IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පොදු අපේක්ෂක ශ්‍රී මහා බෝධියේ

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී මහා බෝ සමිඳුන් සුදු හා රතු නෙළුම් මලෙන් පුදා වැඳ පුදා ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය, ජාතික සංවිධායක දයා ගමගේ, දුමින්ද දිසානායක, එම් කේ ද ඇස් ගුණවර්ධන, උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ආහ.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදුටු සිරිසේන මහතා පැවසුවේ රජ කාලයෙන් පසු රජරටට රටේ නායකත්වය ලැබෙන්නට යන බවයි.

(ඡායාරූප මනුල වික්‍රම සහ මංජුල සේනානායක)

DSC00081 DSC00114 DSC00123 DSC00178 DSC00195 m-1 m-2 m-3 m-4



අදහස් (0)

පොදු අපේක්ෂක ශ්‍රී මහා බෝධියේ

කණිෂ්ක Tuesday, 25 November 2014 01:26 AM

සමහරු හිතාගෙන ඉන්නේ එයාලා පැවතෙන්නේ මහා රාජිණියගේ පරපුරෙන් කියලා. ඒ නිසානේ මේ පොළවේ පයගැසූ මනුස්සයාට කුඹුරු කතාවක් කියන්නේ. කුඹුරු කරන එක කොච්චර නම්බුද? (නි)

:       0       0

චමිලා Monday, 24 November 2014 01:42 PM

ගිය ගමන හොදයි.මුලින්ම වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ශ්‍රී මහා බෝධී සෑ රදුන්ගෙන් ආශීර්වාදය ලබා ගත්ත එක හොදයි.(හේ)

:       0       0

ගයනි Tuesday, 25 November 2014 01:37 AM

මාත් දැක්කා ඔය කුඹුරු කොටන කතාව. මුළු රටම දන්නවා තමන්ට නැති ප්‍රභූ පවුල් පසුබිමක් තියනවා කියලා පෙන්වන්න හදන්නේ කවුද කියලා. (නි)

:       0       0

සේනාධීර Tuesday, 25 November 2014 01:37 AM

ඔබට බුදු සරණයි! (නි)

:       0       0

ඇසළ Monday, 24 November 2014 01:48 PM

රාණා පාගාගෙන නෙමෙයි එක උඩ ඉදගෙන ඉන්නේ. නැත්නම් කොටි අවතාර එක්ක සාකච්ඡා කරයිද දෙමල ඡන්ද ටික ගන්න ගිවිසුම් ගහන්න. (නදී)

:       0       0

නිශේන් Tuesday, 25 November 2014 01:42 AM

තල් අත්තට බොරළු ගහනවා වගේ කටක් තිබෙන කෙනෙක් මෙතන ඉතා නොහොබිනා කතා කියනවා. ඒ පුද්ගලයා කට ඇරියාම මෙතුමාගේ නෙමෙයි, එයාගේ නුගත් පවුල් පසුබිම එළියට එනවා කියලා එයාට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 25 November 2014 06:56 AM

පුද්ගලයකු දිහා බැලුවම ඔහු කියන්නේ ඇත්තද නැද්ද කියලා හිතාගන්න පුළුවන් මෛත්‍රී මෙතෙක් හොරු බොරු කරලා නැහැ ඒ අනුව ඔහුව අපට විශ්වාස කළ හැක.(හේ)

:       0       0

හෆීල් Monday, 24 November 2014 01:50 PM

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආශීර්වාදයත් ඉතා ලොකු හයියක්. (නදී)

:       0       0

සම්පත් Tuesday, 25 November 2014 01:46 AM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ජිනන්ද්‍ර Tuesday, 25 November 2014 01:50 AM

තමන්ට නැති ප්‍රභූ පවුල් පසුබිමක් පෙන්නුම් කරගෙන ඉන්න උදවිය ගැන අපි දන්නවා. ඒ ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 30 November 2014 04:30 AM

පුදුමයි ශ්‍රී මහා බෝධිය ගලවලා හංගපු නැති එක. (ස)

:       0       0

සුරංග Monday, 24 November 2014 02:08 PM

බජට් එක පැරද්දෙව්වොත් පාර්ලිමේන්තුව විසුරවනවා. එ්ක පාඩුයි දෙගොල්ලොන්ටම. එ්කෙන් වාසි වෙන්නේ හකීම් තොණ්ඩා ටී එන් ඒ වගේ පක්ෂ වලට. ගොඩක් දේවල් නොමිනේෂන් දුන්නට පස්සේ බලා ගන්න පුළුවන් වේවි. (නදී) ඉක්මනටම බලා ගන්න පුළුවන් වෙන්නේ මංගල හා ටිරාන් ආපහු ජනාධිපති ගාවට යන එක විතරයි..

