IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොදුරද මඩුලු මුල් පුටුව මෝල්ටාවට

රටක තරුණ පෙළ සමෘද්ධිමත් හෙටක පදනම යැයි මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති පොදු රාජ්‍ය මණ්ඩලය අමතමින් අද ප්‍රකාශ කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ පසුගිය වසර කිහිපයේ සිදු වූ වර්ධනය පිළිබඳ ආරම්භක සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාව සතුටු වන බව ද ජනපති කීවේය.

ලක් ජනපති , ජෝසප් මස්කට් මෝල්ටා රාජ්‍යයේ අගමැතිට ඉදිරි දෙවසරේ නායකත්වය බාර කළේය.

‘‘පොදු රාජ්‍ය මණ්ඩලයේ අනුබලය අපේ සියලු සාමාජික රටවල දේශපාලන හා සමාජ හැසිරීම සඳහා මඟ පෙන්වීමට උපකාරී වී ඇත. මෙහි සාමාජික එකිනෙකා හා බද්ධ වන්නේ අප විසින් හුවමාරු කර ගන්නා පොදු වටිනාකම් මඟින් මිස ඒ ඒ රටවල බලය හෝ සමෘද්ධිය මත පදනම්ව නොවේ.

මීට වසර දෙකක‍ට පෙර ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල හමුවේ දී අප ඇතිකර ගත් එකඟතාවය නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ සාධාරණත්වය තහවුරු වන හා සියල්ලන් ඇතුළත් වන ආකාරයේ වර්ධනයක් අත්පත් කර ගැනීමට බවයි.  

තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තීව්‍ර උත්සාහයක් අවශ්‍ය වන බව ද අපි සඳහන් කළෙමු. එක්සත් ජාතීන්‍ සමඟ වූ අපේ ව්‍යයාමයන්ට අනුකූලතාව දක්වන බව හඟවමින් එක්සත් ජාතීන් ද තිරසාර සංවර්ධන ඉලක්කයන්ට ප්‍රමුඛතාව දී ඇති බව සඳහන් කිරීමට ලැබීම පිළිබඳව මම වැඩි දුරටත් සතුටු වෙමි.

සමෘද්ධිමත් හෙටක් සඳහා පදනම වර්තමානයේ තරුණ-තරුණියන් බව අපි හඳුනා‍ ගතිමු. එහෙයින් තරුණ-තරුණියන් සඳහා කැපවීමේ අභිලාෂය මාගම්පුර ප්‍රකාශය සම්මත කර ගනිමින් අපේ තරුණ පරම්පරාව පිළිබඳව පවතින නොවෙනස් සැලකිල්ල පෙන්වූයෙමු.

පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ සභාවේ ස්ථාපනය අප සාදරයෙන් පිළිගන්නා අතර එහි ප්‍රථම සභාව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ද අප තුළ ඇත්තේ ඉමහත් සතුටකි.

බිලියන දෙකකට අධික ජනතාවගේ නිවස පොදු රාජ්‍ය මණ්ඩලයයි. එයින් බහුතරයක් සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන අතර සංවර්ධිත රටවල ජීවත් වන්නේ අතළොස්සකි. අපේ කෙටිකාලීන ඉලක්කය, මධ්‍යම කාලීන ඉලක්කය මෙන්ම දීර්ඝ කාලීන ඉලක්කය ද විය යුත්තේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි.

රැකියා උත්පාදනයේ, දරිද්‍රතාව පහත හෙළීම හා ආර්ථික සමෘද්ධිය ඉහළ දැමීමෙහි ලා වෙළෙඳාම හා ආයෝජනය වැදගත් භූමිකාවක් ඉටු කරන බව අපි දනිමු. අපේ රටවල අමුද්‍රව්‍ය විකිණීම වෙනුවට වටිනාකම් එක් කිරීමේ කර්මාන්ත සඳහා උපකාර කිරීම පිළිබඳ වැඩි අවධානය යොමු විය යුතුය.

