(අමල් වික්‍රමරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී වඩාත් ප්රබලව පක්ෂ 20 ශක්තියෙන් තමන් සමග අලුතින් එක්වීමට දැනට කැමැත්ත පළකර ඇති සියලු පක්ෂ සමග සන්ධාන ගතවී ඒකාබද්ධ පොදුජන පෙරමුණ නාමයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් වෙයි. අද (23) දහවල් පැවති පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී එලෙස තීරණය කර ඇත.
එම තීරණයට අදාළ සියලු කටයුතු ලබන ජනවාරි 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒකාබද්ධ මහා සභා රැස්වීමේදී දැනුම්දීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.
මෙම රැස්වීම පොදුජන එක්සත් පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොදුජන පෙරමුණ සන්ධානයකට සැරසෙයි
පිටිගල මිලානෝ Saturday, 23 December 2017 12:01 PM
දැන් ඔය වටේට ඉන්න අයද රටේ පාලනයට නැවතත් අත ගහන්න බලාපොරෝත්තු වෙන්නේ? රත්තරන් ටිකට තියෙයි.
රජින්දSaturday, 23 December 2017 12:24 PM
පිටිගල මිලානෝ, ඔබේ මෙලෝ අගයක් නැති එක පාර්ශවීය පුහු තර්ක ඔබට මෙන්ම අපටද කරදරයකි.
dasaSaturday, 23 December 2017 12:29 PM
මේ අයට විරුද්ධව එකම චෝදනාවක්වත් ඔප්පුවෙලා තියෙනවද? ඔබ කියන ඔය සුපිරිසිදු දේශපාලකයන් මේ මහ පක්ෂ දෙකෙන්ම හොයලා දෙන්න පුළුවන්ද?
සමන්Saturday, 23 December 2017 02:52 PM
ඔබේ තර්කයට අනුව බැදූම්කර ගනුදෙනු වලද තවමත් වරදක් ඔප්පු වී නොමැත. මොලය පාවිච්චි කර එම ගනුදෙනු අධ්‍යයනය කල අයුරින්ම ඩේසි ආච්චිගේ මැනික් මල්ලද ලිහුව විට රජින්දට මෙන්ම ඔබටද වරද කවුරු කලත් වරදක් ලෙස පෙනෙනු ඇත.
Ajith NissankaSaturday, 23 December 2017 05:22 PM
මේ ගොල්ලන්ට ඇති චෝදනා එකක්වත් බොරු වෙලා කියලා අධිකරණයෙන් කියලත් නැහැ! මේ කවුරුවත් බැරි වෙලා හරි රිමාන්ඩ් කරාම ලෝකේ නැති ලෙඩ එනවා! නීතියේ හිල් වලින් ගැලවෙනවා කියන්නේ චෝදනා වලින් නිදහස් වුණා කියන එක නොවේ! මේ ආණ්ඩුවේ අයට තියන චෝදනා එකක්වත් ඔප්පු වෙලා නැහැ නේද? ඒ කියන්නේ ඔවුනුත් දැන් හොඳ මිනිස්සු! ඔය ගොල්ලන් වගේ අය ඉන්නකම් හොරු පාර්ලිමේන්තු එන්නේ පිනුම් ගහ ගහ! මම නම් හිතන්නේ මේ රටේ තියන දූෂණ සහ මගඩිවලට වග කිව යුත්තේ ජනතාව මිසක් හොර දේශපාලකයන් නොවේ! කොර දේශපාලකයන් ජනතාව උඩ පැනපැන පත් කරන්නේ හොරකම් කරන්න ලයිසන් දීලානේ! ඉතින් ඒ ගොල්ලන් ඒ ගොල්ලන්ගේ රාජකාරිය අකුරටම පිලි පදිනකොට බොරුවට උඩ පැනපැන අඬන්න එපා !
indhikaSaturday, 23 December 2017 09:59 PM
ඔප්පු වෙන්නේ නැහැ තමා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. මේ අයට විරුද්ධව මොකුත් කරන්නේ නෑ. ඒ අයට විරුද්ධව මේ අය මොකුත් කරන්නේ නෑ. දෙගොල්ලෝ හිත හොඳින් සාමකාමීව ඉන්නවා. අපි ඇනකොටා ගන්නවා. අන්තිමට ලිස්ට් එකේ ඉන්නේ මෙයාල විතරක් නිසා කතිරෙත් ගහනවා. මෝටර් බයිසකලෙන් වැඩට ගිය මහින්දානන්ද කෝටි ගණන් වල මාලිගා හැදුවේ තේ කොළ නෙළලද? අනේ යන්න මෙයා යන්න. මට පෙනෙන්නේ ඔයාලා මෙයාලට සල්ලි වලට කඩේ යන පිරිසක් වගේ...
