IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පෝදා සදහම් සිතුවිලි

දුක්ඛ සත්‍යය -

ශ‍්‍රී සද්ධර්මය යනු අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ තුන් ලෝකයේම සිටිනා සියළු සත්වයින් වෙනුවෙන් පැහැදිලි කරන ලද දේශනාවය. මේ දේශනාවේ ප‍්‍රමුඛ තැනක් හිමිවන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවටය. එයට හේතුව නම් මේ ශ‍්‍රී සද්ධර්මය අනුගමනය කිරීමටත් පිළිපැදීමටත් හැකිවන ක‍්‍රමවේදය සහ හේතුව පහදා දී ඇති නිසාය. අප බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මේ මුළු ලෝකයම ඇති වීමත් පැවතීමත් නැති වීමත් දුකක් බවය. මෙසේ ඇතිවන දුකත්, එයට හේතුවත්, එය නැති වීමත්, නැතිකර ගැනීමේ මාර්ගයත් නම් චතුරාර්ය සත්‍යයයි. මෙහි ඇති දුක පිළිබඳව පැහැදිලි කිරීමක් මෙවර ධර්ම පත‍්‍රිකාවෙන් ඉදිරිපත් කරන්නෙමි.

බෞද්ධයකු වීමේ ඒකායන පරමාර්ථය නම් නිර්වානය ශාක්ෂාත් කරගැනීමයි. එදාට මේ සියළු දුක් අවසන් වන බව අප තථාගයන් වහන්සේ උපමා ගෙන හැරපාමින් ඥාණවන්තයාට තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් දේශනා කර ඇත. මේ මුළු ලෝකයම දුකක් නම් මොකක්ද මේ ලෝකය, මොකක්ද දුක කියා බලමු. අප බුදුරජාණන් වහන්සේ ලෝකය කියා හැදින්වූයේ බඹයක් පමණ වූ ඇස කණ නාසය දිව ශරීරය වූ රූපයටත් සිත නම්වූ නාමයටත් ය. රූපයට සිත සම්බන්ධ වූ දා සිට මරණය දක්වාම දුකක්ය. ගර්භාෂයේ හටගත් කළලයට සිතක් එකතුවීම භවයක් හට ගැනීමය. මෙය පෙර භව වල කර්මයේ ප‍්‍රතිඵලයක් කරගෙන හට ගැනීමක්ය. මෙසේ හටගත් කලලය මාස නවයකට නොඅඩු කාලයක් සිට ඉපදීම ජාතිපි දුක්ඛා යනුවෙන් මේ ලෝකයේ පළමු වැනි දුක හදුන්වා දෙයි. සම්පූර්ණ දස මසක කාලයක් තුළ ගර්භාෂයෙහි දුකක් නොමැතිව සිටි එකම මනුෂ්‍ය භවය අප මහ සිදුහත් බෝසතානන් බව පොත පතෙහි සඳහන්ව ඇත. ඒ බෝසතානන්ය, කෙසේද අපි ගර්භාෂය තුළ ඉන්නේ ආලෝකයක් නැති අඳුරු ලෝකාන්තරිය අපායේ සිටිනවා වගේය. අශූචි වලක සිටින පණුවෙක්වගේය. මුත‍්‍රාද, සොටුද, කෙලද අශූචි සියල්ලම වටේටය. අම්මා වතුර බොන කොට අධික ශීතලක්ද, උණුවතුර බොනකොට ගිනිකබලකට දමා පෙරලනවා වගේද, ලූණු ඇඹුල් දොළ දුකට කනකොට පිහියකින් කපාපු සිරුරකට ලූණු දමනවා වගේද, අම්මා නිදනවිට ඒමේ අත හැරෙන විට අතපය අකුලාගෙන විදින වේදනාවද ඉපදෙන විට මහා පර්වත දෙකකට හිරවී ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් කොහාට වැටෙනවාද නොදකිමින් නොදනිමින්ද ඉපදුන පසු ඇගපුරා ඇති ජරාව පිරිසිදු කරන විට දැනෙන්නේ අලූත වූ තුවාලයක් කොස්සකින් සුද්ධ කරනවා වගේය. මෙසේ ඉපදී වයසට ගොස් මිය යන තෙක් පැවැත්ම සංසාරය ගෙවනවා යැයි කියනු ඇත. මේ කාලය තුළ මේ පැවැත්මට මිනිසා සැප යැයි කියා කොපමණ දුක් විද ඇත්ද, ඔබ ගැන පමණක් හිතන්න මුදල් හම්බකර ගෙවල්, යාන වාහන, ඉඩ කඩම්, දරුවන්, රැකියාවන් මේවා ලංකර ගැනීමට ගත් උත්සාහය සැපයක්ද මේ දුක ඉපදීම නිසා සිදු වූවක් නොවේද, මේ නම් සැපතයි හොඳයි වටිනවා කියන මනුෂ්‍ය ජීවිතය ඉපදෙන විට විදින පළමු දුක ජාතිපි දුක්ඛයයි දෙවෙනි දුක නම් ජරාපි දුක්ඛයයි, ජරාවට පත්වෙනවා යනුවෙන් අදහස් වන්නේ පිවිතුරු ලස්සන සෞම්‍යයව තිබූ දෙය කිලිටි වී යොවුන් බව නැතිවීම නිසා ඇතිවන දුකය. මේ දුක ඇති වන්නේ ස්වභාවයෙන් ඇති වනදේ ස්වභාවයෙන්ම නැතිවී යන බව නොපිළිගැනීම නිසාය. මොකක්ද මේ ජරාවට පත්වන්නේ, භවයක් නිසා හටගත් ඇස කන නාසය දිව ශරීරයයි. ඉපදී මාස 1 1/2 වනතුරු මේ ඉන්ද්‍රියන් නියම ක‍්‍රියාකාරීත්වයේ නැති බව මාගේ මතයයි. එතැන් සිට ක‍්‍රියාකාරීවී සිටියොත් මේ ඉඳුරන් පහ තිබෙන්නේ ළදරු වයසේ තිබුණු තැනද? සිරිපාල හෝ රන් මැණිකා යන නම් දෙක මහළු වී නැත. වෙනස් වී නැත. ඉඳුරන් පහ වයසට යාම මහළු වීමය. මෙය කාට හෝ නැවත්විය හැකිද ? සමහරෙක් ලෝක ස්වභාවයට විරුද්ධව වැඩ කිරීමට ගොස් විදින දුක්ද, ජරාවට වයසට යාම වන දුක තුළ ඇති තවත් දුකක්ය. මෙය ජරාපි දුක්ඛයයි.

