IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පානදුර දැරියට රාජගිරි සමාගමෙන් ලක්ෂ පහක්

පානදුර තන්තිරිමුල්ල තිලකා මාවතේ (කලින් පානදුර ෆොන්සේකා පාරේ  අංක 58 නිවසේ) පදිංචිව සිටින චලනි සොයිසා (9) දැරියට පසුගිය අගෝස්තු 07 වැනි දා දකුණු ඉන්දියාවේ චෙන්නයි නුවර මියොට් රෝහලේ සිදුකළ දෙවනි සැත්කමෙන් පසු හදවත ඇතුළු අවයව පිරික්සීමේ පශ්චාත් පරීක්ෂණය ලබන දෙසැම්බර් දෙවැනි සතියට නියමිතව ඇති බව සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍ය කේ ශිවකුමාර් දන්වා ඇත.

මෙම සමාලෝචන පරීක්ෂණයට ඇය සමග ඇගේ පියා වන ප්‍රදීප් නාලක සොයිසා හැන්නදිගේ මහතා සහ මව ගමගේ ශීරන්ති හර්ෂණි දැරිය සමග චෙන්නායි නුවරට යාමට සිදුවී ඇත.කොළඹ සමාගමක සුළු සේවකයකු වන නාලක සොයිසා කියනුයේ මුල් සැත්කම් දෙකට හිතවතුන්ගෙන් හා පරිත්‍යාගශීලින්ගෙන් ලැබුණ සහායෙන් තම දරුවා ජීවතුන් අතර සිටින බවයි.

හදවතට අමතරව ඇගේ දකුණු පාදයේ මිලිමීටර් 18.5කින් කෙටි වීම ගැන දොස්තර ශිවකුමාර්ගෙන් උපදෙස් ගත යුතු බවද නාලක සොයිසා කියයි.දෙසතියක් පමණ තමාටත් දරුවාටත් රැකියාවක් නැති බිරියටත් චෙන්නායි නුවර ගතකිරීමට සිදුවන හෙයින් පරිත්‍යාගශිලීන්ගේ සහය පතන බව ඔහු කියයි.

නවාතැන් ආදිය නොමැතිව රෝහලට පමණක් ඉන්දියා රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක (ශ්‍රී ලංකා රුපියල් තුන් ලක්ෂ නව දහසක්) පමණ වැය වනු ඇතැයි ද රෝහලට අය කරන මුදල කෙතෙක්දැයි දෙසැම්බර් මුල සතියේදී දන්වන බව රෝහල දැරියගේ පියාට දුරකථනයෙන් දන්වා ඇත. 

ලංකා බැංකුවේ පානදුර ශෘඛාවේ එච්.පී නාලක සොයිසා නමින් ඇති 8124458 බැංකු ගිණුමට හෝ සම්පත් බැංකුවේ පානදුර ශාඛාවේ 102657129083 ගිණුමට අධාර යොමුකරන ලෙස ඔහු ආයාචනා කරයි.ඔහුගේ දුරකථන අංකය 071-4758595.

IMG_5903

 

14875799_1094040653983070_466727571_o14876308_1094040553983080_582871425_o 14881556_1094040610649741_121070965_o

IMG_1835



අදහස් (0)

පානදුර දැරියට රාජගිරි සමාගමෙන් ලක්ෂ පහක්

චන්ද්‍ර වීරසිංහ Sunday, 20 November 2016 11:37 PM

ධම්ම, ඔබ ඔහුට උදව් කළා. ඒ ඔබ! සිංහලයා ගැන ඉස්සර පිටරැටියන් ලියූ පොත් කියවන්න. හොඳ හොඳ දේවල් අපි ගැන කියා තියෙනවා (නි)

:       0       0

ගගන Friday, 18 November 2016 11:10 AM

රාජගිරිය නාවල පාරේ සොල්ට්‍රිම් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සුරේන් ඔබේසේකර මහතා- ඔබ සැබෑ මනුෂ්‍යක්. ඔබට ජය වේවා හැමදාම ! (ම)

:       0       0

රූපවතී Friday, 18 November 2016 12:13 PM

බොහොම හොඳ ආරංචියක්. ඒ දරුවා හරිම වාසනාවන්තයි. (නි)

:       0       0

රූපවතී Monday, 07 November 2016 06:34 AM

රත්තරන් වැනි හදවත් ඇති හැමදාම ..අසරණයට උදව් කරන ..දයාබර අපේ පාඨකයින් අද නිහඩයි ..?මේ දරුවට ඔපරේෂන් එකට ඒ මුදල හොයාගන්න අපි හැමෝම පසුගිය අගෝස්තුවේ උදව්කළා ..?ඒ වගේම ඒ ඔපරේෂන් එකත් කළා. ඒ දරුවා ව නැවත ඒ වෛද්‍යවරයාට පෙන්වීමට යාමට ඒ මුදල සොයාගන්න අපි උදව් දෙමු ..තියෙනවානම් ඒ මිනිසුන් කාටවත් අතපානේ නැහැ දුප්පත් කම නිසා ඒ අතපාන්නේ ..?අපි හැමෝම සුළුවෙන් උදව් කරමු ..අපිට කවදාවත් වරදින්නේ නැහැ ..!! (බ)

:       0       0

අබය Monday, 07 November 2016 07:00 AM

මම උදව් කරනවා. රූපා නංගියේ, හැමෝම එකතුවෙමු කලින් වාගේ..... (නි)