:       0       0

ගීත් Monday, 24 November 2014 02:08 PM

කට්ටිය ඉවසන්කෝ අපේ මෛත්‍රී මහතා දිනන හැටි පෙන්නනචා ලගදිම (නදී)

:       0       0

ලලින්ද්‍ර Tuesday, 25 November 2014 07:06 AM

ලාල් හැම යූ එන් පී කාරයාම ඔයාලගේ තාත්තා වගේ නරක නෑ. ඔයාට තියෙන්නේ නම් ඔලුව පරික්ෂා කරගත යුතු ලෙඩක් වගේ මට පෙනෙන්නේ. (ස)

:       0       0

උදය Monday, 24 November 2014 02:17 PM

ධර්මයේ ආශීර්වාදය ඇත්තේ සිල්වත් සත්‍යවාදී පුද්ගලයාට මිසක් ජනතාවගේ මුදල් කාබාසිනියා කරන දුසිරිත් පුද්ගලයන්ට නොවේ. ඒ අතින් පොදු අපේක්ශකයා වන මයිත්‍රීපාල සිරිසේන මහතාට නිරතුරු ජය සිරිමා බොදීන් වහන්සේගේ ආශීර්වාදය නිසැකව ලැබෙනු ඇත​. (නදී)

:       0       0

ශාන්ත අපුආරච්චිගේ Monday, 24 November 2014 02:20 PM

ඔබට ජය, රටට ජය (නදී)

:       0       0

කාලිංග Monday, 24 November 2014 02:24 PM

අදහස් පල කල කට්ටිය දෙපැත්තකට බෙදුවොත් ගොයියෝ ටික අදුරගන්න පුළුවන් කියන මෝඩ තර්ක වලින්ම.

:       0       0

නන්දසිරි Monday, 24 November 2014 02:30 PM

ජෙනරාල් වගේම ජනතාවගේ ආදරය දිනාසිටි ඔබතුමා ජෙනරාල්ට අත්වුන ඉරණම ඔබත් උරුම කරග‍ැනීම අදහන්නත් අමාරුයි. එදා එතුමාට තිබුනෙත් අද ඔබට තියෙන්නෙත් පෞද්ගලික ප්‍රශ්නයක්. ශූර කපටි මොලකාරයෝ ඔබතුමාවයි ශ්‍රීලනිප යයි දෙකම නැති කරන්නයි හදන්න‍ේ. ඔබතුමා සුභ යහ යස නාට්‍යය බලල තියෙනවා නම් ඔන්න වෙලාව. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 24 November 2014 02:40 PM

හෙට වෙනකොට ඔය හාමුදුරුවන්ව උස්සයිද දන්නේ නැහැ විපක්ෂයේ අයට අාශිර්වාද කලා කියලා. එහෙම කාලයක් දැන් උදා වෙමින් පවතින්නේ. (නදී)

:       0       0

තිලක් ඩුබායි Monday, 24 November 2014 02:41 PM

පොදු අපේක්ශකයා වන මයිත්‍රීපාල සිරිසේන මහතාගේ චේතනාව හොදයි. කවදාවත් වරදින්නේ නැහැ. දිනනවා මිසක්. (නදී)

:       0       0

ලාල් Monday, 24 November 2014 02:41 PM

මම දේශපාලනය ගැන උනන්දු උනේ තාත්තාගේ දේශපාලනය නිසයි. එතුමා ප්‍රබල කොලපාට කාරයෙක්. නමුත් මම තෝරාගත්තේ හදවතක් ඇති නම්‍යශීලි මිනිසුන්ගෙන් ගහන පක්ෂයක්. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. නිල්පාටයි. මම මගේ ආයතනයට බඳවා ගන්නෙත් අපේ පක්ෂයේ මිනිස්සුම පමණයි. මගේ සේවක මණ්ඩලයම එකම තීරණයේ ඉන්නේ. හදවතක් ඇති පක්ෂයට ආදරේ ශ්‍රී ලංකා පාක්ෂිකයෝ පක්ෂේ පාවා දෙන්නට රට පාවා දෙන්නට කතිරේ ගහන්නේ නැහැ. (නදී)

:       0       0

අජිත් කහදගමුව Monday, 24 November 2014 02:42 PM

සිරිසේන; තවත් ෆොන්සේකා කෙනෙකු නොකිරීම ජනතාවගේ වගකීමයි . මෙය අපට ලැබෙන අවසාන අවස්ථාව බවත් අමතක නොකරන්න. අද සියල්ලෝ මෛත්‍රී !! පිපාසයෙන් සිටින්නෝය . ජය වේවා ! මෛත්‍රිය පතුරවමු ! (නදී)

:       0       0

විදුවන්ත Tuesday, 25 November 2014 02:06 AM

අපි බලමුකෝ මොනවද සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

සේන Monday, 24 November 2014 02:43 PM

ඒ දවස්වල කලුවිතාරණ පළවැනි බෝලේටම හයේ පාරක් ගැහව්ව වගේ පොඩි ගතියක් දැනුනා. දැන් ටිකක් අදිනවා වගේ පෙනුනාට පස්සේ නැගිටියි කියලා හිතෙනවා. (නදී)

:       0       0

වික්ටර් Wednesday, 26 November 2014 01:32 AM

ඔබගේ නියත ජය සටහන් වූ වගයි (නි)

:       0       0

පුර්ණ Monday, 24 November 2014 02:44 PM

පරාජිතයෝ ඔක්කොම එකට එකතු වෙලා වින්දනයක් ලබනවා. (නදී)

