(අජිත්ලාල් ශාන්තඋදය සහ පැල්මඩුල්ල අරුණ එස් හේරත්)
ලෙල්ලොපිටිය වැලිමලුව මාක්ස්වත්තේ සහ පොල්ගස්තැන්නේ ගම්වැසියන් පානීය ජලය ලබාගන්නා ඉන්දොළ ඇළට ගෝඩා මුසුකර පුද්ගලයින් 32 දෙදෙනෙකු රෝගාතුර කළ බවට සැකපිට මාක්ස්වත්තේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් අද 16දා අත්අඅඩංගුවට ගත්බව රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතා පැවසුවේය.
රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන පාරේ වැලිමලුව හන්දියෙන් නුගේලෙන ආරණ්‍ය සේනාසනයට යන පාරේ කිලෝමීටර් එකහමාරක් පමණ ගියවිට මෙම මාක්ස්වත්ත සහ පොල්ගස්වත්ත ගම් දෙක හමුවෙයි.
පසුගිය 14දා රාත්‍රී තමන්ගේ නිවෙස්වලට පානීය ජලය ලබාගන්නා ජලනළවල ජලය භාවිත කළ මාක්ස්වත්ත කොටසක සහ පොල්ගස්වත්ත ගමේ පවුල් විසිහතරක පුද්ගලයින් 32 දෙනෙකුට වමනය සහ බඩයාමේ රෝග තත්ත්වයන් ඇතිවීමෙන් පසු ඔවුන් පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ගත් බව සිද්ධියට මුහුණ දුන් බව ගම්වාසීහූ පැවසූහ.
රෝගාතුර වුවන් අතර වැඩි පිරිස කුඩා ළමයින් සහ කාන්තාවන් බව ද ගම්වාසීන් සඳහන් කළ අතර වැඩිහිටි පිරිමි කිහිප දෙනෙක් ද ඒ අතර වන බව ද ඔවුහු කීහ.
කිරිබත්ගල රක්ෂිතයට පහළින් මාක්ස්වත්ත සහ පොල්ගස්වත්ත ගම් දෙක පිහිටා ඇති බව ද ඔවුහු කීහ. ගම්මානයට ඉහළින් තේවතු පිහිටා ඇති අතර ඉහළින් ගලා එන ඉන්දොළ ඇල හරස්කර නළ මගින් මාක්ස්වත්තේ කොටසක සහ පොල්ගස්වත්තේ වැසියන් පානීය ජලය, නළ මගින් ලබා ගනී.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ඊයේ ( 15) පරීක්ෂණ පවැත්වු බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඕලුගල මහතා කීවේය. මෙම ගම්වලට ඉහළින් ඉන්දොළ රක්ෂිතයේ කසිප්පු පෙරීමක් සිදුකර ඇති බවත් කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා පසුව ඇළට බැහැර කර ඇති බව නිරීක්ෂණය වු බව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසුවේය.
මෙම නීති විරෝධී ක්‍රියාව කළ සැකකරුවන් අතරින් දෙදෙනෙක් වහාම අත්අඩංගුවට ගත් බව කී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ද පැවසුවේය.
ඡායාරූප - ලසන්ත නිරෝෂණ
අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පානීය ජල ව්‍යාපෘතියේ කසිප්පු පෙරලා