IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පානදුර සැරයන්ටයි කොස්තාපල්ටයි වැඩ වරදී

පැමිණිල්ලක් කිරීමට පානදුර පොලිසියට පැමිණි බව කියන රියදුරකු පැය පහන් රඳවාගෙන එය ලියා ගැනීමට ප්‍රමාද කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයකුගේ හා සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂ මානෙල්ගේ ගාමිණී හා උප සේවා සැරයන් කරුණාදාස සමරජීව එම දෙදෙනාය.

 



අදහස් (0)

පානදුර සැරයන්ටයි කොස්තාපල්ටයි වැඩ වරදී

දමයන්ත Thursday, 17 March 2016 01:47 AM

මෙතන ලියන හුඟක් අයට පොලිසි වලින්, රෝහල් වලින් අසාධාරණකම් සිද්ධවෙලා තිබෙන බව පේනවා. තව එළියට නොආ අසරණයන්ට වුණ දේවල් කොපමණ ඇද්ද? මේ සම්බන්ධව බලය ඇති ඇමතිවරුනි, වහාම මේ පිළිබඳ සොයා බලා නැවත එසේ නොවන්න වගබලා ගන්න. (නි)

:       0       0

උදිත් Thursday, 17 March 2016 01:50 AM

පොලිසියේ ඕඅයිසි කෙනෙකුට අපි කතා කරන්න ඕනෑ කොහොමද? අපි වැදගත්කමට සර් කියනවා. ලොකුකම් ඇති අය ඇවිල්ලා නමින් කතා කරනවා. අපිට තව තව ගෙම්බර් දානවා. කරුණාකරලා සමාජයට කියන්න මින්පසු පොලිසියේ සාමාන්‍ය නිලධාරියෙකුට සහ ඕඅයිසී, ඒඑස්පී කෙනෙකුට අපි කතා කරනන් ඕනෑ කොහොමද කියලා. මොකද නැත්නම් අපි සර් කියපු ගමන්ම අපිව දානවා දෙකේ කොළයට/ දාලා ලොක්කන්ගෙ පැත්තට වැඩ කරනවා ඒ අයත්. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 17 March 2016 01:55 AM

පොලිසි වල කටඋත්තර ලියාගැනිම් සහ විමසීම් සිදු කිරීම් වැනි දේවල් විනිවිදභාවයකින් යුකුව සිදුවිය යුතුයි. නැත්නම් කරන්නේ තමන්ගේ පැත්තට වාසියට හැමදේම කරගන්නා එකයි. මෙහෙම කියන්නේ 90% ක් තැන්වල මෙහෙම වෙන නිසයි. (නි)

:       0       0

ශෂි Thursday, 17 March 2016 08:47 AM

නිල ඇඳුම ඇන්දට පස්සේ ඔලුව ඉදිමෙනවා, මනුස්සකම පිරිහෙනවා, තණ්හාව වැඩිවෙනවා මේ පොලිසියේ , රෝහලේ විතරක් නෙවෙයි රටේ සියලුම ආයතන වල තත්ත්වය ... කවද හැදෙන රටක් වෙයිද ...(හේ)

:       0       0

අනුල Thursday, 17 March 2016 02:02 AM

ටිකිරි, පොලිසියේ මහත්වරු දුප්පත් අහිංසක පොඩි මිනිහටම තමන්ගේ බලය පෙන්නුවේ, මොකද දන්නවද? පැමිණිල්ලක් දැම්මහම දේශපාලන හිතවත්කම් ලොකුකම් තියෙන අය දෙනවා කෝල් එකක්. මේක පොඩ්ඩක් බලන්න කියලා. එතකොට පැමිණිල්ල විභාග කරන්න පටන්ගන්නෙම එක පැත්තකට වාසියටයි. (නි)

:       0       0

නිමල් Thursday, 17 March 2016 02:45 AM

බලය තණ්හාව, වාසිය, ජරාව පෙරටුකරගෙන පොලිසිය මෙවැනි දේ කිරීම නිසාම මහජන අප්‍රසාදයට පත්වීම වැළැක්විය නොහැක (නි)

:       0       0

සමන් Thursday, 17 March 2016 02:49 AM

මම නම් ඉස්සර ලංකාවේ ඉන්නකොට පොලිසියට යන්නේ නැහැ අඳුරන මාර්ගයක් නැත්නම්. මොකද නිකන් රස්තියාදු වෙන්න වෙන නිසා. (නි)