:       0       0

රූපවතී Monday, 31 October 2016 07:57 AM

මම මේ දරුවට ඔපරේෂන් එකට සහ පෞද්ගලිකවත් උදවු කළා පසුගිය අගෝස්තුවේ ...ඉතින් මේ අවස්ථාවේත් අපි හැකි අයුරින් උදවු කරමු නේද ..? ජීවිතේ කියන්නේ මහා පුදුම තැනක් එතන කවදාවත් අපිට වුවමනා අයුරින් අපිට සැප පහසු අයුරින් තිබෙනා සිතට සතුට ගෙන දෙන තැනක් නොවේ ..මේ සසරින් අපිත් එගොඩවෙමු තවෙකෙකුටත් අත දෙමු ..කවදාවත් අපි අතරමන් නොවනු අත ..!!! (බ)

:       0       0

යසන්ත Tuesday, 01 November 2016 02:27 AM

අපිත් රූපවතී සමඟ එකඟයි (නි)

:       0       0

අරුණ Sunday, 20 November 2016 10:36 AM

ලංකාදීප ආයතනය වගකීමක් ඇතුව බැංකු ගිණුම් අංක දාන එක වටිනවා ඒකට ස්තූතිවන්ත වෙනවා... උදවු කරන අයට ඒක හරි පහසු වෙනවා.... සමහර වෙබ් අඩවි මෙහෙම දේවල් දැම්මට විස්තර හොයාගන්න දස අතේ දගලන්න ඕන.... ඒගොල්ලෝ බලන්නෙ උදවු කරන කෙනාවත් විකුණන් කාල ගොඩ වැඩි කරගන්න....(හේ)

:       0       0

අරුණ Sunday, 20 November 2016 10:48 AM

ඕන කරන විස්තර ඔක්කොම වගකීමෙන් දාල තියෙනවා (හේ)

:       0       0

රූපවතී Friday, 18 November 2016 07:20 AM

මේ දරුවාගේ වෛද්‍ය සායනයට යාමට අවශ්‍ය කරන ඒ මුදල සොයාගන්න අපි එකතුවෙලා සහය දෙමු (නි)

:       0       0

සංජීව Sunday, 13 November 2016 08:33 AM

අසරණ නංගියාට අපිත් උදව් කරමු (නි)

:       0       0

දිලුම් Tuesday, 01 November 2016 04:58 AM

රූපවතීටත් ගොඩක් පින්. මේ දරුවට ඉක්මනින් සුවය ගෙනදෙන්න ඔබ සමඟ අපිත් එක්වෙමු. චූටි දුවට ඉක්මනින් සුවවේවි (නි)

:       0       0

සංගීත් Sunday, 13 November 2016 08:42 AM

ජාති ජාති පින් සිද්ධවෙන වැඩ මේවා (නි)

:       0       0

ආනන්ද Sunday, 20 November 2016 01:01 PM

ලොකු පිනක් මහත්තයෝ.(හේ)

:       0       0

විකුම් Monday, 07 November 2016 09:29 AM

අපි හැකි පමණින් උදවු කරමු (නි)

:       0       0

මනෝජ් Friday, 18 November 2016 08:18 AM

ඔන්න අපි දැම්ම සල්ලි (බ)

:       0       0

ධම්ම Sunday, 20 November 2016 03:27 PM

කලකට පෙර ලංකාදීපේ තිබුනා ඩුබායිවල ගාල්ලගේ කියලා කෙනෙක් තමාගේ අලුත උපන් බිලිඳාත් බිරියත් රෝහලින් නිදහස් කරගන්න රෝහල් බිල්පත ගෙවීමට නොහැකිව ආධාර ඉල්ලලා. මා නොහඳුනන ඔහු හමුවීමට ගොස් ඩිරාම් 5000කින් අධාරකර තවත් උපකාර අවශ්‍යනම් දන්වා සිටින ලෙසත් දන්වා මගේ ඩුබායි දුරකථන අංකයත් ඔහුට දී ආපසු ගියා. මහත් සේ පින් දී එම මුදල භාරගත් ඔහු ගැන අද වනතුරුත් ආරංචියක් නැහැ. (බ)

:       0       0

අබය Saturday, 19 November 2016 11:30 PM

මිනිසුන්ගේ අනුකම්පාව ලබාගැනීමට වාසනාව ලැබුණු දැරිවියක්. නිරෝගී වේවා! (නි)

:       0       0

අබේරත්න Tuesday, 01 November 2016 07:09 AM

රුපවතී කොතනද අපි එතැන.....අපි රූපට.... රූප අපිට........(බ)

:       0       0

අරුණ Sunday, 20 November 2016 05:25 PM

ඇය සුවපත් වේවා! මමත් ආධාරයක් කළා (නි)

:       0       0

රූපවති Tuesday, 01 November 2016 05:01 PM

අපි හැමගේ සහය ලබදිය යුතුයි මේ දරුවාගේ .වෛද්‍යය සායනයට ඉන්දියාවට යාමට‍ෛ.අවශ්‍ය ඒ මුදල සොයාගන්න ..? සහෝදර ඔබ අපි හැමෝම උදවු කරමු (අ)

:       0       0

නුවන් Friday, 11 November 2016 10:15 AM

මමත් දැන් මුදල් ප්‍රමාණයක් දැම්ම! මේ වගේ උදව් අවශ්‍ය කරන අය පිළිබද පලකරන්න.ලංකාදීප කියවන විශාල පිරිසක් ඉන්නවා. මේ වගේ අසරණ උනු වෙලාවට උදව් කරන්න පුළුවන්! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 24 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 39 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 231 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 412 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 408 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site