IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පානදුර රෝහල් මෘත ශරීරාගාරයේ මෘත ශරීර ගොඩ ගැසේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු 22 ක් ඇතුලු මළසිරුරු 45 ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග සෞඛ්‍ය තර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

මෘත ශරීරාගාරයේ තිබෙන අධි ශීතකරණ දෙකෙහි තැම්පත් කර තැබිය හැකි මළ සිරුර ප්‍රමාණය 12 ක් පමණක් බවත් අනෙක් සියලුම මළසිරුරු මෘත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත ට්‍රොලි මත තැන්පත් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වයිරසයෙන් මිය ගිය මළ සිරුරු 22 ක් ,නාඳුනන මළ සිරුරු 5 ක් අනෙකුත් මළසිරුරු 19 එලෙස තැන්පත්ව ඇති බව එම ආරංචි මාර්ග පවසයි .

එලෙස තැන්පත් කර තිබෙන බහුතරයක් මළසිරුරු නරක් වීමෙන් මෙම දුර්ගන්ධය හටගන්නා බව දැනගන්නට ඇත.

කොරෝනා වෛරසයෙන් මියගොස් සිටින පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුවද ඔහුන්ගේ සමීප ඥාතීන් ද නිරෝධායන ට ලක් කර ඇති බැවින් එම දේහයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආදාහන කටයුතු සිදු කිරීම සඳහා සමීප ඥාතීන් දෙදෙනකු සහභාගී කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීමෙන් මෙම තදබදය හට ගැනීමට ප්‍රධානම හේතුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි .

මේ පිළිබඳ පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩ ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය ගෙන් විමසීමේ දී මෙසේ පැවසුවාය

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා දැනුම් දී තිබෙනවා .ආදාහනාගාර පැය 24 පුරාම විවෘත කර ඇති බැවින් මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබෙන මළසිරුරු ආදාහනය කිරීමට කටයුතු සිදු කරන්න කියලා .

 



අදහස් (13)

පානදුර රෝහල් මෘත ශරීරාගාරයේ මෘත ශරීර ගොඩ ගැසේ

sharm warn Friday, 06 August 2021 04:06 PM

මේ පළාතේ පාර්ලිමේන්තු නියෝජිතයෙක් නැද්ද? මේ වගේ ප්‍රශ්නවලදී අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්නවත්...

:       28       137

Piyasingha Friday, 06 August 2021 07:54 PM

ඒ වුණාට අපි තමයි හොඳටම කළේ... ඉතියෝපියාව ලංකාවට වඩා දැන් දියුණුයි.

:       66       194

sarath Friday, 06 August 2021 08:09 PM

මේවා දැකලාවත් අඩුම ගානේ පාරවල් දිගේ හරක් ලෙස රංචු ගැසෙමින් පෙළපාලි යාම නැවැත්වූවොත් හොඳයි.

:       107       379

RaveendraFriday, 06 August 2021 09:45 PM

එහෙම කරලා කොහොමද? අපිට ඕනේ මිනිසුන්ගේ මිනී උඩින් ගිහිල්ලා හරි පට්ටියේ බලය ගන්න. මිනිස්සු ගොන්නු වෙනවාට අපි මොනවා කරන්නද? අපිත් ඒ ගොඩේම ඉන්න බුරු මී හරක් බව හැබෑව... එකම වෙනස පක්ෂ සහ පාට... මෙම අදහස් උද්ඝෝෂණ වලට උපරිම දායකත්වය ලබාදෙන දියවන්නාව පට්ටියේ මීහරකුන්ට මෙන්ම ඇම්බැට්ටයන් වන අන්තරේ බුරු අන්දරේලාටත් කියවීමට හැකි වේවා...!!!

