IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොදු සමාවෙන් ලංකාවට එන පිරිසේ අඩුවක්

සෞදි අරාබියේ වෙසෙන  නීතී විරෝධී  අනවසරික  විදේශිකයින්  සදහා වු  පොදුසමා කාලයට සමගාමීව  මේ වන විට දසදහසකට අධික  ශ්‍රී ලාංකික  අවතැන්වුවන් සදහා  තාවකාලික  ගමන් බලපත්‍ර  නිකුත් කර ඇති බව රියාද් තානාපති කාර්යාලය පවසයි.

රියාද් කලාපයේ  පමණක් මේ වන විටත් අවතැන්  වු හෝ  නීතී විරෝධිව රැදී සිටින  ශ්‍රී ලාංකිකයින් හයදහසකට පමණ තාවකාලික ගමන් බලපත්‍ර  නිකුත් කර ඇති බව ඔහු පවසයි.

 ජෙඩා හි පිහිටි   ශ්‍රී ලංකා කොන්සියුලර්  කාර්යාලයේ ආරංචි මාර්ග අනුව  හාරදහසක් පමණ  පිරිසකට  තාවකාලික බලපත්‍ර නිකුත් කර ඇති අතර  නැගෙනහිර කලාපයේ  අල් කොබාර්  දමාම්  සහ තදාසන්න ප්‍රදේශවල  වෙහෙසෙන  අවතැන් වු ලාංකික ප්‍රජාවට හත්සිය පනහක් පමණ තාවකාලික බලපත්‍ර  නිකුත් තැර ඇත්තේ  රියාද් තානාපති කාර්යාලය මෙහෙයවන  නැගෙනහිර කලාප  ජංගම සේවයේදීය.

 කෙසේ වුවද රියාද්   කලාපයේ  වෙසෙන හයදහස ඉක්ම වු  ගමන් බලපත්‍ර ලබා ගත් අවතැන් වු  ශ්‍රී ලාංකිකයින් අතුරින්  සැලැකිය යුතු පිරිසක්  මේ වන විටත් රියාද්  ජත්‍යන්තර  ගුවන්තොටුපොළින්  ශ්‍රී ලංකාව බලා  පිටත්ව ගොස් සිටින නමුත්  ලබා ගත් හා නිකුත් කර ඇති  ගමන් බලපත්‍ර  වලට සාපේක්ෂව රටින්   පිටව යන්නන්  ප්‍රමාණයෙහි  මන්දගාමී ස්වරූපයක්  පෙන්නුම් කරන  අතරම  ආගමන විගමන  කාර්යාලයට හෝ  ගුවන්තොටුපළට ගොස්  නැවත හරවා  එවා ඇති  ප්‍රමාණය   සංඛ්‍යාත්මක වැඩි අගයක් ගන්නා බව  පෙන්නුම් කරයි.

 මේ පිළිබඳව  රියාද් තානාපති කාර්යාලයයේ  උසස් නිලධාරියකුගෙන් විමසීමේදී  හෙළි වුයේ  සෞදි  රජයේ  කම්කරු අමාත්‍යංශයේ  හා  අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මගින්  2013 අප්‍රේල්  මස හය වැනි දින  සිට 2013 ජුලී තුනිවැනි  දිනට බලපැවැත්වෙන   පරිදි ,  නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින  විදේශිකයින් හට  සෞදි අරාබියෙන් පිටවීමට හෝ  තම ලියකියවිලි නිවැරදි කරමින්  නව  සාමාජිකයකු  ලෙස නිත්‍යනුකූලව සෞදි අරාබියයේ  රැකියාවක් කිරීමට අවශ්‍ය  පසුතල සකසා ගන්නා ලෙසයි.

 කෙසේ වුවද මේ වන විට  ලබා දී ඇති පොදු සමා කාලයේ  දින  වකවානු ක්‍රමයෙන්  ඉක්ම  යනු නමුත්  සෞදි අරාබියෙන් පිටවීම සදහා  නිවැරදි සාර්ථක ක්‍රමවේදයන් නැතැයි කියති.

සෞදි අරාබියට පැමිනෙන විට  සන්තකයේ තිබු  ගමන් බලපත්‍රයේ  වීසා පිටුවේ පිටපතක් හෝ  ඉක්වා කාඩ් පතෙහි  පිටපතක් ඇත්නම් පමණක් සෞදියන් පිටවීමට පහසුකම් ලබා දෙන  බව පැවසීමෙන් විදේශිකයෝවිශාල ප්‍රශ්නයකට මුහුණ දී සිටිති.

