IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පෞද්ගලික අංශය 2500 ඉල්ලයි

නව රජයේ අතුරු අයවැයෙන්  පෞද්ගලික අංශයට රුපියල් 2500ක වැටුප් වැඩි කරන ලෙස හාම්පුතුන් කළ ඉල්ලීම වහා නීතියක් ලෙස සකස් කර ගැසට් කරන ලෙස බල කරමින්  අන්තර් සමාගම්  සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (12) පැවැත්විණි.

රජයේ සේවකයින්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් වන තමන්ටද සහන ලබා ගැනීමේ අයිතියක් ඇති බවත් වහාම එම සහනය ලබා දෙන ලෙස ඉල්ලා හාම්පුතුන්ට බල කරන නීතී ගෙන එන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.

DSC_3810 DSC_3821 DSC_3830



අදහස් (0)

පෞද්ගලික අංශය 2500 ඉල්ලයි

කුමාරි Friday, 13 February 2015 04:44 AM

දැන් මිල අඩුකළ දේවල් ගැන හැමෝටම සතුටුද? මිනිස්සු බත් වෙනුවට පාන්,රොටි පිට්ටු වගේ කයි. ගොවියාට මොකද වෙන්නේ?කන්න දෙන දේ ගැනම හිතන්න පුරුදුවෙන අය රට ගැනත් හිතන්න. (නි)

:       0       0

තිලාන් Friday, 13 February 2015 04:56 AM

නුවන් , පුද්ගලික අංශයේ පඩි වැඩිවෙන්නේ ඒ මිනිස්සු කාර්යක්ෂමව වැඩකරමින් ආයතනයට ලාභ ලබාදෙන නිසා. උදේ 10 ට වැඩට ඇවිල්ලා කොයිවෙලාවේ බැලුවත් සේවා කාලයේ පුද්ගලික ගමන් වල යෙදෙන ගමන්, මහජනයාටත් සේවාකාලයේ ගොරවාගෙන ඉන්න එකට රජයේ අයට පඩි වැඩියෙන්ම තමයි දෙන්න ඕනෑ. (නි)

:       0       0

එශාන් Friday, 13 February 2015 04:59 AM

නුවන්, බහුතරයක් හරියට වැඩක් නොකරනකොට රජයේ සේවකයන්ට පඩි වැඩියෙන් දෙන එක සාධාරණද ? කොයිවෙලේ බැලුවත් එක්කෝ නිවාඩු. නැත්නම් පොඩ්ඩකට එළියට ගිහින්. එහෙමත් නැත්නම් වැඩකරන්නේ ඈනුම් යවමින් (නි)

:       0       0

නුවන් Friday, 13 February 2015 05:25 AM

එහෙම කරනවනම් ඇත්තටම හොඳයි (බ)

:       0       0

ගයාන් Saturday, 14 February 2015 01:07 PM

පුද්ගලික සේවයේ යෙදනෙ සේවකයෝ ගොඩක් අය නිසයි මේ අය දිනුවේ.ඒක නිසා මේ අයට සාධාරණයක් සිදු කරන එක ඒ අයගේ යුතුකම.(හේ)

:       0       0

ෂෙල්ටන් Friday, 13 February 2015 06:11 AM

ගයන්, ඔයා හරියටම හරි. උන්ටත්, මුන්ටත් දෙගොල්ලන්ටම අපිව වටින්නේ නැහැ. අඩුම තරමේ ජීවිතේට එකම වාහන පෙර්මිට් එකක් දෙන්න. පැන්ෂන් යන කාලය 60 කරන්න බැරිනම් 58 වත් කරන්න. පරිපාලන විබාගෙට ලියන්න,ක්‍රමවත් රක්ෂන ක්‍රමයක් නියම කරන්න. අඩුම තරමේ උපයනවිට ගෙවන බදු ගැන හිතලවත් නියමයක් කරන්න. (නදී)

:       0       0

ෂෙල්ටන් Friday, 13 February 2015 06:21 AM

මම ලඟදී ගියා කම්කරු කාර්යාලයට මගේ වැඩකට. අපි මොනතරම් බදු ගෙව්වත්, අපේ අර්ථ සාදක මුදල් වලින් රජයේ සේවකයන්ට පඩි ගෙව්වත්, අපිට හදිස්සියකට යන්න වැසිකිලියක් තියෙනවද කියල කව්රු හරි ගිහින් බලනවද. (නදී)

:       0       0

වාසුල Friday, 13 February 2015 06:34 AM

වැඩක් වෙන්නේ නෑ ඕක ලැබෙන්නේ නෑ.(හේ)

:       0       0

රන්දික Friday, 13 February 2015 06:34 AM

ජවිපේ ලොක්කනේ මොකට පෙළපාලි යනවද. ගිහින් විධායක සභාවෙන් අනුමත කරගන්නකෝ.(හේ)

