IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පෞද්ගලිකව මමත් 'හසරැල්' චරිතයට ගොඩක් ආදරෙයි.

2016-07-07-ent-97

ලාංකේය කලා ක්‍ෂෙත‍්‍රයේ තරුණ රංගන ශිල්පීන් අතරින් අද වන විට ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර.

පේ‍්‍රක්ෂක ඇගයීමට ලක් වූ ටෙලි නාට්‍ය රැුසකටම රංගනයෙන් දායකත්වය සැපයූ විශ්ව ඔහුගේ පළමු ටෙලි නිර්මාණ රංගනයෙන්ම පේ‍්‍රක්ෂක සිත්සතන් දිනාගන්නට සමත් වුණා. ඒ ඔහු සතු දක්ෂතාවයන් සහ ආකර්ෂණීය බව නිසාවෙන්.

පබළු ටෙලිනාට්‍යයේ ‘‘හසරැල්’’ චරිතය හරහා පුංචි තිරයට ගොඩවැදුණු විශ්වට ඒ වෙනුවෙන් ලැබුණු ජනප‍්‍රියත්වය අති විශාලයි. ඒ නිසාමයි එම ටෙලි නිර්මාණය පිළිබඳව අපිට ඔහු සමඟ කතා කරන්න හිතුණෙ.

විශ්ව ඒ ගැන සැඳැල්ලට මතකය අවදි කළේ මෙලෙසින්.

 

හසරැල් චරිතය තුළින් ඔබ ගොඩක් ජනප‍්‍රිය වුණා. ඒ ටෙලිනාට්‍යය ගැන කතා කරමුද?

2016-07-07-ent-96ඒ ටෙලිනාට්‍යය තමයි පබළු. මගෙ පළවෙනිම ටෙලිනාට්‍ය රංගනය. එහි අධ්‍යක්ෂණය ශාන්ත සොයිසා මහත්මයගෙ. නිෂ්පාදනය කළේ වසන්ත මහත්මයා.

 

ඔබ සමඟ ඒ සඳහා දායකවුණු රංගන ශිල්පීන්වත් මතක් කරමු.

මගෙ අම්මට රංගනයෙන් දායක වුණේ කුමාරි මුණසිංහ මහත්මිය. මාමගෙ චරිතය කළේ ප‍්‍රියන්ත සෙනවිරත්න මහත්මයා. ඒ වගේම මිහිර සිරිතිලක, පබෝධා සංදීපනී, අයෝධ්‍යා මිහිරාවි, බිමල් ජයකොඩි, ගයත‍්‍රි ඩයස්, කුමාර තිරිමාදුර ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් මාත් එක්ක රංගනයෙන් දායක වුණා.

 

එවැනි ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් එක්ක වැඩකරද්දි කොහොමද ලැබුණු අත්දැකීම්.

ඒක මට ලොකු අත්දැකීමක්, මොකද පබළු කියන්නෙ මගෙ පළමු ටෙලිනාට්‍යය. ඉතින් පළමු ටෙලිනාට්‍යයෙන් ඒ වගේ පිරිසක් ඒ වගේ අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කරන්න ලැබීම ලොකු භාග්‍යයක්.

 

හසරැල් කියන්නෙ ගොඩාක් ආදරණීය චරිතයක්නෙ. ඒ චරිතය ඔබට දැනුණෙ කොහොමද?

ඒක මම ගොඩක් මගේම චරිතය කරගන්න උත්සහ කළා. මම සාමාන්‍යයෙන් ඉන්න විදියට රිලැක්ස්ව තමයි ඒ චරිතය කළේ. ඒක මටම ගැළපුනා කියලා හිතුණා සහ ගොඩක් දුරට මගේම චරිතය වගේ තමයි දැනුණෙ.

 

එතකොට ඒ චරිතයෙ ගොඩක් ආදරණීය ජවනිකා තිබුණනෙ. එය ඔබේ පළමු නාට්‍ය වුවත් අත්දැකීම් පරිපූර්ණ කෙනෙක් ලෙස තමයි රංගනයෙ යෙදුණෙ. ඒ වෙද්දි ඔබට සැබෑ ජීවිතයේ ඒ පිළිබඳ අත්දැකීම් තිබුණද?

අනිවාර්්‍යයෙන්ම. ඒ වයසෙදි ආදරය කියන දේ ලැබිලා තියෙන්න ඕනනේ. ඉතින් මටත් ඒ ආදරේ ලැබිලා තිබුණා. අත්දැකීම් හොඳින්ම තිබුණා.

 

විවාහ ජිවිතෙන් ඈතට ගියොත් ඔබට පබළු ටෙලිනාට්‍යයේ ගැහැණු ළමයි දෙන්නගෙන් අරලියා හෝ සයුරි චරිත දෙකෙන් කෙනෙක් සැබෑ ජීවිතේට තෝරගන්න වුණා නම් කව්ද තෝරගන්නෙ?