Ç.K.LANKAPUTHRASaturday, 23 December 2017 11:24 PM
උපන් ගෙයි හොරු ඉන්න රටක් මේක. හැබැයි කම්බ හොරු නම් එපාමයි. අපට තියෙන ලොකුම ප්රශ්නය කම්බ හොරු ආරක්ෂා කරන එකයි.
HafeelSunday, 24 December 2017 04:58 AM
ඔබ නිවැරදියි දාස. 62 ලක්ෂ ජනයාට 2015 ජනවාරි 8 වැරදුණා. මොකක්ද කැකුලු, අඹ, පොල්ගෙඩි හොරුන්ට දඬුවම් දෙන මේ රටේ, මහා පරිමාණයේ හොරුන්ටද නිදැල්ලේ ඉන්න පුළුවන්..?
yasapalaSunday, 24 December 2017 03:55 AM
රත්තරන් ටිකට වෙන දෙයක් නැහැ.. එ්ක ඔහේ තියාගන්න පරිස්සම් කරලා. ඒ වගේද මහදවල් රුපියල් බිලියන ගානක් කොල්ලකාපු හොරු. ඒකට උල් පන්දම් දුන්නු හොරු. එතකොට හානිය මුළු රටටම. ඔය පිටිගල මිලානෝ කියන්නේ.... ටයි කෝට් දාගෙන හොරකම් කරන්නේ හොරු නෙවේ. මේ ගොල්ලෝ තමයි හොරු කියලා වෙන්න ඇති....
ravi Saturday, 23 December 2017 12:21 PM
තව සැරයක් නම්, එපෝ... හිටපු කලේ කරපු පව් අපි තාමත් ගෙවනවෝ....
ShanakaSaturday, 23 December 2017 11:17 PM
ඔබතුමා 2009 ට පස්සේද ඉපදුණේ?
BamunuarachchiTuesday, 26 December 2017 03:09 PM
තාම ඉපදිලා නැහැ ඉපදෙන්න හදනවා.
janatha anura Sunday, 24 December 2017 12:41 AM
ඔබතුමා හරි වුණත්, මේ රටේ ජනතාවට බඩට දැනෙන්න යමක් කරේ රවී තුමා ඇතුළු මලික් පිරිස පමණි. ඔබතුමාටද මෙහි ප්රතිලාභ ලැබී ඇති නමුත් පාරම්පරික දේශපාලනය තුල එය සැඟවී ඇත. අපට දැන් ඇත්තේ බොරුව නැති යමක් කරන ජනතාවගේ දහදිය සුවඳ හඳුනන හොඳම හොරා තේරීම පමණි.
de silva Saturday, 23 December 2017 12:23 PM
ජනාධිපතිතුමනි, ශ්‍රීලනිපෙ ඉඳගෙන වෙනත් පක්ෂවල ප්රචාරක කටයුතු කරන ශ්‍රීලනිප පාක්ෂිකයන්, පක්ෂෙන් නෙරපනවා කියලා, කිව්වනේ.. පුලුවන්නම් කරලා පෙන්වන්න. මගුල් ගෙවල්, මල ගෙවල්, විවෘත්ත කිරීම් උත්සව වලදී කතා පවත්වන කොට කියන්න ලේසි වුණාට කරන්න තමා අමාරුයි.
දිනේෂ්Saturday, 23 December 2017 03:12 PM
යම්කිසි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කලහොත් එම මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසිවිමේ ඉඩකඩක් නීතිය තුල ඇති බවක් දැනට සිදුවෙමින් පවතින සිද්ධීන් තුලින් ගම්‍ය වේ. පක්ෂය යනු එක්සත් ජනතා නිදහස් සන්ධානය ද එසේ නොමැති නම් නිදහස් පක්ෂයද යන්න තවමත් අපහැදිලිය. තවද එම සාමාජිකත්වය අත්හිටුවන ආකාරය පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව සිදු කලයුතු නිසා ඉදිරි මැතිවරණයේ ප්රචාරක ව්‍යාපාරය තුල උගුරට හොරා බෙහෙත් බොන්න වෙන අයුරක් ඉදිරියෙදී දැකගනු ඇත. මෙම අදහස වැරදි නම් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිමු...
