IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


'පොදු සමාව දික් කරන්න'

තව දින පහකින් අවසන් වන  පොදු සමා කාලය තවත් දීර්ඝ කරන මෙන් විදේශිය තානාපති කාර්යාල කහිපයක් ඉල්ලීම් කැර ඇතැයි සෞදි ගැසට් පුවත්පත කියයි.

මෙම ඉල්ලීම් කැර ඇති රටවල් අතර ඉන්දුනීසියාව,පිලිපීනය හා ශ්‍රී ලංකාවද සිටී.

කෙසේ වුවද සෞදි  අරාබියේ අභයන්තර ආරංචිමාර්ග අනුව තමන් විවිධ රටවල අයත් විශාල විදේශිකයන්  පිරිසක් තම ලියැවිලි නිත්‍යානුකූල කැර ගැනීමට හෝ පෙරලා මව් රටට යාමට නොහැකිව සිටින බවද වාර්තා වේ.

මේ අතර සෞදි රියාද්  ශ්‍රී ලංකා තානාපති  නිලධාරියකු ප්‍රකාශ කළේ  පසුගිය මාස හයක කාලය තුල දොළොස්දහසක් පමණ වු ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ වන විට ඉතිරිව ඇත්තේ  ඉතාම සුළු පිරිසක්  පමණක් බවත්  දැනට ඉතිරිව ඇති  සියළුම දෙනා ආගමන විගමන කාර්යාලය මගින්  ඇගිලි සලකුණූ  ලබා ගැනීමේදී විගමනිකයන්ගේ දත්ත පරිගණක ගත නොවු හෝ අනිකුත් ගැටළු මත හරවා යැවු බවයි.

දැනටමත් මෙම පිරිස පිළිබදව සෞදි රජය සමග සාකච්ඡා කරමින් සිටින බවද එම නිලධාරීයා පැවසීය.

මෙ අතර  සෞදි අභ්‍යන්තර  කටයුතු අමාත්‍යංශය සහ සෞදි කම්කරු අමාත්‍යංශය පවසනුයේ  නොවැම්බර් 3 වැනිදා පොදුසමා කාලය අවසන් වීමත් සමග නියමිත නේවාසික බලපත්‍ර  සහ අනෙකුත් ලියකියැවිලි නොමැතිව සෞදි අරා‍බියේ රැදී සිටින සියළුම විදේශිකයන් වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

ඒ සදහා  විශේෂයෙන් පුහුණු කරන ලද  පොලිස් යතුරුපැදි බලකාය ඇතුළු විශාල සිරිසක් පරීක්ෂා කිරීමට යොදවා ඇති බවත් සියළු විදේශිකයන්සතු  හැදුනුම්පත් රැකියාව ආයතනය ඇතුළු සියළු ලියකියවිලි  සසදා බලමින්  නිතී විරෝධි සියළුම විදේශිකයන් අත්අඩංගුවට ගන්නා බවද පුවත්පත පවසයි.

 

 

  

 



අදහස් (0)

'පොදු සමාව දික් කරන්න'

ශාන්ත Wednesday, 30 October 2013 03:35 PM

අය්යෝ හරි ලොකු රට, බලෙන් හරි ඉන්න ඕන. (ස)

:       0       0

ඉම්රාන් Wednesday, 30 October 2013 04:13 PM

ඇමරිකාවට පසුව වැඩිම විදේශිකයන් ජීවත් වෙන එකම රට සෞදි අරාබියාවයි. සෞදි අරාබියාවේ ජනගහනයට වඩා වැඩියෙන් විදේශිකයන් රැකියා කරන නිසාත් රජය තීරණය කරලා තියනවලු මිලියන 5 ක් පමණ විදේශිකයන් සෞදි අරාබියාවෙන් පිටුවහල් කරන්න. 30% කගේ විතරයිලු කම්කරු අමාත්‍යාංශය වැඩ කටයුතු කරලා දීලා තියෙන්නේ 70% ට ආපහු තම තමන්ගේ රටවල් වලට යන්න වෙයි. (ස)

:       0       0

ඉම්රාන් Thursday, 31 October 2013 03:42 AM

ලොකු රටක් නිසා තමයි රටවල් 124 අය සෞදියේ රැකියාවල් වල නිරතවී තමුන්ගේ ජීවිතේ හදා ගන්නේ. 2012 දී ලංකාවට ආපු වැඩිම විදේශ විනිමය ආවේ සෞදි අරාබියෙන් ඩොලර් කෝටි 200 ක්. අර සේනාව වගේ පණ්ඩිත කතා නම් තියෙනවා ඒ වුනාට සිංහලයන් වැඩියෙන්ම වැඩ කරන්නේ මැදපෙරදිග මුස්ලිම් රටවල් වල මිසක් වෙන රටවල් වල නොවෙයි. ඔය අරාබියෙන් එන විදේශ විනිමය නැත්නම් ලංකවටම දෙයියන්ගේම පිහිට තමයි. දෙයිය්නගේ පිහිටත් ලැබෙන්නේ නැහැ. තව ටික කලක් යනකොට තේරේවි. (නදී)

:       0       0

ජෝන් Wednesday, 30 October 2013 02:38 PM

ඉක්මනට අත්අඩංගුවට ගන්න. (ස)

:       0       0

ජේන් Wednesday, 30 October 2013 03:05 PM

ඇයි ජෝන් ඔයාට මොකද තියෙන හදිස්සිය? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3665 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 56 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 229 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 100 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 126 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 136 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 65 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site