:       0       0

චතුරි Wednesday, 16 March 2016 12:31 PM

යුනිෆෝම් අදින හැම කෙනාම. ඕක දාගත්තට පසුව මනුස්සකම නැතිවෙලා යනවා. පෙන්නේ නැද්ද නර්ස් නොන්නල ගේ කෙරුවාව. මෙයාල හිතන් ඉන්නේ මේ කට්ටිය කවුරු කියලද. දන්නේ නැහැ (කෞ)

:       0       0

නෞෂි Thursday, 17 March 2016 03:09 AM

චතුරිගේ කතාව සහතික ඇත්ත. නිලඇඳුම ඇන්දට පස්සේ ඔලුව ඉදිමෙනවා, මනුස්සකම පිරිහෙනවා, තණ්හාව වැඩිවෙනවා (නි)

:       0       0

ඇසළ Thursday, 17 March 2016 03:25 AM

මේ හැමදේම පොලිසියේ වැරැද්ද නිසා නෙමෙයි. මුල සිට ආ දේශපාලුවන්ගේ බලපෑම්, සල්ලි තියන ලොකුයි කියලා හිතාගෙන ඉන්න අයගේ තියන බලපෑම්. මේ ක්‍රමය නැති කරන්න මුළු පොලිස් සේවයම ප්‍රතිසංවිධානය කළයුතුයි. පොලිස් කොමිෂන් වලින් ඇති වැඩක් නැහැ. දැනටත් පොලිස් කොමිසම තියෙද්දී වෙන දේවල් බලපුහම. බලය, මුදල් හෝ හැඳුනුම්කම් ඇති නැති සැමට එක හා සමාන සේවයක් පොලිසියෙන් ජනතාවට ලබා දිය යුතුයි. (නි)

:       0       0

ගිහාන් Thursday, 17 March 2016 04:04 AM

සමන් ඔබ හරි. එ් තමයි නියම ක්‍රමය ලංකාවේ පොලිසියකට යායුතු. අප කියන්නෙ මෙය වෙනස් කළ යුතුයි කියලයි. නැත්නම් අඒ ඒ ආණ්ඩුවල බත්බැලයොන්ගෙ නිතිය තමයි ක්‍රියාත්මක වෙන්නෙ. අදුරන කෙනෙක නැති සාධාරන පොඩි මිනිහට පොලිසියට ගියාම වෙන අපහසුතාවය, ලැජ්ජාව, කලකිරිම අසාධාරණය ඉවසා සිටින්නේ කෙසේද? (බ)

:       0       0

විකී Thursday, 17 March 2016 04:45 AM

ඔය වගේ පාර්ට් දාන ඕඅයිසී කෙනෙක් හිටිය සීදුව පොලිසියේ 1993 විතර. පාරේදී දැකල හැඳුනුම් කමට කතාකළාම මට පාර්ට් එකක් දැම්ම. 2005 වල එයා අසරණ වෙලා මගේ ළඟටම ආව සහතිකයක් ගන්න. පරණ දෙවල් මතක් නොකර මම පිහිට වුණා. නමුත් මිනිහ දැන් හරිම හොඳයි (බ)

:       0       0

බන්දු Thursday, 17 March 2016 05:50 AM

මමත් පොලීසියට ගියා වැඩක් කරගන්න. පැය 4 කට වැඩිය රස්තියාදු වෙලා හෙට එන්න කියලා කිව්වා. (නි)

:       0       0

සුමිත් Thursday, 17 March 2016 06:26 AM

නර්ස් නෝනලා සහ පොලිස් නිලධාරීන් අතර මම දකින එකම වෙනස පොලිසිය වගේ නර්ස් නෝනලා පගාව ගහන්නේ නැහැ. ඒ ඇරුනහම දෙගොල්ලන්ම එක වගේ (නි)

:       0       0

උදය Wednesday, 16 March 2016 09:59 PM

මහජනයාගෙන් පඩි ගන්න නිසාවත් මේක මහජන සේවයක් කියලා හිතන්න බැරිද? (නි)

