IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘පොදු අපේක්ෂක සූදානම්‘

ජනාධිපති ධුරයට තේරී පත්වී හය මාසයක් යන්නට පෙර පාර්ලිමේන්තුවට බලතල පවරන, සියලු දෙනාටම පිළි ගත හැකි ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත්, පක්ෂ, ආගම්, කුල බේද නොතකා  ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමට එකතු වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බවත් සාධාරණ හෙටක් සඳහා සංවිධානයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.

විපක්ෂ නායක රනිල් වික්‍රම සිංහ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා,  අර්ජුන රණතුංග, මනෝ ගනේෂන්, අසාද් සාලි මහත්වරු ඇතුළු පිරිසක් ද එම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

මාධ්‍ය සාකච්ඡාවේ දී දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්...



අදහස් (0)

‘පොදු අපේක්ෂක සූදානම්‘

මොරිස් Monday, 10 November 2014 09:51 PM

මේ පාර නම් මොනවාමහරි වෙනවා. හැමදාමත් නත්තල් නැහැනේ. (නි)

:       0       0

කරුණාරත්න Monday, 10 November 2014 09:56 PM

අපිත් දත මැදගෙන ඉන්නේ ජනාධිපති ධූරය හය මාසෙන් අවසන් කරනතුරු! (නි)

:       0       0

රවි බණ්ඩාර Monday, 10 November 2014 10:17 PM

1994 බලයට පත්වෙද්දී විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා කිවුවා නේද? මෙවරත් අපි එයාව විශ්වාස කරනවද? (නි)

:       0       0

රවි බණ්ඩාර Monday, 10 November 2014 10:21 PM

මට නම් සෝභිත හාමුදුරුවෝ විතරයි ඔය කට්ටිය අතරින් විශ්වාස කරන්න පුලුවන් (නි)

:       0       0

මොරිස් Monday, 10 November 2014 10:36 PM

ආත්මාර්ථකාමී වෙන්න එපා. අරයා තමයි ඕනෑ, මෙයා හරියන්නේ නැහැ කියන තමන්ගේ පක්ෂපාතිත්වය පොඩ්ඩකට පැත්තකට දාලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිය, යුක්තිය, සාධාරණය සැමට එක හා සමානව පැවතීම සඳහාවත් පැහැදිලි, ප්‍රායෝගික වැඩපිළිවෙළක් සහිත හැමෝටම එකඟවෙන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් දිනවමු. (නි)

:       0       0

තරිඳු Tuesday, 11 November 2014 07:04 AM

කවුද කියලා තම කියලා නෑනේ.(හේ)

:       0       0

වැලිවිට Monday, 10 November 2014 01:37 PM

ගොඩක් හොද වැඩක්.. ජයවේවා.! (අ)

:       0       0

පිටිගල Monday, 10 November 2014 01:38 PM

පොදු අපේක්ෂකයා ආවාට මිනිස්සු ඡන්දෙ දෙන කෙනෙක් විය යුතුයි. ඔය ජනතාව ප්‍රතික්ෂේප කල අය මොන නම දාගෙන ආවත් ජනතාව අන්දන්න දැන් බැහැ මොකද කොන්ඩේ කැපුවත් ජුවානිසා ජුවානිසාමයි කියලා මිනිස්සු දන්නවා. (අ)

:       0       0

කලන Tuesday, 11 November 2014 07:16 AM

මං ප්‍රාර්තනා කරනවා හරි කෙනෙක් තෝරගන්න ලැබේවා කියලා (දිල්)

:       0       0

චරිත් Monday, 10 November 2014 01:45 PM

හිතා ගන්න බෑ කවුරු එයිද කියලා.(හේ)

:       0       0

චන්ද්‍රා Monday, 10 November 2014 11:25 PM

අනේ හාමුදුරුවනේ, ඔය පරණ අයම පමණද රටේ ඉන්නේ? මෙතෙක් කිසිම නිලයක නොසිටි හොඳ උගත් අලුත්ම කෙනෙක් හොයාගන්න ඇත්තෙම නැද්ද? හැමදෙයම අලුත් වියයුතුය (නි)

:       0       0

නලින් Monday, 10 November 2014 01:47 PM

දැන්වත් රට හොරකන එක නවත්වන්ද එක්වෙමු (අ)

