IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


’’පෞද්ගලික අංශය සහන සලසනවා’’

(ආරියරත්න රණබාහු)

පෞද්ගලික අංශයේ සේවාවන් වලට තිබෙන බාධාවන් ඉවත් කිරීමට කටයුතු කරන බවජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08) කොළඹදී පැවසීය

කොළඹ මරදාන  පී ඩි සිරිසේන ක්‍රීඩාංකනයේ පැවති  අන්තර්ජාතික සේවක සංගමයේ 25වැනි වාර්ෂික සමුළුව අමතමින් ඒ බව කී ඒ මහතා එහිදී මෙසේද කීය

ලංකාවේ මෙතෙක් කාලයක් දෙපැත්තට හුවමාරු වෙමින් තිබූ දේශපාලන බලය මේ සැප්තැම්බර් 21 වැනිදා අවසන් කරන බව නියතයක්ව තිබෙනවා. මේ නිසාම සතුරන් සියලු දෙනා දේශපාලන තර්ක වෙනුවට අසත්‍ය අවලාද, විකෘති කිරීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරමින් තිබෙනවා. 

රට තුළ එකිනෙකාට එරෙහිව ජාතිවාදය වැපිරීමට, එකිනෙකා විරසක කිරීමට දරන උත්සාහයන් දැන් අහෝසියි. නමුත්, රනිල් වික්‍රමසිංහලා තාමත් පරණ බඩු කඩෙන් බඩු ගන්නේ. රනිල් වික්‍රමසිංහ මෑත අවස්ථා ගණනාවකදීම “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” යනුවෙන් කියා තිබෙනවා. ඔය ‘ශේප’ වෙන්න එන්නේ. රනිල් වික්‍රමසිංහ ඔයාට අපත් එක්ක ‘ශේප්’ වෙන්න බැහැ. මහ බැංකුවේ වංචාව පිළිබඳව පරික්‍ෂණ කරනවා. ඒ වාගේම ඔයාගේ කාලයේ බාර් ලයිෂන් දීපු විදිය හොයනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව සතු ඉඩම් යාළුවන්ට බෙදපු විදිය හොයනවා.. නමුත්, ජාතික ජන බලවේගය බලයට පත් වීමෙන් පසුව ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියලත් අපි උගන්වනවා. සැප්තැම්බර් 23 වැනිදා සිට හැම පක්‍ෂයකම පාක්‍ෂිකයන් හමු වී වෙනස් වෙන්න අපි ආරාධනා කරනවා. නමුත්, වෙනස් වෙන්න අකැමැති නම්, ඔවුන්ට කැමැති දේශපාලන ව්‍යාපාරයක දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. .

කලින් කිවුවේ, සියයට තුනක් තියාගෙන දිනන්නේ කොහොමද කියලා. දැන් සජිත්ට කතිරය ගහලා අපව පරාද කරන්න බැහැ කියලා රනිල් කියනවා. සජිත් කියන්නේ, රනිල්ට කතිරය ගහලා අපව පරාජය කරන්න බැහැ කියලා. අද මේ රටේ ජනතාව කෙළින්ම මාලිමාව ඉදිරියේ කතිරය ගහන්න පෙළගැසී සිටිනවා. ඒ නිසා ඔවුනුත් අපේ ජයග්‍රහණය පිළිගෙන ඉවරයි. අලුතින් කියන්නේ, දිනුවත්, මාස හයක් යන්න බැහැ කියලයි. ඔවුන්ගේ ප්‍රචාරවල මුලින්ම “මාලිමාවට දිනන්න බැහැ” කියලා කිවුවා. ඊළඟට “මාලිමාව දිනුවොත්...” කියලා කිවුවා. දැන් කියන්නේ, “මාලිමාව දිනුවාම මාස හයක් යන්න බැහැ” කියලා.

