IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පෞද්ගලික අංශයෙන් මෙගා වොට් 60ක් මිලදී ගැනීමට යයි

ඉදිරි වැසි කාලය වන තුරු විදුලි කප්පාදුවකින් තොරව විදුලිබල සැපයුම අඛණ්ඩවපවත්වාගෙන යෑම සඳහා පෞද්ගලික අංශයෙන් මෙගා වොට් 60ක් මිලට ගැනීමට ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇතැයි විදුලිබල අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කීවේය. විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය මත ඉදිරියේදී ඇති විය හැකි විදුලිබල හිඟයට මුහුණ දීම සඳහා දැවිතෙල් විදුලි බලාගාර තුනක් සමඟ ඇති ගිවිසුම් තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ද පසුගිය දා කැබිනට් අනුමැති ලබා දුන්නේය. සීමාසහිත ඒසීඊ පවර් ඇඹිලිපිටිය පෞද්ගලික සමාගම, සීමාසහිත ඒසීඊ පවර් ජෙනරේෂන් මාතර පෞද්ගලික සමාගම සහ සීමාසහිත හෙළදනව් පෞද්ගලික සමාගම එම සමාගම් තුනයි.

පවතින නියං තත්ත්වය සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇතැයි මහවැලි සංවර්ධන අධිකාරිය කියයි. මෙම තත්ත්වය ජල විදුලිය නිශ්පාදනයට තදින්ම බලපා ඇතැයි  ද විදුලි බල අමාත්‍යංශය පවසයි.

ජල විදුලිය උත්පාදනයට දායක වන ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම 50% වඩා අඩු වී  තිබේ.

මාවුස්සාකැලේ ජලාශයේ මේ වන විට ජල මට්ටම   39.1% දක්වා පහත බැස ඇති අතර කාසල්රී ජලාශයේ ජල මට්ටම   53.1% දක්වා පහත වැටී තිබේ. කොත්මලේ ජලාශයේ ජල මට්ටම   42.4% දක්වා ද, වික්ටෝරියා ජල මට්ටම   26.5 %දක්වා ද, රන්දෙනිගල ජල මට්ටම 46.4% දක්වා ද පහත වැටී තිබීම ද ජල විදුලිය උද්පාදනය කෙරෙහි දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබේ.

පහතින් දැක්වෙන්නේ ජල විදුලිය උත්පාදනය කිරීම සඳහා යොදා ගෙනන ප්‍රධාන ජලාශ හයක ජල ධාරිතාව හා දැන ඇති ජල මට්ටමයි..

  ජල ධාරිතාවය  (ඝමිමී)  අද වන විට තත්ත්වය (ඝමිමී) සක්‍රීය ධාරිතාව
මාවුස්සාකැලේ 123 47.2 39.10%
කාසල්රී 48.3 23.7 53.10%
කොත්මලේ 172.9 63.9 42.40%
වික්ටෝරියා 723 182.6 26.50%
රන්දෙනිගල 861.4 217.2 46.40%
සමනල වැව 278 52.9 24.30%

(ධාරිතාව සඳහන් වන්නේ ඝන මීටර මිලියන වලිනි.)

jalasha-1

01(55) 02(40)



අදහස් (0)

පෞද්ගලික අංශයෙන් මෙගා වොට් 60ක් මිලදී ගැනීමට යයි

ජයාත් Saturday, 14 January 2017 01:25 AM

ඔව් ඉතින්, විකල්ප දෙකයි තියෙන්නේ. විදුලිය කප්පාදුව හෝ කළුකඩ ගණන් වලට තාප විදුලිය මිලට ගැනීම. මේවා පිටුපස තියන කථාන්තර තිත්තම තිත්තයි. ඉදිරි වසරවල තත්වය දරුණුයි. මොකද සැළසුම් ක්‍රියාත්මක නැහැ. සාම්පුර් නවත්තලා, තියන ජනක වලත් කාර්යක්ෂමතාවය ඉතා අඩුයි. මේවා මෙහෙම තියාගෙන දේශපාලකයෝ වැස්ස ඉල්ලලා දෙවියන්ට විරිත්තන රටක මෙහෙම වෙන එක අරුමයක් නෙමෙයි (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Saturday, 14 January 2017 06:05 AM

අපේ රටේ දේශපාලකයෝ කියන්නේ, පුදුම හිතෙන තරමට වාසනාවන්ත කොටසක්. ගොඩක් වැස්සොත්.., ගංවතුර ආධාර එනවා. පෑව්වොත්..? නියං ආධාර එනවා. ඒ ඇරෙන්න මොන තත්වෙකදී වුනත්, ඒක තමන්ට වාසි වෙන විදිහට හරවාගන්න දේශපාලුවා සමත්. හැමදාමත්,රැවටෙන්නේ තැලෙන්නේ පොඩිවෙන්නේ අසරණවෙන්නේ දුප්පත් ඡන්දදායකයා විතරයි. ඒ වුනාට ඔය දේශපාලුවන්ට කඩේ යන අය, මොන ක්‍රමේකින් හරි තමන්වත් පෝෂණය කරගන්නවා. (අ)

:       0       0

ජයත් Saturday, 14 January 2017 06:22 AM

මණ්ඩලය සාමාන්‍යයෙන් ඉදිරි වසර 30 කට විතර ජනන සැලසුම් හදනවා අනාගත ඉල්ලුමට සරිලන්න විදුලිය ජනනය කළයුතු හින්ද දන්නා තරමට එක එක කඹ ඇදීම් නිසා පෙනෙන තෙක් මානයක අලුත් ජනනය කිරීමක් පටන් ගන්න පාටක් නැහැ ඉතින් කළුවරේ ඉන්න වෙන එක අනිවාර්යයි ගැටලුව එක නෙමේ මේ තත්වය යටතේ මෙහාට එන්න තරම් ආයෝජකයන්ගේ ඔලුවේ අමාරුවක් නැහැ. (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Saturday, 14 January 2017 09:43 AM

දැන් ඉති කොහෙන් හරි ණය අරගන හරි, පරමාණු බල විදුලි බලාගාරයක් හදමු. (අ)

:       0       0

ගයාන් Saturday, 14 January 2017 03:10 PM

සුර්ය බලශක්ති මෙගාවොට් 1200 ක් ජාතික පද්ධතියට එකතුකිරීමට කැමැත්ත ප්‍රකාශකළ පුද්ගලික අංශයේ ව්‍යවසායකයින්ගේ ඉල්ලුම්පත් වලට වුණේ කුමක්ද. මේකතමා රහස! විදුලිය කප්පාදුව හෝ කළුකඩ ගණන් වලට තාප විදුලිය මිලට ගැනීම. මේවා පිටුපස තියන කථාන්තර තිත්තම තිත්තයි (නි)

:       0       0

ආර්නෝල්ඩ් Sunday, 15 January 2017 11:12 AM

යන්තම් වැහිපොදක් අාවොත් වැව් ටික වාන් දානවා. මොකද වෙලා තියෙන්නේ, ඒවායේ මඩ පිරිලා. එ්ක නිසා මේ වෙලාවට වැව් ටික හාරලා තියාගන්න ඕනෑ. ඊළඟට සෑම ප්‍රාදේශීය සභාවකටම දැවි තෙල් වලින් දුවන බලාගාර හදාගන්න ඕනෑ. මේ වගේ ජාතික සැළැස්මක් නැතිවුණොත් රටම ඉවරවෙන දිනය වැඩි ඈතක නොවෙයි. විදුලිය පිටින් ගන්න හැමදාම ගිනිගණන් ගෙවන්න වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 900 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 139 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 332 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 473 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2164 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4218 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site