:       0       0

රාජිත සිල්වා Monday, 10 November 2014 01:51 PM

නීතිය සහ සදාචාරය සමග විව්‍යස්ථාව රකින කෙනෙක් මිසක් එක එක චින්තන රකින අය එවන්ඩ එපා. අපේ සල්ලි වලින් සංවර්ධනය කරලා අනිත් අයගේ නම් ගහ ගන්න එක විව්‍යස්ථා විරෝධී කරන්න. (අ)

:       0       0

වසන්ත ජයවර්ධන Tuesday, 11 November 2014 12:47 AM

සෝහිත හිමියනි, ඔබේ වෑයම නිෂ්ඵලයි. මහන්සි නොවී ආගමික වතාවත් කරගෙන ඉන්න (නදී)

:       0       0

අකිල Monday, 10 November 2014 02:23 PM

ජුවානිසා ජුවානිසාම තමයි.. ඒත් මතක තියාගන්න ඕන විධායකයට එරෙහිව ඒ දවස්වල 80 ගණන් 90 ගනන් වලදි පාගමන් ගියේ කවුද කියලා... මේකෙ තියෙන වැදගත්කම තමයි ඒ දවස්වල හොද නැ දැනි හොදයි..(අ)

:       0       0

මරාගේ Monday, 10 November 2014 02:24 PM

අද ඉඳල මහින්ද මහත්තයාට නින්ද යන එකක් නැහැ.

:       0       0

චානක Tuesday, 11 November 2014 01:03 AM

අර සමහරු තරඟයට එනවා කියලා හිතාගෙන මුදල් වියදම් කරගෙන අනෙක් අයට විරුද්ධව හැදූ ප්‍රචාරක වැඩසටහන් වලට මොකද වෙන්නේ බන්දුල අයියේ? (නි)

:       0       0

රජිත් Monday, 10 November 2014 02:29 PM

මේකේ තියන ෆොටෝ තුනේ ඔලු තුන එක කදකට සෙට්වෙලා ඉපදුනානම් අන්න මාරු රට කරන්ඩ (අ)

:       0       0

පරාක්‍රම විතානවාසම් Tuesday, 11 November 2014 01:07 AM

මේ අය ගොඩ දෙනෙක්ට මහින්ද ජනපති කෙරෙහි ඉරිසියාවක් වෛරයක් තියෙනවා. ඔය කට්ටිය අතරින් විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් හොයාගන්න නැහැ (නදී)

:       0       0

චානක Tuesday, 11 November 2014 01:19 AM

මට නම් වැදගත් වන්නේ විධායකය අහෝසි කරනවා කියන දේ නොව, ජනතාවගේ ජීවනබර මුදාලන කෙනෙක්, ක්‍රමයක් ලැබෙයිදෝ කියන එකයි. (නි)

:       0       0

සේනානායක Monday, 10 November 2014 02:42 PM

අද පවතින යුද්ධය මේ ඡන්දයයි.(හේ)

:       0       0

වින්සන්ට් Monday, 10 November 2014 02:43 PM

පවතින දේශපාලන බලය යුද්ධය අවසන් කිරීමට සුදුසු වුනත්, අද පවතින වංචාව,දුෂණය සහ ගෝත්‍රවාදය අවසන් කිරීමට එය සුදුසු වී නොමැත. එම බලයම අද ක්‍රියාත්මක වන්නේ කුමකටද යන්න නැවත ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙත යා යුතු බව සිතන හැම පුරවැසියෙක්ම තේරුම් ගෙන ඇත. ගරු සෝභිත හිමියන්ගේ උත්සාහයට ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගරු කරන හැමගේ සහයෝගය ලැබෙනවා ඇත. ජයග්‍රහනය වෙතම යාමට පොදු අපේක්ෂකයා ගරු සෝභිත හිමියන් වීම අපේ ප්‍රර්ථනාවයි (නදී)

:       0       0

ප්‍රියංග Tuesday, 11 November 2014 10:18 AM

යහපත් හෙට දිනක් අපිට උදා වේවා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 10 November 2014 02:51 PM

ගියවර ජනාධිපාතිවරනේදී එකතුවෙලා හිටිය කට්ටියම තමයි..අරමුණුත් ඒකම තමයි..ප්‍රතිපලයත් ඒකම තමයි.(හේ).