මේ වෙනස පිළිබඳව ගැඹුරු සහ විශාල බලාපොරොත්තුවකින් අප දීර්ඝ කාලයක් අධිෂ්ඨානශීලීව සිටිමින්, විශාල බලවේග ප්‍රමාණයක් සංවිධානය කර තිබෙනවා. ඒ වාගේම ශක්තිමත් වැඩපිළිවෙළක් අප සකස් කර තිබෙනවා. අපි මේ ජයග්‍රහණය අත්පත් කර ගන්නේ මාස හයෙන් යන්නද? මේ ජයග්‍රහණයෙන් ලංකා ඉතිහාසයේ දිර්ඝතම ජයග්‍රහණයක් නිර්මාණය කරන බව සහතිකයි.

මෙතැනට එකතු වී සිටින්නේ ලංකාවේ පෞද්ගලික අංශයේ සේවය කරන අයයි. ලංකාවේ ශක්තිමත්ම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ව්‍යාපාරය අන්තර් සමාගම් සේවක සංගමය බව කවුරුත් දන්නවා.

ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් පෞද්ගලික අංශය කඩාකප්පල් කරන්න උත්සාහ කරන බවට ප්‍රචාර යවනවා. ජාතික ජන බලවේගයට අනුබද්ධ වෘත්තීය සමිති වැඩ කරන සෑම තැනකම ඉතාමත් සාමකාමීව කටයුතු කරන බව සතුටින් කියන්න ඕනෑ, එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ වැඩිම වැටුප් ලබන ආයතන අන්තර් සමාගම් සේවක සංගමය පවතින ආයතනයි.

පෞද්ගලික අංශයේ දියුණුව සඳහා මේ වන විටත් යම් බාධාවන් තිබෙනවා නම්, ඒ ගැටලු විසඳා දීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ප්‍රමුඛත්වයක් දී කටයුතු කරනවා. නමුත්, ලාභයෙන් සාධාරණ පංගුවක් වැඩ කරන ජනතාව වෙත ප්‍රතිලාභ ලෙස ලබා දෙන්න ඕනෑ. එය වැරැදි ද? එම ආයතන බිඳවැට්ටීමක් වෙනවා ද? කිසිසේත්ම නැහැ.

කර්මාන්තකරුවන් වාගේම එම සේවක, සේවිකාවන් යන දෙපාර්ශ්වයෙන්ම ස්ථාවරත්වය තහවුරු කෙරෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. දශක එකහමාරක සිට ගොඩනැඟී තිබෙන ‘මෑන්පවර් ඒජන්සි’ හරහා රැකියා ලබා දීම නූතන වහල් වෙළෙඳාම හා සමානයි. එම ආකෘතිය තවදුරටත් පවත්වාගෙන නොයා යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා. ඒ වාගේම මාස හයකට වරක්වත් ජීවන අංකයට අනුව වැටුප් වර්ධක ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා.

මෙහිදීඅන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ,.ඩී ලාල් කාන්ත යන මහත්තුරු ද අදහස් දැක්වූහ. 



අදහස් (9)

’’පෞද්ගලික අංශය සහන සලසනවා’’

අරවින්ද මොනරවිල Monday, 09 September 2024 03:02 PM

වසර හැත්තෑ හයක් තිස්සේ අමතක කර දැමු රටේ ඉදිරි සමාජ ආර්ථීක හා දේශපාලන ජයග්‍රහණය අත්පත් කර ගැනීම සදහ වැඩ කරන ජනතාව, ව්‍යවසායකයන්, දේශපාලඥයින් මෙන්ම විද්වතුන් එකට එකතු වී වෙහෙස විය යුතුයි. එවැනි උත්තුංග කාර්ය්‍යකට අතගැසිය හැකි එකම බලවේගය ජාතික ජනබල වේගය පමණයි.

:       37       58

ඇන්ඩ්රු සෙබඩවිලMonday, 09 September 2024 04:43 PM

වෙන කවුරුහරි ආණ්ඩු කරනවා නම් අයිස් ගහලා උද්ඝෝෂණය කරන්න ඕනෑ. අපේ ආණ්ඩුව ආවාම වෙහෙස වෙලා වැඩකරන්න හොඳේ...!

