IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘පනින අයට ඡන්දෙ දෙන්න එපා‘

එහාට මෙහාට පනින අයට ඡන්දය නොදෙන්නැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොට්ටාවේ සෙනසුරාදා පැවැති ජන රැලියකදී පැවසීය.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් රුපියල් 3000කින් වැඩි කරන බවත් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

_H1_9688 _H1_9830 _H1_9893 _H1_9967 DSC_5376 DSC_5473

 



අදහස් (0)

‘පනින අයට ඡන්දෙ දෙන්න එපා‘

වසන්ති Sunday, 09 August 2015 11:53 AM

18 උදෙන්ම අලියා පිටේ නගින්න බර කට්ටියක් ඉන්නවා මැතිඳුනි. (නි)

:       0       0

ටෙෂාන් Sunday, 09 August 2015 12:09 PM

එහෙනම් ඉතින් ඔබතුම ගාව ඉන්න ගොඩ දෙනෙක්ට ඡන්දෙ නෑ..මොකද ඉතින් වැඩිපුරම ඉන්නේ පැනපු අයනේ. (බ)

:       0       0

අසංක Sunday, 09 August 2015 12:17 PM

දයාසිරිද? (බ)

:       0       0

අශාන් Sunday, 09 August 2015 12:25 PM

විකුම් යථාර්ථය තේරුම් ගන්න උත්සාහකරන්න (බ)

:       0       0

අනුර Sunday, 09 August 2015 01:54 PM

සිල්වා - බර්ලින්, ඔබ හරියට හරි. දැන් වුණත් මෙතුමා ළඟ ඉන්නේ ඔක්කොම පැනපු අයනේ.යන්නේ කොහෙද මල්ලේ පොල් ! (නි)

:       0       0

රසික Sunday, 09 August 2015 07:25 AM

ඔබතුමා ගැන දුකත් හිතෙනවා. වටේ ඉන්න සමහර කට්ටිය නිසා තමයි අපිටත් එපාවෙලා තියෙන්නේ (නි)

:       0       0

සිල්වා Sunday, 09 August 2015 07:27 AM

ඔබගේ වටේ වෙන පක්ෂ වලින් පැනපු අය ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

සුරනිමල Sunday, 09 August 2015 07:30 AM

එතකොට ඔබේ දෑත් සවිමත් කරන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඔය පැත්තට ඒ දවස් වල පැනපු අයටත් ඡන්දෙ දෙන්න එපාද? (නි)

:       0       0

සෑම් Sunday, 09 August 2015 07:31 AM

එහාට මෙහාට පනින අයට ඇමතිකම්,උප ඇමතිකම්, වෙනත් වරදාන දීලා, තමන්ගේ පක්ෂයේ දර දිය අදින දීර්ඝකාලීන සාමාජිකයින්ට සුසුම් හෙළමින් ඉන්න සළස්වලා, ඔවුන් තමන්ට වෙන අසාධාරණය ගැන කිවුවහම ඔවුන්ට "සැලුන් දොර" පෙන්නුවේ කවුද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

සේනක Sunday, 09 August 2015 07:39 AM

දේශපාලකයන්ට පිස්සුද , අපිට පිස්සුද? මෙතුමා සමඟ ඡන්දේ ඉල්ලන අයගෙන් පහෙන් හතරක් පක්ෂ වලින් පැනපු අය. දැන් කියනවා ඔවුන්ට ඡන්දේ දෙන්න එපාලු. (නි)

:       0       0

විකුම් Sunday, 09 August 2015 07:42 AM

මහින්ද දිනනවා. (නි)

:       0       0

උදිත් Sunday, 09 August 2015 07:43 AM

රටේ පුරවැසියෝ විදිහට අපි බලන්න ඕනෑ කාටද අපේ ආර්ථිකය දියුණු කරන්න හොඳ ප්‍රතිපත්ති තිබෙන්නේ සහ නිදහසේ ඉන්න සමාජ වටාපිටාවක් හදන්න පුළුවන් කාටද කියන එක. (නි)

:       0       0

විකුම් Sunday, 09 August 2015 07:53 AM

මහින්ද රාජපක්ෂ මහතාට ඔබේ ඡන්දය ලබාදෙන්න (නි)