ඒ චරිත දෙකෙන් මම අරලියා ආශ‍්‍රය කළේ යාලූවෙක් විදියට. කාලයක් යද්දි තමයි මට සයුරි කියන චරිතය මුණගැහෙන්නෙ. එතනින් පසුව තමයි සයුරිට ආදරේ කරන්න පටන් ගන්නෙ. ඒ ආදරේ ආරම්භයත් එක්ක තමයි මගෙ හොඳම යාළුවා අරලියගෙ වැරදි දකින්නෙ. ඇය හැසිරෙන විදිය සහ අදින පළදින හැමදේම දකින්නෙ වැරදියට. කොහොමහරි පසුව තමයි මම දැනගන්නෙ ඇය මට ආදරේ කරනවා කියලා. ඉතින් ඒ විදියට බලද්දි නම් ඇත්තටම ඒ චරිත දෙකෙන් මගෙ හිතට වැදුණු චරිතය නම් අරලියා. මම ඇයව තමයි තෝර ගන්නේ.

 

රූගත කිරීම් අතරතුර සිදුවුණු සොඳුරු මතකයන් තියෙනවද?

සොඳුරු මතකයන් නම් ගොඩක් තියෙනවා. ඒ අතරින් අමතක නොවනම දවසක් තියෙනවා. ඒ ටෙලිනාට්‍යය රූගත කිරීම් කරමින් ඉද්දි මම දැක්කා ශාන්ත සොයිසා මහත්මයා බේබි නාරං කකා ඉන්නවා පොත්ත පිටින්ම. ඉතින් මමත් එතෙන්ට ගිහින් ඇහුවා මොනවද කන්නෙ කියලා. පසුව ඔහු කිව්වා බේබි නාරං කන්නෙ ඕනෙද කියලා මගෙන් ඇහුවා. මමත් ඕනෙ කියලා කියද්දි ලූණු කැටයක් එහෙම දාලා හදලා දෙන්නම් එතකොට ගොඩක් රසයි කියලා ඒ විදියට හදලා නාරං ගෙඩියක් මට දුන්නා. ඒක ගෙනත් දුන්න ගමන්ම මමත් තොල්වලින් හොඳට උඩට ඇදලා කෑවා.

පස්සෙ තමයි මම දැනගත්තෙ ඒකට ලූණු නෙමෙයි නයි මිරිස් දාලා තියෙන්නෙ කියලා. ඉතින් ඒක කාලා මට ඉන්න බැරිව පැය 1 1/2 විතර රූගත කිරීම් පවා නතර කරලා තිබුණෙ. ඒක නම් කවදාවත් අමතක වෙන්නෙ නැති මතකයක්.

 

මෙහි රූගත කිරීම් කළේ කොහෙද?

ඇරැව්වල, මාලඹේ, රාජගිරිය වැනි ප‍්‍රදේශවල රූගත කළේ.

 

ඒ වගේ දෙබස් එහෙම මතකද?

ඒ මතකයන් නම් නෑ. මොකද දැන් ටෙලිනාට්‍යය කරලා ගොඩක් කල් වෙනවනෙ.

 

සමස්තයක් විදියට පබළු ටෙලිනාට්‍යය ගැන කතා කරමු.

පබළු ටෙලිනාට්‍යයේ සමස්ත කාර්ය මණ්ඩලයම මේ අවස්ථාවෙ ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕන. ඒ හැමදෙනාගෙන්ම උපරිම සහයෝගයක් ලැබුණා. එක කණ්ඩායමක් විදියට බොහොම හොඳින් වැඩ කරගෙන ගියා. මම ගොඩාක් වාසනාවන්තයි කියලා හිතෙනවා එවැනි පිරිසක් සමඟ වැඩ කරන්න ලැබීම පිළිබඳව. කලාකරුවෙකුට ඒ වගේ අවස්ථා ලැබෙනවා ගොඩක් අඩුයි.

හොඳ නාට්‍යයක, හොඳ රංගන ශිල්පීන් සහ හොඳ අධ්‍යක්ෂණයක් යටතේ පළමු රංගනයම කරන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම පේ‍්‍රක්ෂකයන්ගෙන් තවමත් පබළු නාට්‍යයට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. තවමත් හසරැල් නමින් මට ආමන්ත‍්‍රණය කරන පිරිසක් ඉන්නවා. ඒ තරමට ඒ ටෙලිනාට්‍යය ගොඩක් ජනප‍්‍රියයි සහ ගොඩක් අසාවෙන් හැමෝම වැළඳගෙන තිබුණු නාට්‍යයක් බව පේන්න තියෙනවා.

පෞද්ගලිකව මමත් ‘‘හසරැල්’’ චරිතයට ගොඩක් ආදරෙයි.

 

ධනු විජේරත්න

 

sandalla

 

2016-07-07-ent-98



අදහස් (0)

පෞද්ගලිකව මමත් 'හසරැල්' චරිතයට ගොඩක් ආදරෙයි.

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1349 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 824 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2082 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 415 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 709 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1761 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site