IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘පාද යාත්‍රාව බංකළොත් දේශපාලනඥයන්ගේ වැඩක්‘

මහින්ද  රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය අරඹන්නට යන පාද යාත්‍රාවට අනුබල දෙන ආකාරයෙන් කිසිම ප්‍රකාශයක්  මෛත්‍රීපාල සිරිසේන ජනපති  කිසිවෙකුටත් කියා නැතැයි ද, සැබැවින්ම ජනපති එම ක්‍රියාව හෙළා දැක ඇතැයි ද ඇමැති මහින්ද සමරසිංහ මහතා කියයි.

‘ඒ පාද යාත්‍රාව බංකළොත් දේශපාලනඥයන්ගේ වැඩක්. ජනාධිපතිතුමා කියා ඇත්තේ ශ්‍රීලනිප සහාය ඊට නොලැබෙන බවයි. එසේ තිබියදීත් ජනපති තුමා සම්බන්ධ ප්‍රවෘති විකෘති කිරීම අනුමත කළ නොහැකියි.‘



අදහස් (0)

‘පාද යාත්‍රාව බංකළොත් දේශපාලනඥයන්ගේ වැඩක්‘

චතුරි Tuesday, 26 July 2016 08:42 PM

මහින්ද හිතාගෙන ඉන්නේ එයා හරි තරුණයි කියලා වෙන්න ඇති තවම. හොරුන්ව රැකගන්න, රට විනාශ කරන්න, ජනතාවට දුක් විඳින්න අපි සහය දෙන්නෙ නැහැ (නි)

:       0       0

විපුල Wednesday, 27 July 2016 08:35 AM

ජනවාරි 8 වැනි දා වුණේ බංකොලොත් දේශපාලකයන්ගේ බොරු වලට ජනතාව රැවටීම විතරයි.(ම)

:       0       0

නිහාල් Tuesday, 26 July 2016 09:18 PM

ඒ කාලේ බංකොලොත් නායකයෝ හන්දිගානේ මුට්ටි බිඳිනවා, නලා නාදකරනවා කියලා අපහාසකළෙත් ඔබතුමාලම නේද? (නි)

:       0       0

දසුන් Tuesday, 26 July 2016 09:38 PM

එතකොට 1994 පාද යාත්‍රාව ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

චම්පික Wednesday, 27 July 2016 01:51 AM

අනේ චතුරි, පිස්සුද? යුද්ධය කාලේවත් නැති දුක් ජනතව දැන් විඳින්නේ. රස්සා නැහැ. බඩුමිල අහසට උසට. අනේ නුඹලා වගේ බත් කන හරක්? ඇස් අැර බලන්න, පාට කණ්ණාඩි නොදා (නි)

:       0       0

සඳරුවන් Wednesday, 27 July 2016 01:59 AM

බොහොම සාර්ථක ජනතා ඡන්දෙයන් තේරුණ දේශපාලඥයෙක් මේක කියන්නේ . (අ)

:       0       0

නීල් Wednesday, 27 July 2016 09:27 AM

චතුරිට දෙන්න ඕනෑ පිළිතුර මට මෙතන ලියන්න අමාරුයි (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Wednesday, 27 July 2016 02:47 AM

... අද තත්ත්වය සම්පුර්ණ වෙනස් යහපාලනය ඒක තවත් වෙනස් කළා .. අද දේසපලකයෝ ජනතාව ඉදිරියේ හඬා වැටෙනවා බලන්නකෝ අපිව හිරේ දමන්න යනවා බේරගන්න පාද යාත්‍රා යන්න එන්නකෝ කියල... ජනතාව ඔබ බුද්ධිමත් වෙන්න මොවුන්ගේ බොරු මායම් වලට අහුවෙන්න එපා...වචනකින් හෝ හොරුන්ව බේරගන්න උදව් කිරීම හොරකමටත් වඩා දරුණු අපරාදයක් හා දියුණු වෙමින් පවතින රටකට සිදුකරන බලවත් ද්‍රෝහී කමක් මෙන්ම අපායට පාර කපා ගන්නා පාප කර්මයක් ..(අ)

:       0       0

ගාමිණී Wednesday, 27 July 2016 02:48 AM

පාට කන්නාඩි ගලවල රට දිහා බලන්න මෝඩ නොවී ඉන්න, රට දැන් කොහෙටද යන්නේ ඇස් ඇර බලන්න. (අ)

:       0       0

සමන් Wednesday, 27 July 2016 02:49 AM

දැන් බලවත් විරුද්ධ කණ්ඩායමක් ඉන්නවා ඉස්සර විරුද්ධ පක්ෂයක් තිබුනද මතකත් නැහැ (අ)

:       0       0

කමල් Wednesday, 27 July 2016 02:55 AM

විදෙසයේ සිට පැමිණියේ පාද යාත්‍රාවට සහභාගි වෙන්නයි. (අ)

:       0       0

මොහාන් Wednesday, 27 July 2016 02:58 AM

චතුරි වගේ අයටම හොඳයි මේ ආණ්ඩුව.(අ)

:       0       0

සුදේෂ් Wednesday, 27 July 2016 03:04 AM

බංකළොත් දේශපාලනඥයන් කවුද කියලා මහ මැතිවරණයේදි දැක්කනේ. ඒකනේ ජාතික ලැයිස්තුවෙන් ආවේ පිනට(අ)