:       0       0

සුගත් Tuesday, 25 November 2014 02:12 AM

ලිබියාවට වෙලා තියෙන දේ දන්නවනෙ හැම දෙනාම. ඒ තත්වය අපේ රටේ ඇතිකර නොගැනීමට රටේ ජනතාව වග බලාගත යුතුවේ. (නදී)

:       0       0

සිරි Tuesday, 25 November 2014 01:55 PM

ඔබතුමාගේ තිබුනේ දැවැන්ත ශක්තිමත් ප්‍රතිරූපයක්! අනේ මන්ද පොදු අපේක්ෂකයා උනාට පස්සේ එක පාරට නිකම් හුලන් බැහැල ගිය පුස් පෙනුමක් ආවනේ! (ස)

:       0       0

පුෂ්පකුමාර Monday, 24 November 2014 03:02 PM

අයියෝ නන්දනසිරි මහත්තයෝ, ශුභ සහ යස නාට්‍ය මොකක්ද? ඒක පරණ එකක්නේ. එහෙමද අලි බබා සහ හොරු හතලිහ. විෂිල් ගගහා බලන්න පුළුවන් නාට්‍යනේ.(අ)

:       0       0

සුදේව Monday, 24 November 2014 03:03 PM

අනේ පව් සිරිසේන මහත්තය. (අ)

:       0       0

සිසිර Monday, 24 November 2014 03:03 PM

මෙයාට බම්බු ගහ ගන්න තමයි වෙන්නෙ(අ)

:       0       0

තබුක් සිල්වා Monday, 24 November 2014 03:06 PM

ජනතාවට සෙතක් වෙනවා නම් කවුරු පාලනය කලත් අපට කමක් නැහැ (නදී)

:       0       0

විකි Monday, 24 November 2014 03:06 PM

වැඩේ හොදයි. එ්ත් ඉතින් පැත්ත මාරු කරලා දැන් කියන කතා තමයි හොඳ නැත්තේ. එව්වා කලින් කිව්වා නම් ඉතින්. අනේ මන්ද සුදු වෑන් එකක් මට පේනවා පේනවා වගේ (නදී)

:       0       0

විකි Monday, 24 November 2014 03:09 PM

විසිල් ගහන්න පුළුවන් වෙයිද ? (නදී)

:       0       0

ස්ටැන්ලි Monday, 24 November 2014 03:13 PM

ඉවසන්න තවම සටන පටන් ගත්තේ නැහැ දෙසැම්බර් 8 වෙනිදායින් පසුව වැඩ බල ගන්න පුළුවන් මෛත්‍රිපාල මැතිතුමාට සියලු බලය හා ශක්තිය එයට මුහුන දීමට ලැබේවි එතුමාගේ චේතනාව හොඳයි.(හේ)

:       0       0

ආනන්ද Wednesday, 26 November 2014 02:07 AM

අනුර,ඔයා දැක්කෙ නැද්ද? මෛත්‍රී මහත්තයා සාකච්ඡාවෙදි කිව්වෙ "ජනාධිපතිනි" කියලා. දැක්කෙ නැත්නම් පොදු අපේක්ෂක මාධ්‍ය සාකච්ඡාව හොයාගෙන බලන්න (නි)

:       0       0

කාන්ති Tuesday, 25 November 2014 02:29 AM

ඔය ලොකුයි කියන පවුල් පසුබිම් ගැන නම් ඒ අදාළ පළාතේ පැරණි මිනිසුන් වන අය දනිති. (නදී)

:       0       0

චානක. Tuesday, 25 November 2014 07:37 AM

මේ ඡන්දයේ සියලුම අනුගාමිකයන්ට උපදෙස් ලැබී තිබෙන්නේ බලය ලබා ගන්න කටයුතු කරන්න කියලයි...ඒක එහෙම වේවි කියා හිතෙනවා.පොලිස් නිලදාරීන් දිගට හරහට මාරු කලේ ඕවට තමයි....(ස)

:       0       0

සුසිල් එක් කොළඔගේ Monday, 24 November 2014 03:18 PM

රජ වෙනවා කියන්නේ විධායක බලය නැති කරන්නේ නැහැ වගේ නේද? (නදී)

:       0       0

ලක්ෂාන් Tuesday, 25 November 2014 02:41 AM

පඩිතුමා ලබන ජනවාරියෙන් පස්සේ මොකද කරන්න හිතන් ඉන්නේ ? (නදී)

:       0       0

ඇසිලින්නෝනා Monday, 24 November 2014 03:25 PM

අනාගත කැබිනට් ඇමති වරු මෙතන ඉන්නවා. ඉතින් 25 න් තව කීයද මට. මට මොකක්ද ලැබෙන ඇමතිකම? සවුත්තු ඇමති කමත් ජනාදිපති කමත් මට එපා. ජනරාල්ට ආරක්ෂක. මංගලට විදේශ. මාස 3 යි. (නදී)

:       0       0

විමල් Monday, 24 November 2014 03:28 PM

අනේ මන්ද ආණ්ඩුව අය වැයත් දිනුව. එනවා කිව්වා 40 නිකම්ම 4 ට බැස්ස. අන්තිමට මෛත්‍රී පාලනයත් හීනයක් වගේ. (නදී)