 මේ හේතුව මත  තානාපති කාර්යාල මගින්  ගමන් බලපත්‍ර ලබා දුන්නද  දැනටමත් රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්  අවතැන් වු   කාන්තාවන්  එක්දහස් පන්සීයකට  පමන තාවකාලිකව  ගමන් බලපත්‍ර  ලබා දී ඇති නමුත්  එම ගමන් බලපත්‍ර  සමග  රියාද් ආගම විගමන  කාර්යාල වෙත  ගිය විට බොහෝ  විවිධ අඩුපාඩු   හා විවිධ හේතු මත  හරවා  එවා ඇත.

  ඒ පිළිබදව සොයා බැලු  රියාද්  තානාපති කාර්යාලයේ  අමාත්‍ය උපදේශක  අනුර මුතුමාල මහතා එම කාන්තාවන් නැවත තානාපති කාර්යාල වෙත කැඳවා නිලධාරීන්ගේ  සෘජු මැදිහත්වීමෙන්  කාන්තාවන් කණ්ඩායම් ලෙස ලංකාවට යැවීමට  පියවර  ගන්නා බවද වාර්තා වේ.

රියාද් කලාපයේ  තත්ත්වය මෙසේ පවතිද්දී  ජෙඩාහි පිහිටි කොන්සියුලර් කාර්යාලයයේ  අවතැන් වුවන් තුන්දහසකට අධික පිරිසකට තාවකාලික  ගමන් බලපත්‍ර නිකුත් කැර තිබුණද  ජෙඩා ආගමන විගමන  නිලධාරීන්ගේ මන්දගාමී  ස්වරූපය හේතුවෙන්  එක් දිනක් අතුලත  දසදෙනකුට  තරම්වත් පිරිසකට  ශ්‍රී ලංකාව බලා පිටත්විමට නොහැකි තත්ත්වයක්  පවතින බව  ජෙඩා කොන්සියුලර් කාර්යාලීය  සම්බන්ධීකරණ  සමාජ සේවකයකු වන  නිමල් එඩේරමුල්ල මහතා  පවසයි.

 මේ අතර ලබා දි ඇති  පොදු සමා කාලයට සමගාමීව සෞදි අරාබියේ   නැගෙනහිර පළාතේ  අවතැන් වු හෝ අනවසරයෙන් රැදී සිටින යැයි අනුමාන කෙරෙන තුනදහසකට අධික පිරිසෙන්  හත්සිය පනහක් පමණ රියාද් තානාපති කාර්යාලය මගින්  ගමන් බලපත්‍ර  නිකුත් කැර තිබුණද  මේ වන තෙක් කිසිදු ශ්‍රී ලාංකිකයකු  දමාම්  ගුවන්තොටුපළ  හරහා මව් බිමට  ගොස් නොමැති අතර  ඒ පිළිබඳව  කරුණු සොයා බැලීමට  තානාපති කාර්යාලයයේ  නිලධාරීන් පිරිසක් පසුගිය 18 වැනි දා  දමාම් ආගමන විගමන  කාර්යාලට ගියහ.

 අනවසරික විදේශිකයින්  සදහා  පොදු සමා කාලයක් ලබා දී ඇති නමුත්  නීතී විරෝධිව රැදී සිටින  විදේශිකයින් පිළිබඳව  ගත යුතු පියවර පිළිබඳව මෙතෙක් නිළ දැනුම් දිමක්  ලැබී නොමැති බැවින්  දමාම් කලාපයේ  කිසිදු  අනවසරිකයකුට රටින් පිටවීමට අවසර ලබා දීමට නොහැකි බව මෙහීදී ඔවුනට කියා ඇත.

 එසේ වුවද  සාමාන්‍ය නීතිය යටතේ  නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින  ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට  පත් වුවහොත්   එම පුද්ගලයින්  පිළිබඳව නීතීය ක්‍රියාත්මක කර රටෙන්  පිට කිරීමට හෝ රදවා තබා ගනීමේ නීතීමය තත්වය තව ආයතනය සතුව ඇති බවද ඔවුන් කියා ඇත.

 මේ පිළිබධව රියාද් තනාපති කාර්යාලයයේ  බලධාරීන්ගෙන් විමසීමේදී  හෙළි වුයේ  නැගෙනහිර කලාපයේ  නීතීමය තත්වයන්  පිළිබඳව තානාපති කාර්යාලය සෞදි  අභ්‍යන්තර  කටයුතු අමාත්‍යංශය හා කම්කරු  අමාත්‍යංශට ලිඛිතව හා වාචිකව  කරුණු ඉදිරිපත් කැර ඇති බවයි.  ඉදිරිදින කිහිපය ඇතුළතදී  යම් ප්‍රතිචාරයක්  ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔවුහු කීය.

