පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි, පෙරහැරවල් ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා ලබා දීමට හැකියාව ඇති බව රජයේ ජේෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා කොළඔ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
වනජීවී දෙපාර්තමෙන්තුවට බැදී ඇත්ගොව්වන් ලෙස සේවය කිරීමට පුහුණුව ලබා සිටින කාන්තාවන්ගේ සේවය ඒ සඳහා ලබා ගැනීමට හැකි බවද පෙන්වා දුන් රජයේ ජේෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා මේ වන විට කාන්තාවන් කිහිප දෙනෙකුම ඇත්ගොව්වන් ලෙස සේවය කරන බවද අධිකරණයට දැන්ම් දුන්නේය.
කෑලෑ වලින් හොර රහසේ අල්ලා ව්‍යාජ ලේඛන මත අලි පැටවු තබාගෙන සිටින බව කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී වනජීවී අධ්‍යකෂක ජනරාල් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාද අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී දිලීප පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පින්නවල අලින්ට පෙරහැරට යන්න වරම්
උපාලි Wednesday, 24 February 2016 04:10 PM
ඒ පාර අනේ අහිංසක පින්නවල අලි ටිකටත් වද දෙන්නයි සුදානම..ඉස්සර කිරිබොන අලි පැටියෙක් හිටපු රජ්ජුරුවෝ පින්නවලින් උදුරගෙන් ගිහින් පුජ කළා. දෙවියන්ගේ නාමෙන් ඔය සත්තු ටිකට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න බැරිද අම්මප? (අ)
දසුනි Wednesday, 24 February 2016 05:42 PM
සමහර හීල නැති අලි කකුල් හතරටම දම්වැල් දාල කිලෝමීටර ගානක් පෙරහරේ යන විදිහ දැක්කම හරිම දුකක් හිතෙනවා. අඩියෙන් බාගයයි තියන්න පුළුවන්. මේක සත්ව හිංසාවක්. කාටද පුළුවන් මේ ගැන පියවරක් ගන්න. ලොකු පිනක්. (අ)
දසුනි Thursday, 25 February 2016 12:44 PM
උසස් කුල හතරට අයිති අලි විතරයි ඉස්සර පෙරහරේ අරන් ගියේ. මම කියන්නේ කරඬුව අරගෙන යන අලි ගැන නෙමෙයි. සල්ලි දීලා පෙරහරේ දිග පෙන්වන්න ගෙනියන අහිංසකයෝ ගැන. (නි)
සිල්වා Wednesday, 24 February 2016 11:12 PM
උපාලි, එතකොට ඉදිරියට පෙරහැර වල ගෙනයන්න වෙන්නේ කාවද? (නි)
පිටබැද්දර ජයා Thursday, 25 February 2016 02:08 AM
අලි ඇතුන් කියන්නේ අනාදිමත් කාලයක සිට බුදු දහම හා බැඳුන සත්ව කොට්ඨාශයක්. සමහර මිනිසුන්ට නොතේරුනාට ඒ සතුන් දන්නවා බොහොම අපුරුවට තමන් කරන රාජකාරියේ තිබෙන වගකීම. ඒ නිසාම කරඬුව වඩම්මන ඇතුන් පාවඩ එළනතුරු අඩියක් ඉස්සරහට තියන්නේ නැහැ. මේ තීන්දුව බොහොම හොඳ තීන්දුවක් (නි)
කලණි විතානගේ Thursday, 25 February 2016 03:14 AM
අලි අනාතාගාරේ හිරවෙලා ඉන්න අලි පෙරහරේ ගියාට ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු විඳින දුක් වීදනා දසුනිට නොපෙනීම මට නම් දුකක්. (බ)
දිනේස්ත් Thursday, 25 February 2016 03:44 AM
අලින්ව පෙරහරේ ගෙනයාමට මමනම් තදින්ම විරුධයි .... පව් අහිංසක සත්තුන්ට කැලේ නිදහසේ ඉන්න දෙන්නේ නැතුව.. (ම)
ධනුෂ්ක Thursday, 25 February 2016 08:36 AM
ලංකාවෙ අලිඇතුන් යටත්විජිත සමයේ දී වඳනොවී බේරුනේ ඔවුන් පූජනීය සත්වයෙක් ලෙස සැලකීම නිසයි. ඒ කාලෙ අලි ඇතුන් විනෝදයට දඩයම් කරන විට එය නැවතුනේ සිහලුන්ගේ විරෝධය නිසා. අනාදිමත් කාලයේ සිටම අලිඇතුන් පෙරහැරවල් වල යොදාගත් සත්වයෙක්. දැන් දැන් ඊනියා සංවිධාන අවිහිංසාවාදය පෙරටදමා කරන්න යන්නේ සංස්කෘතිය විනාශ කිරීම වගේ පෙනෙන්නේ. (ර)