සමන් Saturday, 23 December 2017 01:38 PM
මහින්ද මහතා උපයාගත් හොද හා නරක බොහෝයි. කෙසේවෙතත් යුද්ධය යන මාත්ෘකාවෙදි ඔහු සාර්තකයි. එයටද බල පෑ වෙනත් සාදක තිබුනා. ආර්ථික සැලසුම් නිල්. කිසිදු දැක්මක් නොමැති ජනප්‍රිය මාත්ෘකා පමනයි. ණය ගන්න හොදයි, ආයොජනය බැහැ. පරිපාලනය තමන්ට හිතති අයට පමනක් හිතකරයි.
Chandra Saturday, 23 December 2017 02:44 PM
මේකත් ලොකු ටෝක් එකක් , මහජනතාව රවටන්න , දූෂිත යුගයක් නැවත එපා . පසුගිය වකවානුවෙයි මේ යුගයෙය් කේරුණු දුෂිත ක්‍රියාවලට දඩුවම් දුන්නනම් හොදටම ඇති . ඊට පස්සේ ක්‍රමයෙන් කතිරය ගහන්න ඕන රටට ආදරය කරන හොද පුරවැසියන්ට . නැතිනම් මුදලාලිලාට නෙමේ .
rohan Saturday, 23 December 2017 03:01 PM
පොදුජන පෙරමුණ සන්ධානයක... "හොරුත් සමග හොරු" අලුත් සන්ධානයනේ... ජය වේවා!!!
dias Saturday, 23 December 2017 03:09 PM
මෛත්‍රිපාල මැතිතුමනි. මහින්ද මහතා පක්ෂයෙන් නෙරපන්නද? නැතිනම් එතුමාට පක්ෂය දාලා ඔබතුමා ගෙදර යන්න. අපිට ඕනෑ කොන්දක් තියන නායකයෙක්. ඔබතුමාට තීරණ ගැනීමේ හැකියාව ලැබේවා.!!!
bamda Saturday, 23 December 2017 03:27 PM
බුදු අම්මෝ පක්ෂ 20 ක් ඇහුවමත් බය හිතෙනවා .....
bamda Saturday, 23 December 2017 03:27 PM
බුදු අම්මෝ පක්ෂ 20 ක් ඇහුවමත් බය හිතෙනවා .....
banda Saturday, 23 December 2017 03:32 PM
නාමල් බේබි ලංකාවේ රජ කරන්න කට්ටියට පුදුම අමාරුවක් තියෙන්නේ ....
BamunuarachchiWednesday, 27 December 2017 02:48 AM
මේකට තමයි හුඹස් බිය කියලා සිංහලෙන් කියන්නේ. කෙනෙක් බලයට එන්නේ මහජන කැමැත්තෙන් අකමැතිඋනොත් බලයට එන්නබැරිබව තේරෙන්නේ නැද්ද?
badda Saturday, 23 December 2017 03:46 PM
මෙදා පාර අලියා රට පුරාම දිනනවා...
wijesundara Tuesday, 26 December 2017 05:43 PM
දිනන්න අලි ඉතුරුවෙන්නේ නෑ. ඇත් දළවලට මරලා!!
Siri Saturday, 23 December 2017 04:32 PM
සටන ගහන්නේ යන එන මන් නැති පූසන් එක්ක නම් පලක් වෙන්නේ නැහැ.
සමන් Saturday, 23 December 2017 05:23 PM
ඔබතුමාට ජය නියතයි,.. අප ඔබ සමගයි.
Sudesh perera Saturday, 23 December 2017 06:52 PM
හොර නඩේ... මේ ඉන්න හොර නඩේ කවුද? අනේ කාලේ වනේ වාසේ...
BamunuarachchiWednesday, 27 December 2017 01:46 PM
මෙතන බැංකු කොල්ලකාපු කට්ටිය ඉන්නවද? ඔයගොල්ලෝ බැංකු හොරුන්ට හොරු නොකියන්නේ ඇයි. ඒ කුහකකමට නේද?
priyantha Saturday, 23 December 2017 08:21 PM
මේ ෆොටෝ එක දකින කොට එකපාරටම මතක් වුණේ හොරු සමග හෙළුවෙන් ...
Danushka Saturday, 23 December 2017 08:28 PM
කවුරු ආවත් වැඩක් නැහැ... රට විකුණලා විල්පත්තුව කපලා...
