IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


පොන්ටිංට නායකත්වය යළි පැවරීම හිටපු නායක ස්ටීව් වෝ ප‍්‍රශ්න කරයි

‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලට එරෙහිව හෙට (17) පැවැත්වෙන තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකත්වයට හිටපු නායක රිකි පොන්ටිං නැවතත් පත්කිරීම පිළිබඳව  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු ප‍්‍රබල නායකයකු වන ස්ටීව් වෝ ප‍්‍රශ්න කරයි. ඕස්ටේ‍්‍රලියානු පිලේ නිත්‍ය නායක මයිකල් ක්ලාක් පාදයේ ආබාධයකට ලක්වීමෙන් හෙට තරගයට සහභාගි නොවේ. රිකි පොන්ටිං පසුගිය වසරේ (2011) ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත් විය. ස්ටීව් වෝ පවසන්නේ පොන්ටිං නැවතත් නායකත්වයට පත්කිරීමෙන්  ඕස්ටේ‍්‍රලියානු පිලේ උප නායකත්වය නොසළකා හැර ඇති බවයි. ඕස්ටේ‍්‍රලියානු එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස 25 හැවිරිදි ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් කටයුතු කරන අතර  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් තේරීම් කමිටු ප‍්‍රධානී ජොන් ඉන්වැරිටි පවසන්නේ 25 හැවිරිදි වෝනර් මෙවැනි තරගයක පීඩනයකට ලක්කිරීමට තමන් බලාපොරොත්තු නොවන බවයි. එහෙත් දැනට විවේක ගෙන සිටින ටෙස්ට් පිලේ උප නායක බ‍්‍රැඞ් හැඩින් පිළිබඳව හෙතෙම කිසිවක් සඳහන් නොකළේය. -පොන්ටිං අස් වහගෙන වුණත් නායකත්වයේ කටයුතු කරයි, නමුත් ආනාගතය වෝනර්. මම විශ්මයට පත්වුණා වෝනර් පත් නොකිරීම පිළිබඳව” යයි හිටපු නායක ස්ටීව් වෝ පැවසීය. -ඔහු උප නායකයා නම් නායකයා ලෙස කටයුතු කරන්න බැරි වෙන්න බැහැනේ. තේරීම් කමිටුව හිතන්න ඇති වෝනර් නායකත්වයට සූදානම් නෑ කියලා” -එසේ නම් ඔහුව උප නායකත්වයට පත් කළේ ඇයි? මට ඒ පිළිබඳව හිතාගන්න බෑ” යැයිද ස්ටීව් වෝ පැවසීය. වසර 2010 අවසානයේදී පැවැති අළු බඳුන තරගාවලිය පරාජය වීමෙන් පසුව  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කී‍්‍රඩාවේ සමාලෝචන වාර්තාව පිළියෙළ කිරීමේදී ස්ටීව් වෝ විශාල කාර්යභාරයක් කළේය. එම වාර්තාවෙන් කියැවුණේ නායකයා සෑම අවස්ථාවකදීම උප නායකයාගේ අදහස් විමසා බලා කටයුතු කළ යුතු බවයි. ස්ටීව් වෝ වැඩි දුරටත් ප‍්‍රශ්න කරන්නේ ටෙස්ට් පිලේ උප නායකයා වන කඩුලූ රකින ක‍්‍රීඩක බ‍්‍රැඞ් හැඩින් විවේක ගන්වා සිටින්නේ නම් මේ අවස්ථාවේදී ඔහු නායකයා ලෙස කැඳවීම සාධාරණ බවයි. -ඔහුව බලෙන් විවේක ගන්වා ඇත්ද කියා මට හිතෙනවා. ඒ පිළිබ`දව කවුරුන් හෝ පැහැදිලි කිරීමක් කළ යුතුයි’’ යැයි ස්ටීව් වෝ වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

පොන්ටිංට නායකත්වය යළි පැවරීම හිටපු නායක ස්ටීව් වෝ ප‍්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 496 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 761 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 216 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 721 0

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 643 1

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 519 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site