IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොදු රද මඩුළු ‘රැජිනගේ යෂ්ටිය‘ ලංකාවට ගෙනෙයි

ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවරදී 2014 ජුලි 23 වෙනිදා ආරම්භ වන 20 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ   ‘රැජිනගේ  යෂ්ටිය‘  අද  සවස ශ‍්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

මෙය පොදු රාජය මන්ඩලයේ සාමාජිකත්වය දරන රටවල් හරහා ගෙන යන දුත පිරිසේ  ප්‍රධානියා වන ලුයිස් රෝසා  මහතා විසින්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී    ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වල් දි සිල්වා මහතා වෙක බාර දෙනු ලැබීය.

ක‍්‍රීඩා උළෙල ඇරඹීමට පෙර දින 248 ක් පුරා  මෙම යෂ්ටිය  සියළු  පොදු රාජ්‍ය  මන්ඩලයේ සාමාජිකත්වය දරන රටවල් 70 ක් හරහා රැගෙන  යාමට නියමිතය.

 

 



අදහස් (0)

පොදු රද මඩුළු ‘රැජිනගේ යෂ්ටිය‘ ලංකාවට ගෙනෙයි

සේනාරත්න Sunday, 20 October 2013 10:54 PM

රන්ජනී, මමත් කල්පනා කළේ එයයි. මෙය රටවල් සමුහයක් අතර පවතින මිතුදමක් සනිටුහන් කරන අවස්ථාවක් බව බොහෝ දෙනෙක් නොදන්නා බවක් හැඟෙයි. මෙය අපේ ක්‍රීඩකයන්ට කරනු ලබන ඇරයුමකි. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් ලෙස සළකා මෙම සංකේතය ( යෂ්ටිය ) ලංකාවට එවීම ගැන අපි ආඩම්බර විය යුතුය. නැත්නම් අපි කොන් වූ ජාතියක් බවට පත් වනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවද එවැන්නකි. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 19 October 2013 08:49 PM

රට ගිනි තියන එකක් නැහැ නේද? (අ)

:       0       0

මගරී Sunday, 20 October 2013 01:53 PM

ලෝක රාජ්ජ නායක සමුළුවක් ලංකාවේ පවත්වන්නට ලැබීම ගැන නම් සතුටුයි .ඒත් මේ අධිරාජ්‍ය හෙවනැලි වලට නම් කැමති නැහැ. (නදී)

:       0       0

පෙට් Monday, 21 October 2013 03:27 AM

කට්ටිය කවුරුවත් කියලා දෙන්නේ නැද්ද යෂ්ටිය කියන්නේ මොකක්ද අනේ? මේක මහා බල සම්පන්න දෙයක්ද? යගදාව කියන්නෙත් මේකටමද? (නි)

:       0       0

බිම්බිසාර Sunday, 20 October 2013 03:07 PM

අචිනි, පේනවා! පේනවා!! ඉතින් මොකක්ද කරන්න කියන්නේ?ඕව ගැන කතා කරලා අම්ම අප්පා දූ දරුවෝ අහිමි කර ගෙන ඉන්න රට කුත් නැතුව ගියා නම් මොකද වෙන කරන්න තියෙන්නේ. රැජිනගේ කට්ටිය යනකොට බාරදීල ගියා කට්ටිය ඒකම කරනවා ඊට වැඩිය හොඳට. ඔයාට හරි පුදුමයි නේද අචිනි?.(නදී)

:       0       0

ආරියසේන Monday, 21 October 2013 06:58 AM

මහ රැජින නොපැමිණියත් යෂ්ටිය ලංකාවට එව්වනේ,ඒක ලංකාවට ආඩම්බරයක්. (නි)

:       0       0

ඩිල්ෂාන් Monday, 21 October 2013 07:17 AM

රංජනී, ලුම්බිණි, සම්ළුවලට ලොකු වියදමක් යනවා නේද? කොහොමද අපි වගේ පුංචි රටක් ඒක දරාගන්නේ? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 21 October 2013 07:48 AM

ඔය සැණකෙළියෙන් පස්සේ තවත් කෝටි ප්‍රකෝටිපතියෝ බිහි වේවී.ගිය වියදම් වලට හරියන්න පාන් කෑල්ලට,පරිප්පු ටිකට,බත් ටිකට තවත් බදු ගහලා අසරණ මිනිසුන්ට තමයි දුක දැනෙන්නේ. (නි)