:       12       40

Jagath Monday, 09 September 2024 03:04 PM

වැඩිය ඕනේ නෑ. වැඩ වර්ජන නවත්තන්න...

:       14       50

Nimal Monday, 09 September 2024 03:29 PM

ජයවේවා...!

:       28       44

Darshan Monday, 09 September 2024 04:21 PM

අම්මෝ දැන්නම් පිස්සුවෙන් වගේ දීගෙන යනවා.

:       9       27

Chamara D Monday, 09 September 2024 04:35 PM

වැඩිය මුකුත් ඕනෙනෑ. 21න් පස්සෙ ගෙට වැදිලා ඉන්න ඒ ඇති. රට හදන වැඩේ අපි කරගන්නම්

:       12       29

Manjula Pradeep Monday, 09 September 2024 06:20 PM

ඒකනම් හොඳ අදහසක් .පහුගිය කාලය පුරාම ශිෂ්‍යයන්, ගුරුවරුන් සෞඛ්‍ය සේවකයින් රාජ්‍ය ආයතන වල සේවකයෙන් පාරට ගෙනල්ලා රාජ්‍ය ආයතන අකර්මණ්‍ය කරලා පාරවල් අවහිර කරලා පුද්ගලික අංශයේ බර අදින අපිට කරපු සේවය අති විශිෂ්ටයි. මීට පස්සෙවත් පාඩුවේ පැත්තකට වෙලා පාඩුවේ ඉන්න එක ආණ්ඩුවේ සේවකයන්ට පඩි ගෙවන්න දහ දුක් විඳින පුද්ගලික අංශයේ සේවකයන්ට රස්සාව කරගන්න කරන ලොකු උදව්වක්.

:       0       0

Sunethra Tuesday, 10 September 2024 10:24 AM

පෞද්ගලික අංශය ගැන ඔබ තුමන්ගේ අදහසට සතුටුයි ජයවේවා මාලිමාවට

:       6       6

සමන්ත Wednesday, 11 September 2024 12:06 AM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු පළපුරුදු, උගත්, අත් දැකීම් සහිත දේශපාලඥයෙකු වන අතර ඔහුට තරම් ජාත්‍යන්තර සම්බන්ධතා, සැලසුම් සහ උපාය මාර්ගික අර්බුද කළමනාකරණය පිලිබඳ හැකියාවන් සහසහ දැනුම ඇති වෙනත් කිසිවෙකු අද ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල නැත. ඔහු සමග සසඳන විට අනුර කුමාර සහ සජිත් යනු කට මැත දොඩවන ළදරුවන් සේ මට දිස්වේ. මා රනිල් වාදියෙක් නොවෙමි. මගේ දේශපාලන අත්දැකීම් පරාසය වසර 40 ක් පුරා ජ.වී.පෙ., ශ්‍රි .ල.නි.ප., සහ ඒ.ජා.ප ය සමග වැඩ කර ලබාගත් අතර, එබැවින් මගේ මතය නම් ශ්‍රී ලංකාවට උදාකරගත හැකි නිදහස් ප්‍රජාතන්ත්රවාදී දියුණු රටක තත්වය ඔබ විසින් නැති කර නොගත යුතු බවය. නැවත රට ආපස්සට යන්න ඉඩ නොදෙන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 4 0

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණයට සිය නම සහ ඡායාරූප අනවසරෙයන් යොදා ගෙන ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරි


කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 28 300 0

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය


ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි
2025 අප්‍රේල් මස 28 285 0

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම
2025 අප්‍රේල් මස 28 338 0

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය


ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ මුද්‍රණය කරයි
2025 අප්‍රේල් මස 28 58 0

පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත


සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 1268 0

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 995 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 431 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 578 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site