IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පෞද්ගලික රෝහලේ අත් බෝම්බය ගැන 11කගෙන් ප්‍රකාශ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිළියක් තුළ තිබී සොයාගත් මදුරු දඟරයක් සවි කළ අත් බෝම්බය සම්බන්ධයෙන් පුද්ගලයන් එකොළොස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ වන විට පුද්ගලයින් තිදෙනකු ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් නිලධාරියා කීය.

ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන වලට අමතරව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය ද විමර්ශන පැවැත්වීමට යොදා ඇතැයි එම නිලධාරියා කීය.

එම රෝහල් පරිශ්‍රයේ පලවන මහලෙහි වැසිකිළියට ගිය පුද්ගලයකු මෙම බෝම්බය මුලින්ම දැක ප්‍රධාන ආරක්ෂක නිලධාරීයාට කළ දැනුම් දීමකින් පසු ඔහු විසින් සුරක්ෂිතව බෝම්බය එම ස්ථානයෙන් ඉවත් කර සේවකයන්ගේ රථ ගාල අසල ආරක්ෂාකාරීව තැබීමට කටයුතු කර තිබිණි.

බෝම්බයට මදුරු දඟරය සම්බන්ධ කිරීමට යොදාගත් නූල මදුරු දඟරය දැල්වීමෙන් පසු දැවී යාමත් සමඟම බෝම්බය පුපුරා යාමට සකස් කර තිබූ බව පොලිස් නිලධාරියා කීය

මෙවැනි ආකාරයෙන් බෝම්බය පුපුරා යා හැකි වන ආකාරයෙන් සැලසුම් කළ හැක්කේ බෝම්බ පිළිබඳ මනා දැනුමක් තිබෙන තැනැත්තකුට පමණක් බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

බෝම්බය වැසිකිළිය තුළට රැගෙන ආ පුද්ගලයා සොයා ගැනීම සඳහා රෝහලේ සවිකර තිබෙන සි සි ටි වි කැමරා දර්ශන පරීක්ෂා කිරීමට අමතරව බුද්ධි අංශ නිලධාරීන් ද විමර්ශන සිදුකරන බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

මෙම රෝහලේ ප්‍රභූ පුද්ගලයන් දෙදෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි

 

 

 



අදහස් (0)

පෞද්ගලික රෝහලේ අත් බෝම්බය ගැන 11කගෙන් ප්‍රකාශ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 10 0


වියලුව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 14 0


වැලිමඩ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 80 0


මහනුවර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 110 0


හම්බන්තොටම ජාජබට
2024 නොවැම්බර් මස 15 160 0


බණ්ඩාරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 107 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 242 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site