Chandadaayake Saturday, 23 December 2017 09:20 PM
සංධානය කිව්වත් නම විතරයි වෙනස් වෙන්නේ... ඉන්නේ මේ ත්‍රීවීල් පක්ෂ කට්ටියම තමයි.
Gamini Saturday, 23 December 2017 11:40 PM
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? ඇයි මේ ඡන්දෙට පෙර එකතු වුනේ නැත්තේ. ලෝක හොරු... ඔප්පු කරන්න පුළුවන් වෙන්න නොවෙයි ඉතා සැලසුම් සහගතවයි එදා ගොඩ ලොකු කර ගත්තේ.... සහ තවමත් මාන බලන්නේ.
BamunuarachchiWednesday, 27 December 2017 03:08 AM
කියන්න ඔබතුමා කොහොමද මේ විස්තර දැනගත්තේ කියලා. ඒකට උත්තර දෙන්න ගියාම ඔබට ඔබගැන ලජ්ජා හිතේවි. මොකද ඔබටහිතේවි මම මේ කියන්නේ කව්රුත් කියපු දෙයක් මිස මම හරියටම දන්නා දෙයක් නොවන නිසා කියලා.
GaminiThursday, 28 December 2017 10:40 PM
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? ඔව් ඒ වචන ටික අහල දැනගත්ත දෙයක්. මගේම ඉඩම් හොරෙන් කට්ටි කඩල විකුනන්න හදපු අය සහ යාබද ඉඩම හොරෙන් කට්ටි කඩල විකුනපු අය ගැන කාගෙන්වත් දැනගන්න අවශ්‍ය නැහැ. ලැජ්ජා වෙන්න ඕනේ හැමදේම දන්නවා කියල හිතා ගෙන හැම දේටම හොට දාන අයට ආවඩන අය
anura Sunday, 24 December 2017 12:43 AM
රවී, මලික් මහත්වරුත් එකතුවෙනවා නියතයි.. ජයවේවා !!!
BamunuarachchiWednesday, 27 December 2017 07:46 AM
කියන්න දෙයක්ද ඒගොල්ලෝ එකතුවෙනවා නැතුව කොහොමද ගේම දෙන්නේ?
lakshman Sunday, 24 December 2017 12:47 AM
අදහස ගැලපෙන්නේ නැහැ. යූ.එන්.පී ය එතන නැති නිසා ඔබතුමාගේ බඩට දැනෙන්න යමක් කලේ කවුද... ඒ පිරිසත් එකතු කල යුතුයි.
nimal Sunday, 24 December 2017 01:17 AM
අායේ නම් එපා, එවැනි යුගයක් ..
BamunuarachchiTuesday, 26 December 2017 03:15 PM
අනේ ඔව් මහින්ද මහතාත් යුද්ධය වවාගෙන කන්නේ නැතිව යුද්ධය නිමාකර කරපු නස්පැත්තිය නේද? මහින්ද මහතා මෙවැනි ගුණමකුවන් ඉන්න රටකද බුද්දාගම තිබෙන්නේ අපි ඉපදී ඉන්නේ?
Sathyayaa Sunday, 24 December 2017 01:54 AM
ගෙයක් බිඳින්න යන හොරා ඉස්සෙල්ලා දාන්නේ ඔළුව නොවෙයි මුට්ටිය. හිටපු ලොක්කගේ ඔළුවත් එකයි මුට්ටියත් එකයි වගේ හින්දා ජනතාවට නම් කාරි නැහැ. ගේ හිමියාගේ පොලු පාර මුට්ටියට වදිනවද, නැත්නම් ඔලු ගෙඩියටම වදිනවද කියන එක. තමන්ට බලය තියෙන කාලයේත් ඔලුව පාවිච්චි කරන්නේ නැතිව මුට්ටිය දාල බලන සංකල්පය (මහින්ද චින්තනය) ක්‍රියාත්මක කරන්න ගිහින් ජනවාරි 8 වෙනිදා පොලුපාරක් කෑවා. පෙරමුණ පිහිටවූවාට මහින්ද එක් වරම ශ්රීලනිපය හැරදාලා නොගියේ හිටපු පක්ෂයෙන් විනය තීරණයක් ගනීවිද කියලා බියක් තිබුණු නිසා. දැන් ඉතින් කොහොමටත් විකල්පයක් නැති නිසා ඔහොම යන්!
