IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘පැන්නූ හොරු යළි කරලියේ‘

ජනවාරි අට වැනි දා මහජනතාව විසින් පරාජයට පත් කළ දූෂිත පාලකයන් ඇතුළු පිරිස නැවත අළු ගසා දමා ක්‍රියාකාරී මට්ටමට මේ මොහොත වන විට පත්ව ඇති බවත්, එය යහපාලනයට නුසුදුසු හෙයින් ලබන මැතිවරණයේ දී ඔවුන් බලයට ගෙන එනවාද නැද්ද කියා ජනතාව සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බව තම සංවිධානය මහජනතාවට මතක් කරන බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ කීහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී මාධ්‍ය හමුවක දී ය.

කුඩුකාරයන්ට, එතනෝල්කාරයන්ට, බුකීකරුවන්ට හා ස්ත්‍රී දූෂකයන්ට නැවත පාර්ලිමේන්තුවට එන්නට ඉඩ නොදිය යුතුය යන්න තරයේ මතක තබා ගන්න යැයි උන්වහන්සේ ඇතුළු සෙසු හිමිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතනපාල, නියෝජ්‍ය සභාපති මහනුකවැවේ අනුරුද්ධ, විධායක සභික තංගල්ලේ සාරද, කඩහගම ඤාණසිරි යන හිමිවරු ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

RDS_5389 RDS_5390 RDS_5399

 



අදහස් (0)

‘පැන්නූ හොරු යළි කරලියේ‘

ඉමාක් Monday, 06 July 2015 01:03 PM

ඔව් කමල්,ඔබ හරි (නි)

:       0       0

මොහාන් Monday, 06 July 2015 01:05 PM

හොරුන්ට නාමයෝජනා දුන්නත් නැතත් ජනතාව දැනගන්න ඕනෑ නිවැරදි තීරණයක් ගන්න (නි)

:       0       0

විකි Monday, 06 July 2015 01:41 PM

එහෙම ගත්තොත් නාමයෝජනා දෙන්න කෙනෙක් නැතුව ඇති. (ර)

:       0       0

නිමාෂා Monday, 06 July 2015 01:53 PM

බාලසුරිය මහතාණෙනි, දුෂකයන් කුඩු කාරයන් එතනෝල් කාරයන් ම හොරුන් පාර්ලමේන්තුවේ රැඳීම ඇත්ත වශයෙන්ම හෙළාදැකිය යුතු කරුණක්. එහෙත් මෙම සිද්ධි වල ආරම්භය මහින්ද යුගයමයි කියලා කියන්න තරම් අප ගුණමකු වියයුතු නැහැ. (ර)

:       0       0

එච්. ජගත්දේව Tuesday, 07 July 2015 03:13 AM

සිවුවන සිල් පදය කඩන අයට උදව් කරන හැටියක් තමයි මට නම් පෙනෙන්නේ. ඔය කියන අයහපත් දේවල් මේ රට තුළ බොහෝ කලක සිට පවතිනවා. පසුගිය මහින්ද පාලනය ගැන ජාත්‍යන්තර හා මෙරට කුමන්ත්‍රණකරුවන් මඟින් සමහරු බොරු බේගල් ඇදබෑවා. ඔප්පු කළ හැකි කරුණු තිබුණා නම් වැරදිකරුවන් නිශ්චිතවම හිරේ දැමෙනවා. (නි)

:       0       0

සිල්වියා Monday, 06 July 2015 03:58 PM

අපිට මරණ බය නැතුව ඉන්න රට හදපු මහින්ද තව කාලයක් දේශපාලනයේ සිටිය යුතුමයි . (ර)

:       0       0

ගාල්ලගේ Monday, 06 July 2015 07:17 AM

මගේ රට දිනපු දයාබර මහින්ද රජුට ජය වේවා...! මම සැමදා ඔබ සමග ඔබට ණය ගැතියි. (ර) .