:       0       0

යසන්ත Wednesday, 16 March 2016 10:43 PM

පැමැණිලි ලියාගන්න තැන, විභාග කරන තැන සිසිටිවි කැමරා සවි කරන්න. පොඩි මිනිහා කියන දේ නෙමෙයි, බලපෑම් කරන ලොකු මිනිහාට ඕනෑ ලෙස කටඋත්තර ලියාගෙන ලියපු එක පෙන්වන්නෙත් නැතුව පොඩි මිනිහාගෙන් අත්සන් ගන්න එක වළක්වන්න පුළුවන්. මටත් අමිහිරි අත්දැකිම් තිබෙනවා. (නි)

:       0       0

උදාර Wednesday, 16 March 2016 10:51 PM

පුද්ගලික ප්‍රශ්ණයකට පොලිසියේ පැමිණිල්ලක් දාපු ලොක්කෙක් ඒ හිතවත්කම් පාවිච්චි කරලා මට ලොකු අසාධාරණයක් කළා. පැමිණිල්ල විභාග කරන දින ඒ පුද්ගලයා පැය ගණනක් බොරු ඇදබානතෙක් සාවධානව අසාසිටි පොලිසි නිලධාරියා මා හට කතා කිරිමට ඉඩදුන්නේ නැහැ. අවසානයේ කිසියම් කොළයකට අත්සන් තබන මෙන් ඉල්ලා සිටියමුත් එහි කුමක් ලියාඇද්ද යන්න පෙන්වුයේද නැහැ. මේවා වහාම නැති කළයුතුයි. සිසිටිවි කැමැරා සවි කරන්න. ටිකක්හරි අසාධාරණකම් අඩුවේවි. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 16 March 2016 10:56 PM

එක්තරා තරුණ නර්ස් කෙනෙක් මගේ වැදගත් යහළුවෙකුට කැත විදියට බැනලා රෝහලේදි. ඒ යහළුවා උගත් පුද්ගලයෙකු නිසා ඔහු නිසි බලධාරින්ට පැමිණිලිකරලා ඒ සිද්ධිය. එවිට අර නර්ස්ට එරෙහිව විභාගයක් පවත්වලා. එය අවසන් වූ පසු අර නර්ස් ඇවිත් කියනවලු “ මට කලින් කියන්න එපැයි කවුද කියලා. එහෙම නැතුව මම දන්නෙ කොහොමද කියලා“ ඔන්න බලන්න හැටි. මේවා වහාම වෙනස් කළයුතුයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 16 March 2016 10:49 PM

වැරැද්ද කළ නිලධාරීන් දෙනොගේ නම් දෙක පළකළ එක නම් ලොකු දෙයක්. නැත්නම් අරයා වෙන්නැති මෙයා වෙන්නැති කියලා හොඳට වැඩකරන අයවත් සැකකරන නිසා. මේ තත්වට දිගටම පවත්වාගෙන යන්න. වැරදි කර අසුවන සෑම කෙනෙකුගේම ආයතනයකම නම් පළකරන්න. එය පාඨකයාගේද අයිතියකි. (නි)

:       0       0

ජාලිය Wednesday, 16 March 2016 10:52 PM

අසරණවෙලා රෝහලකට යන ලෙඩුන්ට පාට්දමන නර්ස්ලට නම් හොඳක් සිද්ධවෙන්න එපා. ඒ වගේම තමයි පොලිසියකට යන්නෙත්. එතන ගියාම ලොකු අයට එක විදියකටයි පොඩි මිනිහට එක විදියකටයි සළකන එකයි නැවැත්විය යුතුයි. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 17 March 2016 07:53 AM

මේ නීතිය පොලිසියට විතරක් නොවෙයි, මුළු රාජ්‍ය සේවයටම ක්‍රියාත්මක කරන්න ඕනෑ. (නි)

:       0       0

ටිකිරි Thursday, 17 March 2016 12:36 AM

මේ පොලිසියේ මහත්වරු හැමදාම තමන්ගේ බලය පෙන්නුවේ, දුප්පත් අහිංසක පොඩි මිනිහටම තමයි. හැබැයි ඔතෙන්ට දේශපාලුවෙක් හරි දොස්තරවරයෙක් හරි වෙන ලොක්කෙක් හරි අාවා නම් දෙකට තුනට නැමිලා ඕනෑම දෙයක් කරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1122 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 756 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1157 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 850 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 510 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 925 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site