IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘පැන්ඩෝරා‘‘ ගැන ජනපති නියමයෙන් පරීක්ෂණයක්

(ඩයනා උදයංගනී)

පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මසක් ඇතුළත විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඊයේ (5) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේ දීද සාකච්ඡා වූ බව කී අමාත්‍යවරයා,වත්මන්  ආණ්ඩුවේ කිසිවෙකුට මෙම පැන්ඩෝරා පත්‍ර මඟින් ඇඟිල්ල දිගු කර නොමැති බවද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගල චරිත සම්බන්ධයෙන් මෙම දැවැන්ත හෙළිදරව් කිරීම සිදු කර ඇත්තේ,ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර කොන්සෝර්ටියම (ICIJ)විසිනි.

 



අදහස් (48)

‘‘පැන්ඩෝරා‘‘ ගැන ජනපති නියමයෙන් පරීක්ෂණයක්

sene Wednesday, 06 October 2021 11:14 AM

ඔය කියන දෙපල රටින් පිටවී ගොහින්ලු, දැන් ? අර සින්ගප්පුරු පැන්න හාදයා වගේ කොහොමද විමර්ශන කොරන්නෙ ?

:       47       45

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 06 October 2021 11:17 AM

පරීක්ෂණයක් කිරීම ඉතා හොඳ දෙයක්. ඒ වගේම මේ රටේ පක්ෂ විපක්ෂ සියලුම දේශපාලකයන්ගේ වත්කම් බැරකම් ගැන වාර්තාවක් කැඳවන්න. දේශපාලකයන්, ඔවුන්ගේ පවුල් වල අය, නෑදෑ හිතවතුන් ගැන, හිතවත් ව්‍යාපාරිකයන් ආදී අය ගැන, දේපල ගැන පරීක්ෂණ කිරීමට ජාත්‍යන්තරයට ඉඩ ප්‍රස්ථා ලබා දෙන්න. කිසිදු බලපෑමක් නොකොට එසේ විනිවිද භාවයකින් කටයුතු කළ හැකි වේ නම්, එය ඉතාමත් සතුටට කරුණකි.

:       4       42

RaveendraWednesday, 06 October 2021 12:28 PM

ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. ගැටලුව නම් ඔබ සදහන් කල ඒ කරුණු කාරනා සියල්ල සාර්ථකවීමට නම් මේ සියලුම දේශපාලුවන් (226ම ) මැරී නැවත ඉපදිය යුතුමය.

:       5       59

kamalWednesday, 06 October 2021 02:14 PM

දේශපාලුවන් නීත්‍යානුකූල දේවල් කරයි කියලා බලාපොරොත්තුවීම දවල් හීන දැකීමකි...

:       0       1

alahap jabos Wednesday, 06 October 2021 03:42 PM

ජනතා මුදල් කොල්ල කාපු අයටම කියනවද සාධාරණ පරීක්ෂණ කරන්න අදාල අය රටින් පිට කරලා ඉවරයි

:       0       2

Nuwan Wednesday, 06 October 2021 11:20 AM

මහබැංකු හොරු සතියෙන් හිරේ දානවා කිව්වා අය තමන්ගේ අය හිරේ දමාවිද.?

:       15       107

sam Wednesday, 06 October 2021 11:34 AM

අන්තිමේදී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරයි.

:       36       98

Rohan Wednesday, 06 October 2021 11:42 AM

බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.

:       34       84

රටවැසියා Wednesday, 06 October 2021 11:43 AM

පවුලේ කෙනෙක් වුනත් හොරකම් කරලා අහු වුනොත් ගෝටාභය ජනාධිපති තුමා එක්ක සෙල්ලම් වෙන්නේ නැති බව එතුමාගේ භාවිතාවෙන්ම පෙන්නලා තියනවා. ඔබතුමා අපිට විස්වාසයි. - මීට කොන්ඩෙ බැඳපු චීනෙක්.

:       65       121

NuwanWednesday, 06 October 2021 12:13 PM

හපෝ ඔව් එතුමා රහසින්වත් පව් කරලා නැහැ. මීට වේලක් කන බයියෙක්

:       68       90

Sadun Wednesday, 06 October 2021 12:05 PM

සර් දන්නේ නැහැලු, දවසේ විහිළුව.

:       37       78

දිමුත් Wednesday, 06 October 2021 12:05 PM

පැන්ඩෝරා වාර්තාව හදපු අයව හිරේ දාන්න කියයිද දන්නැහැ?

:       39       86

පිටිගල මිලානෝ Wednesday, 06 October 2021 12:06 PM

අපි නොදන්න රාජපක්ශලා....

