IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


පුද්ලගයින් දෙදෙනෙකුට කොටයක තබා ඇණ ගැසූ සිද්ධියට 9 ක් අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අම්පිටිය ගාල්තැන්න ප‍්‍රදේශයේ කදු මුදුනකදී කොටයකට තබා කුරුසයක පරිද්දෙන් පරාල ඇණ ගසා අමානුෂික වද හිංසා කළ බව කියන සිද්ධියේ සැකකරුවන් 09 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මහනුවර පොලීසිය කියයි.

එහෙත්, මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන දුෂ්මන්ත ප‍්‍රනාන්දු නමැති කපුවා සහ තවත් සැකකරුවකු මෙතෙක් සොයා ගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.

 මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය ප‍්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩායම් 05ක් පත්කර තිබුණේ ඉකුත් 28 වැනිදාය.

මෙම සිද්ධියට අදාළව මහනුවර මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබූ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එහිදී අධිකරණය පොලිසියට නියෝග කර තිබුණේ මෙහි ප‍්‍රධාන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

එසේම, මෙම ප‍්‍රධාන සැකකරු මත්තල ගුවන්තොටුපලින් හෝ කටුනායක ගුවන්තොටුපලින් රටින් පිටවීමට උත්සාහ ගත හොත් ඒ සදහා අවසර නොදී ඔහු රදවා තබාගෙන වහාම පොලීසියට දැනුම් දෙන ලෙසට ඉකුත් දා මහනුවර අධිකරණය ආගමන විගමන පාලකවරයා වෙත ද නියෝගක් නිකුත් කර තිබිණී.

ඒ අනුව, පොලීසියට මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි මෙහි ප‍්‍රධාන සැකකරු ලෙස නම් කර සිටි මහනුවර ගාල්තැන්න ප‍්‍රදේශයේ දුෂ්මන්ත ප‍්‍රනාන්දු නමැති කපුවා සිය ෆේස් බුක් ගිණුමට අද(01) වීඩියෝවක් නිකුත් කර තිබේ.

තමන් අපරාධකරුවෙක් නොව දෙවියන් සමඟ ගනුදෙනු කරන දේව දරුවෙක් වන අතර, බුද්ධ ශාසනයේ චිරස්ථිතියට විශාල වැඩ කොටසක් කළ පුද්ගලයෙක් බවත් තමන්ට ශී‍්‍ර මහා භද්‍රකාලි මෑණීයන්ගේ පිහිට ආරක්ෂාව තිබෙන බවත් මෙම සැකකරු සිය ෆේස් බුක් පිටුවේ වීඩියෝවෙන් සදහන් කර ඇත.

නුවර ප‍්‍රදේශයේ හෙරොයින් ඡාවාරම හෙළිදරව් කිරීම නිසා උරණ වූ ඡාවාරම්කරුවන් පිරිසක් තමන්ට එරෙහිව මඩ ප‍්‍රචාරය කර තමන්ගේ චරිතය ඝාතනය කර අවසානයේ තමාට වෙඩි තබා මරා දමන්නට උත්සහ ගන්නා බව ඔහු එම වීඩියෝවෙන් ප‍්‍රකාශ කර සිටියි.

හෙරොයින් නිසා තම ළඟම ඥාතීන්ගේ දරුවන් ද ව්‍යසනයට ලක්වූ බැවින් තමන් ද කුඩු මාෆියාවේ වින්දිතයෙක් වන බවත් ඒ නිසාම තමන් කුඩු ව්‍යසනයෙන් තරුණ දරුවන් බේරා ගන්නට කටයුතු කරන බවත් එහිදී ඔහු සදහන් කර සිටීයි.

ගාල්කන්දේ දී තමන්ට විරුද්ධව සිටි පුද්ගලයන් දෙදෙනකුට ඇණ ගැසුවේ තමන් නොව තමන් විසින් මත්කුඩු උවදුරින් බේරාගත් පිරිසක් බව සදහසන් කරන මෙම සැකකරු තමන් ජීවිතාරක්ෂාවට සැඟවී සිටින බවත් ඉදිරියේදී නිතියට භාරවන බවත් පවසා සිටියි.

මෙම සැකකරු සිය මුහුණු පොතේ වීඩියෝවක් නිකුත් කර ඇත්තේ ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අවස්ථාවකදී වීම විශේෂිත සිදුවිමකි.

මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන දුෂ්මන්ත නැමැති කපුවා තමාට මුහුණු පොතින් අපහාස කළැයි ඔහුගේම මිතුරන් දෙදෙනකු මෙසේ පැහැරගෙන ගොස් කෲර වදහිංසා පමුණුවා ඇත්තේ ඉකුත් 26 වැනිදා උදෑසන 6.30ට පමණ බව පොලීසිය පවසයි.

මෙහි ප‍්‍රධාන සැකකාර බලගොල්ල ප‍්‍රදේශයේ පදිංචි දුෂ්මන්ත නමැති කපුවා සහ තවත් 11 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් පැහැරගෙන ගොස් වදහිංසාවන්ට ලක් කර තිබුණේ පොල්ගොල්ල ප‍්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ආර්. එම්. ජී. ඞී. නිශාන්ත කාලිංග රත්නායක සහ කඩුවෙල බෝමිරියේ පදිංචි 38 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ මංජුල නිශාන්ත රත්නායක නමැති දෙදෙනාය.

අපහාස වන අන්දමින් මුහුණු පොතේ තැබූ සටහන ගැන කරුණු විමසීම සදහා බලගොල්ල ප‍්‍රදේශයට පැමිණ තමන් හමුවන ලෙසට මෙහි ප‍්‍රධාන සැකකාර කපුවා තුවාලකරුවන්ට දන්වා යවා ඔවුන් එම ස්ථානයට ගෙන්වාගෙන ඇති අතර, පසුව ඔවුන් දෙදෙනා වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය සදහන් කරයි.



අදහස් (2)

පුද්ලගයින් දෙදෙනෙකුට කොටයක තබා ඇණ ගැසූ සිද්ධියට 9 ක් අත්අඩංගුවට

ganegoda Thursday, 01 July 2021 04:54 PM

දැන් අපේ රටේ මිනිස්සු මරන්නෙත් ක්‍රිස්තියානි ආගමේ විදිහටද?

:       0       0

Prabha Thursday, 01 July 2021 06:36 PM

කාලිගේ හයිය තියෙනවා නම් මොකටද කුඩු කාරයින්ට බය වෙන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 56 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 190 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 02 94 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො


කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්
2024 නොවැම්බර් මස 02 587 1

බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත


රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 1092 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 2211 4

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1196 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site