:       0       0

චමිලා Tuesday, 25 November 2014 10:24 AM

තමන් බලාපොරොත්තු උන දේවල් නොලැබුනාට ඒවා ලබාගන්න රට අවූල් කරන එක නෙමේ ඔබේ යුතුකම. (ර)

:       0       0

නිරෝෂන් Monday, 24 November 2014 03:30 PM

නියමයි, අයවැයේදී ගත්ත තීරණේ ප්‍රසංශනීයයි. ජනතාවට ගන්න තියෙන අල්ලස් ටික ජනතාවට ගන්න දෙන්න. හෙට ඉදන් පටන් ගත්තම මේ අදහස් ටික ඉවත් කරගන්න විදියකුත් නැහැ කට්ටියට (නදී)

:       0       0

අනුර Monday, 24 November 2014 03:32 PM

මහින්දගේ එකදිපති පාලනයට තිත තියන්න සිරිසේන මහත්තය දිනනවා රටේ නීතිගරුක පාලනයක් ගෙනියන්න මෙතුමා එන්න ඕනි දැක්කේ නැද්ද අද අලුත් මහා ලේකම් නැවෙන නැවිල්ල බැසිල් ඉදිරිපිට පරණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මෙහෙම නැවෙනවද අනික බැසිල් පැරසුට් කාරයෙක් දේශපාලනේ ගැන මොනවද දන්නේ ඉතින් පරණ පිලට මෙහෙම වෙනකොට සිරිසේන මහත්තය ගත්තේ හරි තීරණයක් නේද (අ)

:       0       0

ගැමුණු Monday, 24 November 2014 03:39 PM

පොළොන්නරුවෙන් අනාගත රජකෙනෙක් පහළවෙනවා කියල නක්ෂත්‍ර විශාරදයෙක් හරියටම කියල තියෙනවා මතු බුදුවෙන්නේ මෛත්‍රී බෝධිසත්වයෝ වගේම ලංකාවේ ඊළගට රජවෙන්නේ මෛත්‍රී රජතුමා(අ)

:       0       0

දිල්ෂා Saturday, 29 November 2014 05:19 AM

එක එක දේශපාලන පක්ෂ වල බත් බැලයෝ අදහස් දාල තියෙනවා. මොවුන් තමයි ජනතාවගේ නියම සතුරෝ. මේ අය නිසා කවදාවත් සුදුස්සෙකුට රැකියාවක් ලැබෙන්නේ නැහැ. අඬු කැඩෙන්න ගහන්න ඕනා කොයි පක්ෂේත් වන්දි භට්ටයන්ට. ආර්ථිකේ ගැන කියන දේවල් ඇත්ත නම් ජනතාව වන්දිභට්ටයන් හොයා හොයා පහර දෙන දවස 2015 උදා වෙනු ඇත. (නදී)

:       0       0

තරිඳු Saturday, 29 November 2014 05:23 AM

දේශපාලුවන්ට නම් ලෙහෙසියෙන් උඩ මළුවට ගිහින් ජයශ්‍රී මහා බෝ සමිඳුන් වඳින්න පුළුවන්. නමුත් මේ රටේ නියම සිංහල බෞද්ධයන්ට බෝ සමිඳු අහලකටවත් යන්න ඉඩ දෙනවද? (නදී)

:       0       0

අජිත් Tuesday, 25 November 2014 03:11 AM

මහින්ද උඩින්ම දිනනවා. සජිත් හරි රනිල් හරි ආවා නම් තරඟයක් තියෙනවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුවකට වඩා මහින්දගේ ආණ්ඩුව ගොඩාක් හොඳයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 25 November 2014 03:12 AM

මෛත්‍රී මහත්තයා ගියත් හරි මට වාරණයක් දාල වගේ. මොනවා කරන්නද. මම මේ දවස් වල ලියල වැඩක් නැති නිසා පොළොන්නරුවේ පැත්තෙන් කුඹුරක් අඳේට අරගෙන කොටනවා. (නදී)

:       0       0

තිවංක Tuesday, 25 November 2014 03:18 AM

පොදු අපේක්ෂකතුමාට ජනතාව කැමති බව පෙනෙනවා. එතුමා අවංක බව පෙනෙනවා. එහෙත් යථාර්ථය ගැනත් අපි දැනගතයුතුයි නේද? (නි)

:       0       0

සසංක Tuesday, 25 November 2014 03:33 AM

මෛත්‍රී මහත්තයා ගිය එක අපිට දුකයි. එයත් අපේ කෙනෙක්. අපි ගොඩක් ආදරය කළ කෙනෙක්. ඔබතුමා දින 100ක් ඕක කර ගියාම ඒ අවුල කවුද විසඳන්නේ? රනිල් ඕක කරයිද? එහෙම නෙමෙයි මහත්තයා, ජනපති වෙන්න ඕනෑ නම් වෙන්න. අවුල් ඇතිකරන්න නම් එපා (නි)

