
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපරාධයකින් අත් පත් කරගත් දේපොළ විදෙස් රටක තිබුණත් එය නැවත ලබා ගැනීමට හැකි ප්‍රතිපාදන අපරාධයකින් අත් පත් කරගත් දේපොළ පිළිබඳ පනත් කෙටුම්පත යටතේ හැකියාව ලැබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අපරාධ කරුවන්ගේ දේශයක් වූ රටේ අල්ලස දූෂණය වංචාව ඉතා බහුල වී තිබුණා.මෙවැනි සාධනීය පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට වටපිටාව සකස් කිරීම ගැන ස්තුති කළ යුතුයි.පසුගිය කාලේ රාජ්‍ය මුදල් අවභාවිතා රාශියක් වාර්තා වුණා.මේවා විමර්ශන තුළින් හෙළිකර ගැනීම පහසු වුණේ නැහැ. මේ පනත තුළින් ඒ බාධා ඉවත් කර ගැනීමට හැකියාව ලැබුණා.
අපරාධයකින් උත්පාදිත දේපොළ යළි අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීම ඇතුළු නෛතික තත්ත්වයන් මේ පනත් කෙටුම්පතේ සඳහන්ව තිබෙනවා.
පනත් රැසක තිබෙන ඌන නෛතික තත්ත්ව මගහරවා ගැනීමට මේ පනතින් ඉඩකඩ ලැබී තිබෙනවා.ඉදිරියේදී කඩිනම් විමර්ශන මෙන්ම නඩු පැවරීම් වලට මේ පනතින් ඉඩ කඩ ලැබෙනවා. යමකු අනීතිකව උපයා ගත් දේපොළ වින්දිත පාර්ශවයට ලබාදීම රජයක යුතුකමක්.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පනත සම්මත කළොත් රට හංගපු සල්ලිත් ගේන්න පුළුවන්
Nandana Tuesday, 08 April 2025 05:06 PM
කයිවාරු නැතුව වැඩ පෙන්නන්න
යෝගා Tuesday, 08 April 2025 05:28 PM
හරි හරි කරලා පෙන්නන්නකෝ නරිවාදන් නැතුව. මතක ඇතුව ඩොලර් වලින්ම ගේන්න හොඳේ.
ගුණරත්න Wednesday, 09 April 2025 07:54 AM
සම්මත කලොත්? අනියමාර්තේ අසම්භාවය ක්‍රියාවක්. එත් ඇමති තුමෝ ඔහේගේ ආණ්ඩුවට ආසන 159ක් තියෙනවා. ඉතින් කෙඳිරි ගාන්න ඕන නැහැ, පනත සම්මත කරලා සල්ලි ගේන්න, සීනි හොරා, කන්ටේනර් හොරු, මෙහෙ අපනයන ආදායම ගෙනෙන්නේ නැතිව තියන් ඉන්න හොරු, ඔක්කොටම දඬුවම් දෙන්න හොඳේ