 කෙසේ වුවද රියාද් තානාපති කාර්යාලයයේ  නිලධාරීන්  දවසේ පැය 18 කට වැඩි කාලයක්  යොදවමින්  අලුයම දෙක පමණ වන තුරු ශ්‍රී ලංකා ප්‍රජාව  වෙනුවෙන්  ගමන් බලපත්‍ර  නිකුත් කැරෙන අතර  රියාද් ප්‍රදේශයේ  හෝ බාහිරව හෝ  පිහිටි ගසීම්  බුරෙයිඩා  හයෙල් ,සකාතා,  වැනිඅ සැතපුම් දහස් ගණනින් දුර  ප්‍රදේශවලද ජංගම සේවාවක් පවත්වමින්  ගමන්බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවද  වාර්ථාවේ.

 පොදු සමා කාලයට  සමගාමීව ලබා දී ඇති  ගමන් බලපත්‍ර ප්‍රමාණය අනුව මෙතෙක්  සෞදි අරාබියෙන් පිටත්ව ගොස් ඇති  ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රමාණය ඉතා සුළුතරයක්  වීම තුලින්  තානාපති කාර්යාලයයේ නිලධාරීන්ද උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිහත්වී ඇත.

 මේ සදහා පොදු විසදුමක් ලෙස ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලේඛනගත කැර ඇති  සෞදි අරාබිය බලා ගොස් සිටින හා අවතැන්ව සිටින පුද්ගලයින් වීසා සටහන් කර ඇති  ගමන් බලපතේ පිටපතක්  කඩිනමින් තානාපති කාර්යාලය වෙත ලබා දීමට වැඩපිළිවෙළක්  දියත් කරන්නේ නම්  සියළු අවතැන් වුවන් ලංකාවට ගෙන්වා ගැනීමට හැකි බව කියති.

 



අදහස් (0)

පොදු සමාවෙන් ලංකාවට එන පිරිසේ අඩුවක්

හේරත් Tuesday, 28 May 2013 08:36 PM

අපට ඉඩම් පොලිස් බලතල එපා. ඕනෑ මන්තිරි තනතුරක් විතරයි. නැතිද ලෝක ජීනිවා සාමාජිකයෙක් (නි)

:       0       0

නීල් Tuesday, 28 May 2013 04:53 PM

හෙළබිම අභිමානයෙන් ජීවත් වූ ශේෂ්ට ජාතියකට අත්වී තිබෙන ශෝචනීය ඉරණම ඉතා කණගාටුදායකයි ! (නි)

:       0       0

ශාෆික් Tuesday, 28 May 2013 05:10 PM

පිත්තෙන් බැරි නම් හබලෙන් හරි මේ අවතැන් වුන පිරිස මවුබිම කරා පිට කරනවා නම් තමා හොද. (නි)

:       0       0

නිල්මිණි Tuesday, 28 May 2013 05:10 PM

ගුවන්තොටුපලට එන්න කියලා ගමන් බලපත දුන්නා නම් එතැනින්ම ලංකාවට එවන්න තිබුණා (නි)

:       0       0

ජයතිස්ස Tuesday, 28 May 2013 10:06 PM

මේ අයව ඉක්මනින් ලංකාවට යවනවා නම් ගොඩක් පින් ... (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 28 May 2013 05:23 PM

පේනවනේ යවපු අයව ගෙන්න ගන්න තියෙන අමාරුව. එම නිසා දිනපතා තව සිය ගණනක් එහෙටම යවමු. (නි)

:       0       0

මොහමඩ් Tuesday, 28 May 2013 05:49 PM

මේ අය විහින් අවතැන් වූ අය. ලංකාවෙන් යන්නේ රියල් 1000 ක පඩියකට අත්සන් කරලා. එහෙදි පනිනවා තව කියක් හරි වැඩියෙන් ගන්න. පස්සේ අමාරුවේ. ඊළඟට සෞදි රටට දොස් කියනවා. නැත්නම් ලංකාවට දොස් නගනවා. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Tuesday, 28 May 2013 05:53 PM

මුලින්ම 10000ක් ඉන්නවා කියල කිවුව වෙලාවේ , තානාපති කාර්යාලය නැහැ 300 ක් පමණයි කිව්වා. දැන් කොහොමද 10000 කට තාවකාලික ගමන් පත් ලබා දුන්නේ. (නි)

:       0       0

සිසිර Tuesday, 28 May 2013 10:43 PM

මේ අවතැන් වෙලා කියන ගැහැණු අය වැඩි දෙනෙක් මෙහේ තාවකාලික විවාහ ජීවිත ගතකරනවා කියලා දන්නවද ? (නි)

:       0       0

ජීවක Tuesday, 28 May 2013 11:09 PM

මෝහම්මද්ගේ කතාව හරියට හරි. අපේ අය ඉතින් කොහේ ගියත් රටේ නම තියාගන්නේ නැහැනේ.රටේ නම කන එක විතරයි කරන්නේ ඉතින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 339 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 173 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 407 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1414 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 372 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 167 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site