:       0       0

ශිරෝමි Tuesday, 25 November 2014 03:38 AM

බොරුවට කෑකෝ ගහගහ මඩගහගන්න යන්නේ නැතුව නිහඬව එත් බුද්දිමත් විදියට ගමනක් යන්න. බොරු සද්ද මොකටද. අපි අගය කලේ අගය කරන්නේ හැකර කටවල් නෙමේ. මෛත්‍රී සහගත මිනිසුන් පමණි. ඔබට තෙරුවන් සරනයි. (ස)

:       0       0

සුමිත් Tuesday, 25 November 2014 03:39 AM

ඔබට දෙවි පිහිටයි. අාරක්ෂාවයි .ජය වේවා. (ස)

:       0       0

මනෝජ් Monday, 24 November 2014 04:59 PM

ඔබට ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි! (නි)

:       0       0

මායා Monday, 24 November 2014 05:04 PM

ඔබගේ චේතනාව ඉටුවේවා! රටට සුන්දර අනාගතයක් ලැබේවා! (නි)

:       0       0

ස්වර්ණ Tuesday, 25 November 2014 03:42 AM

හංසිගේ කතාව නම් නියමයි. (නි)

:       0       0

ජගත් Tuesday, 25 November 2014 03:49 AM

අන්තිම ප්‍රතිඵලය මහින්ද මහත්මය ජනාධිපති තුන්වැනි වරටත් (නදී)

:       0       0

සලසිත Monday, 24 November 2014 05:30 PM

ගැමුණු ඔය රජ කතා නම් ගෙන්න එපා අපිට. ඒවා ඔයාල තියාගන්න. (ස)

:       0       0

සමීර සාලින්ද Tuesday, 25 November 2014 04:07 AM

ඩයලොග් රූපවාහිනිය පියෝ ටීවී වල මොකද සිරස වැඩසටහන කැන්සල් කලේ (නදී)

:       0       0

ලංකා Monday, 24 November 2014 05:42 PM

දේශපාලනය කරන කවුරුවත් රහත්වෙලා නැහැ. ආණ්ඩුවේ සහ ඔය විපක්ෂයේ ඉන්න කාගේත් හැටි මිනිස්සු දන්නවා. ඔය හැමකෙනාම අතරින් ජනාධිපතිතුමා වගේ නායකයෙක් තාම බිහිවෙලා නැහැ. බිහිවෙන්නෙත් නැහැ. අපි ශ්‍රී ලාංකිකයන් වගේ කොන්ද කෙළින් තියාගෙන ඉන්නේ කවුරු නිසාද කියලා හෘද ශාක්ෂියෙන් අහලා බලන්න.ජනාධිපතිතුමාට තරඟයක් නැති ජයක් අනිවාර්යයි! (නි)

:       0       0

සත්‍යයා Monday, 24 November 2014 05:42 PM

ඉදිරියේ ඇතිවෙන්න යන නව දේශපාලන සංස්කෘතිය, ආගම හා දේශපාලනය අතර පැහැදිලි ඉරක් අඳින්න ඕනෑ. දේශපාලකයෝ පන්සල් වලින් පටන්ගෙන වෙනත් තැන් වලින් අවසන් කරන එක තමයි මෙතෙක් බොහෝවිට සිදුවුණේ (නි)

:       0       0

හුසේන් Monday, 24 November 2014 05:45 PM

ලාල් කියන දේවල්? අනේ මගේ කට! (නි)

:       0       0

ජනක Tuesday, 25 November 2014 04:21 AM

හන්සිගේ කතාව හරි (නි)

:       0       0

ජනනි ලොකුහේවා Tuesday, 25 November 2014 04:31 AM

හංසිගේ උන තාමත් බැහැලා නැහැ. (නදී)

:       0       0

දයා Friday, 28 November 2014 09:22 AM

ඔබතුමාට ජය වේවා.... අපි ඔබ සමගයි(අ)

:       0       0

සිරිසේන Tuesday, 25 November 2014 04:45 AM

මෙතන අදහස් අතරේ පොතුත් ලියල.සදු සාදු. මයි ත්‍රී. (ස)

:       0       0

‍ජී‍වක Monday, 24 November 2014 06:25 PM

‍නන්‍‍ද‍සි‍රි‍ගෙ ‍‍අ‍ද‍හ‍ස‍ට ‍ මාත්‍ ‍එ‍කඟ‍‍යි. ‍ම‍ගේ ‍ අ‍ද‍හ‍සත්‍ ‍ඒ‍ක‍ම ‍ත‍ම‍යි. ‍මේ ‍අ‍ය‍ගෙ ‍පුද්‍‍ග‍ලි‍ක ප්‍රශ්‍‍න ‍ජ‍න‍තා‍ව‍‍ ම‍ත ‍ප‍ට‍ව‍ා ‍ර‍ට‍ම ‍අ‍වුල්‍ ‍ ක‍ර‍න‍වා. ඔක්‍කො‍ම ‍හොඳ‍යි, ‍ බ‍ලා‍පො‍රොත්‍‍තු ‍දේ‍වල්‍ ‍ නො‍ලැ‍බු‍නා‍ම ‍ත‍ම‍යි ‍ ර‍ටේ‍ම ප්‍රශ්‍‍න ‍පෙනෙන්‍‍නෙ. ‍ (නි)

