IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පාදෝවා හමුවට දස දහසක් එක් වෙති

ඉතාලියේ පාදෝවා  නුවර ශ්‍රද්ධ වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී සෑම වර්ෂයක මැයි පළමුවැනිදා පත්වනු ලබන දේව මෙහෙයට දස දහසකට අධික ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙවරද එක් වූහ.  දෙව මෙහෙයෙන් අනතුරුව ඔවුන් දේවස්ථානය ඉදිරිපිට ඇති උද්‍යානයට එක් රැස්ව ගී කියමින් විනෝද වූහ. ඉතාලියේ වොරෝනා නගරයේ පිහිටා ඇති වෙන්නප්පු ජොසප් විද්‍යාලයයේ ආදි සිසුහු සියුම දෙනාට නොමිලේ පානිය ජල බෝතල් ලබා දුන්හ. මෙම අවස්ථාවට  සමාජ සේවා හා සුබ සාධන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.  



අදහස් (0)

පාදෝවා හමුවට දස දහසක් එක් වෙති

නාරද විජෙඅසූරිය .- සිත් Saturday, 04 May 2013 07:57 PM

ගී කියමින් හොදට වෙරි වෙමින් බේබද්දෝ වගේ විනෝද උනා කිවොත් හරියට හරි.(නදී)

:       0       0

සම්පත් - මිලානෝ Saturday, 04 May 2013 08:00 PM

බොරුව කරන්න එපා. මෙහෙ කොහෙද දස දහස් ගණන් කිතුනුවන්.(නදී)

:       0       0

චතුරිකා Saturday, 04 May 2013 08:12 PM

බලනකොට අපේ බෞද්ධයෝ නේ ඉඳලා තියෙන්නේ (නි)

:       0       0

නලින් Saturday, 04 May 2013 08:18 PM

ඇයි නාරදට අවුල්ද ?(නදී)

:       0       0

ශෂික Monday, 06 May 2013 01:13 AM

ජගත් 2013-05-05 වතුර වල වටිනා කම මිල කරන්න බෑ. උඹ හැමදේම සල්ලි වලින් මනින ඉතාලියේ බාඥ්ඥො පිරිසිදු කරන , මිනිස් කමක් අඳුනන්නෙ නැති කුහකයෙක් බව පැහැදිලීයී.(නදී)

:       0       0

වසන්ත Monday, 06 May 2013 01:16 AM

නාරද, ඇයි ඔයා ඒක ඒ වෙලවේ කිව්වෙ නැතුව මෙතන කියන්නෙ. තම්න්ගෙ චැනල් එකට පබ්ලිසිට් ගන්න ඒ වාසෙ අහද්දි ඔහොම කියන්න කොන්ද පණ තිබ්බෙ නැද්ද ?(නදී)

:       0       0

තරංග Saturday, 04 May 2013 09:28 PM

අනේ චතුරිකා, ඔය රට එවිල්ල බලන්න ලංකාවේ දේවල් වලට එකතු වෙන්න. ජාති ආගම් හින්දා නෙමෙයි අපේ කමට. (නි)

:       0       0

මංජු Saturday, 04 May 2013 09:40 PM

සම්පත් මිලානෝ , ඔයාට ඉරිසියාද කිතුනුවෝ මෙහෙම එක්වෙන එකට? සමහර ආගම්වල කට්ටිය දෙකට බෙදිලා ඉන්න හින්දා වෙන්ඩ ඇති ඔබ තුමා මෙහෙම කියන්නේ.(නදී)

:       0       0

පැතුම් Saturday, 04 May 2013 09:58 PM

කිතුනුවන් විතරක් නෙවෙයි නලින්. මේ වගේ උතුම් අවස්ථාවකට බෞද්ධයොත් ඕන තරම් සහභාගී වෙනවා. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලියේ මංගල්ලෙට බලන්න කොච්චර බෞද්ධයෝ සහභාගී වෙනවද කියලා.(නදී)

:       0       0

ඉෂාන් Saturday, 04 May 2013 10:01 PM

නාරද ඔයා ඇල්වතුරත් නිවල බොන මිනිස්සු විතරක් ඉන්න රටක නම් ඉන්නේ ඔහොම කිව්වට කමක් නෑ.(නදී)

:       0       0

ඉෂාන් Saturday, 04 May 2013 10:11 PM

සම්පත් ඉතාලියේ ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ අසන්න වශයෙන් 300,000-350,000 අතර ප්‍රමාණයක්. ඒ අතර කිතුනුවන් දස දහසක් නැති වෙන්න විදියක් නැහැ නේ. නිකම් බොරුව දාන්නේ නැතුව ඉන්න.(නදී)

