(හොඳම පුවත්පතට හිමි සම්මානය: නියෝජ්‍ය කර්තෘ දමින්ද විජේසූරිය මහතා ලබා ගනිමින්...)
(මනීෂා වීරසිංහ)
ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති "පිනකල් ශ්‍රී ලංකා 2024" සම්මාන උළලේ දී ලංකාදීප පුවත්පතට සම්මාන හතක් පිරිනැමිණ.
හොඳම පුවත්පත් සන්නාමයට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි වූ අතර ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ දමින්ද විජේසූරිය මහතා එම සම්මානය ලබා ගත්තේය.
හොඳම සති අග පුවත්පත ලෙස ඉරිදා ලංකාදීප පුවත්පත සම්මානයට පාත්‍ර වූ අතර නියෝජ්‍ය කර්තෘ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා එම සම්මානය ලබා ගත්තේය.
පුවත්පතක හොඳම ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා වෙනුවෙන් පිරිනැමෙන සම්මානය ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතා විසින් හිමිකර ගනු ලැබීය.
හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ලංකාදීප වෙබ් අඩවියට හිමි වූ අතර වෙබ් කර්තෘ, ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති නියෝජ්‍ය කර්තෘ අරුණ ශාන්ත කුමාර මහතා විසින් එම සම්මානය ලබාගනු ලැබීය.
පුවත්පතක හොඳම කතුවැකියට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි වූ අතර ප්‍රධාන සම උප කර්තෘ සුගත් රබෙල් මහතා විසින් එම සම්මානය හිමිකරගනු ලැබීය.
පුවත්පතක හොඳම කලා පිටුවට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි වූ අතර ලංකාදීප පුවත්පතේ විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් මහතා විසින් එම සම්මානය ලබාගනු ලැබීය.
පුවත්පතක හොඳම කාටුන් ශිල්පියාට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි වූ අතර ලංකාදීප පුවත්පතේ කාටූන් ශිල්පී දාස හපුවලාන විසින් හිමිකර ගනු ලැබීය.
එම්.යු.ජී.පී. ඉන්ටර්නැෂනල් ඕගනයිශේෂන් ජාත්‍යන්තර සංවිධානය සිව්වන වරටත් සංවිධානය කළ සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණ.
විශිෂ්ට කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ හොඳම ව්‍යාපාරිකයින් ඇඟයීම අරමුණු කරගනිමින් මහජන සමීක්ෂණයක් පවත්වා ඉන් ලද ප්‍රතිඵල මත පදනම්ව සම්මානලාභීන් තෝරාපත් කර ගැනිණ. 2024 සම්මාන උළලේ දී කලා සහ මාධ්‍ය සම්මාන 100ක් සහ සෙසු සම්මාන 200ක් පිරිනැමිණ.
මෙවර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු කථානායකවරයකු වන කරූ ජයසූරිය මහතා සහභාගී විය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
(හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය: වෙබ් කර්තෘ, ප්‍රාදේශීය ප්‍රවෘත්ති නියෝජ්‍ය කර්තෘ අරුණ ශාන්ත කුමාර මහතා ලබා ගනිමින්...)
(පුවත්පතක හොඳම ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයාට හිමි සම්මානය: ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතා ලබා ගනිමින්...)
(හොඳම සති අග පුවත්පත හිමි සම්මානය: නියෝජ්‍ය කර්තෘ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා ලබා ගනිමින්...)
(පුවත්පතක හොඳම කතුවැකියට හිමි සම්මානය: ප්‍රධාන සම උප කර්තෘ සුගත් රබෙල් මහතා ලබා ගනිමින්...)
(පුවත්පතක හොඳම කලා පිටුවට හිමි සම්මානය: විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් මහතා ලබා ගනිමින්...)
(පුවත්පතක හොඳම කාටුන් ශිල්පියාට හිමි සම්මානය: ලංකාදීප පුවත්පතේ කාටූන් ශිල්පී දාස හපුවලාන ලබා ගනිමින්...)
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’පිනකල් ’’ සම්මාන උලළේ දී ලංකාදීපය බැබළෙයි
කමල් පෙරේරා Tuesday, 07 January 2025 12:17 AM
පල්ලිය බෑබෙලෙන කාලයක් මේක… අද ඈමරිකාව නිරාගමික බවෙන් ආගමික බවට හෑරෙන්න ඔන්න මෙන්න… ඔව් දියුනුයි ඒත් ආගමිකයි… ජාතිකත්වය ඉහලින්මයි….