තුන්වැනි දුක වශයෙන් හදුන්වන්නේ ව්‍යාධිපි දුක්ඛයයි. ව්‍යාධියට පත්වෙනවා කියන්නේ ලෙඩ වීමයි. ඉපදී මරණය දක්වාම මේ ශරීරය ලෙඩ ගොඩකි. කිසිම කෙනෙකුගේ මේ ශරීරය ලෙඩක් නැතිව පවතින්නේ නැත ලෙඩ අඩුවෙන් තිබීම නිසා ලෙඩ නෑ කීම මුලාවක්ය. බඩගින්නත්, පිපාසයත් ලෙඩක්ය. අනෙක් වේදනා ඉවසාගෙන සිටියත් මේ ගින්න උහුලගෙන ඉන්න පුළුවන්ද ? සල්ලි දීලා කන්න බැරි වුණොත් ඉල්ලාගෙන හරි හොරකම් කරලා හරි කනවානේද, ලෙඩවී, කන්න බොන්න නැගිටින්න ඉදගන්න හුස්ම ගන්න වැසිකිලි කැසිකිලි වලට යන්න කථා කර ගන්න, කථා කරන දේ මොනවාද කියල තේරෙන්නේ නැති වෙනකොට, ශරීරය ඇතුළත රෝග නිසා ශෛල්‍ය කර්ම කරන කොට ඒ තුවාල වල වේදනාව විදින කොට දුකක් නොවේද මෙය නම් ලෙඩවීම නිසා ඇතිවන ව්‍යාධිපි දුක්ඛයයි.

