හිටපු ආර්ථික සංවර්ධන ඇමැති මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සහෝදරයකු වන බැසිල් රාජපක්ෂ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඇල් පීරිස් මහතා සභාපතිත්වය දරණ පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
එම පෙරමුණේ පළමු සාමාජිකයා බැසිල් රාජපක්ෂය.
එම පෙරමුණේ නාම පුවරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ද විය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොදු ජන පෙරමුණේ පළමු සාමාජිකයා බැසිල්
වාසුල Thursday, 17 November 2016 08:36 AM
පොදුජන පෙරමුණට ජයවේවා (ම)
අනුර Thursday, 17 November 2016 08:37 AM
විමල්ට, ගම්මන්පිලලට, බැසිල්ලට දේශපාලන අත්දැකීම් අඩුයි. ඉතින් පොඩි විරසකකම් තිබුනත් නව පක්ෂයෙන් මර්වින් මහත්තයාට නායකත්වයට ආරාධනා කළොත් ඔහු එය බාරගනීවි. එතුමා අවසන් වරට ඉදිරිපත්වුණ මැතිවරණයෙන් ගම්පහෙන් දෙවනියට වැඩිම මනාප ගත්තා (නි)
රමණි Thursday, 17 November 2016 08:40 AM
නිතිය සාධාරණ නම් ඔතන ඉන්න අය අද ඉන්න ඕනෑ බලු කූඩුවේ. නමුත් දෙපැත්ත කන නරුමයින් නිසා රජයත් නීතියත් කොහෙද කියලා දන්නේ නැහැ. (නි)
ප්‍රදීප් Thursday, 17 November 2016 08:43 AM
මොවුන්ට අවශ මොනම ක්‍රමයකින් හරි බලය ලබාගැනීම පමණි. මෙවැනි මින්සුන් පසුපස යන මිනිසුන් සිටිනවා දකිනකොට ඇතිවන්නේ කණගාටුවක්. (නි)
ලියනගේ Thursday, 17 November 2016 08:43 AM
මෙයාව පළමු සාමාජිකයා කරගන්න, වෙන කවුරුවත් හිටියේම නැද්ද? (නි)
දීමන්ත Thursday, 17 November 2016 08:55 AM
මර්වින් සිල්ව්වා මැතිදුන් "ඊලග කෑල්ල " පොත පලකිරීමේ දේශනයේදී කළ කතාව අහන්න . අපේ අනාගත නායකයාගේ කථිකත්වයට හොදම උදාහරණයක්. නියෝජ්‍ය නායකත්වය බැසිල්ට දෙන්න (බ)
ලෙස්ලි ජයවර්ධන Thursday, 17 November 2016 08:59 AM
මෙන්න එක කට්ටියකට එකතු වෙන්න හොඳ පක්ෂයක් (බ)
හර්ෂ Thursday, 17 November 2016 09:00 AM
මේක මහා පුදුම රටක්. ජතාවගේ මුදල්, රටේ සම්පත් තමන්ගේ බූදලයක් ලෙස අවභාවිතා කරපු කට්ටිය අායෙත් රට හදන්න හදනවා. මේ දෙගොල්ලෝ පස්සේ යන එක තමා රටේ ජනතාවගේ මහා කරුමය (නි)
කුමාර Thursday, 17 November 2016 09:01 AM
මේ ආණ්ඩුව ගෙදර යවන්න ශක්තිය ලැබේවා! (නි)
ශාන්ත Thursday, 17 November 2016 09:09 AM
වැරදි කෙනානේ ඇවිල්ලා ඉන්නේ (නි)
ලංකා Thursday, 17 November 2016 09:11 AM