:       63       89

BamunuarachchiWednesday, 06 October 2021 02:51 PM

ෂාහ් ගොඩක් දන්නවා වගෙයි .ටිකක් කියන්නකෝ. එක සැරේකුත් මොනවද කියලා අනාගත්තා වගේ මතකයි

:       4       0

පිට්ගල මිලානෝ Friday, 08 October 2021 07:58 PM

ඇත්තටම අනාගත්තා නෙවෙයි හත්පොලේ ගාගත්තා... හැබෑටම ඔහේ කතාකරන්නේ සුනාමි සීන් එක ගැනද? මිග් සීන් එක ගැනද? දෙකම ගැනද?

:       0       5

sena Wednesday, 06 October 2021 12:12 PM

හොරු දැන් සෑහෙන්න බය වෙලා ඇති .අනේද කියන්නේ

:       49       65

පිටිගල මිලානෝ Wednesday, 06 October 2021 01:57 PM

කම්බා හොරෙක්ගේ ආරක්ෂාව තියෙනකොට මොකටෙයි හොරු බයවෙන්නේ...?

:       0       0

Perera Wednesday, 06 October 2021 12:13 PM

හරියට මුකුත් වෙයි වගේ හ ..

:       25       44

Nirmal Wednesday, 06 October 2021 12:20 PM

ෂුවර් එකටම පැන්ඩෝරා පේපර්ස් හදපු අය අතිමට වැරදි කරයා වෙනවා. අපේ අයියලා හොරකන් කරන්නේ නෑනේ.

:       46       62

pradeep Wednesday, 06 October 2021 12:23 PM

මෝඩ පුරවැසියන් සඳහා තවත් නාට්‍යයක්. මල්වානේ ද මන්දිරයක් ඇත ...

:       45       65

de silva Wednesday, 06 October 2021 12:30 PM

ඒකත් අර ලොහාන්ගේ පරීක්ෂණය වගේ වේවිද ?අපි ඔක්කොම නාඩගම් බල බලා පෝලිම් වල දුක් විඳ විඳ 2024 වෙනකම් ඉන්නම්

:       40       55

saman Wednesday, 06 October 2021 12:32 PM

එක වල්ලෙ හොරු.. මුන් කවද්ද හොරු ඇල්ලුවෙ...

:       34       54

Vipula Wednesday, 06 October 2021 12:34 PM

ඔය පරීක්ෂා කරන්නේ මොන මාධ්‍ය වේදියාද .ලංකාවේ ඉන්නේ මේ හෙළිදරව්ව කරපු සෙට් එකේ (අයි.සී.අයි.ජේ )කියලා වෙන්න බැරිද .එහෙම කව්රු හරි අහුවුනොත් සුදු වෑන් පදින්න පුළුවන්

:       44       41

Upul Wednesday, 06 October 2021 12:50 PM

අපේ අගමැතිතුමා ගේ පේපර් ආවොත් ඉලක්කම් ටික ගණන් කරන්නම අවුරුද්දක් විතර යනවා

:       55       55

de silva Wednesday, 06 October 2021 01:02 PM

ඔය ප්‍රකාශය කරපු මාධ්‍ය වේධියෝ අල්ලන්න සි අයි ඩි එක යවනවද.?

:       38       40

Chmath Wednesday, 06 October 2021 01:05 PM

මිග් යානා වලින් ගහපු ගැහිලි මතක් වුනා.

:       49       47

AsangaWednesday, 06 October 2021 04:18 PM

ඕවා ඉතින් ඔප්පු කරන්න බැරි වුනානේ

:       0       0

sithum Wednesday, 06 October 2021 01:26 PM

අනිත් අය ළඟ කොච්චර මුදලක් ඇතිද කියලා හිතලා බලන්නකෝ. වේලක් කන්න බයියනේ...

:       37       45

janaka Wednesday, 06 October 2021 01:45 PM

බිලියන ගණන් චීනගෙන් ණය අරගෙන කොමිස් තියාගෙන කරන වැඩ රහසක් නොවේ...

:       0       0

amila Wednesday, 06 October 2021 02:06 PM

මේ සල්ලි නිකන් මහ මුහුදෙන් දිය දෝතක් වගේ... මෙයාලා හොරාකාපුවා පැන්ඩෝරාගේ තාත්තා ආවත් හොයන්න බෑ..

:       0       1

Ranja Wednesday, 06 October 2021 02:06 PM

මහබැංකු, ගල් අඟුරු, බිරින්දලාට කෝටි ගණන් ගෙවල්.., පිටරටවල ගෙවල්... මෙකී නොකී සියල්ල බැලුවොත් ගොඩ දෙනෙක් අහුවෙයි.