හතරවන දුක නම් මරණ දුඛය. මරණය නම් හේතුවක් නිසා හටගත් සියළු දේ නිරුද්ධ වීම නැතිවීම මරණයයි. මේ ලිපිය කියවන ඔබගේ මේ වනවිට ළදරුකම ළමාකම තරුණකම මැදිවිය නැතිවී නැත්ද නැති වන්නේ නැතිද, භවයක් ලැබූ ඔබගේ ඇස, කන, නාසය, දිව, ශරීරය දුබල වීම පෙර තත්ත්වය නොමැතිවීමයි නැතිවීමයි. අවසානයේ සිතද නැති වූ විට කය රොඩ්ඩක්ය. එය නම් මරණයයි. බලවත් වූ කර්මයෙහි ඵලය විදීමට සත්වයා බොහෝ කල් ජීවත් වෙති. පහන් වැටිය නිරුපද්‍රිතව තිබියදී වැසි සුලං නොමැතිව තෙල් ඉවර වීම නිසා පහන නිවෙන්නේ නැත්ද ඒවගේම ආයුෂ තිබියදී දුර්වල කර්මයක් නිසා සත්වයා මිය යති. ආයුෂ ඉවර වී මිය යති. ආයුෂත් කර්මයත් තිබියදී නොසිතූ වෙලාවක මියයති. කුමන විදිහට මියගියත් මියයන තැනැත්තා කුමන හෝ ආකාරයක වේදනාවක් දුකක් විද මිය යන බව කිව යුතුය. මේ ලෝකයට සත්‍ය කියාදුන් අප සම්මා සම්බුදු රජාණන් වහන්සේද පෙර කර්මය අවසන් කර වේදනා විද පිරිනිවන් පෑ බව සිතන්න. එසේ නම් ඉපදෙන  ඕනෑම සත්වයකුට මරණය දුකක් වීම මරණ දුක්ඛයයි. පස්වන දුක නම් ශෝක දුක්ඛයයි. සැනසුමක් සතුටක් නැති තැන එය නැතිවීමට හේතුවූ කාරණාව ගැන සිතා කණගාටුවීම ශෝකයයි. තිබුණූ ආදරය නැතිවූ විට සොයාගත් වස්තුව නැතිවන විට, මගේ කියූ බිරිඳගේ ස්වාමියාගේ දරුවන්ගේ සෙනෙහස නැතිවීම, නිරෝගී බව නැතිවී රෝගීවීම ශෝකයට කරුණක් නොවේද ? ඉපදීම නිසාම තවත් බොහෝ කරුණු වලට ශෝකවීම ශෝක දුක්ඛයයි. හයවෙනි දුක නම් පරිදේව දුක්ඛයයි. සිතූ නැති වේලාවක තමන්ගේ ඥාතීන් වස්තූන් නැතිවී ඒ ගැන සිත සිතා කරුණු කිය කියා (විලාප) කදුලූ සලමින් දුක්වීම පරිදේව දුක්ඛයයි. හත්වැනි දුක නම් දුඛ දුක්ඛයයි. කායික මානසික රිදුම් දැවීම් තැවීම් දුකක්මය. මගේ යැයි කියූ ලස්සනයි හොදයි වටිනවා කියූ මේ කයම අපට කොච්චර දුකක්ද මේ කයෙහි ඇති ඇස, කන, නාසය, දිව, ශරීරය රෝගී වුණාම මොන දුකක්ද ඒවා නිරෝගී වෙනකම් නිරෝගී කරගන්නට අප විදින්නේ මොන තරම් දුකක්ද, ඇස් පෙනෙන්නේ නැතිව ගියාම, අපට සිදුවන විපතක් සැපතක් අසා දැන ගැනීමට (හඬ) නොහැකියාව, නාසයට ගඳ සුවද දැනෙන්නේ නැති වුනාම ගදනිසා ඇතිවන විපතක් යහපත නිසා ඇති සුවදත් දැනගන්නට ලැබේද ? දිවට රසක් දැනෙන්නේ නැති වුණාම රස නීරස හඳුනා නොගැනීමෙන් සතුටක් ඇත්වේද ? ශරීරය ලෙඩ වීමෙන් හුස්ම ගන්න බැරුව නැගිටින්න ඉඳගන්න මලපහ කිරීමට කෑමට බීමට නොහැකි වීම සැපක්ද, සියළු දේ නිසියාකාරව නොතිබීමෙන් ඇතිවන වේදනාව දුකක් නොවෙයිද සිතද අක‍්‍රීය වී හැගීම් දැනීම් කිසිවක් නොතේරී නොදැනී කෙළ සොටු මළ මුත‍්‍රා පෙරාගෙන සිටීමට වුණොත් වේදනාව නොදැනුනත් දුකක් නෙමේද මනුෂ්‍ය ආත්මයක් ලබා විදීමට සිදුවන දුක මෙසේ නම් දැහැමිව යහපත් මනුෂ්‍ය ගති පැවතුම් වලින් ජීවත් නොවී තණ්හාවෙන් ද්වේෂයෙන් මාන්නයෙන් ජීවත් වී සතර අපායේ ඉපදුනොත් මේ දුක අඩුවේද වැඩිවේවිද මෙය කියවන ගමන් සිතන්න මෙය නම් දුඛ දුක්ඛයයි. අටවෙනි දුක නම් දොමනස්ස දුක්ඛයයි. දෝමනස්සය යනු කලකිරුණු ස්වභාවයි. තමන්ගේ අම්මාට, තාත්තාට, බිරිඳට, ස්වාමියාට, දරුවන්ට, කොපමණ යහපත් විදිහට සැලකුවත් ඔවුන් තමා කෙරෙහි පිළිගැනීමක් ගෞරවයක් නොමැතිවීම කලකිරීමට දොම්නස්සට හේතුවයි. මෙය සතුටක්ද, පාපතරමිථ්‍යා දුෂ්ඨික දුශ්ශීලයකුට නම් නොතේරුම්කම නිසා දෝමනස්සයට ස්වභාවයක් නොතේරුනත්, යුතුකම් වගකීමෙන් නොකළත් කළ යුතු දෙය ඔවුන් වෙනුවෙන් කළ අයකුට කණගාටුවට, දුකට, දෝමනස්සයට හේතුවක්ය. මෙය දෝමනස්ස දුක්ඛයයි.නවවෙනි දුකනම් උපායාස දුක්ඛයයි. තමන්ගේ යැයි කියූ හෝ තමන් ප‍්‍රිය කරන කෙනෙකුට සිදුවූ විපත්තිය ගැන නොහඩා නොදොඩා සිහිකරමින් කල්පනා කරමින් සුසුම් ලමින් තැවි තැවී නොකා නොබී සිතෙන් දුක් වේදනා විදීම උපායාස දුක්ඛයයි. දසවෙනි දුක නම් අප‍්‍රිය සම්ප‍්‍රයෝග දුක්ඛයයි. වස්තුවක් හා අප‍්‍රිය පුද්ගලයින් මුණගැසීම් අප‍්‍රිය සම්ප‍්‍රයෝගයයි කුණු කසල, සෙම, සොටු,  මල මුත‍්‍රා, අමිහිරි ශබ්දයෝද, ගඳ ගහන දේද, තිත්ත රසද, දුකක් ගෙනදෙන ස්පර්ශයෝද අප‍්‍රිය වස්තූන්ය. මෙය දුකක් නොවුණත් අකමැති දේ විදීමට ලැබීම නොසතුටට හේතුවක්ය. අප‍්‍රිය පුද්ගලයෝ නම් හොඳ නරක නොදන්නා යහපත්, අයහපත් කම නොදන්නා පව් පින් නොදන්නා ලැජ්ජාව භය යන තේරුම නොදන්නා තමන්ගේ අභිමානය ගැන පමණක් සිතා නිවැරදි දේ වුවත් පිළිගැනීමට අකමැති දහමට වෛර කරන දහම පිළි නොගන්නා, දහමට නැඹුරුවන කෙනෙකුටවත් එයට ඉඩක් නොදෙන මාන්නක්කාර පාපතරයෝ (ගැහැණු පිරිමි) අප‍්‍රිය පුද්ගලයෝය. මොවුන් සමඟ එක්වීම දුකක්මය. මෙය නම් අප‍්‍රිය සම්ප‍්‍රයෝග දුක්ඛයයි.එකලොස්වන දුක නම් ප‍්‍රිය විප‍්‍රයෝග දුක්ඛයයි. තමන් ප‍්‍රිය කළ ආරක්ෂා කළ වස්තුන් නැතිවීමත් තමන්ගේ යහපත සඳහා සිටින කල්‍යාණ මිතුරන් හා ප‍්‍රියකරන අය නැතිවීම වෙන්වීම වෙන්කිරීම දුකක් මය. මෙය කායික මානසික පීඩාවක් වීමෙන් සමහරු රෝගීවෙති, මියයති, සියදිවි හානිකර ගනිති. මෙයනම් ප‍්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, ප‍්‍රිය විප‍්‍රයෝග දුක්ඛයයි.දොලොස්වෙනි දුක නම් කැමති දේ නොලැබීමේ දුක්ඛයයි සෑම මිනිසෙකුම ජීවත් වීමේදී බලාපොරොත්තු පෙරදැරි කොටගෙන ඇත්තේය. සමහරෙක් තමන්ට නැති නොයෙක් දේවල් ලැබීමට බලාපොරොත්තු වෙති, දෙයක් ඇති උදවිය එය වැඩිකර ගැනීමට බලාපොරොත්තු වෙති. සැමගේම මේ බලාපොරොත්තු ඒ ආකාරයයෙන්ම ඉටුවෙනවාද මේ ඉටුනොවීම දුකක් නොවෙතත් කායික මානසික දුක් වේදනා ඇතිවීම කැමති දේ නොලැබීමේ දුක්ඛයයි.

