IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පන්ති ඉවත් කරනවාට මව්පියෝ එරෙහිවෙති

පාසල් දහසේ ව්‍යාපෘතිය යටතේ පිළියන්දල බටුවන්දර කණිෂ්ට විද්‍යාලයයේ  හයවැනි ශ්‍රේණියෙන්  ඉහල සියලුම පන්ති ඉවත් කිරීමට යතියි කියමින් එම පාසලේ දරුවන්ගේ මව්පියෝ බණ්ඩාරගම  කැස්බෑව ප්‍රධාන මාර්ගය   බටුවන්දර හන්දියෙන් හරස් කර උද්ඝෝෂණයක් අරඹා පා ගමනින් පිළියන්දල අධ්‍යාපන කාර්යාලයට ගියහ.

අධ්‍යාපන අධ්‍යක්ෂවරිය එහි නොසිටියෙන් ඇය එනතුරු දෙමාව්පියෝ නිල කාමරයේ බිම වාඩි වී සිටිති.

 

 



අදහස් (0)

පන්ති ඉවත් කරනවාට මව්පියෝ එරෙහිවෙති

උපාලි Friday, 04 October 2013 12:35 PM

හොඳයි දැන් ළමයි කියන්න බලන්න අපට පාරවල් වලින් තියෙන ප්‍රයෝජනය. 'අවහිර කරන්න නේ ටීචර්, ඕකවත් දන්නේ නැද්ද'? (නි)

:       0       0

දර්ශන් Friday, 04 October 2013 12:35 PM

මොකද මේ කරන වැඩේ? තිබෙන දේ දියුණු කරගැනීමයි විය යුත්තේ නැති කිරීම නොවේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 October 2013 12:56 PM

මේවට බය වෙලා රටක් දියුණු කරන්න බැහැ. අපේ ගමේ පාසලෙත් ප්‍රාථමිකය ඉතුරු කරලා අනෙක් පන්ති ඉවත් කරනවා.කාගෙවත් විරුද්ධත්වයක් නැහැ.පන්ති ඉවත් වෙන්නේ වසරින් වසර. කාටවත් අසාධාරනයක් වෙන්නේ නැහැ. අවසානයේ දාහේ පාසලක ප්‍රාථමිකයක් බවට පාසැල පත් වෙනවා කියන්නේ පාසලට වටිනාකමක් ලැබෙනවා කියන එක.පොඩි එකාට හොද පාසල් හොයන්න හතර අතේ දුවන මව්පියන්ට සහනයක් ලැබෙන එක.මේක තේරුම් ගන්න බැරි අයට දෙකේ දෙකේ පොල්ලකින් නෙලලා හරි මේ ක්‍රමේ ක්‍රියාත්මක කරන්න.. (නි)

:       0       0

ගිහාන් Friday, 04 October 2013 09:26 PM

අයි මේ පාසල වහන්න හදන්නේ? අපිත් ඊට විරුද්ධයි (දී)

:       0       0

ජනක Friday, 04 October 2013 09:28 PM

වදිඋඑන් හදන්න ඕන ඒවා වදිටෙන් ඉවත් කරනවා (දී)

:       0       0

තිලක් - දුබාටි Friday, 04 October 2013 09:28 PM

දැන් 5වසර ශිෂ්‍යත්වය පාස් කරව ගන්න ඕනේනම්,හිතී තිබෙනවානම් ලක්ෂයක් දීල අහවලුන්ගේ නම තිබෙන පාසලකට අදම ඇතුළු කරන්න. ඉදිරියේදී නැතිනම් පසු තැවෙන්න සිද්ද වේවි .

:       0       0

නිහාල් Friday, 04 October 2013 01:26 PM

මේවා දෙමාපියන්ට හරියට තේරුම් කරලා දෙන්න ඕනෑ (නි)

:       0       0

අසෝක Friday, 04 October 2013 01:52 PM

ටෙලිවිෂන් එකේ හත් වෙනි පැය වැඩසටහනේදී ඒ පළාතේ ඇමතිතුමා මේ ගැන හොද විග්‍රහයක් කළා. අන්න ඒක බලන්න. (නි)

:       0       0

හිමාශි Friday, 04 October 2013 10:15 PM

දරුවන්ගේ අනාගතය කොයිබටද? (දී)

:       0       0

කුමාරි Friday, 04 October 2013 02:06 PM

ගමුවල කවුරුහරි කෙනෙක් කෑ ගැහැවොත් ඔක්කොම එකතු වෙනවා (නි)

:       0       0

කුමාරිහාමි Friday, 04 October 2013 02:23 PM

අසෝක, අපි උදේ වැඩට යනවා. හත්වෙනි පැය බලන්න වෙන්නේ නැහැ. එය විකාශනය වෙද්දී අපි පාරේ. (නි)

:       0       0

සෑම් Friday, 04 October 2013 03:08 PM

කන්නන්ගර මැතිතුමාගෙන් පස්සේ මහපොළ ශිෂ්‍යත්වය පමණයි යම් ආකාරයකට අධ්‍යාපනය නගා සිටුවීමක් සිදුකළේ (නි)

:       0       0

උදය Saturday, 05 October 2013 12:10 AM

ආණ්ඩුව අධ්‍යාපනයට කරන වියදම ටික ටික අඩුකරනකොට මෙහෙම කරන්න වෙනවා. (නි)