:       0       0

රන්ජනී Monday, 21 October 2013 07:59 AM

ඩිල්ෂාන්, ඔය වගේ සමුළුවක් ලංකාවේ තියෙන්න ලැබුණ එකත් අපේ පුංචි රටට ලොකු ආඩම්බරයක්. ලංකාවේ පාරක යන්න බැරි ගිනි ඇවිලුන කාලය අමතක කරන්න එපා. යුධ ගිනි නිවලා කෙටි කාලයකට පස්සේ මෙවන් සමුළුවක් තියන්න ලැබීමත් අපේ වාසනාවක්. ලෝකයේම අවධානය අපේ පුංචි රටට ලැබෙනවා. යුද්ධයක් නිසා මොන වියදමක් දරාගත්තද....? (නි)

:       0       0

බිම්බිසාර Sunday, 20 October 2013 08:30 AM

ඔය යෂ්ටිය අයිති අය අපේ රටේ සංස්කෘතිය සභ්‍යත්වය,දේපල. කොල්ල කෑවා අවුරුදු සිය ගණනක්. රැජින දැන් අපේ රටේ නායිකාව නෙවෙයි. (නදී)

:       0       0

රන්ජනී Sunday, 20 October 2013 06:47 PM

මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ?මෝඩකමට බෙහෙත් නැතිලුනේ. රට අල්ලන්න නෙවේ යෂ්ටිය ගේන්නේ හොදින් තේරුම් ගන්න. අපේ රටට ආඩම්බරයක්! මින් පෙර නොව්න දේවල් ජනාධිපතිතුමා කරන්නේ.ලුම්බිණි කියල තියන දේම තමා කියන්න තියන්නේ.(නදී)

:       0       0

පෙටී Sunday, 20 October 2013 09:03 AM

යෂ්ටිය කියන්නේ මොකක්ද අනේ?(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 20 October 2013 09:12 AM

‘රැජිනගේ යෂ්ටිය‘ පරිස්සන් කර ගන්න. (නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 20 October 2013 09:14 AM

මෙම පොදු රාජ්‍ය මන්ඩලයේ පැවැත්වෙන සැණකෙළියට පස්සේ මහජන මුදලින් ගත් කෝටි ගණනින් වටිනා අදි සුඛෝප භෝගී කාර් වලට මොකද වෙන්නේ? කට්ටිය බෙදා හදා ගන්නවද?නැතිනම් ප්‍රසිද්ද වෙන්දීසියේ දානවද?(නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 20 October 2013 09:15 AM

හැබෑටම ඕක රත්තරන්ද?ගොඩාක් වටිනා එකක්ද? පරිස්සමින්.(නදී)

:       0       0

අචිනි Sunday, 20 October 2013 09:26 AM

බිම්බිසාර, ඔයාගේ අදහස ගැන හරිම පුදුමයි. දැන් ඉන්න සමහර අය රටේම තියන සම්පත් කොල්ල කනවා. නීතිය ගැනත් හිතන්නේ නැහැ. ඒවා පෙන්නේ නැද්ද ?(නදී)

:       0       0

ඇන්ටන් Sunday, 20 October 2013 10:20 AM

යස්ටිය තියන්න ආදාරකයක් වත් ලෑස්ති කරලා නැහැ. පුටු සැටිය උඩ තියලා තියෙන්නේ. පුදුම නිලදාරීන් පිරිසක්. ලැජ්ජාවේ බෑ (නදී)

:       0       0

පෙරේරා Sunday, 20 October 2013 10:33 AM

ටිකිරි බණ්ඩා, ඒවා ඉතින් කාගේ "යෂ්ටිය" බවට පත් වෙයිද කියල හිතාගන්න බැරිද? . (නදී)

:       0       0

පෙරේරා Sunday, 20 October 2013 10:51 AM

ආහාර නොමැතිව කුසගින්නේ ලක්ෂ ගණන් මියයන ලෝකයට දැනට තියෙන අඩුව ඔය වගේ යෂ්ටියක් තමයි. (නදී)

:       0       0

ජුවානිස් Sunday, 20 October 2013 08:12 PM

රංජනී, ඔයා ප්‍රදර්ශනය කරන්නේ ඔය බෙහෙත් නැති රෝග ලක්ෂණයම තමයි. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 20 October 2013 12:28 PM

මේ අදහස් ලියපු බොහෝ අය ගැන දැනෙන්නේ ඉතාම කණගාටුවක්. (නදී)

:       0       0

පෙරේරා Saturday, 19 October 2013 07:54 PM

තව ඉදිරියට රටට මොන මොන ගිනි සිළු ඒවිද දන්නේ නැහැ නේද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1547 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2029 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2519 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5740 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1803 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6401 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18314 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site