දහතුන්වැනි දුක නම් පඤ්චෝපාදානස්කන්ධ දුක්ඛයයි. කයෙහි පිහිටා ඇති ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉදුරන් පහම දුක්වල උප්පත්ති ගෙනෙන ස්ථානයි. මේ ඉදුරන්ගෙන් හටගන්නා සියළුම අරමුණු දුකකැයි තථාගතයන් වහන්සේ වදාරා ඇත. මේ ඉදුරන් අපට කර ඇත්තේ මාර බන්ධනයක පටලැවීමයි. ඇස අපට මෙලොව එලිය දුටුදා පටන් කර ඇත්තේ අවලක්ෂණ අකමැතිදේ ලංකිරීමද, කැමති දේ ලස්සන දේ ලංකිරීමනේද. ඇත්තටම ඒ දෙය ලස්සනද, කැත වසා පොත්ත ලස්සන කර ඔප දමා තිබූ දෙයක් නොවේද. යෞවන වියේදී දැක්ක ලස්සන මහළුවියේදි හමරැලි වැටී කොන්ඩය සුදුවී ගැලවී, දත්වැටී, ඇස්පේන්නේ නැතිව, ඇවිද ගන්න බැරිව සිටින විට ඇස පෙන්නපු ලස්සන සදාකාලික නොවනස්වන අනිත්‍ය එකක් බව පිළිගන්නවාද, අවලක්ෂණ දෙය අතහැර ඇස වෙනත් ලස්සන ප‍්‍රාණයක් හෝ වස්තුවක් දෙස බලන්නේ නැතිද. ඇස පෙන්වන දේ අවබෝධ කර ගැනීමට නොහැකිව ලස්සනයි හොදයි අවංකයි වටිනවා කියා නොයෙක් අදහස් ඇතිකරගෙන ලංකරගන්නේ ඇස පෙන්වන මායාවට අනවබෝධය නිසා අසුවීම නිසාය. හොදම උදාහරණයක් වශයෙන් පිරිමියෙකුට හෝ ගැහැණියකට මේ දෙදෙනාගේ සිරුරු දුටුවිට ලස්සනයි, හොදයි, පියකරුයි, හුරුබුහුටියි කියා රාගයක් අශාවක් ඇතිවන්නේ පෙනෙන සිරුරේ ඇත්ත වසා ඇති නිසාය. (රාගය ඉදිරියේ ඇස් අන්ධය) කෙස්, ලොම්, මස් ඇට, කෙලෙ, සොටු, සෙම, හම බඩවැල්, මුත‍්‍රා, අසූචි වැනි අංග 32 කින් සමන්විතව තිබෙන අසූචි වලකටත් වඩා අප‍්‍රිය හිතෙන එකක් කියා ඇසේ මායාවට හිත අසුවුන නිසා අපට දැනෙනවාද ?