:       0       0

ගයාන් Monday, 10 November 2014 02:54 PM

කවුද?(හේ)

:       0       0

සිරිසේන Monday, 10 November 2014 03:04 PM

රටේ ජනතාවට තියෙන ආදරය තමයි.(හේ)

:       0       0

හේෂාන් Monday, 10 November 2014 03:05 PM

මෙහෙම මැතිවරණයක් දැක්කමයි.(හේ)

:       0       0

ගයාන් Tuesday, 11 November 2014 10:33 AM

ඕක අලි බොරුවක් .මහින්දට තිබෙන විරුද්ද කම නිසා එකතුවූ පිරිස .විදායක අගමැති නිකන් ඉඳීවිද ?පාර්ලිමේන්තුව කියන එකම කරාවිද ? මේ ගැන බටහිරයන් සහ කොටි රංචුව ඉතා උනන්දුවෙන් බලන් ඉන්නවා . මහින්ද එලවනකම් .එන් ජී ඕ නඩයට මොලය පෑදේවා. (ස)

:       0       0

රසික විතාරණ Monday, 10 November 2014 03:14 PM

මහින්ද ජනපති තුමා මොකද එපා කියන්නේ. දුටුගැමුණු රජතුමාගෙන් පසුව මේ රට බේරාගත්තේ කව්ද? රට ගැන හිතන්න පාලනය තිබුණ කාලේ නොහිතපු අමුතු ජාතිආලය අපිට හොඳට තේරෙනවා.මැතිවරණ ප්‍රතිපල වලින් තේරුම් ගමු රටේ බලාපොරොත්තුව කව්ද කියල.ජාතියේ පියා ලෙස මහින්ද රාජපක්ෂ නාමය මගේ ළමයින් පවා දන්නවා. (දිල්)

:       0       0

රවීන් Tuesday, 11 November 2014 10:39 AM

මනාප ක්‍රමය නැති කරලා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම කොටින්ට ගියාම 1977 සෙල්ලම නැවත පටන්ගනීවී. විධායක ජනාධිපති ක්‍රමය නැති කරලා දැම්මම ඊළම හදන්න තවත් ලෙහෙසියි .රටට විනාශයක් වුනොත් ඔය අදුරදර්ශී දුෂ්ට පිරිස වගකියනවද ? (බ)

:       0       0

ලලිත් මිලානෝ Monday, 10 November 2014 03:17 PM

කවුරු උාවත් ජනපති මහින්ද රාජපක්ෂ පරද්දවන්න බෑ (දිල්)

:       0       0

රුචිර Tuesday, 11 November 2014 10:41 AM

ඔය කකුළු නඩය දඟලන්නේ හැලියේ වතුර නටන තුරු පමණි .(හේ)

:       0       0

වරුණ Tuesday, 11 November 2014 02:00 AM

සමහරු ඇස් පියාගෙන වගෙයි අදහස් දක්වා තිබෙන්නේ.... (නි)

:       0       0

චතුර Tuesday, 11 November 2014 02:05 AM

අපිත් සූදානම්.... (නි)

:       0       0

රුෂාන් Tuesday, 11 November 2014 02:05 AM

මේ පාර නම් පැහැදිලි වෙනසක් වෙයි වගේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 11 November 2014 11:15 AM

අවුලක් නැහැ ..කැඳ හැලිය හරිලු...දැන් තියෙන්නේ බොන්න..බිලම බලන්නකෝ එහෙනම්..කැඳද තියෙන්නේ වතුරද කියල. වතුරවත් තිබුනොත් ලොකු දෙයක්.මනෝ ගනේෂන්ලා අසාද් සාලිලා වගේ අවස්ථාවාදී වාර්ගික දේශපාලකයොත් එක්ක හදන යහපත් සමාජය මොන වගේ වේවිද කියල මම මේ කල්පනා කරන්නේ...(බ)

:       0       0

චමින්ද Monday, 10 November 2014 03:39 PM

කවුරු අවාත් ඔක්කොම එකයි.(හේ)

:       0       0

ඉන්දික Monday, 10 November 2014 03:40 PM

ඔබ වහන්සේගේ අදහස නම් හොඳයි.එත් ඔතන ඉන්නවද රටට වැඩක් කරයි කියලා හිතන්න පුළුවන් අය.(හේ)

