IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පානදුර ක්‍රමයේ මිනීමැරුම් තවත් ඇතිවන්න දෙනු එපා


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් යතුරු පැදියෙන් පැමිණ පානදුර පල්ලියමුල්ල හන්දියේදී ත්‍රිරෝද රථයකට වෙඩි තබා පුද්ගලයකු මරා දැමීමේ පුවතක් අප පුවත්පත නොබෝදා වාර්තා කළේය. මෙම වෙඩි තැබීම සිදු වූයේ සිය දහස් ගණනින් ජනයා සැරිසරණ පල්ලියමුල්ල මංසන්ධියේදී මහ දවාලේදී බවත් අප පුවත්පත වාර්තා කළේය. යතුරු පැදියෙන් පැමිණි දෙදෙනාගෙන් වෙඩික්කරු වෙඩි තබමින් සිටියදී ගිනි අවිය අක්‍රීය වීමෙන් පසු යතුරු පැදිකරු අමතා ‘නමය දියං - නමය දියං’ යනුවෙන් ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහුට කුඩා ගිනි අවියක් දී ඇති බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. වෙඩි තැබීමෙන් අනතුරුව අපරාධකරුවන් දෙදෙනා යතුරුපැදියට නැගී පලාගිය බවද වාර්තාවේ.

මහ දවාලේ ගිනි අවි රැගෙන විත් මහ මගදී වෙඩි තබා මිනිසුන් මරා දමන්නේ නම් එම තත්ත්වය ඉතා භයානක බව වසන් කළ නොහැකිය. ඝාතනයට ලක්වූ පුද්ගලයාට පෙර වැරැදි නොමැති බව පොලීසිය සඳහන් කරන අතර එයින් පැවැසෙන්නේ අපරාධකරුවන්ගේ ඉලක්කය වැරැදී ඇති බවයි. පාතාලයන්ගේ අත්වැරදීම් නිසා කුඩා දරුවන් මෙන්ම වැඩිහිටි ගැහැනු පිරිමි දෙපක්ෂයම අකාලයේ මියගිය පුවත් ඉකුත් සමයේ වාර්තා විය. එවන් පසුබිමක් සහිත රටක් පතිරූප දේශයක් ලෙස වැරදීමකින් හෝ නම් කළ නොහැකිය.

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ මෙහෙයුම් ඉකුත් සමයේ තදින් ක්‍රියාත්මක විය. පාතාලය මැඩලීමේ අවශ්‍යතා ජනාධිපතිවරයාද වරින්වර තදින් අවධාරණය කළේය. මහජන ආරක්ෂක ඇමැති රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාද වරින් වර පාතාලය මැඩලීමේ අවශ්‍යතාවත්, එය ක්‍රියාත්මක කරන ආකාරයත් දැඩිව අවධාරණය කළේය. එහෙත් ඉකුත් සඳුදා මහ දවාලේ පල්ලියමුල්ල මංසන්ධියෙන් වාර්තා වූයේ බයක් සැකක් නොමැතිව මිනීමරා අපරාධකරුවන් පලාගිය බවය.

“අපරාධ කල්ලි අතර ගැටුමක් - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක්” ආදී වශයෙන් පොලීසිය ප්‍රකාශ කිරීමට ඉඩ තිබේ. එහෙත් ජනතාවට එබඳු ප්‍රකාශ වැදගත් නොවේ. මිනීමැරුමක් වූ විට එය මෙසේ සිදුවන්නට ඇතැයි ප්‍රකාශ නිකුත් කිරීමට පොලීසියක් අවශ්‍ය වන්නේද නැත. මියගියේ කවුද අපරාධකරුවන් කවුද යන ප්‍රශ්නය ජනතාවට අදාළම නොවේ. ජනතාවට අවශ්‍ය වන්නේ අනු අංකයක් නැති මුනිස්සම් ඉදිරිපිට අභය දානය ඉල්ලා වැඳ නොවැටෙන සමාජයකි. මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්විය හැකි පරිසරයකි. එසේ නොමැතිව පාතාලයන් මහ පාරේ මහ දවාලේ මිනීමරාගන්නා රටක් නොවේ.
‘විශේෂිතය සමස්තය නොවේ’ යන්න කියමනකි. එමෙන්ම එය අවිවාදාත්මක සත්‍යයකි. පල්ලියමුල්ල ඝාතනය හරහා මුළු රටම පාතාලයේ අණසකට යටත්වී ඇතැයි යන මිථ්‍යාවට එළැඹිය යුතු නැත. එහෙත් මෙම ඝාතනය හරහා පාතාල ක්‍රියාකාරකම්හි ස්වරූපය ඉතා පහසුවෙන් හඳුනා ගත හැකිය.

