පෘථිවියට මෙතරම් ආසන්න වනතුරුම හඳුනාගත නොහැකි වීම සම්බන්ධයෙන් විමතිය පළකරන ඇතැම් විද්‍යාඥයන් කියා සිටින්නේ අනාගතයේ දී ද කල් වේලා ඇතිව හඳුනාගත නොහැකි මෙවන් ග්‍රාහක පෘථිවිය දෙසට පැමිණීමේ අවදානමක් පවතින බවයි.

2013 පෙබරවාරි 15 දා පෘථිවියට ග්‍රාහකයක් කඩා වැටණි. එය රුසියාවට ඉහළ අහසේ පුපුරා යාමෙන් 1500ක් තුවාල ලබා ගොඩනැගිලි රැසකට ද හානි සිදුවිය. මේ ග්‍රාහකය පෘථිවි වායුගෝලයට ඇතුළුවනතුරුම කිසිවකුත් ඒ ගැන දැන සිටියේ නැත.

නාසා ආයතනය පවසන්නේ පෘථිවියට බලපෑමක් කිරීමට ඉඩ ඇති ග්‍රාහක දහස් ගණනක් දැනටමත් හඳුනාගෙන ඇති බවයි. එසේ වුව ද ඉන් කිසිදු ග්‍රාහකයක් නුදුරු අනාගතයේ දී පෘථිවිය හා ඝට්ඨනය නොවන බව ද පර්යේෂකයෝ කියති. පෘථිවිය අසළින් ඇදී යන ග්‍රාහකයක ගමන් මග වෙනස් කැර එය සඳ මතට කඩා වැටීමට සළස්වා එහි කොටස් ගෙනවිත් පර්යේෂණ කිරිමේ වැඩපිළිවෙලක් ද නාසා ආයතනය සැලසුම් කැර ඇත. ඒ ව්‍යාපෘතිය 2020 දී ආරම්භ වීමට නියමිතය.

140904105248-asteroid-2014rc-flyby-horizontal-gallery - Copy

 



අදහස් (0)

පෘථිවිය නූලෙන් බේරෙයි ?

හේවාවිතාරණ Friday, 05 September 2014 06:31 PM

ඉන්දියාවේ කී දෙනෙක් දිවි නසාගෙනද දන්නේ නැහැ (නි)

:       0       0

කිංස්ලි පෙරේරා බහරේන් Friday, 05 September 2014 06:52 PM

ඔය ග්‍රහයෝ කොයි වෙලාවේ හරි වැටෙන බව දන්නා නිසා තමයි මම නවග්‍රහ මුද්දක් හදලා දාගත්තේ. ඒක නිසා මම බය නැහැ මොන ග්‍රහයා වැටුනත් (නි)

:       0       0

සුජාන් Friday, 05 September 2014 07:34 PM

වැදගත් දෙයක් වෙනුවෙන් හරවත් අදහසක් දෙන්න බැරි ලංකාවේ පුද්ගලයින් ගැන කණගාටු වෙමි (නි)

:       0       0

චර්චිල් Friday, 05 September 2014 08:14 PM

අද මිනිසා විනාශ කළ නොහැක. එනිසා මේ පෘථිවියද විනාශ කළ නොහැක. මන්ද මේ මිනිසාට මැරි මැරී ඉපදීමට ඇති එකම තැන මෙය බැවිනි (නි)

:       0       0

මනෝජ්-සාජා Friday, 05 September 2014 08:19 AM

කලින් කිව්ව එක හොදයි .(දිල්)

:       0       0

සමරසිංහ Friday, 05 September 2014 08:24 AM

ඇමෙරිකාව නැත්නම් මෙහෙම දෙයක් වත් දැනගනීද?(දිල්)

:       0       0

හිරාන් Friday, 05 September 2014 08:45 AM

ආගම්වාද,වර්ගවාද වලට බෙදිලා ඇනකොටා ගන්න මිනිසුන් ඉන්න පෘථිවිය මේ වගේ දේකින් හරි ඉවරයක් වෙනව‍ා නම් ඒකත් එක අතකට ලොකු දෙයක්. (නි)

:       0       0

සිරිසේන Saturday, 06 September 2014 01:14 AM

අපේ අය යවපු එකේ වදින්න එපා දෙවියනේ. (නි)

:       0       0

ප්‍රේමසිරි Saturday, 06 September 2014 02:16 PM

පුදුමයි ඌවේ කට්ටිය මේ ගැන දන්නේ නැති එක (නි)

:       0       0

දිල් Sunday, 07 September 2014 12:23 PM

ඕක වැටෙන්න තිබ්බේ අන්තවාදීන් ඉන්නා රටකට (නදී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 05 September 2014 09:54 AM

අපේ අම්මෝ දැන්තමයි අඟට ලේ ටිකක් ඉනුවේ (අ)

:       0       0

මහීෂා Saturday, 06 September 2014 03:02 AM

අපේ වාසනාව! (නි)

:       0       0

අසිත Friday, 05 September 2014 11:19 AM

දෙවියන්ගේ පිහිටෙන් අපි යවපු චන්ද්‍රිකාවේ නම් හැපෙන්න එපා. එහෙම වුණොත් දුප්පත් අපේ කෝටි ගානක සල්ලි නිකම්ම විනාශ වෙලා යනවා. (නි)