:       402       563

සෙනෙවිරත්න Friday, 06 August 2021 10:09 PM

ඒකතමයි, ඇමැති කෙනෙක් පත් වුණා කියලා කිරිබත් කාලා පාරේ රතිඤ්ඤා පත්තු කරනවා... දුම්රියවල, බස්වල තෙරපිලා වැඩට එනවා. මේවා වහාම නතර විය යුතුයි.

:       108       176

thilakSaturday, 07 August 2021 12:27 AM

එක පිරිසක් මෝඩ වැඩක් කරාම, අනිත් අයත් එකතු වෙලා ඒ වැඩේම කරාම හරිද?

:       0       10

chandanaSaturday, 07 August 2021 11:07 AM

වසංගතයක් තියෙනකොට තොන්ඩමන්ගේ මිනිය උස්සන් පාරේ පෙළපාලි ගිහින් දීපු ආදර්ශයනේ .ඇයි බැසිල් පත් වෙච්ච එකට කිරි බත් කාපුවා මතක නැද්ද ?එතකොට වැරද්දක් නොදකින අයට ගුරුවරු පාරට බැස්සහම ලොකු ප්‍රශ්නයක්

:       129       74

බමුණු.Saturday, 07 August 2021 02:12 PM

සමහර හරක්ට දේශපාලන වැඩ කරමින් රතිඤ්ඤා පත්තු කරලා පාරේ දඟලපු ඒවා,පේන්නේ නැහැ.ගුරුවරුන්ට ගරහන්නේ ඉස්කෝලේ කට්ටි පැනපු රස්තියාදුකාර හරක්.ඒ වගේ අය පොඩි කාලේ ඉඳලම ගුරුවරු එක්ක තරහයි.ඒ හොඳ නරක හා සංවරව කතා කරන,ලියන හැටි උගන්වපු නිසා.ගුරුවරයෙකුට,විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට හෝ කාට වේවා කතාකරන විලාශයක් තියෙනවා.අප දේශපාලකයන් ට අකමැති උනත් අප ඔවුන්ට උනත්,අපහාසාත්මක ලෙස ලියන්නේ කියන්නේ නැහැ.මෙහි ලියන සමහර අනුවණයන් මේ තීරය ගඳ ගස්සනවා.සමහරුන්ගේ කෝකටත් තෛලය වගේ අපහාස වචන සෙට් එක දැකල දැකලා එපාවෙලා. මේ විදිහට තප්පුලන විට බලන අය දන්නවා සතා කව්ද කියලා.කියමනක් තියෙනවා ගවයා උනාට උම්බෑ කියන්න එපා කියලා.

:       61       36

ranjith Friday, 06 August 2021 08:12 PM

ඔක්කොම ඡන්දෙ කාලෙට විතරයි. කයිවාරු විතරයි. වැඩ නෑ. රට අවදානමේ.

:       151       190

සමිත සේනක අලුත්ගමගේ. Friday, 06 August 2021 09:13 PM

කෝ මේ සෞඛ්‍ය ඇමතිතුමිය? කෝ කටින් බතල හිටවන තරමට වැඩ නැහැනේ...

:       148       122

සිරිබිරිස් Saturday, 07 August 2021 12:20 AM

පැණි බෝතලයක් හොයන්න ගිහින්.... එන ගමන් මුට්ටියකුත් ගඟට විසි කරන් එයි...

:       51       6

Sri Lanka Saturday, 07 August 2021 01:46 AM

එහෙම වෙන්නේ කොහොමද ?කොරෝනා හැදිලා මරුනාම එදාම ආධාහනය කරනවනේ .හැමෝටම ඕනේ කොරෝනා වැඩිකරලා පෙන්වීම මිසක් ඉවර කර ගන්නේ කොහොමද කියලා කියන එක නෙමෙයි .මාධ්‍ය සංදර්ශන

:       8       19

pakeer Saturday, 07 August 2021 08:14 PM

ඉතාලිය වගේ වේගෙන එන්නේ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 436 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 729 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1715 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2466 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 539 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 449 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site