IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


පැන්නූ වත්කම් ගේන්න ස්විට්සර්ලන්තයේ සහාය

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය පැවසුවාය.

මෙරට වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිනිය මෙහිදී මග පෙන්වීමක් සිදු කළ අතර, ඒ සඳහා මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමටද එකඟ වුවාය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් මහත්මිය ජනාධිපති කාර්යාලයේ අද (24) හමු වූ අවස්ථාවේ දී ඇය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකා රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සඳහා ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ලබා දීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

රජයේ ප්‍රමුඛ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජයේ තාක්ෂණික සහ අවශ්‍ය අනෙකුත් සහාය ලබා දීමටත්, “Clean Sri Lanka“ වැඩපිළිවෙළට ලබා දිය හැකි සහාය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.



අදහස් (13)

පැන්නූ වත්කම් ගේන්න ස්විට්සර්ලන්තයේ සහාය

රනේ Friday, 24 January 2025 04:15 PM

අපේ ඈයෝ කරපුවා එච්චර පහසුවට අහු වෙයිද හිතන්න අමාරුයි. රොකට් එහෙමත් යවපු අයනේ.

:       90       55

Rohana Friday, 24 January 2025 09:24 PM

එතකොට වඩා ආරක්ෂිතයි කියන ස්විස් බැංකු ගිණුම්වල තොරතුරු හෙලිකර අයථා තැන්පතු වත්කම් රටට ආපසු ලබා දෙනවාද ?

:       1       42

Toni Friday, 24 January 2025 11:26 PM

අසව්, අසව්... මෙන්න දායක සභාවට චූන් වෙන්න තවත් අවස්ථාවක්. ඉක්මණට චූන් වෙන්න හොඳේ... මේවාට වැඩි ආයුෂ නෑ.

:       1       11

අජිත් කුමාර Saturday, 25 January 2025 05:11 AM

මාධ්‍ය සන්දර්ශන මේ පච රෑලගේ… හරියට රටේ ප්‍රශ්න ඔක්කෝටම විසඳුම් දීලා වගේ…

:       1       12

Sediris Saturday, 25 January 2025 07:01 AM

කොටි කොතැනද, ස්විස්ටර්ලන්තේ එතැන. ගානියා බැරිස්ටර් සනීපෙන් ඉන්නවාද? සුපිරි නාඩගම්කාරයෝ සෙට් එකක් තමයි.

:       1       14

ආටක නාටක Saturday, 25 January 2025 07:05 AM

මේ බැරිද රාජපක්ශලාගේ ගිණුම් වලින් අහු වුණා කියලා ඩොලර් බිලියන 19ක් ලංකාවට දෙන්න. එහෙම කරොත් තමයි ඉතින්. නැත්තන් නිකන් ඩොලර් 100, 200 දීලා නම් ශේප් වෙන්න හිතන්න එපා හොඳේ. ඔයාලා සෑහෙන්න නාඩගම් නටලා ගෙනාපු මාලිමා ආන්ඩුව සෑහෙන්න කාලයක් තියාගන්න පුළුවන්..

:       2       12

Nishan Saturday, 25 January 2025 09:01 AM

ස්විස් බැංකුවල හොරකම් කරපුවා තැන්පත් කරලා ඇතියි කියන සැකෙන් වෙන්න ඇති තානාපතිනිව ගෙන්නලා අහන්න ඇත්තේ. ඉස්සෙල්ලා හොරකම් කලේ කොහෙන්ද, කවුද කියන එක මෙහේදීම හොයන්නකෝ...! ඒක ඊට වඩා ලේසියිනේ...

:       0       10

Vijesh Saturday, 25 January 2025 11:17 AM

ඔව්, ඒවා සේරම ගෙනාවා. ගෙනැල්ලා මෙහෙ බැංකුවල දානවා. දැන් සැපද? 

:       8       0

Nadika Saturday, 25 January 2025 11:21 AM

මෙන්න තවත් කයියනායක ව්‍යාපෘතියක්

:       0       11

Rata Perata Saturday, 25 January 2025 02:08 PM

ඉතා හොඳ දෙයක් කරන්න පුළුවන් වුණොත්...

:       2       3

Nilam Saturday, 25 January 2025 04:06 PM

මොන පචද අනේ? ඕන්න අපි විශ්වාස කළා හොඳේ...!

:       0       8

Janitha Saturday, 25 January 2025 04:08 PM

ඇයි උගන්ඩා කුමාරිගේ සහාය එපාද?

:       0       9

සෙනෙවිරත්න Saturday, 25 January 2025 07:35 PM

ඉඳුල් කාපු අය තමන්ගේ හාම්පුතුන්ගේ දේවල් හෙලිවෙනවාට ඇති බිය මේ කමෙන්ට් වලින් පේනවා... අවංක, රටට ආදරේ නම් මෙහෙම කුණු කතා කියන්නේ නැහැ... රටට යහපතක් වෙනවාට අකමැති අය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 34 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 31 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 59 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 121 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 151 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site