(සුමිත් පොතුපිටිය )
අන්සතු ඉඩමක පොල්ගෙඩි 20 ක් කැඩීමේ වරදට නියමවූ රුපියල් 5000 ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මාස තුනක් බන්ධනාගාර ගතකර සිටී අයෙකු , එම දඩ මුදල ගෙවා නිදහස් කර ගැනීමට කළුතර බන්ධනාගාර සුභ සාධක සංගමය කටයුතු කර ඇත.
මතුගම ප්‍රදේශයේ පදිංචි එම්.එච්. වසන්ත නමැති රැදවියෙකු මෙසේ නිදහස් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රැදවියා මීට වසර තුනකට පෙර මතුගම ප්‍රදේශයේ පිටස්තර අයෙකුගේ ඉඩමකින් පොල්ගෙඩි 20 ක් හොරෙන් කැඩීමේ වරදට රුපියල් 5000 ක දඩ මුදලක් නියමව ඇති බව බන්ධනාගාර සුභසාධක සංගමය පැවසීය.
බන්ධනාගාර අධිකාරී රෝහන ගලපත්ති, නියෝජ්‍ය ප්‍රධාන ජේලර් රුවන් ගාමිණී , බන්ධනාගාර වීක්ෂණ කමිටු සාමාජික නස්රීන් නසීර් සහ පුනරුත්ථාපන නිළධාරී ගයාන් ලක්ෂිත යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පන්දාහේ දඩය ගෙවාගන්න බැරිව මාස 3ක් සිරබත් කෑ අයෙක්ට නිදහස
Chaminda Tuesday, 05 March 2024 02:26 PM
රුපියල් පන්දාහක් සදහා අවුරුදු තුනක් රජයෙන් පෝෂණය කලා එතකොට ඒකට වියදම කොපමණද අපේ හාන්දුරුවනේ ? දැන් ඔය සුභසාධක සමිතිය කරල තියෙන්නෙ නැවතත් හොර පොල් කඩන්න අවස්ථාව උදාකර දීමක් කියන්න පුළුවන් මොකද අපේ ප්‍රදේශයේ ඔය වගේ එකෙක් දැනට හිරගතවෙලා ඉන්නවා ඌත් ආපසු ආපු දවසට පසුදා සිටම නැවතත් පුරුදු රස්සාව කරපු හැටි හොදට මතකයි.මෙහෙම අතීසාරයට අමුඩ ගහන්නා වගේ ප්‍රතිකර්ම කරල වැඩක් නැහැ නැවත නැවතත් නොකරන තැනට ප්‍රතිකාර කරන්න ඕන
ගමේ එකාලා Tuesday, 05 March 2024 02:59 PM
රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට කිසිම නීතියක් අදාල නැතුව නැතුව ඇති...
Jayantha Tuesday, 05 March 2024 03:18 PM
එහෙනම් අපි උල තියමු.
පිටරටවැසියා Tuesday, 05 March 2024 06:22 PM
රාජ්‍ය සම්පත්, පොදු දේපළ කොල්ල කාපු දියවන්නාවේ කට්ටිය කවදද සදහටම බන්ධනාගාර ගතවෙන්නෙ?