:       0       0

ඉන්ද්‍රා Sunday, 09 August 2015 07:54 AM

ඔබතුමා මේ දෙනවා කියන වරදාන බලයේ හිටිය කාලේ නේද දෙන්න තිබුනේ? ඔබ රටේ විධායක බලය ඉහළින්ම පාවිච්චි කළ ජනාධිපතිතුමා විදිහට විරුදාවලිය අරගෙන අවසානයි. ඔය වටේ ඉඳගෙන ඉන්න අය තමා ඔබතුමා මේ තත්වයට පත්කළේ. (නි)

:       0       0

ඉන්දික Sunday, 09 August 2015 08:05 AM

අපිට නම් අහන්න තියෙන්නේ ඔය අත් උස්සගෙන ඉන්න අයගෙන් කී දෙනෙක් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ ද කියලා ඔබතුමා කීව දවසට අපි ඔබට ජන්දේ දෙනවා කියල තමා. (ම)

:       0       0

ඉන්දික ගාලේවත්ත Sunday, 09 August 2015 08:10 AM

හිටපු රාජ්‍ය නායකයා නේද මේ සවුත්තු වෙන්නේ ආයෙත් ඡන්දය ඉල්ලලා... අනික් අයට සහයෝගය දීලා නිහඩව හිටියනම් කොච්චර අගේද...දැන් නම් අපිටත් හිතෙනවා ඇත්තටම හොරා කලා අහුවෙන එක වළක්වා ගන්න තමයි මෙච්චර දඟලන්නේ..(ම)

:       0       0

සියාම් Sunday, 09 August 2015 03:34 PM

එක් ඡායාරූපයක රාජපක්ෂ මහතා වටේ වාඩිවී ඉන්න හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම පැනපු අය. ඡන්දදායකයන්ට උකුණු මොළයක් තරමේ මොළයක් ඇත්නම් මේ කියන්නේ ඔවුන් ගැනත් සමඟයි කියා තේරුම්ගත යුතුයි. (නි)

:       0       0

මහිලාල් Sunday, 09 August 2015 03:41 PM

තමන්ව බලයට ගෙනෙන්න මහත් කැපවීමක් කළ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් නොසළකා හැර දෑත් ශක්තිමත් කරන්නට කියා එජාපයෙන් පැන්න දුෂිතයන්ට වරදාන හොඳ තනතුරු හා හොරකම් කරන්නට ඉනිමං තැනූ පුද්ගලයෙක් කියන කතාවක හැටි? (නි)

:       0       0

පියසේන Sunday, 09 August 2015 03:44 PM

වටේ ඉන්න සමහර කට්ටිය නිසා තමයි අපිටත් එපාවෙලා තියෙන්නේ. ඔය ඉන්න සමහරුන්ට අවශ්‍ය ඔබේ කරමතින් දියවන්නාව තරණය කිරීම පමණයි. ඉන්පසු ඔවුන් ශක්තිමත් කරන්නට වෙනත් දෑත් සොයාගනු ඇත. (නි)

:       0       0

ලංකා Sunday, 09 August 2015 08:28 AM

වයසට යනකොට අමතක වෙන රෝගය හැදෙනවා. (ම)

:       0       0

බන්නැහැක Sunday, 09 August 2015 03:54 PM

ඇයි ඔබේ ආණ්ඩුව කාලේ ඕනෑ කෙනෙකුට යන්න එන්නට විතරක් නෙමෙයි, පනින්නට, කරනම් ගහන්නට ඔබේ සැලුන් දොර ඇරලා තිබුනා නේද? දෑත් ශක්තිමත් කරන්න අනෙක් පැත්තෙන් ඔබේ පැත්තට පනින එක සාධාරණයි. ඒත් ඔබේ පැත්තේ සිට අනෙක් පැත්තට පනින එක වැරදියි. එහෙම කරන්නේ ද්‍රෝහියෝ.එහාට මෙහාට පනින අයට ඡන්දය නොදෙන්නැයි කියන්නේ ඒ අදහසින් නේද? ඉදිරියේදී සිදුවිය හැක්කේ "මෙහාට" පැනීම නොව "එහාට" පැනීම නිසා නේද ඔබ එසේ කියන්නේ? (නි)