ඇත්තටම මොහු ජනතාව ප්‍රතික්ෂේප කළානේ. එහෙම කළේ හේතු ඇතුවනේ. ඕගොල්ලෝ බලය තිබුණ කාලේ ජීවත්වුණ හැටි කවුරුත් දන්නවා. දැන්වත් අනුන්ගෙන් කාලා ජීවත්වෙන්න හිතන්න එපා. (නි)
සංජය Friday, 18 November 2016 04:07 AM
දැන්වත් ඔය හොරු කියන එක නවත්තන්න. ලොකු ලොකු හොරු කවුද කියලා ජනතාව දැනගෙන ඉවරයි....... (නි)
ප්‍රියංග Thursday, 17 November 2016 09:16 AM
ජයවේවා! (නි)
දර්ශන Thursday, 17 November 2016 09:20 AM
අර ගෙවල් වලට අයිතිකාරයෝ නැතිවුණා වගේ, බැසිල් මහත්තයා පස්සේ කියයි සාමාජිකත්වය මගේ නෙමෙයි, කාගෙද දන්නේ නැහැ කියලා (නි)
කපිල Thursday, 17 November 2016 09:26 AM
පළමු සාමාජිකයාට කාඩ් එක දෙන්නවත් සභාපතිතුමා සහභාගිවෙලා නැහැනෙ. ඒකෙන්ම තේරෙනවා මේ පක්ෂයේ අයිතිකාරයො කවුද, හැදුවෙ ඇයි කියලා. (නි)
විජේතුංග Thursday, 17 November 2016 09:28 AM
ජයවේවා! ජයවේවා! අපි දිනුවා එහෙනම් (නි)
ලක්මාල් Thursday, 17 November 2016 09:29 AM
පක්ෂය ආරම්භක අවස්ථාවේම කඩාවැටීමට මෙය හේතුවක්. මහින්ද මහතාගේ පරාජය! (නි)
බුද්ධික Thursday, 17 November 2016 09:31 AM
රටට පුදුමාකාර ආදරයක් තියන මේ වගේ මිනිස්සු බිහිවෙලාම නැතුව ඇති මම හිතන්නේ. මොවුන් හිතාගෙන ඇති මිනිස්සු මැරිලා ඉපදිලා කියලා. කොහොමත් හොරුන්ට හොරුන් එකතු වෙනවා. (නි)
චන්දන - ඕස්ට්‍රේලියා Thursday, 17 November 2016 09:32 AM
පළමු සාමාජිකයාම මෙහෙම නම් පස්සෙ එන අය ගැන හිතාගන්න පුළුවන්නේ (නි)
විදුර Thursday, 17 November 2016 09:37 AM
ආරම්භය නම් කියලා වැඩක් නැහැ (නි)
දයාවතී Thursday, 17 November 2016 09:45 AM
ඕකේ සාමාජිකයන්ට ව්‍යාඝ්‍රා නොමිලේ දෙනවා කියලයි ආරංචි . ජාති ආලය කරන්න ඉස්සරවෙලා ගෙදර දොරේ ප්‍රශ්න විසදගෙන හිටියොත් නේද හොද ? (බ)
සමන් Thursday, 17 November 2016 09:59 AM
පුද්ගලයන්ට වඩා වැදගත් පක්ෂයේ ප්‍රතිපත්ති. ඒවත් විස්තර සහිතව එලි දක්වන්න. කොහොම වුනත් මගේ සුබ පැතුම් (බ)
ජගත් ලියනගේ Thursday, 17 November 2016 10:01 AM
ඕකේ නායකත්වය ට සුදුසුම කෙනා මර්වින් සිල්වා මැතිතුමා .(බ)
කුමාර Thursday, 17 November 2016 10:02 AM
පළමු සාමාජිකයා ඉතිහාසයේ සුවිසාලතම මූල්‍ය අවබාවිතවලට වංචාවලට චූදිතයෙක්. එතකොට මේ පක්ෂය තුලින් රටට දෙන ආදර්ශය කුමක්ද. (බ)
අසංග Thursday, 17 November 2016 10:03 AM
බලමු මොකද වෙන්නේ කියල.රටට හොඳක් වුනොත් අපිට ඇති. (බ)
රුවන් Thursday, 17 November 2016 10:26 AM