කනද එසේම මිහිරියි කියපු හඩක්, ශබ්දයක්, අමිහිරි වෙන වෙලාවල් බොහෝය. බඩගින්න නිවා ගැනීමට කුසට අවශ්‍ය වන්නේ කුමන හෝ ආහාරයක්ය නමුත් දිව සොයන්නේ ප‍්‍රනීත රසය නොවේද ? මොනරස කොපමණ වටිනා උවත් දිවෙන් ඇතුලට ගියවිට ටිකවේලාවක් හපා කෙලත් සමඟ මිශ‍්‍ර වූ ආහාරය නැවත අතට, අරගෙන රසයි කියලා කන්න පුළුවන්ද කොපමණ රසයි වටිනවා කීවත් ඒ ආහාර පසුවදාට එලියට එනවිට රසනිසා වටින නිසා අරගෙන තියාගන්නවාද, ඒ පැත්තවත් බලනවාද, එතකොට දිව හොයපු දෙය බොරුවක් නේද ? නාසයට දැනෙනා සුවඳ ද අනිත්‍යය. ශරීරය ලබා ගන්නා පහස ස්පර්ශයද ලබනකම් පමණි. හොදයි කියන සැපය කියන පහස ස්පර්ශයද ලබන කම් පමණි. හොදයි කියන සැපයි කියන පහස ස්පර්ශයද සොයා යාමද දුකකි. මේ සියළු කරුණු නිසා නිරෝගිව අංග සම්පූර්ණව උපදින සැම සත්වයකුට හට ගන්නා මේ පංච උපාදානස්කන්ධෝයම දුකකි. පෙර භවයක කර්ම ඵලයක් ලෙස උපතක් ලබා මිය යන තෙක් ජීවිත් වීමේදී මේ දුක් දහතුන උරුමයි එය අඩුවැඩි වන්නේ පෙර ආත්මයේ කළගුණ වගාවේ අගුණ වගාවේ ප‍්‍රතිඵලයක් ලෙසය. සැපයයි කියා හිතුවේ ධනය නිසා වස්තුව නිසා ලබපු වින්දනයට විය හැක උපදින්නේත් දුකෙන්ය. මැරෙන්නෙත් දුකෙන්ය. සදාකාලික සැප ඇත්තේ නිවනෙහිය. දුක්ඛ සත්‍ය මෙසේ කෙටි විස්තරයක් කර අවසන් කරමි.   

