IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොදු රද ලේකම් මෛත්‍රී ගුණ වනයි

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධූර කාලයේ දි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, මානව හිමිකම් හා වගවීම යන පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍ර‍තිපත්ති ප්‍රවර්ධනය කිරිමට පරමාදර්ශී මෙහෙයක් කළ බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා අද මෝල්ටා රාජ්‍යයේ පැවති මාධ්‍ය හමුවේ දි කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍ර‍තිපත්ති ප්‍ර‍වර්ධනය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද කැපවීම ඉතා යහපත් දෙයක්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී කළ දේශනයෙන් ද පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍ර‍තිපත්ති ප්‍ර‍වර්ධනය සදහා ප්‍ර‍ශස්ත කාලයක් වෙන් කිරීමට ද ඔහු කටයුතු කළා.“

මෙම මාධ්‍ය හමුවට මෝල්ටා අගමැති ජෝෂප් මස්කට් මහතා ද පැමිණ සිටියේය. ඓතිහාසික ශාන්ත ඇන්ජලෝ කොටුවේ දී සිකුරාදා (27) පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ආරම්භවීමට නියමිතය. වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදින සිය සභාපති ධූරය මෝල්ටා අගමැතිවරයාට බාර දීමට නියමිතය.

මෝල්ටා අගමැති මස්කට් මහතා පවසන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් ලෙස නොව ජනතාවගේ පොදු රාජ්‍ය මණ්ඩලය බවට පත්කිරීමේ සිය දර්ශනය ලෙස ගෙන කටයුතු කරන බවයි.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

01



අදහස් (0)

පොදු රද ලේකම් මෛත්‍රී ගුණ වනයි

වසන්ජය Thursday, 26 November 2015 09:51 PM

වගවීම කියන්නේ මොකක්ද කරුණාවෙන් පහද දෙන්න (අ)

:       0       0

කසුන් Friday, 27 November 2015 04:07 AM

අපේ ජනපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

සොපී Friday, 27 November 2015 05:20 AM

මම නම් හිතන්නේ දොස් පවරන්නන්ට වඩා ගුණවයන්නන්ගෙන් ප්‍රවේශම් වියයුතුයි කියායි (නි)

:       0       0

ඇසළ Friday, 27 November 2015 07:06 AM

බලාගෙන හො‍ඳේ. කෑම මේසයට ආප්ප එහෙම තියෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දිසානායක Friday, 27 November 2015 07:12 AM

එතුමා ප්‍රශංසාව ලැබීමට සුදුසු කෙනෙක් (නි)

:       0       0

දුමින්ද Friday, 27 November 2015 07:35 AM

හිටපු ජනපතිටත් මෙසේම කළ බවට මතකයක් තිබෙනවා මට (නි)

:       0       0

ගිහාන් Friday, 27 November 2015 08:22 AM

ජනපතිඳුන්ට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 757 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1692 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 802 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 37 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 785 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 772 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20088 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16768 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site