පැරදුණ මොහොතේ ඡන්දදායකයාවත් අනාථ කර ඇමරිකාවට පැන ගිය ඔබේ පක්ෂය ගැන විලි ලැජ්ජයි. අප්පිරියයි (බ)
හෆීල් Thursday, 17 November 2016 10:27 AM
ඡන්ද පැරදිච්ච විගස රටින් පලා ගිය මෙයාද පළමු සාමාජික. (බ)
ශාන් සෞදි Thursday, 17 November 2016 10:28 AM
පළමු සාමාජිකයා මෙයාද? පක්ෂයත් ඉවරයි පක්ෂය ආරම්භක අවස්ථාවේම කඩාවැටීමට මෙය හේතුවක්. මහින්ද මහතාගේ පරාජය! (බ)
ගයාන් Thursday, 17 November 2016 10:29 AM
ඇයි බැසිල් විතරක් ,හැමෝම කොමිසන් ගන්නවා ,මේ ආණ්ඩුවේ අය වැඩක් නොකරම හොරකම් කරනවා .(බ)
සේන Thursday, 17 November 2016 10:32 AM
මෙහි රාජපක්සලට, විමල්ලට විරුද්ධව කතා කරන අය ආණ්ඩුව අමු අමුවේ කරපු හොරකම් ගැනත් ලියන්න (බ)
දීනේෂ් Thursday, 17 November 2016 10:43 AM
පළමුවෙනියා වගේම අවසාන සාමාජිකයා, ඡන්ද පැරදිච්ච විගස රටින් පලා යන මෙයා පව් (බ)
අර්ජුන Thursday, 17 November 2016 11:02 AM
අත කඩා පුටුව හදා - පුටුව කඩා බුලත හදා - බුලත කඩා පොහොට්ටු හදා - නටුවෙන් මල පරවේ වැලිකඩ ගියදා (ම)
තෙන්නකෝන් Thursday, 17 November 2016 11:04 AM
පක්ෂයේ ජය ප්‍රාර්ථිනා කරනවා (ම)
සමන්ත Thursday, 17 November 2016 06:59 AM
දුරකථන ඇමතුමේ ඉඳලා හැමදෙයකටම යුද්ධ කාලේවත් නැති විදියට බදු ගහලා ඇමතිවරු රොත්තක් පෝෂණය කරන මේ ආණ්ඩුවට එරෙහිවන්නට ඔබලාට ශක්තියක් ලැබේවා! (නි)
ජනිත් Thursday, 17 November 2016 07:06 AM
අත්දැකීම් බහුල මර්වින් මැතිඳුන් අපේ නායකයා කරගනිමුද? (නි)
චන්දන Thursday, 17 November 2016 07:09 AM
ඔබට ජය වේවා!! මේ රට මේ නරාවළෙන් ගොඩගැනීමට ශක්තිය ලැබේවා! (නි)
ඉෂාන් Thursday, 17 November 2016 07:14 AM
පළමු සාමාජිකයා මෙයාද? පක්ෂයත් ඉවරයි. (නි)
අනුර Thursday, 17 November 2016 07:14 AM
ජය නියතයි. ඔහොම යමු (නි)
චින්තක Thursday, 17 November 2016 07:15 AM
මටත් කියන්න තියෙන්නේ සමන්ත කී දෙයම තමා. ඔබලාට ජය වේවා! (නි)
සෙන්දනායක Thursday, 17 November 2016 07:21 AM
කවදාද දන්නේ නැහැ ආපහු ඇමෙරිකාව පැත්තේ යන්න හිතාගෙන ඉන්නේ (නි)
සම්පත් Thursday, 17 November 2016 07:22 AM
ජයවේවා! ලංකාවෙත් ළඟදීම බහු ජාතියට බහුතර බලය ලැබේවා! (නි)
දිලිප් Thursday, 17 November 2016 07:24 AM
වත්මන් පාදඩ දේශපාලනය හමුවේ රටේ ජනයා ගොනාට ඇන්දවීම දැන්වත් නැවතිය යුතුය. අන්දවන්න එන අය හඳුනාගන්නට නොහැකිවීම ඊටත් වඩා අභාග්‍යයකි. රටේ හෙට කලදවස ගැන දුක්වෙනවා ඇරෙන්නට අපට කළහැකි කිසිවක් නොමැත. කළකම් පළදෙනවා බලන්නට ඇර වෙන කුමක් කරන්නද? (නි)