:       0       0

ෆොන්සේකා Monday, 10 November 2014 03:44 PM

ඔය හොරු එක්ක මොකුත් කරන්න බෑ.(හේ)

:       0       0

අමරතුංග Tuesday, 11 November 2014 02:36 AM

සූදානම් වුණාට වැඩක් නැහැ, අපි වෙන කවුරු ආවත් අපේ මනාපය දෙන්නේ නැහැ (නි)

:       0       0

කේසර Tuesday, 11 November 2014 02:46 AM

අවදානමට පෙර සූදානම තමයි වැදගත්.... (නි)

:       0       0

මෙල්වින් Tuesday, 11 November 2014 02:45 AM

ඔබ‍ගේ ව්‍යායාමය සාර්ථක වේවා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 11 November 2014 03:03 AM

ගියවර සෝභිත හාමදුරුවෝ ඍජුව හෝ වක්‍රව පෙනී සිටියේ යම් යම් බලවේගයන්ගේ ඉත්තෙක් වුනු සරත් ෆොන්සේකා මැතිෙතුමා වෙනුවෙන්..ඒ කියන්නේ සෝභිත හිමියන්ගේ මේ අරමුණ යහ පාලනය ඇතිකිරිමනම් නෙමෙයි කියන එකයි.නැත්නම් මොළේ කළදක් තියෙන කෙනෙක් සරත් පොන්සේකා මහත්තයගෙන් ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය පතන්නේ නැහැ..සුපිරි පැලැන්තියට බණ කියන සුපිරි හාමදුරුවරුන්ට තියෙන ප්‍රශ්න ගමේ ගොඩේ මිනිස්සුන්ට නැති බව සෝභිත හාමදුරුවන්ට මේ රටේ මිනිස්සු ගිය වතාවේ වගේම හොදින්ම අවබෝධ කරලා දේවි මේ වතාවෙත්..(බ)

:       0       0

බෙනට් Monday, 10 November 2014 04:29 PM

පුද්ගලයා ගැන කල්පනා නොකර ප්‍රතිපත්ති ගැන කල්පනා කරලා ඡන්දේ දෙන ඡන්ද දායකයෝ බිහිවෙනකන් මේ රට හදන්න අමාරුයි.(හේ)

:       0       0

M .G . ජයරත්න. Tuesday, 11 November 2014 03:27 AM

ජයවේවා ! ඇත්තටම විස්වාශ කෙනෙක් පොදු අපේක්ෂක කරන එක බොහෝ දෙනෙක් ගේ සහයෝගය ගන්ඩ පුළුවන් වෙනවා . හැමෝම කියනවා වගේ පරණ කෙනෙක් ට වඩා විශ්වාස අලුත් කෙනෙක් වාසිය වැඩිවෙයි. බොහෝ දෙනකුට සෙතක් වෙන එකක්නම් ජය සිකුරුයි.(අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 10 November 2014 11:04 AM

රට බේරා ගන්න සියල්ල එක්වන්න. ආරක්ෂක ඇමති හෝ උප ඇමති ධුරය වරක් රට ගලවා ගත් ජනරාල් සරත් ෆොන්සේකාට දිය යුතු බව මගේ අදහසයි. (බ)

:       0       0

සුජිත් Monday, 10 November 2014 11:09 AM

ඔය තැනට ගියාම කාටත් තණ්හාව මතුවෙනවා. බොරු නම් නිහාල් ගලප්පත්ති මන්ත්‍රීගෙන් අහල බලන්නකෝ චන්ද්‍රිකාට හෙහෙම වුනේ නැද්ද කියල. මෙතැන ප්‍රශ්නය තමයි අපේ සෝහිත හිමියන්ට ඒක අමතක වෙලාවගේ චන්ද්‍රිකාවත් එකතු කරගෙන මේ දේට යන එක. මට හිතෙන්නේ මේ අය ගොඩ දෙනෙක්ට මහින්ද ජනපති කෙරෙහි ඊරිසියාවක් වෛරයක් තිබෙන බවකි. (බ)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 11 November 2014 03:39 AM

මෙම කාර්යයට එකම සුදුස්සා සෝභිත හාමුදුරුවෝ විතරයි. අනිත් කවුරු ආවත් එතනට ගියාට පස්සේ ඕක වෙනස් කරන්නේ නැහැ. ඉතිහාසයේ ඔහොම බොරු කියපු අයනේ අදත් රජ කරන්නේ සහ රජ කමට ට්‍රයි කරන්නේ.. (අ)

