(ඩයනා උදයංගනී)
පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ හෙට (8) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
විශේෂයෙන් අන්තර් පළාත් බස් සේවාවන් අද දිනයේත් ක්‍රියාත්මක වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර පමණක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
පොදු ප්‍රවාහන සේවාවන් හෙට (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තීරණය කර තිබුණත් ජනාධිපති මාධ්‍ය අංශය ඉකුත් 5 වැනිදා නිකුත් කරන ලද නිවේදනයෙහි තොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ප්‍රවාහන සේවාවන්ට අදාළ පාර්ශව අතර හෙට දිනයේදී පැවැත්වීමට නියමිත බව කී අමාත්‍යවරයා එහිදී ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව ඉදිරි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව ද කීවේය.
සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේදී දැනට පවතින ලංගම හා පෞද්ගලික බස් රථ ප්‍රමාණවත් නොවන බැවින් විකල්පයක් ලෙස සංචාරක සේවා බස්රථ මෙන්ම දැනට ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ ද මගී ප්‍රවාහනය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබෙන බව ඇමති අමරවීර මහතා සඳහන් කළේය.
එම තාවකාලිකව ලියාපදිංචි කරන බස් රථ අවශ්‍යතාව අනුව පමණක් ධාවනයට යොදවන ලෙස තමන් ගමනාගමන කොමිසමට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා පැවසීය.
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
රුපියල් ලක්ෂ 56 ක මුදලකට විකිණීම සඳහා රැගෙන ආ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනකු ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
කටුනායක ආඩී අම්බලම දැවුමොට්ටාව ව්‍යාපාරිකයකුගේ නිවසට කඩා වැදී වෙඩිතබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් අසාර්තක වූ තැන පලා ගිය සැකකරු අනුරාධපුර රාජාංගනය ප
පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේදී ටි 56 උණ්ඩ යොදා පරිහරණය කළ හැකි මෙරට නිෂ්පාදිත අලුත්ම ගිනි අවියක් , ටි 56 ජිව උණ්ඩ තොගයක් සහ ඩෙටනේටර් ස
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනයක් ලෙස අද (27) ප්‍රකාශයට පත් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට
සිරිබිරිස් Sunday, 07 June 2020 10:15 AM
ඒක කරන්නේ ඡන්දෙ තියෙන්නේ කවදාද කියලා කිව්වට පස්සේ වෙන්න ඇති...