දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේදී රටවල් 20 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ අද(11) සමත්වුහ. ශ්‍රී ලංකා ක්‍රීඩක සංගීත් විජේසුරිය කිලෝග්‍රෑම් 56 බර පංතියේ රන් පදක්කම දිනාගත් අතර එම්. එස්. ඒකනායක යොවුන් තරගාවලියේදී කිලෝග්‍රෑම් 50 බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. කිලෝග්‍රෑම් 56 බර පංතිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක කමල් බණ්ඩාර රිදී පදක්කම දිනා ගනිමින් දස්කම් දැක්වීය. මෙම තරගයේදී ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 103 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 133 ක් සහ එකතුව කිලෝග්‍රෑම් 236 ක් ඔසවමින් සංගීත් රන් පදක්කම දිනා ගත්තේය. රිදී පදක්කම් ලාභී කමල් බණ්ඩාර ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 98 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 129 ක් සහ එකතුව 227 ක් එසවීමට සමත්විය. නවුරු දුපත්’හි එල්සන් බ්රැචට්ෆීල්ඞ් ලෝකඩ පදක්කම දිනා ගත් අතර ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 97 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 121 ක් සහ එකතුව කිලෝග්‍රෑම් 218 ක් එසවීය. ඒකනායක රන් පදක්කම සඳහා ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 71 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 95 ක් සහ එකතුව කිලෝග්‍රෑම් 166 ක් එසවීය. එහිදී ඉන්දියාව රිදී පදක්කම දිනාගත් අතර දකුණු අප්‍රිකාවට ලෝකඩ පදක්කම හිමිවිය. යොවුන් තරගාවලියේ කිලෝග්‍රෑම් 48 බර පංතියෙන් (කාන්තා) තරග කළ ඞී. ඞී. අබේසේකර ට සිවුවැනි ස්ථානය හිමිවිය. මේ මස 15 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට ක්‍රීඩකයෝ අට දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් ඇතුළත්වෙති. පසුගිය වසරේ නවදිල්ලි නුවරදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් සුදේශ් පීරිස් ද තරගාවලියට සහභාගිවී සිටියි.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
පොදුරඳ මඩුලූ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්