:       0       0

ලියනගේ Sunday, 09 August 2015 03:59 PM

එහෙනම් ඉතින් ඔබතුමා ළඟ ඉන්න ගොඩ දෙනෙකුට ඡන්දෙ නැහැ.මොකද ඉතින් වැඩිපුරම ඉන්නේ පැනපු අයනේ. (නි)

:       0       0

හේමන්ත Sunday, 09 August 2015 04:06 PM

වසර 30 ක ශාපයෙන් රට නිදහස් කළ අභීත නායකයා මොහුයි. ඔහු නැවත අවැසි වෙලාවක් මේ. ඔහු බලාපොරොත්තු තැබිය හැකි නායකයෙක්. රට වෙනුවෙන් ඔහු ජයගත යුතුමයි. අතීතය මතකයේ ඇති අය මෙතුමාව ජයග්‍රහණය කරවාවී. ඔබට නිසැක ජය. (නි)

:       0       0

සේන Sunday, 09 August 2015 08:36 AM

හරි හරි අපිට තේරුණා (නි)

:       0       0

රෝහණ Sunday, 09 August 2015 08:40 AM

ඔය වටේ ඉඳගෙන ඉන්න සමහරු තමයි රට කෑවේ (නි)

:       0       0

රන්ජිත් Sunday, 09 August 2015 08:40 AM

අපි මැරිලා උපන්නේ නැහැ. අපිට ඔබතුමාගෙන් උපදෙස් ඕනෑ නැහැ කාටද ඡන්දෙ දෙන්නේ කියලා තීරණය කරන්න. හැබැයි අපිට දුකයි ඔබතුමාට වෙන දේ ගැන. තණ්හාය ජායති ශෝකෝ කියලා තමයි කියන්න වෙන්නේ (නි)

:       0       0

මොහොමඩ් Sunday, 09 August 2015 08:43 AM

මහින්ද මහතා දිනනවා (නි)

:       0       0

ජයසේන Sunday, 09 August 2015 08:44 AM

ඔබතුමා වටේ ඉන්න අයගෙන් 50% කට වැඩි අය වෙනත් පක්ෂ වලින් පැනලා ආ අය නේද? (නි)

:       0       0

ලියනගේ Sunday, 09 August 2015 08:48 AM

රනිල්ට ජයවේවා! (නි)

:       0       0

රකිත් Sunday, 09 August 2015 08:55 AM

හිතාගන්න බැරි කාටද එතකොට දෙන්නේ කියලා (නි)

:       0       0

ලක්ෂාන් Sunday, 09 August 2015 09:29 AM

අපි නම් මේ පාර ඡන්දෙ දෙන්න යන්නෙත් නැහැ (නි)

:       0       0

එෂාන් Sunday, 09 August 2015 09:29 AM

අනේ අම්මපා මෙහෙමත් කතා! (නි)

:       0       0

නන්දන Sunday, 09 August 2015 09:29 AM

නම් වශයෙන්ම කිවුවා නම් අපිට පහසුයි (නි)

:       0       0

නාලනී Sunday, 09 August 2015 09:29 AM

එහෙනම් අපි යූඑන්පීයට දෙන්නම්. ඔබතුමාගේ පැත්තේ දෙන්න කෙනෙක් නැහැනේ (නි)

:       0       0

සම්පත් Sunday, 09 August 2015 09:32 AM

පනින අයට ඡන්දෙ දෙන්න එපා කියන්නේ තමාට නියත පරාජයක් අත්වෙන හින්දද? (නි)

:       0       0

සුරංග Sunday, 09 August 2015 09:34 AM

මහින්ද මේ වෙනතුරු හිටියා නම් බොරැල්ල පාරත් හදලා ඉවරයි. කොට්ටාව දියුණු කළේ එතුමා. කලින් කොහොමද තිබුනේ? (නි)

:       0       0

සරත් Sunday, 09 August 2015 09:36 AM

රටට පණදෙන්න. ඔබතුමාට ජය නියතය (නි)

:       0       0

කැළුම් Sunday, 09 August 2015 09:39 AM

එතකොට අපිට දෙන්න කෙනෙක් නැහැනේ (නි)