:       0       1

samare Wednesday, 06 October 2021 02:10 PM

චෝදනා එල්ලවෙලා තියෙන කෙනා කුරුණෑගලින්, ගම්පහින් ඡන්දෙ ඉල්ලුවොත් වැඩිම මනාපයෙන් දිනනවා.

:       0       1

dimuth Wednesday, 06 October 2021 02:27 PM

මෙන්න මේක යට ගහලා රිපෝට් එක්ක දෙන්න....

:       0       2

Kumara Wednesday, 06 October 2021 02:42 PM

බම්බුවක් කරයි... බලාගෙන ඉඳහල්ලා...

:       0       1

විජිත් Wednesday, 06 October 2021 02:47 PM

" බඩුත් හොරුන්ගේ - නඩුත් හොරුන්ගේ " කියලා කතාවක් තියෙනවා. පරීක්ෂණ කරන්නේ කවුද...?

:       0       0

Naushad Wednesday, 06 October 2021 03:07 PM

අන්තිමට අයිතිකාරයෙක් නැති මල්වානේ සුඛෝපභෝගී නිවස වගේ තමයි ,ගේ හැදුවේ නෑ පැල වුනා

:       0       1

atul Wednesday, 06 October 2021 03:07 PM

මේවා මාධ්‍ය සංදර්ශන... මිනිස්සුන්ගේ අපවාදයෙන් බේරෙන්න පරීක්ෂණ නම් කරන්න බැරිය... පාස්කු කොමිසමේ වාර්තාව වත් තවම එළියට දාගන්න බැරිවුණු එකේ...

:       0       1

Sarath Athauda Wednesday, 06 October 2021 03:17 PM

හොරාගේ අම්මගෙන් පේන අහන්න හදනවා

:       0       0

Don Wednesday, 06 October 2021 03:38 PM

ජනපතිලාගේ අතට ලැබුණු වාර්තාවලට මොකද වුණේ කියලා... මම දන්නවා.

:       0       0

විපරමා Wednesday, 06 October 2021 03:40 PM

කටුගෙයි වටිනා පුරාවස්තු බහිරවයා අරන් ගිහින්.හෙල්පින්ග් හම්බන්තොට සිරිලිය ගිණුම ,තව කොච්චර තියෙනවද?

:       0       1

kumar Wednesday, 06 October 2021 03:41 PM

බොරුවට රගපාන්න නම් ඒපා

:       0       0

bandula gun Wednesday, 06 October 2021 03:43 PM

69 ලක්ෂයේ දෑස් ඇරෙන්නේ නැහැ... ඉඟුරු දීලා මිරිස් ගන්න හපන් ජාතිය...

:       0       1

janahanda Wednesday, 06 October 2021 03:45 PM

මුලු පවුලක් වෙනුවෙන් කැප වුණ ජාතියක් අම්මපා

:       0       0

Thilak Wednesday, 06 October 2021 04:00 PM

තවමත් උත්සාහ කරන්නේ අර 96 මෝඩ රැල රවට්ටන්න...

:       0       0

චන්දන Wednesday, 06 October 2021 05:27 PM

ඉහළ තියෙන කොමෙන්ට් බැලුවාම පේන්නේ ජනාධිපති ගැන විශ්වාසය තබා තියෙන බව. එය කඩ කල යුතු නැහැ. හරියටම පරීක්ෂණ කරන්න.

:       0       1

Gamini Wednesday, 06 October 2021 07:59 PM

මට සුදු තීන්ත ටිකක් එවන්න පුළුවන්.

:       0       1

Demuni Uduwara Thursday, 07 October 2021 02:11 AM

නිරූපමා හට එවැනි දැඩි වත්කමක් ආයෝඡනය කිරීමට ඇති ප්‍රභවය කුමක්ද? පැන්ඩෝරා පේපර්ස් මල්වානේ මන්දිරය ද ඉස්මතු කර ඇති බව ඩලස් නොදන්නවා විය හැකිය! අපි සියලු රාජපක්ෂලාගේ වත්කම් ප්‍රකාශ කරන මෙන් කියා සිටිමු . එසේ නොමැතිනම් ඔවුන්ද නිරූපමා කණ්ඩායමට අයත් යැයි අපට සිතිය යුතුය.

:       0       3

Kuma Thursday, 07 October 2021 09:49 AM

හොරාගෙ අම්ම ගෙන් පේන ඇහීම.......

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 950 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 756 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 62 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2881 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 718 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1438 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1735 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site