 

                                                                                    තෙරුවන් සරණයි

                                                                                               

                                                                                                

                                                                                               

 

                                    



අදහස් (0)

පෝදා සදහම් සිතුවිලි

ප්‍රභාත් Tuesday, 27 October 2015 12:19 PM

ඔබට ස්තූතියි අතුල. ඉතා වටිනා වෙබ් අඩවියක් (නි)

:       0       0

අතුල Tuesday, 27 October 2015 03:03 AM

වටිනා තොරතුරු තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ස්තුතියි. හුදෙක් ඔබ සියලු දැනගැනීමට ඉදිරිපත් කරනු ඇත. සිංහල අභිධර්මය දේශනා දැන ගැනීමට පහත සඳහන් වෙබ් අඩවි බලන්න. https://abhidharmaya.wordpress.com ඔබ සැමට තෙරුවන් සරණ පතමි!!! (නි)

:       0       0

තුෂාර Tuesday, 27 October 2015 06:45 AM

ඉතාම හොඳ ලිපියක්. ස්තූතියි ඔබට! (නි)

:       0       0

උදාර Tuesday, 27 October 2015 09:34 AM

හොඳ ලිපියක්. (ර)

:       0       0

ප්‍රදීප් Monday, 26 October 2015 05:40 PM

මෙවන් වටිනා ධර්ම කරුණු ඇතුලත් ලිපි ලියන්න ඔබට තෙරුවන් සරණ පතමි. ..(රේ)

:       0       0

ඉනෝකා Monday, 26 October 2015 06:34 PM

සෝමතිලක මහතාණෙනි,මා නොදැන සිටි බොහෝ කරුණු වටහා ගත්තෙමි.මේ දුක් දහතුන නිසා මිනිසා සැපයක් යැයි සිතාසිටිනා මේ ජීවිතය අප විඳිනා තරමක්.....!. සිතාගැනීමටත් නොහැකිය.මෙවන් වටිනා ලිපි ඉදිරියටත් බලාපොරොත්තු වෙමු.දැනුවත් කිරීම ගැන ස්තුතිය පුදකරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3169 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ගාල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 26 0


උඩදුම්බර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 51 0


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 69 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 68 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 247 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 230 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site