:       0       0

විසල් Monday, 24 November 2014 06:50 PM

මේකේ දාල තියෙන විවේචන දැක්කම මට හිතෙන්නේ ලංකාවේ බහුතරයක් ආශා කරන්නේ හොරු, මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ වංචාකාරයෝ එක්කම මුළු ජිවිත කාලයම ගත කරන්න බව පෙනී යනවා. මොනවා කරන්නද එ්ක අපේ රටේ කරුමේ (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 24 November 2014 06:51 PM

මේ අදහස් දැක්කහම දැන්ම හිටන් පිදේනි තටු තියන වන්දි භට්ටයෝ රැලක් පෙනෙනවා. අපි සිටින රට වල මැතිවරණ තිබුනට මිනිහෙක් පාරක දකින්නට නැහැ. මම හිතන්නේ ශ්‍රී ලංකා මාතාවත් අපි වගේ වෙන රටකට ගිහින් ඇති (නදී)

:       0       0

අමිත Monday, 24 November 2014 07:06 PM

අනේ හැබෑටම යූඇන්පී යට මොකද වුනේ? දැන් බලන කොට ශ්‍රීලනිප අතරමයි නේ සටන. (නදී)

:       0       0

පතිරන Tuesday, 25 November 2014 04:50 AM

අපේ රට එ්කාදිපතිත්වයෙන් බේරාගන්න ලැබෙන අන්තිම අවස්ථාව මේක විය හැකිය.(අ)

:       0       0

හංස Tuesday, 25 November 2014 04:50 AM

අනේ හංසි ඔයාගේ කතාව හරියට හරි,ඉතින් මට ඔයාට හරි බැඳීමක් ඇතිඋනා.මමත් ඉතින් හංසයානේ!(අ)

:       0       0

අමිත Monday, 24 November 2014 07:12 PM

රනිල් මහත්තයා මේ වතාවෙත් එහෙනම් ගොඩ ගියා. නැත්නම් පක්ෂනායක කමත් ගහල යනවනේ? (නදී)

:       0       0

සෝමා Monday, 24 November 2014 07:20 PM

ඇයි මේ එක එක තැන ගිහින් වඳින්නේ? තමන්ට ආත්ම ශක්තියක් අවශ්‍යයි. අනෙක තමයි රනිල්ට අගමැතිකම දෙන එක ගැන අපි සිතාබැලිය යුතුයි. (නි)

:       0       0

මේනක විජේසුරිය Tuesday, 25 November 2014 05:00 AM

හංසිගේ ඇඩ් එක නියමයි (නදී)

:       0       0

ලක්ෂමන් Monday, 24 November 2014 08:01 PM

තවත් ෆොන්සේකා කෙනෙක් බිල්ලට දෙන්න හදන්නේ. (නදී)

:       0       0

ජිලෝ Tuesday, 25 November 2014 05:03 AM

ඔන්න අනේ ජනනි ලොකු හේවාව ඔය බලකායේ ඇඩ් එකකට දෙකකට ගන්න. හංසී නිසා මේ ළමය ඇඩ් ගැන කිව්වා විතරයි අප්සෙට් වෙලා. (නදී)

:       0       0

උමේෂ් Tuesday, 25 November 2014 05:05 AM

ජනනිටත් තියෙන්නේ එසේ මෙසේ උණක් නෙවෙයි. (නදී)

:       0       0

කාන්ති Monday, 24 November 2014 11:50 AM

රජරටට රජකම කෙසේ වෙතත් සෝඩා බෝතලේ කැඩුවා වගේ දවස් දෙකක් යන්න කලින් නිකම්ම රැස් ගියානේ පොදු අපේක්ෂකතුමාගේ.(හේ)

:       0       0

නිරෝෂ් Tuesday, 25 November 2014 05:06 AM

මේ රටට හැමදාම විනකළේ ඔය කොළ, නිල්, අනන් මනං කියාගෙන පක්ෂ වලට බෙදිලා හිටිය මිනිස්සු තමයි. කවදාවත් හොඳ මිනිස්සුන්ව තේරුවේ නෑ. ඕන හොරෙක්, වංචාකාරයෙක්, මිනිමරුවෙක් තමන්ගේ පක්ෂයේනම් උඩදාගෙන ගිහින් කතිරේ ගැහුවා. දැන්වත් පක්ෂයේ කන්නාඩියෙන් බලන් නැතුව මනුස්සකම, ගුණවත්කම, උගත්කම, බුද්ධිය, ධාර්මික බව වගේ දේවල් වලට මුල් තැන දෙන්ඩ. (ස)

:       0       0

සම්පත් Monday, 24 November 2014 11:55 AM

රටේ නායකත්වය මාස තුනකට අරන් වැඩක් තියනවද?(හේ)

:       0       0

ටානියා Monday, 24 November 2014 08:59 PM

ඔබ කරන්නේ රට වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් (නි)

:       0       0

නිලන්ත Tuesday, 25 November 2014 05:10 AM

හාන්සි, ඔයාගේ අදහස නම් මරු (නදී)