කොළඹ පැවැති සමුළුවේ දී අප නිකුත් කළ කෝට්ටේ ප්‍රකාශනය පොදු රාජ්‍ය මණ්ඩලයීය ආයෝජන ගලා යාම හා පෞද්ගලික අංශයේ බැඳීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අපගේ කැපවීම නැවත සිහිගැන්වූවකි. මෙය වනාහි අපගේ සංවර්ධනය වෙමින් පවතින මිත්‍ර රටවල් හා ඔවුන්ගේ ආර්ථිකයන් විසින් ඉල්ලා සිටින්නකි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත්ව යන රට ලෙස අප ආපසු හැරී බලන විට පසුගිය වසර දෙක තුළ අප විසින් ඉටු කරනු ලැබූ කාර්යයන් පිළිබඳ අපි තෘප්තිමත්ය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මා දැරූ ධූර කාලය තුළ මා හට සහයෝගය ලබා දුන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින් සියල්ලන්ට මම ස්තුතිවන්ත වෙමි.

පොදුරාජ්‍ය මණ්ඩලය‍ටත්, මගේ රජයට හා ශ්‍රී ලංකා වැසියන්ටත්, පෞද්ගලික වශයෙන් මටත්, මහලේකම්  කමලේෂ් ෂර්මා මහතා  දක්වන ලද සහයෝගයට මම කෘතඥපූර්වක වෙමි.‘‘

239642-01-02_19689761 239726-01-02_19689875 240001-01-02_19690194 240002-01-02_19690196 329086435_D1BERYAKYQAB_19690203 2003322681_D1BERYAJIYAA_19690063

 



අදහස් (0)

පොදුරද මඩුලු මුල් පුටුව මෝල්ටාවට

සුජාතා Friday, 27 November 2015 08:12 PM

අපේ සිංහල මිනිස්සු හරිම කැමතියි තව කෙනෙකුට නින්දා කරලා කුහක සතුටක් ලබන්න.ජර්මනියේ ජනාධිපතිතුමිය ප්‍රංශයට පැමිණ සභාව ඇමතුවේ ජර්මන් භාෂාවෙන් මිස ඉංග්‍රීසියෙන් නෙමෙයි. කවුරුත් හිනාවුණේ නැහැ (නි)

:       0       0

සුජාතා Saturday, 28 November 2015 01:42 PM

එතුමියට ඉංග්‍රීසි පුලුවන්ද බැරිද කියලා නම් මම දන්නේ නැහැ. ඒත් බහුතරයක් යුරෝපයේ ප්‍රභූවරුන්ට ඉංග්‍රීසි බැහැ (නි)

:       0       0

දිසානායක Saturday, 28 November 2015 02:08 PM

මෙවන් පුවත් ගෙන එන ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 28 November 2015 02:01 AM

සභාව ඇමතුවේ ජර්මන් භාෂාවෙන් මිස ඉංග්‍රීසියෙන් නෙමෙයි තමයි. ඒ ඉංග්‍රීසි නොදන්නා නිසාත් නොවෙයි (නි)

:       0       0

චන්න Friday, 27 November 2015 11:43 AM

හුරේ (බ)

:       0       0

චන්දි Friday, 27 November 2015 11:57 AM

දැක්කද , අපි අරන් දුන්න දේවත් රැකගන්න බැරි වුනා.-විමල් (බ)

:       0       0

ධනුක Friday, 27 November 2015 12:40 PM

රැජිනට සිංහල තේරෙන්නෑ (බ)

:       0       0

පන්ඬු Friday, 27 November 2015 01:29 PM

ධනුකට ඉංග්‍රීසි හොඳට තේරෙනවා ඇති ??????(රේ)

:       0       0

සමන් Friday, 27 November 2015 03:47 PM

අනේ මන්ද අාව දවසේ සිට අද දක්වාම පිට අය දෙන ඒකමයි වැඩේ (බ)

:       0       0

ජෝර්ජ් Friday, 27 November 2015 05:37 PM

බදාගන්නවට වඩා බෙදාගන්නවා හොඳයි. බදාගත් අය‍ට වුණ දේ දන්නවානේ. අපේ රටට හොඳ දෙයක් වෙනවා නම් අපිට පාට පක්ෂ ගැටළුවක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 237 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1566 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 973 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1575 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1165 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2757 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20776 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19739 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site