ගාමිණී Thursday, 17 November 2016 12:03 PM
අපේ සුභ පැතුම් (ර)
මගලි ප්‍රනාන්දු Thursday, 17 November 2016 12:07 PM
එතකොට ඔය ළඟ ඉඳගෙන අත්පුඩි ගන්නේ සාමාජිකයෝ නෙමේද (ර)
කුමාර Thursday, 17 November 2016 07:27 AM
අපි හැමෝම දන්නවා මේ අලුත් පක්ෂයේ සාමාජිකයෝ වෙන්න ඉන්නේ කව්රුද කියලා. එ්ත් මෙයා මුලින්ම සාමාජිකත්වය ගැනීමෙන් කාට කාටත් තේරුම් ගන්න පුළුවන් අලුත් පක්ෂය යන්නේ කොහාටද කියලා. ඇත්තටම වෙන කෙනෙක් හිටියෙම නැද්ද? (නි)
සෑම් Thursday, 17 November 2016 12:07 PM
අපරාදේ පොහොට්ටුව පිපෙන්නෙ නැතුවම පරවෙනවා (ර)
ලක්ෂි Thursday, 17 November 2016 12:16 PM
මෙන්න මේවා පොරොන්දු වෙනවනම් ඡන්දෙ දෙනවා. සියලුම මැති අැමති වරුන්ට පඩියට අමතරව එක් නිල රථයක් සහ එක් අාරක්ෂකයෙක් පමණයි. මාදින්නාගොඩ නිවාස සංකීර්නය තවත් පුලුල්කර සියලුම මැති අැතිවරුන්ට එකම නිවාස සංකීර්නයක නිලනිවාස සපයාදිය යුතුයි. සියලුම අමාත්‍යංශ බත්තරමුල්ල ප්‍රදේශයේ පමණක් පිහිට විය යුතුයි. නිල වාහනය ලක්ෂ දෙසීයට අඩුවිය යුතුයි. පරිසරය විනාශකරණ අය දුටුතැන වෙඩිතැබීමට හැකිලෙස නීති සකස්කල යුතුයි. එල්ලුම් ගස ක්‍රියාත්මක කල යුතුයි. ව්‍යවස්තාවට පටහැනිව ක්‍රියා කරන සියලුම අයගේ ප්‍රජාඅයිතිය අහෝසිකළ යුතුයි. මේ රටේ සියලු පුරවැසියන්ට ඕනෙම තැනක නිදහසේ ජීවත් වීමට හැකි එ්කීය රටක් වියයුතුයි. (ර)
මහින්ද Thursday, 17 November 2016 07:39 AM
නම තිබුනට මේක එයාගේ නෙමෙයි. අර එයාගේ දේපල වගේ (නි)
ලක්ෂි Thursday, 17 November 2016 07:41 AM
අත වෙව්ලනවා, අලියා වයස්ගත වෙලා, සීනුවේ හඬ බාලවෙලා. මේ අලුත් පක්ෂයත් පරණ වීණාවම නොගැහුවොත් අපි ඡන්දෙ දෙනවා. අපිට ෆෙඩරල් එපා. සියලු ජාතීන්ට තමන්ගේ අාගම් අදහාගෙන රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්වෙන්න පුලුවන් එ්කීය බෞද්ධ රටක් අපිට අවශ්‍යයි. (නි)
මංගල වේලාරත්න Thursday, 17 November 2016 12:34 PM
හොරුන්ට නැවත බලය ගැනීම සිහිනයකි. (නි)
හේමාල් Thursday, 17 November 2016 07:43 AM
ජනිත්, මොකද්ද ඔය කතාව. මට ඕක කීපදෙනෙක්ම කියනවා ඇහිලා තියෙනවා. (නි)
අප්පුහාමි Thursday, 17 November 2016 07:44 AM
මෙයාලා හින්දා තමයි කලින් වතාවේ පැරදුනේ කියලා අමතක වෙලාද කොහෙද (නි)
සහන Thursday, 17 November 2016 07:45 AM