:       0       0

සුසිල් මිලානෝ Sunday, 05 May 2013 01:37 PM

මේ කරන්නේ දෙවියන්ට අපහාසයක්. ලංකාවට අගෞරවයක්. අපි දන්නවා කට්ටිය මැයි පළවෙනිදා පාදෝවා යන්නේ පාර්ටි දාන්න. පෙරදා ඉදන් බයිට් හදන් වාහනවල විස්කි බ්‍රැන්ඩි පුරවාගෙන ගිහින් ඉස්සරවෙලා කරන්නේ. පාර්ක් වල තැන් අල්ලන එක. දවසේම බිලා පාදුවා කැලි කසළ පුරවලා එනවා. මේවාට දේව මෙහෙය කියන්නේ කොහොමද.? කතෝලික බෞද්ධ හැම දෙනාම පව් කරගන්නේ මැයි පළමුදා පාදුවා ගිහින්. (නදී)

:       0       0

සුරංග Sunday, 05 May 2013 02:05 PM

ජගත්, ශත 5 ට හෝ ගත්ත වතුර නොමිලේ දීම, අගය කරන්න නොදන්නේ හද්ද මෝඩයෝ, මේ වගේ හොඳ දේවල් ඉදිරියටත් කරන්න ඔයාලගේ සංගමයට අපි සුභ පතනවා. (නි)

:       0       0

සත්‍යා Sunday, 05 May 2013 12:19 AM

මමත් කිතුනුවෙක්. ඔය වගේ වැඩ කරන්න එපා. දවස මොකක්ද? වැඩ කරන ජනතාවගේ දවස... ප්‍රශ්න ගොඩක අපි ඉන්නේ. වැඩකරන ජනතාව සමග එක්වී සටන්කරමු. අපි ගැන කතාකරන්න කවුරුත් නැහැ. (නි)

:       0       0

සලිදු Sunday, 05 May 2013 12:27 AM

නාරද ඔයා හරියටම හරි.(නදී)

:       0       0

ශශික Sunday, 05 May 2013 12:55 AM

සමහරු ඊරිෂ්‍යාවෙන් මොකෝ? එයාලගෙ ආගම් වල අය දෙකට බෙදිලා මෙහෙ ගහගන්න හැටි මෙහෙ ඉන්න අය ඔක්කොම දන්නවා. කුහකකම ඕකට කියන්නෙ. (නි)

:       0       0

නිශාන්ත Sunday, 05 May 2013 01:26 AM

අනේ අපේ රටේ ඉන්න සමහර මෝඩ මිනිසුන්ට වෙලා තියෙන හේනේ මේකනේ. කොහේ හරි හොඳ දෙයක් වෙනවා නම් ඒකේ මොනම වරදක් හරි පේනවා. ඕක තමයි අපේ රටට ගහලා තියෙන හේනේ. මේ වගේ මෝඩ මිනිසුන් ඉන්න රටක් කවදාවත් දියුනු වේද ? ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඔහේ කියව කියවා ඉන්නවා. කවදා මේ ම්නිසුන් දියුනු වෙයිද මන්දා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 05 May 2013 02:17 AM

ලස්සනම දර්ශනය තමයි ආපසු මිලානෝ වලට රාත්‍රියේ බසය පැමිණියාම කට්ටිය බහින හැටි බලා ඉන්න එක. (නි)

:       0       0

ලක්මාල් Sunday, 05 May 2013 03:00 AM

කෝ අපේ පාදෝවා ලොක්කෝ ටික? (නි)

:       0       0

ජගත් Sunday, 05 May 2013 03:05 AM

අයියෝ ශත 5 නේ වතුර බෝතලේ. ඇයි මේ දගලන්නේ? (නි)

:       0       0

සුරංග Sunday, 05 May 2013 07:13 AM

නාරද ඔයා පරණ කෝට් බැයකුත් දාගෙන, බේබද්දන්ගෙන් වොයිස් කට් හිඟා කෑවේ ඇයිද දන්නෙනෑ නේද ? (නදී)

:       0       0

පාල Sunday, 05 May 2013 08:51 AM

එහෙ පන්සල් වල ඉන්න බෞද්ධයෝ ගහ ගන්නවා. ඉතින් නලින් වගේ අයට ඉරිසියා හිතුනට අපි මක් කරන්නද? (නි)

:       0       0

අමරා Sunday, 05 May 2013 09:11 AM

ගරු තුමාගේ චන්ද කෑගි වැඩි හරියක් ඉන්නේ ඉතාලියේනේ. එන චන්දෙට දැම්ම ඉදලම වැඩ වගේ.(නදී)

:       0       0

හිරාන් Tuesday, 07 May 2013 08:49 AM

චතුරිකා, නිකන් බොරු කියන්න එපා මෙතන ඉන්නේ බෞද්ධයෝ කියලා. පූජාවෙන් පස්සේ වෙන දේ අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

නදීකා Tuesday, 07 May 2013 08:56 AM

චතුරිකා, ඔයාලා දැන් මාළු එහෙමත් පූජා කරනවලු නේද? මොකක්ද අනේ එතකොට කියන ගාථාව? (නි)

:       0       0

ලක්සිරි Saturday, 04 May 2013 05:48 PM

අන්න එහෙම සුහදව සිටීම හොද දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 7 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 28 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 71 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 84 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2371 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site