IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පන්ජාබ් අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

පාකිස්තානයේදී පැවැත්වෙන ‘පන්ජාබ්’ අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් පිල හෙට (6) පාකිස්තානය බලා පිටත්ව යයි. තරගාවලිය අනිද්දා (7) සිට මෙම 15 වැනිදා දක්වා ලාහෝර් නුවරදී පැවැත්වේ. ක‍්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස ශාලිත මධුෂංක පෙරේරා කටයුතු කරයි. තරගාවලියට ශ්‍රී ලංකාව, ඉරානය, නේපාලය, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ සත්කාරක පාකිස්තානය යන රටවල් සහභාගිවේ. පසුගිය වසරේදී පාකිස්තානයේ පැවැති පළමු දකුණු ආසියානු බේස්බෝල් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාව දිනාගත් අතර පාකිස්තානය ශූරතාව හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම: ශාලිත මධුෂංක පෙරේරා (නායක), ඉරේෂ් කෝසල (උප නායක), නවීන් අනුරාධ, නිලංක කරුණාරත්න, සමීර සම්පත් රත්නායක, සඳරුවන් ප‍්‍රනාන්දු, සුපුන් චින්තක, ලසන්ත සංජීව, රුක්‍ෂාන් රණවීර, ක‍්‍රිෂ්ණා හපුආරච්චි, ජීවක චාමර පීරිස්, නිරෝෂාන් සුසිත්, ප‍්‍රියනාත් මධුරංග, එස්. දීෂාන්, ප‍්‍රභාත් ජයසිරි, ඩිලාන් සමීර, දමිත් නදීර සහ තිසර දම්පිය නිලධාරීහු: හිෂාන් පේ‍්‍රමරත්න (කණ්ඩායම් ප‍්‍රධානී), දිනේෂ් කුමාර පෙරේරා (කළමනාකරු), පුබුදු සඳරුවන් කොඩිකාර (නිලධාරී), අමිල බන්දු පතිරාජ (ප‍්‍රධාන පුහුණුකරු), මලිඳු හේවගේ (පුහුණුකරු) සහ ප‍්‍රියනාත පීරිස් (විනිසුරු)



අදහස් (0)

පන්ජාබ් අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 50 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 196 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 40 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 318 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 878 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 935 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site