අනේ ලොකු දෙයක්. ඔය පොදු විපක්ෂයේ සෙට් එකම ඕකට ගියාම හොරු ඔක්කොම ඕකට යාවි. එතකොට මේ සෙට් එක පාර්ලිමේන්තුවට යාම ගැන මහජනතාව බලා ගනියි. පළමු සාමාජිකයා තමන්ගේ ඉඩමක් රජයට බාර දීපු සත්ගුණවත් මහත්මයෙක්. අනේ සාදු ඔය පක්ෂයට. (නි)
සිල්වා Thursday, 17 November 2016 07:48 AM
නියමයි. දැන් අපිට හොරු සෙට් එක, එකම තැනකදී බලාගන්න පුළුවන් වෙයි. (නි)
බීනු Thursday, 17 November 2016 07:49 AM
මහින්ද මහත්තයා පරාදයි. මන්ද බැසිල් පළමු සාමාජිකයනේ. පව්! බැසිල් පක්ෂයෙන් ගිය දවසට මහින්ද මහත්තයාට දිනන්න පුළුවන් (නි)
ශාන සෞදි Thursday, 17 November 2016 12:46 PM
ආදර්ශ පාඨය "රට විකුණමු අපි ගොඩයමු" ද? (නි)
සුරේනි Thursday, 17 November 2016 01:01 PM
මේ අය අල්ලා හිරේ නොදැම්මාට ආණ්ඩුවට හොඳ වැඩේ කියලයි කියන්න තියෙන්නේ. (නි)
ශ්‍රීමාලි Thursday, 17 November 2016 01:08 PM
රටේ මහජන මුදල් කෝටි ගණනක අවභාවිතාව සම්බන්දධ නඩුවක චුදිතයෙක් ඇපපිට සමාජයේ ඉන්නේ. තව නඩු කීපයකට සම්බන්ධයි. නමුත් අලුත් පක්ෂයේ ආරම්භක සාමාජිකයා! ඉතින් මෙවැනි පක්ෂ වලින් රටට සෙතක් වෙයිද? (නි)
බන්ටි Thursday, 17 November 2016 01:18 PM
එතකොට පෙරමුණේ සභාපති වුණ ජීඇල් එ්කේ සාමාජිකත්වයත් නැතුවද සභාපති වෙලා ඉන්නේ? මාර වැඩක්නේ... (නි)
උපාලි Thursday, 17 November 2016 01:20 PM
ලක්ෂී, ඔබ අප වැඩි දෙනාම කියන්න හදන දෙය කිවුවා. ඔබට ස්තුතියි. (නි)
රුවන් Thursday, 17 November 2016 01:23 PM
හැමෝම මතක තියාගන්න. පක්ෂය අලුත් වුණාට ඉන්නේ පරණ හොරු ටිකමයි. බැසිල්ලා ගහපු ගැහිලි දන්නෝ දනිති. දෙගොල්ලොම එකතුවෙලා මිනිස්සු ගොනාට අන්දනවා. රටේ මෙච්චර ආර්ථික ප්‍රශ්නයක් තියෙද්දී ඇයි මොවුන්ට බැරි පාර්ලිමේන්තුවේ කථාවෙලා තමන්ගේ වියදම් අඩුකරගන්න ටික කලකට හරි. (නි)
ක්‍රිෂාන් විතාන Thursday, 17 November 2016 02:01 PM
මෙයාලා අත ගැහුවොත් ඉවරයි. ආයේ දෙකක් නැහැ මේ පක්ෂෙත් කම්මුතුයි (නි)
යොහාන් Thursday, 17 November 2016 02:18 PM
පුදනකොටම කාපි යකා කිවුවලු! (නි)
චන්න Thursday, 17 November 2016 02:56 PM
ජේ.ආර්.ගේ කාලෙත් මුල්කිරිගල අතුරු මැතිවරණය දිනාගන්න බැසිල් ජේ.ආර්.ට පක්ෂව මේ වගේ වැඩ කළා අපිට මතකයි. අද ඒ දෙය රනිල්ට දිනන්න පාර හදනවා. (නි)
රොඩ්නි Thursday, 17 November 2016 03:32 PM
නියම සාමාජිකයා! හරි පින්වතෙක්. කෝටි ගණන් ගෙවල් දොරවල් තමන්ට අයිති නැහැ කියන දානපතියෙක් (නි)
මෂූඩ් Thursday, 17 November 2016 03:50 PM