:       0       0

දහම් Monday, 06 July 2015 07:19 AM

කොහේ හිටපු කට්ටියක්ද මේ? යුද්ධේ කරන කාලේ එහෙම මේ අය කොහෙ හිටියද දන්නෑ. (ර)

:       0       0

වේළු සුමන Monday, 06 July 2015 07:35 AM

කුඩුකාරයන්ට, එතනෝල්කාරයන්ට, බුකීකරුවන්ට හා ස්ත්‍රී දූෂකයන්ට නැවත පාර්ලිමේන්තුවට එන්නට ඉඩ නොදිය යුතුය යන්න කවුරු බලයට ආවත් ක්‍රියාවට නැංවිය යුත්තක්. (ර)

:       0       0

සමන් Monday, 06 July 2015 07:48 AM

මෙවර ඒකට නියම පිළිතුර ලැබෙයි.(හේ)

:       0       0

හැරල්ඩ් Tuesday, 07 July 2015 04:33 AM

ඡන්ද ඉල්ලන්න කාටත් පුළුවන්. ඔබ වහන්සේ මෙවරත් ඔය කියන අය පරාජය කරන්න (නි)

:       0       0

රිචි බාලසුරිය Monday, 06 July 2015 07:48 AM

යුද්ධය දිනුවා කියා එහි සම්පුර්ණ අයිතිය අරන් රණවිරුවන් තණකොල කපන, පාරවල් වල කුණු අදින සෙබළුන් කරලා , යුද්ධයේ මුවාවෙන් බොරු ඔටුන්නක් දමා , රටේ මුළු සේසතම සොරකම් කරලා , ස්ත්‍රී දුෂකයන් කුඩු කාරයන් එතනෝල් කාරයන් මාල කඩපු හොරුන් පාර්ලමේන්තුවේ දමලා රටට කරපු විනාශය සමහර අයට මේවා පෙන්නේ නෑ , හේතුව ඔවුන් අන්ධ වෙලා , වහලුන් වෙලා නිසා (හේ)

:       0       0

සමිත Monday, 06 July 2015 07:51 AM

යුද්දේ පෙන්න පෙන්න මිනිස්සු ගොනාට ඇන්දුවා ඇති. යුද්දේ කන්නද.දැන්වත් මනුශ්ෂයන් වගේ හැදිලා තමන්ගේ ළමයින්ට ආදර්ශයක් වෙන්න.(හේ)

:       0       0

රනුක Monday, 06 July 2015 07:59 AM

මහින්ද ට ජය වේවා...! (ම)

:       0       0

නදීක Monday, 06 July 2015 08:09 AM

මහින්දට ආයේ කවදාවත් දිනන්න බැහැ.(ම)

:       0       0

සුනිල් Monday, 06 July 2015 08:11 AM

කොටින්ගෙන් රට බේරගත්ත එක ඇත්ත. ඒත් ඊට පස්සේ රට කෑවේ නැද්ද ?(නදී)

:       0       0

සෑම් Tuesday, 07 July 2015 05:14 AM

ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වැඩිය ලොකුයි කිව්වලු. (නි)

:       0       0

සත්‍යපාල Monday, 06 July 2015 08:39 AM

මේ කොහේ හිටපු සංවිධානද ? හතු පිපෙනවා වගේ දෙතුන්දෙනෙක් එකතුවෙලා සංවිධානයක් අටවාගෙන රුපියල් දෙතුන්සියයකට බැනර් එකක් ලියවාගෙන තව රුපියල් තුන්හාරසියයකට ශාලාවක් වෙන්කරගෙන පුවත් සාකච්ඡ කැදවනවා. අන්තිමට වේදිකාවේ ඉන්න පස්දෙනා සහ මාධ්‍යවේදීන් දෙතුන්දෙනා හැර කවුරුත් නෑ. (ර)

:       0       0

සිරි Monday, 06 July 2015 08:58 AM

ලන්සුව කීයද කියල කීවේ නැනේ (ම).

:       0       0

නුවන් Monday, 06 July 2015 08:59 AM

ඵතකොට තරුණ තරුණියන් අමු අමුවේම පාරවල් වල ටයර් සෑයවල්වලට දාපු අය මේකට හොදද? (ම)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 09:25 AM

මෙයාලට ගිය කලක්. මෙයාල කොහෙද හිටියේ මහින්ද මහත්තය රට බෙරා ගන්නකොට? (ර)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 09:26 AM

මහින්ද මහත්තයට ජය වේවා! (ර)

:       0       0

මාපලගම පත්මා Monday, 06 July 2015 06:16 PM

මා කැමති 1977 පෙර තිබු පාර්ලිමේන්තු ක්‍රමයට. පාර්ලිමේන්තුවට ආ නියෝජිතයන් ඒ වගේ අදත් වෙනවා නම් හොඳයි. (නි)

:       0       0

පසිදු Monday, 06 July 2015 09:41 AM

මහින්ද මහත්තයා නැතුව මේ ලංකාවේ වෙන කෙනෙක් නැද්ද අගමැති වෙන්න. කෝ එතකොට අනාගත පරපුරක්, අනාගතේ රට බාර ගන්නේ කවුද? (හේ)