පාතාලය යනු ලෙයට ලෙස ඉල්ලන මරණයට මරණය ඉල්ලන ලේ කුහරයකි. පාතාලයන් පසුවන්නේ රුධිර පිපාසයෙනි. එම පිපාසය සංසිඳුවා ගැනීම පාතාලයන්ගේ ඒකාන්ත අරමුණය. එහෙත් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ තමන් හඹා එන බවට ඉව වැටුණු විට පාතාලයෝ පසුබා යති. සැඟවෙති. නිහඬ වෙති. අනතුර පහව යනතුරු ඉවසති. මෙම පරිසරය තුළ පොලීසිය සිතන්නේනම් පාතාලය අක්‍රීය වී ඇතැයි යනුවෙන් එය තරම් මුළාවක් තවත් නැත. පල්ලියමුල්ල ඝාතනයෙන් කියැවෙන්නේ  එයය.

තමන්ට එරෙහිව ඇති මර්දනය තුරන්වී ඇතැයි සිතන පළමු දිනයේදීම පාතාලයෝ ක්‍රියාත්මක වෙති. අණක් ගුණක් නැති පාතාලයේ ස්වරූපය එයය. එහෙයින් පාතාලයන්ට එරෙහි ග්‍රහණය ලිහිල් කළ යුතු නැත. එය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය.

පාතාලය යනු නාඳුනන තුවක්කුකරුවන් සිටින තැනක් නොවේ. රටෙහි ක්‍රියාත්මක පාතාල කල්ලි මොනවාද? එහි සාමාජිකයන් කවුරුන්ද? ඔවුන්ගේ ක්‍රියාකලාපය කෙබඳුද? යන්න සම්බන්ධයෙන් විස්තර පොලීසිය සතුව තිබිය යුතුය. රටක බුද්ධි අංශයක් තිබෙන්නේද ඒ වෙනුවෙනි. එබඳු දියුණු යන්ත්‍රණයක් රටකට තිබිය යුතුය. පශ්චාත් පරීක්ෂණ පැවැත්වීමට රටකට පොලිසියක් අවශ්‍ය වන්නේ නැත.

පල්ලියමුල්ල ඝාතනය පදනම් කරගනිමින් පාතාලයට එරෙහි වේගවත් මෙහෙයුමක් අලුතෙන් ආරම්භ කළ හැකිය. එය සියලු පාතාලයන් අල්ලා කූඩු කරන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුය. මන්ද යත් පාතාල ක්‍රියාකාරීත්වය යනු රටේ සෑම අංශයකටම බලපාන්නක් වන හෙයිනි. මහ මග මිනීමරා ගන්නා රටකට සංචාරකයෝ නොඑති. ආයෝජකයෝ නොඑති. මහජනතාවට පාරට බැසීම යනු දින නියමයක් නොමැති මරණ සහතිකය අතට ගැනීමක් බඳු රටක් යනු සැබැවින්ම රටක් නොවේ. මෙම සැහැසි ග්‍රහණයෙන් රට මුදා ගැනීම බලධාරීන්ගේ වගකීමය.

(***)



අදහස් (4)

පානදුර ක්‍රමයේ මිනීමැරුම් තවත් ඇතිවන්න දෙනු එපා

සිරිබිරි Thursday, 28 January 2021 08:12 AM

කවුද කිව්වා වගේ මතකයි ආයුධ බිම තියලා බාර වෙන්න කියලා. අපි හිතුවේ ඔක්කෝම බාර වෙලා ලංකාවේ පාතාලය ඉවරයි කියලා. අනිත් එක වැඩ කරන අපේ විරුවනේ ඉන්නේත්...

:       34       38

පිටිගල මිලානෝ Thursday, 28 January 2021 08:58 AM

රටේ ආරක්ෂාව අංක එක කියලා නේද බලයට ආවේ? පොලිසිය බාර ඇමති මහරගම අහිංසක රෙදි වෙළඳුන්ට නම් නීති දානවා අපි දැක්කා. හමුදාව දාලා රටේ රාජ්‍ය තන්ත්‍රය කරන්න ගිහිල්ලා අනාගෙන ඉන්නේ.

:       34       36

මෝ Thursday, 28 January 2021 09:17 AM

ඒකෙනුත් අසමත්....

:       38       29

Rata Perata Sunday, 31 January 2021 09:31 AM

හැමෝම ලොක්කෝ වගේ විවේචනය කරන්නේ ප්‍රතිඵලය විතරයි. මේවා පටන් ගත්ත අය ගැන කතා කරන්න බයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 46 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 329 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 183 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 450 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1179 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1182 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 106 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 393 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site