:       0       0

බිමල් Sunday, 09 August 2015 09:41 AM

එතකොට දැන් කාටද දෙන්න ඕනෑ? (නි)

:       0       0

පෙරේරා Sunday, 09 August 2015 09:47 AM

මහජන සල්ලි රටේ දේපල පවුල් පිටින් කොල්ලකාපු අයටත් ඡන්දෙ දෙන්න එපා. (බ)

:       0       0

කස්තුරිආරච්චි Sunday, 09 August 2015 09:48 AM

පරණ කැලෑ සත්තු ගැන කථාවක් මතක් වුණා (බ)

:       0       0

සිල්වා - බර්ලින් Sunday, 09 August 2015 09:58 AM

අන්න දැන් තමා ඔබතුමාට මොලේ පෑදුනේ , ඔය නුවන දැනට අවරුදු 5 කට කලින් ඔබතුමාට ලැබුන නම් , අද ජනාධිපති ඔබ සහ සන්ධාන රජයක් තිබෙන්නේ , ඔබතුමා සහ සන්ධානය මේ තත්වයට ඇද දමන්න කුඩු දුමින්ද සහ එතනෝල් ජොනි මුලික වුනා, ජවිපෙන් මේ පැන්න විහිලුවන්ස කොලුවා ඔබතුමාට මහරජාණෙනි කියමින් බොරු කියමින් ඔබතුමාව මුරුංග අත්තේ තිබ්බ , බක පණ්ඩිත බන්දුල රුපියල් 2500 කින් ලංකාවේ මාසයක් ජිවත් වෙන්න පුළුවන් කියා ජනතාව කුල්ලපු කළා , මිනිස්සු පෝලිමේ ගිහින් ඔබතුමාට විරුධව ඡන්දෙ දුන්න , දැන් කරන්න හදන්නේ විශ්‍රාම සුවයෙන් හිටපු ඔබ ඇදගෙන ඇවිත් තව පාරක් පරද කරලා තිබෙන ටිකත් නැති කරලා දාන්න, ඔන්න ඔබතුමාගේ සැලුන් දොර නිසා වුණ වැඩේ , ඒ දවස්වල යකඩ දොරක් දමල යතුර අතේ තියාගෙන හිටියනම් ඉවරයි නේද? (බ)

:       0       0

සෞදි රොහාන් Sunday, 09 August 2015 10:01 AM

දැන් අර සැලුන් දොර නැද්ද? ගියපාර පොරොන්දු තවම එහෙමමයි. අර දෙනවා කියපු 2500 දැන් මතක නැහැ නේද? (නි)

:       0       0

අනුර සිරිවර්ධන Sunday, 09 August 2015 10:06 AM

ඔබතුමා නේද ඉගැන්නුවේ එහාට මෙහාට පනින්න ?(බ)

:       0       0

දිල්රුක්ෂි Sunday, 09 August 2015 10:39 AM

එහෙනම් ඔබතුමා වටේ ඉන්න කාටවත් දෙන්න වෙන්නේ නැහැ (නි)

:       0       0

සහීඩ් කටාර් Sunday, 09 August 2015 10:39 AM

මහජන සල්ලි, රටේ දේපල පවුල් පිටින් කොල්ලකාපු අයටත් ඡන්දෙ දෙන්න එපා. (නි)

:       0       0

සහීඩ් කටාර් Sunday, 09 August 2015 10:46 AM

සිල්වා - බර්ලින්, ඔබ ලස්සනට ඔබගේ අදහස ලියා ඇත (නි)

:       0       0

නිමාෂා Sunday, 09 August 2015 11:32 AM

පෙරේරා, රටේ මහජන දේපල පවුල් විසින් කොල්ලකෑ විට හොයාගන්න ලෙහෙසියි. හැබයි ආයතන හරහා කොල්ල කෑ විට හොයාගන්න බැහැ. තේරුම් ගන්න. වෙනස තියෙන්නේ එතැන. (නි)

:       0       0

සංජය Monday, 10 August 2015 01:08 PM

යහපාලනය අපිට දැන් එපා වෙලා. අපිත් මේ පාර මහින්දට. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4452 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 7 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 36 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 46 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 72 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 127 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site