කලක් අලි පාටියෙ මහ පුටුවක් භාරව ඉඳල පක්ෂයෙන් එළියට ගිහිල්ල ඉන්න මහත්තයෙක් පසුගියදා බුද්ධගයාව වඳින්න ඉන්දියාවෙ නේපාලෙ සංචාරෙක යෙදුණා... ඒ ගිය ගමන උන්නැහේ ඒ රටේ ඉන්න සුප්‍රකට නාඩිවාක්‍ය දෛවඥතුමෙකුත් මුණ ගැසුණා. මේ දවස්වල ගැටගැහිල තිබෙන නඩුහබ ගැනත් තමන්ගෙ දේශපාලන අනාගතය ගැනත් උන්නැහේ අනාවැකියක් බැලුව කියල අපට ආරංචියි....
ඒකෙදි මේ දේසපාලකතුමාට මාර අනාවැකියක් කිව්වලු... මේක කිව්වෙත් ඒ රටේ ඉන්න සුප්‍රකටම අනාවැකිකරැවෙක් නිසා ඒ ගැන දන්න අයගෙ අවධානෙ යොමුවෙලා කියලයි කියැවෙන්නෙ. අපේ දේශපාලක උන්නැහේට අනාවැකිකරැවා කියලා තියෙන අනාවැකිය අනුව ලබන වසරේ මාර්තු මාසෙ වෙනකොට ලග්න ඒරාෂ්ඨක අපල ඉවරවෙලා... උන්නැහේ කවුන්සිලෙටත් ගිහිල්ල කැබිනට්ටුවෙ ලොකුම පට්ටමකුත් ලැබෙනවලු.
අවුරැදු පහක් යන ආණ්ඩුවක් තියෙද්දි දැනට කවුන්සිලේවත් නැති තමුන්ට මැම්බර්කමකුයි කැබිනට් පට්ටමකුයි ලැබෙන්නෙ කොහොමද කියල උන්නැහේ අනාවැකිකරැගෙන් ප්‍රශ්න කළාලු.
එතකොට මේ සුප්‍රකට අනාවැකිකරැ කිව්වෙ "ලැබෙන ක්‍රමය මම ඔබට කියන්නෙ නැහැ... ඒත් ලැබෙන එක ඉර හඳ වගේ ස්ථීරයි. අපලෙ ඉවරවුණාම ඔබට ඔබ අද සීනෙන්වත් නොසිතන ලොකුම පට්ටමක් ලැබෙනව. ඒක සහතිකයි." කියලයි....
එහෙම කිව්ව අනාවැකිකරැ ඒ පට්ටම ලැබුණම තමන්ටත් ඒ ගැන කියන්න කියල අපේ දේශපාලකතුමාට දැන්නුවලු. උන්නැහේ මේ පුදුම සහගත අනාවැකිය ගැන පුදුමෙන් පුදුමෙට පත්වෙලාලු ඉන්නෙ... මොකද මේක කීවේ ඒ රටේ ඉන්න සුප්‍රකටම අනාවැකිකරැ නිසා.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුදුම සාත්තරයක්