ඕස්ටේ‍්‍රලියාවේ කැන්ගරුවාගේ ගමන් විලාසයට සමාන වූ ගමනක් ඇති මෙරටට ආවේණික කටුස්සෙක් ශී‍්‍ර ලංකාවේ සිටියි. ක්‍්බට්රදද ඛස‘්රා ලෙස ඉංගී‍්‍රසි භාෂාවෙන් හඳුන්වන මේ සත්ත්වයා ලංකාවේ සෑම ප‍්‍රදේශයකම පාහේ ඉතා සුලභව දක්නට ලැබෙන කටුසු වර්ගයකි. පිනුම් කටුස්සා හෙවත් යක් කටුස්සා ලෙසද හැඳින්වෙන මේ කටුස්සා විද්‍යාත්මකව ඕටර්ක‍්‍රිප්ටිස් වයිග්මානි ධඑදජරහචඑසි අසැටප්බබස ලෙස නම්කැර ඇත්තේ 1830 වර්ෂයේදීය.
පිනුම් කටුස්සා කොළ රොඩු අතර ජීවත් වන, උස් ගස් වලට නොනගින, ඉස්සරහ කකුල් දෙක ඔසවාගෙන පිටුපස කකුල් දෙකෙන් පමණක් දිවයන දුඹුරු පැහැති සතෙකි.
අංජන සිල්වා හා කළණ මාදුවගේ යන සත්ත්ව පර්යේෂකයන් දෙදෙනා රටේ විවිධ ස්ථානයන්ගෙන් ගන්නා ලද පිනුම් කටුස්සාගේ නිදර්ශක සියයක් පමණ පරීක්ෂා කරන ලද්දේ එම කටුස්සා පිළිබඳ අධ්‍යයනයක් කිරිමේ අපේක්ෂාවෙනි.
කටුසු නිදර්ශක පරීක්ෂා කළ ඔවුන්ට පෙනී ගියේ මෙම නිදර්ශක අතරින් ඇතැම් කටුස්සන්ගේ පිටුපස පාදයේ පස්වැනි ඇ`ගිල්ල එම විශේෂයේම වෙනත් කටුස්සන්ගේ එම ඇ`ගිල්ලට වඩා තරමක් දිගින් වැඩි බවයි. පිරිමි සතුන්ගේ පමණක් ගෙලට පහළින් පැහැදිලි කෝෂයක් පිහිටා ඇත. මෙම කෝෂයේ ලපයක් දක්නට ලැබේ. කටුසු නිදර්ශක සියුම්ව පරීක්ෂා කළ විට පෙනී ගියේ පාදයේ ඇ`ගිල්ලක් දිගින් වැඩි කටුස්සන්ගේ එම ලපය රතු පැහැයෙන්ද ඇගිල්ලක් කොට කටස්සන්ගේ එම ලපය කළු පැහැයෙන්ද දිස්වේ. එම සතාගේ විශේෂ දෙකක් ජීවත් සිටියි.
රොහාන් පෙතියගොඩ මහතාගේ මග පෙන්වීම යටතේ අංජන සිල්වා මහතා හා එම්.එම්. බාහීර් මහතා මෙම විශේෂ දෙක වෙන් වෙන්ව නම් කිරීමේ කාර්ය ආරම්භ කළහ. ඔවුන් මෙම සුවිශේෂී ලක්ෂණ දුටු සත්ත්ව නිදර්ශක පරීක්ෂා කර බැලීමේදී පෙනී ගියේ පාදයේ ඇ`ගිල්ල දිගැති හා රතු ලපය දරණ සියළුම කටුස්සන් ලංකාවේ තෙත් කලාපයේ ස්ථාන වලින් ලබාගත් සත්ත්ව නිදර්ශක බවයි. පාදයේ පස්වැනි ඇ`ගිල්ල කෙටි හා කළු ලපය දරණ නිදර්ශක සියල්ල වියළි කලාපයේ විවධ ස්ථානයන්ගෙන් අල්ලාගත් සතුන් විය.
1830 දී ඕටර්කි‍්‍රප්ටිස් වෙයිග්මානි ධඑදජරහචඑසි අසැටප්බබස ලෙස නම් කළ කටුස්සා ඇගිල්ල දිගැති රතු ලපය සහිත තෙත් කලාපීය සතෙකි.
කළු පැහැති ලපයක් ඇත යන තේරුම දෙන ලතින් වචනයක් උපයෝගීකරගෙන වියළි කලාපයේ කටුසු විශේෂයට ඕටර්කි‍්‍රප්ටිස් නිග්රිස්ටිග්මා ධඑදජරහචඑසි බසටරසිඑසටප් ලෙස 2005 වර්ෂයේදී නම් කරන ලදී. මෙම විශේෂ දෙකම ලංකාවේ ඒ ඒ කලාපයන්ට ආවේණික විශේෂයන්ය.
ඡුායාරූප
තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන
විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්රධාන
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පිනුම් කටුස්සා හෙවත් යක් කටුස්සා
සංජීව අබේනාරායන Saturday, 03 September 2011 11:38 AM
නව සොයාගැනීම්, අපේ උරුමයන් තහවුරු කරන්නකි.
Rehansa Sunday, 15 January 2023 02:47 PM
යක් කටුස්සා උරගයින්ට අයිතිද?