:       0       0

ප්‍රියාන් Monday, 10 November 2014 11:14 AM

මහින්ද රාජපක්ෂ ජනපතිතුමාම තමයි (දිල්)

:       0       0

සමීර Monday, 10 November 2014 11:15 AM

මේක ගෙනාපු දවසේ ඉදන් එන අය කිව්වේ අහෝසි කරනවා කියලා (දිල්)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Monday, 10 November 2014 04:56 PM

දැන් ඔය පොදු අපේක්ෂක කතාන්දරයෙන් කාටද වාසි? ඒ වාසියත් මහින්ද මහත්තයටම තමා. කොහොමද වාසි වුණේ කියලා ඡන්දෙන් මහින්ද මහත්තයා දිනලා ජනාධිපති වුණාට පස්සේ කියන්න. එතකොට කාට කාටත් තේරේවි කතාව ඇත්ත කියලා (නි)

:       0       0

බණ්ඩාර Monday, 10 November 2014 11:20 AM

මේ පාර හොද තරගයක් තියෙයි.(හේ)

:       0       0

බාසු Tuesday, 11 November 2014 03:48 AM

පාටලී චම්පික තමා හොදම පොදු අපේක්ෂක. (අ)

:       0       0

රංග Monday, 10 November 2014 11:22 AM

ඡන්ද ගන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් කරන්න.(හේ)

:       0       0

නිරාන් සෞදි Monday, 10 November 2014 11:26 AM

මේ උදාර කටයුත්තට අපි සහයෝගය දෙමු (නදී)

:       0       0

මිනිපෙ Monday, 10 November 2014 05:08 PM

පොදු අපේක්ෂකයා කියන්නේ, පොදු මොන කරුණකටද? (නදී)

:       0       0

ප්‍රියාන් Monday, 10 November 2014 11:33 AM

මහින්ද රාජපක්ෂ තමයි (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 11 November 2014 03:58 AM

අනිවාර්යෙන්ම රටේ වෙනසක් දැන් විය යුතුයි. (අ)

:       0       0

සිරිසේන Monday, 10 November 2014 05:12 PM

අයියන්ඩියේ රටම පාවා දෙන හැටි මම පෙන්වන්නම්. ඉස්සෙල්ලා පාට පක්ෂය ලකුණ අන්තිමට කතිරේ හා රට. කරඩුව ගිල්ල මට අග්ගලාවක් කජ්ජක්ද? (නදී)

:       0       0

දීපාක් කරුනාරත්න Monday, 10 November 2014 11:37 AM

සෝභිත හිමියනි, ඔබ වහන්සේ ගන්නා උත්සාහය ජයග්‍රහනය කරනවා සිකුරුයි. රටේ සියලු ජන හිතකමි නායකයන් සහ ජනතාව ඔබ වහන්සේ සමගයි. ජයවේවා (නදී)

:       0       0

ජනක Tuesday, 11 November 2014 04:10 AM

හොදම පොදු අපේක්ෂකයා ජෙනරාල් ඊළගට අනුර කුමාර හොදම උගත නම් රනිල් ඔය තුන්දෙනගෙම්ම වැඩක් අරන් අපෙන් හොරකම් කරපුමුදල් අපිට ලබා දෙනවනම් හැමටම පින් (අ)

:       0       0

රංග Monday, 10 November 2014 11:41 AM

අනේ හොඳයි මගේ නමින් ප්‍රතිචාර දාන තව කෙනෙක් එක් වෙලා. (නදී)

:       0       0

සනත් Monday, 10 November 2014 11:46 AM

රටට ආදරය කරන කෙනෙක් පොදු අපේක්ෂකයා කරන්න.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 10 November 2014 05:19 PM

ගියවර ජනාධිපතිවරණයේදී එකතුවෙලා හිටි කට්ටියම තමයි. අරමුණුත් ඒකම තමයි.ප්‍රතිඵලයත් ඒකම වෙයි. කවුරුත් නෙමෙයි අපිට නම් ඕනෑ සෝභිත ස්වාමින් වහන්සේ තරඟයට එනවා දකින්න. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 11 November 2014 04:17 AM