:       0       0

යසපාල Wednesday, 27 July 2016 05:02 AM

අනේ ඇත්තටම මේක සිංහල රටක්, සිංහලුන්ට යන්න වෙන රටවල් නැහැ කියලා නොතේරෙන හැටි? මෙහෙම ගියොත් මේ රට නැතිවෙනවා. එ්ක මතක තියාගන්න (නි)

:       0       0

රත්නායක Wednesday, 27 July 2016 05:20 AM

චතුරිට අපි මොනවා කියන්නද? (නි)

:       0       0

මංගල Wednesday, 27 July 2016 05:19 AM

මේ ආණ්ඩුව ගෙදර යනවා නම් පාද යාත්‍රා ඕනෑ නැහැ අපිටත් (නි)

:       0       0

විජිත Wednesday, 27 July 2016 05:19 AM

අපි බලමුකෝ මොනතරම් දුරට බංකොළොත් වෙයිද, සාර්ථක වෙයිද කියලා (නි)

:       0       0

බන්දුල Wednesday, 27 July 2016 01:27 PM

මහත්තයෝ මිනිසුන්ගේ පැත්තෙන් බලන්න, ඔබ ගැන විස්තර මේ ළඟදි පාසල් ළමුන් වෙනුවෙන් කතාකළ ඇමති තුමා ලස්සනට ලියල තබ්බා, එ්ක කියවල හැදෙන්න බලන්න. (බ)

:       0       0

රජින්ද Wednesday, 27 July 2016 05:57 AM

වත්මන් ආණ්ඩුවේ මළගම හෙටින් ඇරඹෙන බව සහතිකයි. මහා පොළවේ පය ගහලා ඉන්න ඕනෑම කෙනෙකුට වැටහෙනවා දැන් මේ රටේ වෙන්නේ මොකක්ද කියන එක. ඒ නිසා හැකිතරම් අපේ මේ මහපොළවේ ඉන්න මිනිස්සු මීට සහභාගීවීම යුතුකමක්. (නි)

:       0       0

ශාමන්ත වෙල්ගම Wednesday, 27 July 2016 06:09 AM

ඔය අය හැර වෙන අය සිටියා නම් ටිකක් හිතන්න තිබුනා. එ්ත් මේ තියන නිදහස හොඳයි එදාට වඩා. සුබා අනාගතයක නිමිති පෙනෙනවා ආර්ථිකය ශක්තිමත් වනවිට, දේශපාලන ස්ථාවරත්වයත් සමඟ. (නි)

:       0       0

ශාන් Wednesday, 27 July 2016 06:18 AM

මේ පාද යාත්‍රා යන්නේ කවුරු වෙනුවෙන්ද කියලා අපිට හොඳට තේරෙනවා. මේ රට වෙනුවෙන් හෝ අපි වෙනුවෙන් කරන වැඩක් නෙමෙයි. මේක ආයෙත් බලය අල්ලාගෙන හොරකම් කරන්න කරන බොළඳ උත්සාහයක් විතරයි. අපිව මෝඩයෝ කරන්න එපා. (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 27 July 2016 06:23 AM

බංකළොත් කව්ද කියලා අපි ඡන්දෙදි දැක්කනේ. එ්ක නැහැ කියන්න බැහැනේ (නි)

:       0       0

සිරි - ඕමාන් Wednesday, 27 July 2016 06:38 AM

බොහෝ දෙනෙක් චතුරි ගේ අදහස ට විරුද්ධව ලියල තියනවා නමුත් තිත්ත ඇත්ත එ්ක තමයි, මහින්ද ගිය විදිහට ගියා නම් රට අනාතයි ! (බ)

:       0       0

තිළිණ Wednesday, 27 July 2016 06:42 AM

දවසින් දවස මිනිස්සුන්ට අසීමිත බදු පටවමින් රටේ සංවර්ධනය බින්දුවට දමමින් ගෙනයන මේ ආණ්ඩුවේ මහජන විරෝධී ගමන අවසන් කල යුතුමයි.. (ම)

:       0       0

මුදියන්සේ Wednesday, 27 July 2016 07:00 AM

චතුරි......කියන්නේ ගැනුනේ බන් ගණන් ගන්න එපා (බ)

:       0       0

අශෝක Wednesday, 27 July 2016 08:01 AM

මුදියන්සේ, දැන් රට පාලනය කරන්නෙත්, වැඩි කාලයක් රට පාලනය කළෙත් ඔය ගණන් ගතයුතු අයම නේද? අද අපේ රට කොතැනද? සිරිමා බණ්ඩාරනායක වගේ තව දෙන්නෙක් රට කළා නම් අද අපිට නැව එනකම් කට අැරගෙන බලාඉන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි සිංගප්පුරුවට වැඩිය දියුණුයි. (නි)

:       0       0

ඇලෙක්සැන්ඩර් Wednesday, 27 July 2016 08:02 AM

චතුරි කියන්නේ ඇත්ත කියන සිරි - ඕමාන්, රට දැන් තමා අනාථවෙලා තියෙන්නේ. පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. ඕමාන් හිටියට ලංකාව හරියට පේන්නේ නැහැ (නි)

:       0       0

දුමින්ද Wednesday, 27 July 2016 08:17 AM

බංකළොත් බව මැතිවරණයේදී අපි දැක්කනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 449 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1024 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 384 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 556 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1318 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site