:       0       0

රාණා Monday, 24 November 2014 12:07 PM

කෝ ඉතින් රස්නේ දැන්ම බැහැලානේ. ප්‍රතිචාරයක් වත් නෑ කට්ටියගෙන්. අපරාදේ නිකම් මෛත්‍රී මහත්තයා වලිගේ පා ගත්තද. (නදී)

:       0       0

කරුණාජීව Monday, 24 November 2014 09:21 PM

අම්මටසිරි, බන්දුල ආයතනය හිමිකරුවෙක්ද ? ඔබතුමා ආයතනයේ දියුණුව ගැන බලාගෙන, පැත්තකට වෙලා ඉන්නකෝ අපි වගේ, එසනෙහි කොට කොට ඉන්නේ නැතුව. (නදී)

:       0       0

රොබින් Sunday, 30 November 2014 07:37 AM

ජය පරාජය තේරුම් ගන්න ඒ හැටි අමාරු නැහැ. ජයවේවා! (නි)

:       0       0

ධනංජය Monday, 24 November 2014 09:24 PM

සුමනදාසට මොකද වුනේ දන්නේ නැහැනේ. කිසිම ආරංචියක් නැහැ. පඩිතුමා නම් දන්නවා ඇති මොකද වුනේ කියලා. (නදී)

:       0       0

ශිරන්ති Tuesday, 25 November 2014 05:23 AM

අයි .ඕ.සිරිසේන ...?(අ)

:       0       0

නිමල් Monday, 24 November 2014 12:14 PM

හොඳ වැඩක් (නදී)

:       0       0

පෙරේරා Monday, 24 November 2014 09:24 PM

ගැමුණු, ඔයාගේ ඔලුව කොහෙහරි වැදුනද?නිකම් පිස්සුවෙන් වගේ කියවන්නේ. (නදී)

:       0       0

පුබුදු Tuesday, 25 November 2014 05:23 AM

හංසි තව තවත් හොඳට ලියන්න. අපි ඔයාගේ කතාව හරි කියලා අනුමත කරනවා.(අ)

:       0       0

වසන්ත ෆිරනේසේ Monday, 24 November 2014 09:32 PM

නාග විහාරය වදින්න ගිහින් නොගලවපු සෙරෙප්පු ජය ශ්‍රී මහ බෝ සමිදු වදින්න ගිහින් ගලවලා (නදී)

:       0       0

ශාමිලා Tuesday, 25 November 2014 05:29 AM

කාන්ති ඔයා රස කියල අදහස් කරන්නේ මොනවද ? මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා (නදී)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 24 November 2014 09:48 PM

පොදු අපේක්ෂකතුමාට ශ්‍රී මහා බෝ සමිඳුන්ගේආශිර්වාදය! (නි)

:       0       0

සුජීව Monday, 24 November 2014 09:50 PM

රටේ හාල් මෙච්චරම ගණන් යන්න හේතුව මොකක්ද දන්නෙ නැහැ නේද? අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

සරා Wednesday, 26 November 2014 06:23 AM

රටට ආදරේ ඇති නියම මිනිසෙකු රටට නායකත්වය සදහා අවශ්‍ය මොහොතක බිහි වූ දියසෙන් කුමාරයා එදිරියට ගැනීම රටට ආදරේ ඇති සැමගෙන්ම ඉටු විය යුතු යුතුකමයි. (ර)

:       0       0

ජෙනි Monday, 24 November 2014 09:51 PM

මෙතුමා කවදාවත් තමන්ගේ ගැමි පවුල් පරිසරය හංගන්න උත්සාහ කළේ නැහැ. සමහරු මෙතුමාට කුඹුරු කොටන්න කියලා අපහාස කරනවා. හීනමානය වැඩිවුණාම කෙරෙන්නේ පවුල් පසුබිම ගැන මඩ ගැහිල්ල තමයි. (නි)

:       0       0

පෙරේරා Monday, 24 November 2014 10:51 PM

විධායක බලය වෙනස් කරන එක පස්සේ කරන දෙයක්නේ. මීට කලින් දෙන්නගේ පොරොන්දු වගේ. මොන විදියෙන් හරි මේ තරඟයෙන් ජයක් ම වේවා සාදු සාදු සාදු (නදී)

:       0       0

වසන්ත මිලානෝ Monday, 24 November 2014 11:05 PM

අනේ මන්දා! මට නම් පිස්සු වගේ පොදු අපේක්ෂකගේ කතා වලට (නි)

:       0       0

කිරි බණ්ඩා Tuesday, 25 November 2014 06:12 AM

කෝ අර මහනුවර සිරි දළඳා මාළිගාවේදී සහ අස්ගිරි විහාරේ ළඟදී මෙයාලා කාණ්ඩේ එක්ක එකට හිටපු ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා...? (නදී)

:       0       0

සිදත් Tuesday, 25 November 2014 06:11 AM

ලාල් මහත්තයාගේ කතාව ඇත්ත. මමත් ඒකට එකඟයි. ජයවේවා ! (නදී)

:       0       0

දිනේෂ් Monday, 24 November 2014 12:38 PM

කෝ අර බජෙට් එකේ එනවා කියපු 20. කෝ තාම නෑ නේ. (ර)