:       0       0

ප්‍රියා Friday, 05 September 2014 11:34 AM

එය සඳ මතට කඩා වැටීමට සළස්වන එක සුදුසු නැහැැ නේද? මොකද ඒක වැදිලා ස‍ඳේ කෑල්ලක් පෘථිවියට කඩාගෙන ආවොත් මොකද කරන්නේ? (නි)

:       0       0

ඉන්දික Friday, 05 September 2014 12:00 PM

ඒ කියන්නේ හඳත් ඉවරයි වගේ මට නම් පෙනන්නේ. (නි)

:       0       0

ගයාන් Friday, 05 September 2014 12:04 PM

හැම ග්‍රාහකයක්ම පෘථිවිය මඟහැරලා යනවා වගේ. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 06 September 2014 03:57 AM

විශ්වය අනන්තයි අප්‍රමානයි අවිනිශ්චිතයි. ස්ථිර කිසි දෙයක් නැත? කවදා හෝ අප ජීවත්වන මේ පෘතුවි තලයද විනාශ වී යා හැක. එසේ නොවේවායි ප්‍රර්ථනා කරමි. (නදී)

:       0       0

විජේකුසුම් Friday, 05 September 2014 12:16 PM

මේක ඡන්දෙ ඉවර වෙනතුරු නම් වදින්න එපා (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 05 September 2014 12:30 PM

අපි මේ ග්‍රාහකයට හොඳ නමක් දාමුද? (නි)

:       0       0

අලහකෝන් Friday, 05 September 2014 12:39 PM

මෙම ග්‍රහයා පෘථිවියට ළං වෙනවාත් සමඟම රටේම ඉන්න අපරාධකරුවන්,කුඩු මුදලාලිලා, ස්ත්‍රී දූෂකයන් බංගකරගෙන යනවා නම් තමයි හොඳ. (නි)

:       0       0

කොක්කා Friday, 05 September 2014 12:49 PM

සන්තොෂයි බාප්පේ...(අ)

:       0       0

අසංක උඩගම Friday, 05 September 2014 01:21 PM

කමක් නෑ යුද්දය දිනනවනේ (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 06 September 2014 05:28 AM

අර කිව්වත් වගේ මේ පාපකාරී ලෝකය එක මොහොතකින් සුන්නද්දුලි වෙලා යනවනම් ලොකු දෙයක්. (නදී)

:       0       0

හරින් Friday, 05 September 2014 01:35 PM

අසිත අපි ඔක්කොම එකතු වෙලා බොදී පූජාවක්වත් කරමුද අපේ පුතා යවපු චන්ද්‍රිකාවේ නම් වදින්න එපා කියල. (අ)

:       0       0

මිලා Sunday, 07 September 2014 05:34 PM

වෙලාවට නිවාඩු දවසක් (නදී)

:       0       0

සිතු Saturday, 06 September 2014 06:34 AM

චර්චිල් ඔයාගේ අදහස හරි ගැඹුරුයි. ඇත්ත තමා. ඒත් සංචාර චක්‍රය සම්පූර්ණ කරන්න වෙන ග්‍රහලෝකයක් තියෙනවද දන්නෙත් නැහැ. (නදී)

:       0       0

රන්ජිත් මහදුර Saturday, 06 September 2014 06:52 AM

අපි ඔක්කොම ප්‍රර්ථනා කරමු තව දීර්ග කාලයක් යන තෙක් අපේ පෘතුවියට කිසිම කෙනෙකුගෙන් කරදරයක් නොවේවා කියලා. මොකද අපිට තව ගොඩක් ඉලෙක්ෂන් තියෙනවා (නදී)

:       0       0

මින්දුල Friday, 05 September 2014 02:29 PM

අලහකෝන් මහත්තයගේ ප්‍රතිචාරයට ලයික් එකක් දාන්න විදිහක් නැහැනේ (නදී)

:       0       0

අමාර Friday, 05 September 2014 03:22 PM

ප්‍රිය ඔයා නසා එකේ ඉන්න ඕනේ කෙනෙක්. (අ)

:       0       0

චන්ද්‍රසිරි Friday, 05 September 2014 03:57 PM

ඒක හැප්පුනොත් එක පාටර දෙකට පුපුරලා යාවි ?(අ)

:       0       0

ලලිත් Friday, 05 September 2014 04:02 PM

මේ කතාව අර තෙල් නිදි චයිනා සැටලයිට් වගේ ඌවේ ඡන්දෙට දැම්මොත් ඡන්ද කීයක් විතර කඩා ගන්න පුළුවන් වෙයිද කියල දැන් ආණ්ඩුව කල්පනා කරන්නේ ,,, (අ)

:       0       0

රයන් Friday, 05 September 2014 04:13 PM

අප සියලු දෙනා භේදබින්න වී නොසිට මිනිසුන් සේ එක්ව ස්වභාව දහමේ මේ ආශිර්වාදය මත නැවත එක් මිනිසතුන් සේ ජීවත් වන්න තවත් එක් අවස්ථාවක් බවට මාගේ හැගීමයි. අද මේ බෙදීමට මුල් වී ඇත්තේ එක් එක් යුගවල බිහි වු තවත් එක් මිනිසෙකුගේ අදහස් මත ගොඩ නැගි ඇති ජාති, ආගම්, පක්ෂ .................... නොවේද ? අපි මිනිසෙකු වෙමු (අ)

:       0       0

දිනූ Friday, 05 September 2014 05:11 PM

ප්‍රියා - එතකොට අපිට කියන්න පුළුවන් සද මිදුලට එනවා කියලා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 24 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 158 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 144 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 401 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 68 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 422 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site