:       0       0

රොෂාන් Friday, 13 February 2015 06:47 AM

ලක්ෂ 13 රාජ්‍ය සේවකයන්ට විතරද පඩි වැඩි වෙන්න ඕනේ.? ලක්ෂ 70 ක පෞද්ගලික සේවකයෝ මේ රටේ මිනිස්සු නෙවෙයිද.? (ර)

:       0       0

දුමින්ද Thursday, 12 February 2015 03:47 PM

අනේ මන්දා! ජීවන වියදම කියන තරම් පහළ ගියා නම් මේ මොකද? (නි)

:       0       0

ශාන්ත - ඩුබායි Friday, 13 February 2015 07:09 AM

රජයේ සේවකයින්ට විතරද හැම දේම.? (ර)

:       0       0

නිලන්ත Thursday, 12 February 2015 03:50 PM

පුද්ගලික අංශයේ සේවකයන්ට රු.2500/=වැටුප් වැඩිවීම ලබාදීම ලොකු ශක්තියක්. (නි)

:       0       0

රාජිනී Friday, 13 February 2015 07:13 AM

රජයට පොද්ගලික ඡන්ද අමතකද? (ර)

:       0       0

භානු Friday, 13 February 2015 07:48 AM

මෙතනදී රජයට කල හැක්කේ පෞද්ගලික අංශයේ පඩි වැඩි කරන ලෙස අදාළ හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් විතරයි. අනිවාර්ය කර නීති පනවන්න බැහැ. පඩි පාලක සභා පනත යනාදිය ඔවුන්ගේ කෙලින්ම පාලනයෙන් දුරස්ථ නිසා. පෞද්ගලික අංශයේ අපිට, මේ රජයේ පඩි වැඩිවීම ගැන සඳහන් කර හාම්පුතුන්ගෙන් යම් ඇඟට දැනෙන ඉල්ලීමක් කල හැකියි. (ර)

:       0       0

ගුණේ Thursday, 12 February 2015 05:18 PM

වැටුප් වැඩිකිරීමට වහා නීති සකස් කරනු ! (නි)

:       0       0

දිශාන්ත Thursday, 12 February 2015 10:59 PM

ඔව්..ඔව්... ඔවුන්ටත් එම සහනය දියයුතුයි (නි)

:       0       0

එඩ්වර්ඩ් Friday, 13 February 2015 01:04 AM

පඩි වැඩිකරන්නේ කොහොමද? එය ව්‍යාපාර වියදම් වැඩිවීමට හේතුවක් වෙනවා (නි)

:       0       0

ගයාන් Friday, 13 February 2015 01:51 AM

රජයේ සේවකයින්ට තමයි ඔක්කොම ලැබෙන්නේ. වාහන පර්මිට්, පෙන්ෂන්, රජයේ උසස් පාසල්, හැම අයවැයකින්ම පඩි වැඩිවීම්... මේක හරිම අසාධාරණයි.අලුත් ක්‍රමයක් හදන්න ඕනෑ. මීටපස්සේ අයවැයෙන් වැඩිකරන ගාන අනිවාර්යයෙන්ම පුද්ගලික අංශයටත් ආණ්ඩුවෙන් ගෙවන්න ඕනෑ.‍මොකද රජයේ සේවකයෝ විතරක් නෙමෙයි ජාතික ආදායමට, නිෂ්පාදනයට දායක වෙන්නේ. (නි)

:       0       0

රාජා Friday, 13 February 2015 02:02 AM

එඩ්වඩ්, ඔයාගේ කතාව ඇත්ත. නමුත් රජයේ සේවක පඩිය වැඩිවෙනකොට බඩුමිලත් නිකම්ම ඉහළ යනවා. බඩුමිල රජයේ සේවකයාටද පුද්ගලික සේවකයාටද කියලා වෙනසක් නැහැ. දෙගොල්ලන්ම ගෙවන්න ඕනෑ එකම ගණන. එනිසා මේ ඉල්ලීම සාධාරණයි. රටේ ආණ්ඩුවත් පාලකයනුත් දැනගන්න ඕනෑ මේ ප්‍රශ්න මුලින්ම සාකච්ඡා කරන්න. (නි)

:       0       0

දිනේෂ් Friday, 13 February 2015 02:21 AM

විවෘත ආර්ථිකය හැමදෙනාටම එක හැන්දෙන් බෙදන්නේ නැත. නමුත් බඩුමිල බෙදන්නේ එකම හැන්දෙනි. පාන් නැත්නම් කේක් කාපල්ලා නොකියා රටේ හැමදෙනාටම පාන් කෑල්ලක් කන්න පුළුවන් ක්‍රමයක් සළස්වන මෙන් රජයෙනුත් මුදල් ඇමතිතුමාගෙනුත් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ ගමන්ම විශ්‍රාමිකයන්ටත් ටිකක් සළකන්න. (නි)