BASKARA Sunday, 24 December 2017 02:01 AM
ජරාජීර්ණ වී ඇති අපගේ මේ දේශය යළි ගොඩගන්න නම් සොඳුරු ආඥා දායකයෙකුගේ ආගමනය අනිවාර්ය සාධකයකි. {සොඳුරු යන වචනයේ අදහස ගැඹුරුය.}
Amith Sunday, 24 December 2017 03:15 AM
නිදහස් පක්ෂයේ ඉරණම තීරණය කරන්නේ නිදහස් පක්ෂයට ඡන්දෙ දෙන අය මිසක්, මෙතන අදහස් දාන ජවිපෙ, එජාප කට්ටිය නෙමේ !
Suresh Dubai Sunday, 24 December 2017 04:18 AM
අනේ දෙවියනේ මේ අය නම් ආයේ කවදාවත් බලයට එන්න ඉඩ තියන්න එපා බුද්දිමත් ජනතාවනේ. ඒ අයට හම්බ කලා ඇතිවෙන්න. දැන් විවේක ගන්න ඕන කාලේ නේද උතුරන්න සල්ලි තියෙන එකේ...
Padmini Sunday, 24 December 2017 05:53 AM
කෙක්කෙන් හරි කොක්කෙන් හරි එන්න හදන පරාජිත හිටපු ජනාධිපති තමයි. මන්ත්‍රීතුමෝ, මේ රට ඔබලාගේ බූදලයක් නොවෙයි. අහිංසක, එදා වේල ගැට ගහගන්න වෙර දරන ජනතාවගේ සංවේදී බව උදුරාගෙන ඔවුන්ව නොමග හරින පාප කර්මය කරන්න එපා. ජනතාවට නිවහල් මනසින් වටහා ගන්න ඉඩදීලා ඔබගේ සප්ත මහා සාගරය බඳු වස්තුව දිහා බලාගෙන දැහමින්' සෙමෙන් කල් ගත කරන්න.
BamunuarachchiWednesday, 27 December 2017 02:55 AM
දහමෙන් සෙමෙන් එකාලෙත් සිටියානම් අද මෙරට පාලනය කොරන්නේ ප්‍රබාකරන්.
athula Sunday, 24 December 2017 04:08 PM
එතකොට අර නාම යෝජනා දෙන්න නම් ඒක දෙන කෙනා එක්ක බුදියා ගන්න ඕන කියපු එකට මොකද වෙන්නේ ඕවත් වැඩද? !!! මල්ලි... අපි කල වැඩ වලට කිව්වලු නේද? !!! නියම නායකයෝ නේද? මැරුණේ ඕනදෙයක් සත පහකට ගණන් ගන්නේ නැති නියම රට බෙර ගත්ත නායකයා !! ලෝකේ කොහෙද ඉන්නේ මේවගේ නායකයෝ ලෝකෙටම එකයි.
Bamunuarachchi Wednesday, 27 December 2017 07:58 AM
හා හා ඔබට වැරදිලා මේ ලොක්කා මුට්ටි දදා ඉන්න ජාතියේ කෙනෙක් නොවෙයි. හැබැයි හැමදාම පරාද වුන කට්ටිය 2015 දී පොදු අපේෂක කියන මුට්ටිය නම් දාලා බැලුවාය. එක හරිගියේ නැතිනම් 2015 අගෝස්තු ඡන්දයත් පරාදය.
Bamunuarachchi Wednesday, 27 December 2017 01:27 PM
මොන සන්ධානය ගහලා හරි කමක් නැහැ... එජාපය වලපල්ලට යවන්න මේ අය මේ අවුරුදු 3 ට රටට කරපු නස්පැත්තිය එල්.ටී.ටී. එකවත් කලේ නැත.
rohana kumara mendis Wednesday, 27 December 2017 07:45 PM
මට කියන්න තියෙන්නේ එකයි අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනේ ලැබේද ඉන් සැනසීමක් (බලයට කෑදරකමක්) මේ අපිට කරන්නද අපිට ආදරේටද නැ.තව තවත් මඩිය තර කරගන්න.ජනතාව බලාගෙන
Deepal Nirosh Friday, 29 December 2017 07:35 AM
තාම නො පිපුණු පොහොට්ටු සලකුණක් සහිත මෙතෙක් ලි/ප නොකළ දේශපාලන ව්‍යාපාරයකට ඇයි මේ කට්ටිය මෙතරම් බය?