:       0       0

හරින්ද Monday, 24 November 2014 12:48 PM

මෛත්‍රී මහතා දිනනවා ෂුවර්. (ර)

:       0       0

කුමුදු Monday, 24 November 2014 11:39 PM

ඔබට සියළු දෙවි පිහිටයි! (නි)

:       0       0

මැදිරිගිරියේ සෙනා Tuesday, 25 November 2014 09:15 AM

මෛත්‍රි ලේකම්තුමා, මාලිගාවට ගිය එක හොදයි. ජය සිරිමා හාමුදුරුවෝ වන්දනා කළ එකත් හොදයි. කතරගම ගියත් කාරි නෑ. හැබැයි සිරිපාදේ නම් යන්න එපා. ඔය පිටි පස්සෙන් ඉන්න අය ඒතරම් හොද නැහැ. පහළට තල්ලු කරාවි (නදී)

:       0       0

මෙලන් Monday, 24 November 2014 12:50 PM

හොඳ වැඩක්. (ර)

:       0       0

අශෝක රළපනාව Monday, 24 November 2014 12:52 PM

පොඩ්ඩක් ඉන්න වැඩ තාම පටන් ගත්තේ නෑ. (ර)

:       0       0

ඉසුරු Tuesday, 25 November 2014 06:30 AM

ඔබ සියලු දෙනාට ජයවේවා (දී)

:       0       0

රවී ජයවීර Monday, 24 November 2014 12:56 PM

ඔබතුමා අවංක නායකයෙක්. රටේ යළි ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කරවා නිවැරදි දිශානතියට යොමු කිරීමට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ලැබේවා!(හේ)

:       0       0

සමන් Tuesday, 25 November 2014 12:22 AM

මේ මොනවා කළත් මහින්ද මහතා උඩින්ම දිනනවා (නි)

:       0       0

දයා විජේරත්න Wednesday, 26 November 2014 07:32 AM

කළුතර බෝධිය වඳින්න එන්න පිංකම අපි සංවිධානය කරනවා පත්තර මිතුරෝ දොඩන්ගොඩ (දිල්)

:       0       0

සමන් Tuesday, 25 November 2014 06:35 AM

ඔබතුමාට සුභපතනවා (දී)

:       0       0

නිහාල් Tuesday, 25 November 2014 12:32 AM

ඔබට ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි! (නි)

:       0       0

නලින් Tuesday, 25 November 2014 08:49 PM

කැළණි පන්සලටත් ආවා නම් නේද හොඳ? අපි ඔබතුමා එනතුරු බලාගෙන ඉන්නවා. ජයවේවා! (නි)

:       0       0

සරත් Tuesday, 25 November 2014 12:54 AM

පැහැදිලිවම වර්තමාන පාලනය නවතා දමන්න ඕනෑ. ඒ සඳහා ඡන්දය දෙන්න. බොළඳ වෙන්න එපා (නි)

:       0       0

පෙරේරා Tuesday, 25 November 2014 12:57 AM

තුණුරුවනේ ආශිර්වාදය ලබාගැනීම හොඳයි (නි)

:       0       0

සුරේෂ් ප්‍රියදර්ශන Sunday, 30 November 2014 03:02 PM

කවුරු කොහොම කිව්වත් ඔය අය බලන්නලකෝ ජනවාරි 9 වෙනිදට මොකද වෙලා තියෙන්නේ කියලා. (හේ)

:       0       0

සෙනෙවිරත්න බණ්ඩාර Tuesday, 25 November 2014 09:38 AM

දළදා වැන්දාට කමක් නැහැ, ජය ශ්‍රි මහ බෝදිය වන්දනා කළ එකත් වටිනවා. හැබැයි ඔය පිටි පස්සෙන් එන රැළ ගේ හිත් වල තියෙන ප්‍රාර්ථනාවත් ඔබ තුමාගේ ප්‍රාර්ථනාවමද කියල හොයල බලන්න. (දී)

:       0       0

ජෙනි Tuesday, 25 November 2014 01:17 AM

අපි තදින්ම හෙළා දකිනවා, සමහරු මෙතුමාට කුඹුරු කොටන්න යන්න කියමින් උපහාස කරනවා. මේ වගේ කතා කියන්නේ අතිශය හීනමානයෙන් පෙළෙන අය, තමන්ගේ නැති ප්‍රභූ පවුල් පසුබිමක් තියනවා කියලා පෙන්වන්න. (නි)

:       0       0

පාලින්ද Tuesday, 25 November 2014 06:41 AM

මට නම් හිතා ගන්නවත් බැරිඋනා අපේක්ෂක ඔබතුමා කියුවහම (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 26 November 2014 02:43 PM

අලියා දවසක් ඉස්සර උනානම් පොදු අපේක්ෂකයා වෙන්න තිබුන .(අ)

:       0       0

චරිත Tuesday, 25 November 2014 01:19 AM

අරමුණ හොඳ නම් ඒ කාර්යය අනිවාර්යයෙන් ඉටුවෙනවා. ඔබට ගල්මුල් එයි. පවුලේ අයටත් කරදර එන්න ඉඩ තිබෙනවා. ඒවාට සැළෙන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1000 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 666 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1826 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 352 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 594 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1567 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38923 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site