:       0       0

ඇසළ Friday, 13 February 2015 02:35 AM

2,500 මදි. 10,000 ක්ම ඉල්ලන්න. එතකොට දෙයි. (නි)

:       0       0

එෂාන් Friday, 13 February 2015 02:45 AM

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න පෞද්ගලික සේවකයන් ගෙවන බදුමුදල් ඉවහල්වන බැවින් පෞද්ගලික අංශයේ සේවකයන්ටත් සාධාරණයක් ඉටුවිය යුතුය (නි)

:       0       0

ශාන්ත Friday, 13 February 2015 02:46 AM

රජයේ මිනිසුන් විතරද ඡන්දය දුන්නේ? (නි)

:       0       0

ජනක Friday, 13 February 2015 03:13 AM

සේවක ඵලදායිතාවය සළකා බැලුවා නම් ඔය රුපියල් 10000 දෙන්න ඕනෑ පුද්ගලික අංශයට. එක මනුස්සයෙක් පස්දෙනෙකුගේ විතර වැඩ කරනවා. නිවාඩු අඩුවෙන් ගන්නේ. . කලට වෙලාවට රාජකාරි ඉටුකරනවා. පාරිභෝගික සේවාවේ ගුණාත්මක බව ඉහළයි.ආයතනයට ලාභ ලබාදෙනවා. ඒත් ඉතින්? (නි)

:       0       0

නිශාන්ත Friday, 13 February 2015 03:14 AM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

ප්‍රභාත් Friday, 13 February 2015 03:25 AM

පඩි වැඩිකිරීම නොව කළයුතු වන්නේ භාණ්ඩ මිල අඩුකිරීමයි. මන්දයත් පඩි වැඩිකිරීමෙන් මුදලේ අගය අඩුවන නිසාය. භාණ්ඩ මිල අඩුවීමෙන් කිසියම් මුදලකට ගතහැකි භාණ්ඩ වැඩිවීමෙන් මුදලට වැඩි අගයක් ලැබේ. (නි)

:       0       0

නිරෝෂා Friday, 13 February 2015 03:28 AM

රජයේ සේවයට වඩා වැඩි ශ්‍රමයක් ලබාදෙන්නේ පෞද්ගලික අංශය. මම එහෙම කියන්නේ රජයේ සේවකයෝ හරිම අලසව වැඩ කරන්නේ. ඒ වුණාට පෞද්ගලික අංශය එහෙම නැහැ.ඉතාම කඩිසරව තම සේවය ලබාදෙනවා.එසේනම් අනිවාර්යයෙන්ම පුද්ගලිය අංශය ගැන විශාල අවධානයක් සෑම රජයකින්ම යොමුවිය යුතුයි (නි)

:       0       0

නුවන් Friday, 13 February 2015 03:36 AM

පඩි වැඩිකිරීම නම් හොඳ දෙයක් තමා. එහෙත් රාජ්‍ය අංශයට සාපේක්ෂව පෞද්ගලික අංශයේ පඩි හොඳ මට්ටමක තිබෙනවනේ. ඒ නිසා තමා සැමවිටම රාජ්‍ය සේවය ඉහළට ගෙනයන්න හදන්නේ. (නි)

:       0       0

චමිල Friday, 13 February 2015 03:57 AM

මේවා කාගෙ වැඩද කියලා පේනවනේ දැන්වීම් වලින්ම (නි)

:       0       0

රාම් රාජ් Friday, 13 February 2015 04:13 AM

රජයේ සේවකයින් අලස බව නිකන් කටට එනවාට කියනවා.නමුත් මැතිවරණයක් වගේ දේවල් එච්චර කාර්යක්ෂමව කරන්නේ කොහොමද කියලා බලන්න.සේවකයාගේ තියෙන වැරැද්ද නෙමෙයි මෙතන තියෙන්නේ. නිවැරදිව වැඩ නොගැනීමයි.පඩි වැඩිවුණ එකට ඊර්ෂ්‍යා නොකර ඉල්ලලා ගන්න. කිසිදෙයක් නිකන් ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

නිලක්ෂි Friday, 13 February 2015 04:21 AM

නුවන්,ඔයාගේ ඔලුව හොඳ නැද්ද? රජයේ හැම වරප්‍රසාදයක්ම ලැබෙන්නේ රජයේ සේවකයන්ටනේ. අනෙක් අය මිනිස්සු නෙමෙයිද? රජයේ අය විතරද කන්නේ බොන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 160 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 158 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 134 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 1022 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 51 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 80 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38432 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25317 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 893 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site