රටේ ධනය හොරකම් කළ එවුන්ට අලුත් ආණ්ඩුවක් යටතේ නඩු අසා දඬුවම් දෙන පොරොන්දුවක් දුන්නොත් විතරක් මගේ ඡන්දය දෙනවා. (බ)

:       0       0

නන්දිකා Monday, 10 November 2014 11:53 AM

පොදු අපේක්ෂක වෙන්න ඕනේ කරු ජයසුරිය. ඊට පස්සේ ජනාදිපති කම අහෝසි කරලා පාර්ලිමෙන්තුවේ අගමැති වෙන්න ඕනේ රනිල්. (නදී)

:       0       0

නිශාර්ඩ් Tuesday, 11 November 2014 04:22 AM

මේගොල්ලෝ ඔක්කොමල හොරගල් අහුලනවා. ජනාධිපති වෙච්ච පලියට බල්බයක සුවිච් එක ඉහළ පහළ කරනව වගේ විධායක බලතල වෙනස් කරන්නේ කොහොමද ? පාර්ලිමේන්තුවට සංසෝධන ඉදිරිපත්කරලා තුනෙන් දෙකේ බලයක් ඇතුව අනුමත කර ගන්නේ නැතුව. රට තවත් දියුණු කරන්ට ඕනේ නම් වත්මන් ජනාධිපතිතුමා තව දහ වසරක්වත් රට පාලනය කළ යුතුයි. (බ)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 10 November 2014 12:04 PM

පොදු අපේක්ෂකයා දිනු විට වහාම ක්‍රියාත්මක වන පරිදි දින කීපයකට ශ්‍රී ලංකාව තහනම් ගුවන් සහ මුහුඳු කලාපයක් කරන්න. එවිට හොරුන්ට සහ හෙන්චයියලාට රට පැනගන්න අමාරුයි. (නදී)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Monday, 10 November 2014 05:31 PM

ඔය විධායක ජනාධිපති ක්‍රමය හදපු අයට දැන්, එම විධායක තනතුර ගන්නට බැරි නිසාම, ඔවුන් දැන් එය එපා කියනවා. (නි)

:       0       0

නිශාන්ත Monday, 10 November 2014 12:06 PM

ඔන්න මේ පාරනම් කම්පියුටර් ජිල්මාට්, රාජ්‍ය බලය,පැරදුනාට ජනතාවගේ ජනාධිපති මම තමයි වගේ බංකොලොත් වාක්‍ය කියන්නෙ නැති මහත්මයෙක් වගේ පරාජය බාරගෙන ජයග්‍රාහකයාට සුභ පතලා යන කෙනෙක් සුදානම් කරන්න. (නදී)

:       0       0

සිල්වා Monday, 10 November 2014 05:36 PM

මොන ආණ්ඩුව ආවත් ඇමතිවරු 20 යි උපරිම තියාගන්න පුළුවන් (නදී)

:       0       0

බාලසුරිය කොලොන්නාව Monday, 10 November 2014 05:38 PM

පොදු අපේක්ෂක සුදානම්. අහන එකත් සන්තෝසයක්. දැන්ම එලියට දාන්න එපා. නත්තල් වලට හරි සිංහල අවුරුද්දට හරි එලියට දාමු. එතකම් කියන්න එපා (නදී)

:       0       0

ඉසුරු Monday, 10 November 2014 12:10 PM

රටට හොඳක් වෙනවා නම් හොඳයි අප්පා.(නදී)

:       0       0

පද්මේන් Tuesday, 11 November 2014 04:42 AM

විධායක ජනාධිපති ක්‍රමය පිළිලයක් කියල 94 බලයට ආපු බන්දුල පෙරේරලම ඒක තියාගන්න දඟලන දැඟලිල්ල දැක්කම විලි ලැජ්ජයි.17 වන සංශෝදනය ක්‍රියාත්මක කරමින් සාධාරණ මැතිවරණයක් තිබුනොත් ජනතාව තීන්දුවක් ගනීවී කාවද පත් කල යුත්තේ කියල.(අ)

