IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පාදුක්කෙන් ඇරැඹි ගමන දියවන්නාවෙන් නිම වේ

පෙරහර සූදානම් වන අවස්ථාවේ වැසි ඇදහැළුණත් එය ගමන් ආරම්භ කරන විට හා ආදාහන පූජෝත්වය ආරම්භ වන විට වැසි නැවතී පැහැදිලි කාලගුණයක් දක්නට ලැබිණි.

මාහිමියන්ගේ දේහය රැගත් ආ පෙරහරේ රැගෙන ආ මල් වඩම් පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේ ඉදිකර තිබූ චිතකය වටා තැන්පත් කැරිණි. පාදුක්කේ මාදුළුවාවේ ඉපදි කෝට්ටේ ශ්‍රී නාග විහාරය කේන්ද්‍රය කර ගනිමින් රටම අවදි කළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය, ඓතිහාසික දියවන්නා ඔයේ  බටහිර  දෙසින් මළ හිරු බැස යද්දී සිය මෙහෙවරෙහි සදාතනික මතකය  ලක්බිමේ රඳවමින් ස්වර්ණවර්ණ චිතකයේ ගිනි දැල් වලින් වෙළී ගියේය.චිතකයට ගිනි දැල්විමට මද වේලාවකට  පෙර හමුදා උත්තමාචාර වෙඩි මුර පැවැත්වුහ.

එම චිතකය අලංකාර හැඩයකින් යුතුව කහ සහ තැඹිලි පැහැති සිවුරු රෙදිවලින් නිමවා තිබූ අතර ඒ වටා සුදු මල් වැල් යොදා අලංකෘත කර තිබිණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජකවරුන්ට ජනාධිපති අගමැති හිටපු ජනාධිපතිනි ඇතුළුව ආදාහන පූජෝත්සවයට පැමිණි ආරාධිතයින්ට අසුන් ගැනීම සඳහා වෙනම විශාල මණ්ඩප කිහිපයක් ද ඉදිකර තිබිණි.

ක‍්‍රීඩාංගණය කහ පැහැ ධජයන්ගෙන් සරසා තිබුණු අතර ජාතික කොඩිය අඩකුඹු කර තිබිණි.

දේහය රැගත් පෙරහර සඳහා දස දහස් සංඛ්‍යාත ජනකායක් එක්ව සිටි අතර  පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණය තුළ හා ඒ අවට මාර්ගයන්හි ද විශාල ජනකායක් රැදී සිටියහ.

රිය පෙරහැරින් වැඩම කළ  හිමියන්ගේ දේහය පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේ ඉදිකර තිබූ විශේෂ පීඨිකාවේ තැන්පත් කිරීමෙන් පසු ආදාහන පූජෝත්සවයේ ආගමික වතාවත් ආරම්භ කෙරිණි.

කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොටපිටියේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නා හිමියෝ රැස්ව සිටි පිරිස පිළිගැනීමේ කතාව පැවැත්වූහ.

පිරිස පංචශීලයේ පිහිටුවීම සහ මතක වස්ත‍්‍ර පූජාව ඇතුළු මූලික ආගමික වතාවත් ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ‍්‍රි කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන් විසින් සිදු කෙරිණි.

රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් නාපාන පෙමසිරි එහි මහ නා හිමි” කෝට්ටේ ශ‍්‍රි කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාව වෙනුවෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි” මල්වතු හා අස්ගිරි පාර්ශවයන් වෙනුවෙන් නියංගොඩ විජිතසිරි අනු නා හිමි” අමරපුර මහා සංඝ සභාව වෙනුවෙන් බ‍්‍රාහ්මණවත්තේ සීවලී නා හිමි” මෙහිදී පැවිදි අනුශාසනා පැවැත්වූහ.

අන්‍ය ආගම් නියෝජනය කරමින් ද මෙහිදී අනුශාසනා පැවැත්වුණු අතර කතෝලික ජනයා වෙනුවෙන් ඔසවර්ල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමන්” හින්දු ජනයා වෙනුවෙන් රාමක‍්‍රිෂ්ණ මීසමේ ස්වාමී සර්ව රූපානන්ද කුරුක්කල්තුමා” ඉස්ලාම් ජනයා වෙනුවෙන් අල්ෂෙයිඩ් මුර්ෂීක් මුලාෆර් මවුලවිතුමා, ක‍්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් ඩිලෝරාජ් කනකසබේ ලංකා දියෝකීසියේ කොළඹ රද ගුරුතුමා ද  මෙහිදී සිය සංවේගය පළ කළහ.

20151112d4c9dcd263d242172c8dcbbd637f097

30c9433187cf74d22d46fa2c5be5c18520151112b97926b3f54b75ba1ddf3457055d5a8e 835b5d7f81638166a93e99c20151112dc155a8910050919255298f0d5aee97 1181a1ea5ab8d323372015111264d65db08fbbb23658374b96b 134423d45db914081a099684f201511129179af9507116a2e7e a06ffc9d400d4447725ad79ed33920151112d38dc8e4dcde250ad01

 



අදහස් (0)

පාදුක්කෙන් ඇරැඹි ගමන දියවන්නාවෙන් නිම වේ

හැරල්ඩ් Thursday, 12 November 2015 08:08 PM

හිමියනි, වඩිනු නැවතත් මේ ලක් පොළවට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 409 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 142 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1828 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1237 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 553 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1333 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33274 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23891 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site