:       0       0

අසෝක, Saturday, 05 October 2013 12:13 AM

කුමාරිහාමි , අත්‍යවශ්‍ය දේවල් මම ඉන්ටෙර්නෙට් එකෙන් තමයි බලන්නේ.රොෂාන් මහත්තයා කැමති නැද්ද ,ඇමරිකාව , ඕස්ට්‍රේලියාව, යුරෝපය වගේ පාසල් ලංකාවේ හදනවට? ලංකාවට ගැලපෙන ක්‍රමය නම් දැන් තියෙන්නේ. අයි ළමයි පාසල්වලට දාන්න, විභාග කරනකොට රෑ එළිවෙනකම් ටියුෂන් යන්න, ළමයා උපදින්නත් කලින් ඉදලා අනුන්ගේ ලොකු ඉස්කෝල කිට්ටුව ලිපිනයවල් හොයලා ලියාපදිංචි කරවන්න....ආදී මේ දේවල්? තමන්ගේ දරුවෝ පිටරට යවලා ලංකාවේ ඉන්න දරුවන්ගේ අනාගතය නැති කරන්න වලිකන අයට කොහොමත් ඔහොම හිතෙනවා. (නි)

:       0       0

වසන්ත Friday, 04 October 2013 04:32 PM

මේ දෙමාපියන් බොරුවට විරුද්ධ වෙනවා. රජය තම ප්‍රතිපත්ති එලෙසම ක්‍රියාත්මක කළ යුතුයි. බොරු විරෝධතා වලට ඉඩ නොදෙනු. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 05 October 2013 02:34 AM

බන්දුල පෙරේරා ඉන්න රට හෝ රැකියාව (ලංකාවේද)මම දන්නේ නැහැ. මොනවා වුනත් දේශපාලන බලයකින් වැඩක් කරගෙන තිබෙන බව පේනවා. පාසලට ළමයෙක් දාගන්න ලිංගික අල්ලස් දෙන්න වෙලා තියනවා කියන්නේ,ඒකෙන්ම පේනවා නේද පාලකයින්ගේ දුර්වලකම්.ඉතින් බංකොලොත් ඒ ගොල්ලොද විරුද්ධ අයද? මම ලිව්වේ ලංකාවේ පාසල් වල තත්ත්වයයි (නි)

:       0       0

චිත්‍රා Friday, 04 October 2013 07:13 PM

මේ ක්‍රමය හොදයි. පිටරට වලත් මෙහෙම තමයි කරන්නේ. ඇයි දෙමාපියන් මේ රටේ යහපතට උදව් කරන්නේ නැත්තේ? (නි)

:       0       0

ගාමිණි Saturday, 05 October 2013 07:58 AM

ලංකාවේ අධ්‍යාපනය විනාශ මුකයේ (දී )

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 04 October 2013 07:48 PM

බන්දුල පෙරේරා,කොහොමත් ආණ්ඩුවට කඩේ යන කතා තමයි ලියන්නේ. චිත්‍රා ,බන්දුල පෙරේරා හිතාගෙන ඉන්නේ ලංකාවත් ඇමරිකාව,ඕස්ට්‍රේලියව ,කැනඩාව ඇතුළු යුරෝපා රටවල් වල වගේ කියලද? ලංකාවට ගැලපෙන ක්‍රමයට තමයි ලංකාවේ පාසල් වල තියෙන්නේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 05 October 2013 08:34 AM

රොෂාන් මහත්තයෝ, කාලාන්තරයක් ආපු ගමනක ප්‍රතිපල තමයි අද අපි බුක්ති විදින්නේ. අහසින් කඩා වැටුණු තත්වයක් නෙමෙයි. මේ ක්‍රමය වෙනස් කරන්න ගන්න යම් සාර්ථක ක්‍රියා මාර්ගයකට අඩිතාලම මේ රජයෙන් දාල තියෙනවා. ඔබතුමාට ඒක පේන්නේ පාට කණ්ණාඩියකින් බව රෙනවා. කන්නාඩිය ගලවලා පොඩ්ඩක් බලන්න. මොන හොද දෙයක් ක්‍රියාත්මක කරන්න හැදුවත් මේ විදියට ආත්මාර්ථකාමීව හෝ යම් උසිගැන්වීම් මත පාරට බහින කට්ටියක් ඉන්නවා. ඒවාට යට නොවී කල යුතු දේ කිරීම රජයේ වගකීමක්.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 05 October 2013 08:42 AM

අශෝක මහතා මම ලංකාවේ පාසල් දියුණු වෙනවට කැමතියි. පාලකයෝ එහෙම කරන්නේ නැති එක ගැනයි මම ලිව්වේ .65% දුප්පත් අහිංසක මිනිස්සු ලංකාවේ ඉන්නේ .(නදී)

:       0       0

බන්දුල [පෙරේරා Friday, 04 October 2013 08:08 PM

රොෂාන් මහත්තයෝ..ආණ්ඩුවට කොහොම වෙතත් යන්න ඕන තැන යන්න ඕන කෙනාට අපි කඩේ යනවා ඔබතුමා රජයෙන් කරන ඕනෑම හොද දෙකටත් විරුද්දව බංකලොත් විපක්ෂයට කඩේ යනවා වගේ..ඔබ තුමා කියන ලංකාවට ගැලපෙන විදිය වෙන්න ඇති පාසලට ළමයෙක් දාන්න අම්මලට ලිංගික අල්ලස් දෙන්න තරම් දුර දිග ගිහින් තියෙන්නේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 398 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1720 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1043 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1665 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1206 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2894 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20809 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19824 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 309 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 165 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site