:       0       0

බණ්ඩාර Monday, 06 July 2015 09:41 AM

මේ හැම ප්‍රශ්නයකටම විසදුම ජනතාව සතුයි.(හේ)

:       0       0

නිමලරත්න Monday, 06 July 2015 09:45 AM

මේ රටේ ඉතිහාසය නොදන්නා අය,දෙමල ජාතිවාදීන්ට මේ රටේ සැණකෙළි පැවැත්වීමට ඉඩදීමට සුදානම් වන අය,මේ ඡන්දය නොදිය යුතු කණ්ඩායමට ඇතුළත් කලොත් නරකද? (ම)

:       0       0

සිංහලයා Monday, 06 July 2015 10:01 AM

ලංකාව දිනවපු රජු මහින්ද , ඔබ සැමදා අප ඔබ සමඟ සිටිමු >>>>>(ම)

:       0       0

බුද්ධික Monday, 06 July 2015 10:12 AM

හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉද්දිරිපත් වුනොත් හොරුන්ගෙන් , තක්කඩින්ගෙන්, ස්ත්‍රි දුෂක්යින්ගෙන්, එතනෝල් ජාවාරම්කරුවන්ගෙන් රට බේරා ගත හැකයි. මිනිසුන්ට රට වටා ගොස් කරුණු පහදා දෙන්න.(හේ)

:       0       0

සිරිවිකුම් Monday, 06 July 2015 10:21 AM

අනේද කියන්නේ, කොටි වලිගය කරලියේ. (ම)

:       0       0

අචිනි Monday, 06 July 2015 10:31 AM

මෙතන අයගේ අදහස් දැක්කහම හරිම පුදුමයි. මහින්ද මහත්තයා ආයෙත් එන්නේ රට හදන්න නම් හිටපු කාලේ එයාට ඒක කරන්න බැරුව ගියේ මොකද ? බල තණ්හාව ඕක තමා (නදී)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 10:34 AM

එක්කෙනෙකුට එක ගානේ බෙන්ස් කාරෙකක් දෙනවා කිව්වලු. එ්කයි මේ සද්දේ. ඔයාලට තේරෙන්නේ නැද්ද? (නදී)

:       0       0

ඉමල්කා Monday, 06 July 2015 10:35 AM

මෙයාලට හරිම බයයි මහින්ද දිනයි කියලා. මහින්ද කෙලින් ඉඳල යුද්ධේ ඉවර කලේ නැත්නම් මීට හොඳයි කියල හිතෙනවා. (නදී)

:       0       0

විකි Monday, 06 July 2015 11:01 AM

මගේ නම් අදහස වෙන්නේ දැන් ඉන්න ජනාදිපති තුමා මොන විදියකින් හරි හොද ආණ්ඩුවක් හදාගන්න ඕනි. එ්කට මහින්ද මහත්තයාගේ සහයෝගය, එතකොට රනිල් මහත්තයගේ සහයෝගයත් , ලබා ගන්නත. හැබැයි ඉතින් කරන්න පුළුවන් දේවල් කියන්න ඕනි නැතුව ඡන්දෙ ගන්න පමණක් කියල වැඩක් නැහැ. එ්කෙන් වෙන්නේ ඔබ තුමාලගේ නම් කැත වෙන එක විතරයි (නදී)

:       0       0

ආනන්ද ආර්. Monday, 06 July 2015 12:36 PM

හොඳ අධ්‍යාපනයක් ලැබූ යහපත් ආකල්ප දරන අයටයි ඡන්දය දියයුත්තේ.අපේක්ෂකයිනි, ඡන්ද ඉල්ලන්න බෙදන අත්පත්‍රිකාවල ඔබ අපොස සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි සමත්වුණ වර්ෂයයි විභාග අංකයයි නොවරදවාම මුද්‍රණය කරගෙන එන්න. (නි)

:       0       0

සනත් Monday, 06 July 2015 12:39 PM

කුඩ්ඩෝ,හොරු වගේම ර‍ට පාවාදුන් අයත් එපා (නි)

:       0       0

කමල් Monday, 06 July 2015 12:45 PM

ඉමල්කා, යුද්ධය අවසන්කළ එක ඇත්ත. හැබැයි ඒක විකුණපු කාලය අවසානයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 661 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 340 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 289 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2417 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 113 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1578 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32725 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23866 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site