:       0       0

ගාමිණී Monday, 10 November 2014 06:13 PM

කොහොමද ඔය කියන කෙනා බලයට ආවහම මාස හයකදී ජනාධිපති ධුරය අහෝසි කරන්නේ තුනෙන් දෙකක ඡන්දෙ නැතුව? හොඳයි අපි කියමු මහා ඡන්දෙකට ගියා කියලා. එතැනදී තුනෙන් දෙකක් නොලැබුනොත් මුළු රටම ලේ විලක් වෙනවා නේද? එහෙමත් නැත්නම් අවුල් ජාලයක් නේද? රටේ මිනිස්සු මෝඩයින් කියලා හිතලා වෙන්න ඇති මේවා කියන්නේ. (නි)

:       0       0

අනිල් Monday, 10 November 2014 06:13 PM

තරහාවෙන්න එපා හාමුදුරුවනේ, අපි නම් ඕවට සහයෝගය දෙන්නෙ නැහැ (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 11 November 2014 05:00 AM

පොදු අපේක්ෂකයා විය යුත්තේ බහුතරයකට පිළිගන්න පුළුවන් කෙනෙක් විය යුතුයි. (හේ)

:       0       0

ගුණරත්න Monday, 10 November 2014 12:30 PM

මට තියෙන ලොකුම ගැටලුව ඔය ඉදිරිපත් වෙන පුද්ගලයා දිනුවොත් විදායක ජනාදිපතිකම නැතිකලාට පස්සේ මේ පුද්ගලයට මොකද වෙන්නේ. (නදී)

:       0       0

දසුනි. Monday, 10 November 2014 12:31 PM

විය යුත්තේ මෙයයි. (නදී)

:       0       0

නිහාල් Monday, 10 November 2014 12:31 PM

ඇයි මේ මැතිවරණවලින් පැරදිච්ච කට්ටියම අාපහු තරග වදින්නේ. අලුත් අය නැතුවද (නදී)

:       0       0

මුතුනායක Tuesday, 11 November 2014 05:07 AM

මහින්දව පරාජය කරන්න කෙනෙක් ඔතන නැ. (බ)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Monday, 10 November 2014 06:31 PM

චිවරය දරාගෙන ඉන්න ස්වාමීන්වහන්සේලා බන බාවනා කර දහම් මගේ සැරිසරුවොත් නේද හොඳ. (නදී)

:       0       0

එච්.එම් පියල් Monday, 10 November 2014 12:40 PM

මෙයට නායකත්වය දෙන ඔබ වහන්සේට රටේම ආශිර්වාදය ලැබෙනවා (නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 10 November 2014 12:40 PM

පොදු අපේක්ෂකයා පැමිණි විට අතීතයට බලපාන පරිදි රටේ ඕනෑම පුරවැසියෙක් (ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාද ඇතුළුව) නීතිය ඉදිරියට ගෙන ඒමට නීති සම්පාදනය කරන්න. (නදී)

:       0       0

ශාන්ති සේනාධීර Monday, 10 November 2014 12:40 PM

පාර්ලිමේන්තුවට බලය දුන්නම සේරම ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදීව විසදෙනවා නම් ඇයි ජේ ආර්. ජයවර්ධන මහතා විධායක ජනපති ක්‍රමය කට ගියේ. එහෙනම් අපි බලන් ඉඳිමු මේ පණ්ඩිතයන් කරන කියන දේවල් අමෘතය දීලාවත් ඉටුවේවිද කියලා. ලෙඩා මැරිලා හරි බඩ සුද්ධ වේවිද කියලා. අපි ජනපති ගෙනුත් ඔහු අනාගතයට කරන වෙනස බලන් ඉදිමු. කොහොම නමුත් මේ කවුරුත් මේ සම්බන්දව නටනවා වැඩියි කියලයි මට හිතෙන්නේ. බටහිර රටවල් වලට අවශ්‍ය වී තියෙන්නේ අපේ රට ඔවුන්ට ඕන විදියට පාලනය කරන පාලකයෙකු පත් කරන්න. ආයෙත් අමිර්තලිංගම් කාලේ වගේ පාලනයකට වැටේවිද ? (නදී)

:       0       0

සුරංග මුදියන්සේ Monday, 10 November 2014 07:10 PM

අතීසාරයට අමුඩ ගහලා හරි නොයන බව සමහරුන්ට තාම අවබෝධ කරගන්න බැරිවෙලා. පොදු කණ්ඩායමක් පොදු ප්‍රතිපත්තියකින් ඉදිරියට ගන්න. ජය, හිරු පායනවා වගේ විශ්වාසයි (නි)