බලය ගන්න ඕනෑම පොරොන්දුවක් දෙයි. බලය ලැබුනට පසු කිසිම දේශපාලකයකු ඒ පොරොන්දු වලට කැමති වෙන්නේ නැහැ (නි)
ඉන්ද්‍රා Thursday, 17 November 2016 03:50 PM
මෙයා අාවා කියන්නෙ නැවත ගෙදර තමා.කාව පත්කළත් මල්ල තරවෙන්නේ බලයට එන අයගේ. හැබෑවටම මේ අය වෙහෙසෙන්නේ ජනතාව වෙනුවෙන්ද? (නි)
වින්සන්ට් Thursday, 17 November 2016 04:20 PM
ලක්ෂිගේ පොරොන්දු යෝජනාවට මටත් "පාද සටහනක්" සඳහා ඉඩදෙන්න. පරිසරය විනාශ කරන අයට සහ රාජ්‍ය දේපළ අවභාවිතා කරන අයටද වෙඩි තැබීමට හෝ ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට හැකි වන පරිදි නීති සකස් කළයුතුය (නි)
අසංක Thursday, 17 November 2016 08:01 AM
පුදනකොටම කාපි යකා... එහෙනම් මේ පාරත් ඉවරයි (නි)
ටෙෂාන් Thursday, 17 November 2016 08:00 AM
මේ පක්ෂයේ හැටි සහ ක්‍රියාකාරිත්වය හිතාගන්න පුළුවන් පළමු සාමජිකයාගෙන්ම. (නි)
ශ්‍රීලාල් Thursday, 17 November 2016 08:05 AM
වෙන කවුරුවත් එයාව ගන්නේ නැහැ. මහින්ද ජනාධිපතිතුමාට ඉක්මනට විශ්‍රාම යන්න පුළුවන්. (නි)
රසිකා Thursday, 17 November 2016 08:06 AM
ජයවේවා! අපි හොරුන්ට, හොරුන් අපිට! (නි)
කුමාර් මෙන්ඩිස් Thursday, 17 November 2016 08:11 AM
මෙයාට කොහොමත් එක තැනක් නැහැ. අත්තෙන් අත්තට යන කෙනානේ. තාම හොරකම් කරපු ඒවාට නඩු ඉවර නැහැ හොඳේ (නි)
නාමල් Thursday, 17 November 2016 08:12 AM
අනේ හැබෑට ඒකෙත් හැටි! (නි)
වසන්ත Thursday, 17 November 2016 08:13 AM
ෂා නියමයිනේ. දැන් ඉතින් පක්ෂයේ ජය ෂුවර්! (නි)
සුදේශ් Thursday, 17 November 2016 08:23 AM
පවු. මොවුන්ට අනුකම්පා කරමු. (නි)
අශිකා Thursday, 17 November 2016 08:27 AM
හැමෝම හිතා ඉන්නේ මෙයා රටට දැයට පුදුම ආදරය තියෙන මිනිහෙක් කියලයි. අනේ ඇත්තමයි මිනිසුනේ, මේ හොර දේශපාලුවන්ගෙන් දැන්වත් පාඩමක් ඉගෙනගන්න. මෙයාලා කවදාහරි පඩි නැතුව වැඩ කරන්නම් කිවුවොත් විතරක් ඡන්දෙ දෙන්න (නි)
බණ්ඩාර - කැකිරාව Thursday, 17 November 2016 08:29 AM
මෙයා අාවොත් වැඩේ දෙල්. පොහොට්ටුව සදහටම මිලිනවේවි. රටට සේවය කරන්න බැසිල් නම් හරියන්නෙම නැහැ .මහින්ද ජනාධිපතිතුමා පරදින්න පරදන හේතුව මෙයා තමයි. වෙනත් අලුත් පක්ෂයක් අපිවත් හදමු (නි)
පිටිගල මිලානෝ Thursday, 17 November 2016 08:30 AM
ඡන්දෙට පහුවදා සාටකෙත් නැතුව සූට්කේස් එකකුත් ඇදගෙන දුවපු දිවිල්ල තවමත් අන්තර්ජාලයේ තියෙනවා. (නි)
අබය Thursday, 17 November 2016 08:31 AM
මේක නම් ෂුවර් එකටම බටහිර කුමන්ත්‍රණයක්..... (නි)