:       0       0

ටෙක්ලා Monday, 10 November 2014 07:14 PM

කවුරු වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ගමගේ Monday, 10 November 2014 12:45 PM

හැබැටම මහින්දව පරදවන්න පුළුවන් නම් මහින්ද ඉල්ලනවට ඔය හැමදෙනාම කැමැති වෙන්න නේද ඕනෑ? මේ හැමදෙනාම මහින්ද ඉල්ලනවට විරුද්ධව මෙච්චර වලිකන එකෙන් නම් තේරෙන්නේ එතුමා පරාද කරන්න සමත් කෙනෙක් නැහැ කියන එක නේද? ඉතින් මේ නිසා එතුමාට තව වාසි වෙන එක නේද වෙන්නේ? (නි)

:       0       0

හපීල් Tuesday, 11 November 2014 02:27 PM

සොබිත හාමුදුරුවො හෝ සජිත් ප්‍රේමදාස තමයි පොදු අපේක්ෂත්වයට සුදුසුයි. සෝබිත හාමුදුරුවො නිරුපාක්ෂික නිසා, උන්වහන්සේ විධායක ක්‍රමය අහෝසි කරාවි කියල ජනතාවට විශ්වාසයක් එ්වි. සජිත්ට හොඳ දේශපාලන දැනුමක් සහ වේදිකාවල්වල කතාකිරීමේ දැනුමකුත් තියනවා. (අ)

:       0       0

ඩොනල්ඩ් Monday, 10 November 2014 01:00 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

විජයසිරි Monday, 10 November 2014 01:00 PM

කවුද කියලා දැනගන්නාතුරු මට සිහිය නැහැ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 10 November 2014 01:02 PM

පැහැදිලිව කිවයුතු කරුණක් නම් 2009 ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබුණු ජනප්‍රියත්වය හීන වී තිබෙනවා. ඊට හේතුව මේ රජයේ යම් යම් ක්‍රියා කලාපයන් ජනතාව ප්‍රතික්ෂේප කිරීමයි. ඒ වගේම ජනාධිපතිතුමාට දැඩි අභියෝගයක් ලබාදීමට හැකියාව තිබෙන්නේ හිටපු ජනාධිපතිනියටයි. එනිසා චන්ද්‍රිකා මැතිණිය තරඟ කළා නම් ජයග්‍රහණය පිළිබඳව යම්කිසි බලාපොරොත්තුවක් තැබිය හැකියි. (නි)

:       0       0

මදූ Monday, 10 November 2014 01:04 PM

මගේ මනාපය පාටලී චම්පික රණවක මැති තුමාට. (නදී)

:       0       0

රේණුක Monday, 10 November 2014 08:49 PM

බෙනට්,ඔබගේ අදහසට මමත් එකඟයි. (නි)

:       0       0

වර්ණකුලසූරිය Monday, 10 November 2014 09:00 PM

සෝභිත හාමුදුරුවෝ සමඟ අපි හැමදාම ඉන්නවා (නි)

:       0       0

සෑම් Tuesday, 11 November 2014 02:48 PM

මහින්ද ට ජයවේවා පොදු ඒකාව බංගවේවා ගයාන් සහ රවීන් හරියටම හරී (අ)

:       0       0

විජේනායක Monday, 10 November 2014 01:10 PM

මොන අපේකෂක කෙනෙක් ආවත් නැවතත් රට අවදානමකට දාන්න මිනිස්සු කැමතිවෙන එකක් නැහැ (නි)

:       0       0

කුමරන Monday, 10 November 2014 01:14 PM

අසාද් සාලි මහත්මය පිල්ලේ නෝනට යවපු ලිපියේ කාට එරෙහිවද චෝදනා කරලා තිබුනේ ? (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 12 November 2014 07:34 PM

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් සටහන් වී අවසානයි. අනෙකුත් අය උතුර නැගෙනහිර නිදහස් කරගන්න මොනවාද කළේ? (නි)

:       0       0

තිලක් ඩුබායි Monday, 10 November 2014 01:16 PM

පොදු අපේක්ෂකයා දිනු විට වහාම ක්‍රියාත්මක වන පරිදි දින කීපයකට ශ්‍රී ලංකාව තහනම් ගුවන් සහ මුහුඳු කලාපයක් කරන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 141 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 85 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 628 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1424 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 190 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 93 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site