(සුජිත් හේවාජුලිගේ )
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය නඩත්තු කිරීම සඳහා වසර තුනකදී(2022-2024) රුපියල් කෝටි 27 ක් පමණ වැය කර ඇතැයි මහ බැංකු වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.
මෙම පිරිස නඩත්තුවට පසුගිය 2022 වර්ෂයේ දී වැය කර ඇති මුදල රුපියල් කෝටි හතකි. 2023 වර්ෂයේදී එය කෝටි අටකට වැඩි මුදලක් දක්වාද මේ වසර වනවිට එය කෝටි 11කට වැඩි මුදලක් දක්වාද වර්ධනය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මෙම හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපති ආර්යාවට වෙන්කර ඇති මුදල් ප්‍රමාණයේ සියයට 45 ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන බවද මහාචාර්යවරයා කීය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට මේ වසරේදී රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂ හැත්තෑ දහසක මුදලක් වෙන්කර ඇත. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සීරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් වෙනුවෙන් දෙකෝටි අනූ එක් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් බැගින් වෙන් කර ඇති බව පවසන මහාචාර්යවරයා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මියට මේ වසරේ රුපියල් හැට අට ලක්ෂ විසි දහසක මුදලක් වෙන්කර ඇතැයිද ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට වෙන්කරන ලද මුදලේ සියයට 273ක වැඩිවීමක් පෙන්නුම් කරන බව පවසන අතුකෝරල මහතා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වෙන්කර ඇති මුදලේ සියයට පනස් හතරක වැඩි වීමක්ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙන්කරන ලද මුදලේ සියයට 329ක වර්ධනයක්ද පෙන්නුම් කරන බව සඳහන් කළේය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මියට වෙන්කර ඇති මුදල් වල සියයට101 ක වර්ධනයක් පෙන්නුම් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර මේ වසරේ ජනපති ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 660කි
2022 වර්ෂයේ දී එම වියදම සටහන්ව තිබුණේ කෝටි 273 ක් වශයෙනි. 2022 වර්ෂයේදී එම සංඛ්‍යාව කෝටි 660 ක් දක්වා වැඩි වී තිබිණ.
ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදලේද සියයට 142 ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ඔහු සඳහන් කළේය.
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
ranjith Saturday, 28 September 2024 01:42 PM
මුන් නම් එන ආත්මයක කුඹියෝ වෙලා ඉපදෙන්නේ. රට බංකොලොත් කලාට
දේසප්ර්ර්මියා Saturday, 28 September 2024 01:45 PM
හිටපු එකෙකුටවත් කිසිම පැන්ෂන් එකක් දීමට අවශ්‍ය නැහැ.බලයේ ඉන්න කාලේ හොන්දට හම්බ කරගත්තා. උන්ට බලයට එන්ඩ ඡන්දේ දීපු ජනතාව අද නොවිදිනා දුක් වින්දිනවා .
චටතුරි Saturday, 28 September 2024 01:55 PM
මොවුන්ට තියෙන නඩු ඉක්මනින් ඉවර කරලා අත් අඩන්ගුවට ගන්න. වලපයයි ගොඩ පයයි තියන් ඉන්නේ මොවුන්ට එහෙම කරන්න බැරිනම්. මී පාසානම් දුන්නානම් ඉවරයි. මොවුන් රට කරනකොට සැප කෑම කාලා ජනතාවට දුන්නේ වසවිස. කාලකන්නි හොර මිනීමරුවෝ. කෝටි ගණනින් මොවුන් මොනවා කෙරුවාටද නාකිමයිනා රටෙන්මුදල් දේපල සේරම හොරකම් කරලා නූගත් පුත්තුන්ට දුන්නා. පොඩි මයිනා ප්‍රසිද්ධියේ කියන්නේ තියෙන වත්කම් උගත් කමක් නැති මී හරකා මන්ත්‍රි වැටුපෙන් කොහොමත් මිලියන ගණනින් මුදල් රත්තරන් මැනික් ගන්නේ. මොවුන් සේරම හොරකම් කරලා මිනීමරපු නිසානේ රටින් පැන්නේ. පවුලේ අය. වහාම නතරකරලා. මොවුන්ට කඩේයන්න කවුරුත් නැහැ දැන්...
Chamil Abeynayake Saturday, 28 September 2024 02:05 PM
මොවුන්ට තව ටිකක් වැඩියෙන් ගෙවන්න තිබුණේ..!
Jagath Saturday, 28 September 2024 02:06 PM
අනවශ්‍ය වියදම් වහාම කපා හරින්න.
Prabha Saturday, 28 September 2024 02:44 PM
ඔය දිමනාව විශාම වැටුපට අමතරව නේද?
සෝමවංස (සුදු අය්යා) Saturday, 28 September 2024 02:47 PM
මහාචාර්යතුමෝ , තරුණයෝ 60,000ක් මරන්න දෙවතාවක් කැරැලි ගහපු, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුවත් නොවුණු විජේවීරගේ දරුවොයි, පවුලයි අවුරුදු 20 කට වඩා නඩත්තු කරන්න ශ්‍රී ලංකා රජය කොච්චර වියදම් කරාද කියලත් හොයලා බැලුවනම් හොඳයි !
චතුරිSaturday, 28 September 2024 03:54 PM
හලෝ නොදන්නා දේවල් කතා නොකර ඉන්න. මෙයා මොවුන්ට කඩේ යන්නේ කොන්ද පණනැති කමට. කවදාවත් විජේවීරගේ ආන්ඩුවෙන් ඉල්ලුවේ නැහැ. හිඟාකෑවත් ඉල්ලන්නේ නැහැ.. ඔය නඩේ තමයි දස වද දීලා මැරුවේ. අසරණ දරුවෝ ඉන්න නිසා ඒ පව මකා ගන්න. බොරු රඟපෑමක් කෙරුවේ. දරුවෝත් මරයි කියන බයට කට වහගෙන හිටියේ මොවුන් තිරිසන්නු හදන සක්කිලි. සක්කිලිත් හොඳයි. මේ වගේ අය ලේසියෙන් මැරෙන්නේ නැහැ. තවත් පව් පුරෝ ගන්නවා. රට කරන්න නෙමේ. දැන් මෝඩ පුතා එයාව දාලා බැලුවා. සරම පටලන්. රජ පුටුවේඉඳගන්න. මෙයාලා ඉඩි අමීන් වගේ... මිනී මස් විතරයි නොකෑවේ.
සෝමවංස (සුදු අය්යා) Saturday, 28 September 2024 05:03 PM
අනේ චතුරි, දන්නේ නැති ටික අහගන්න ඔයාගේ අම්මව හරි ඔයාව හරි හම්බවෙන්න අද රෑ ආවට කමක් නැද්ද? දොරේ අගුල දාන්න එපා හොඳේ...! මීට 88-89 ඡන්ද කාලේ හැඳුනුම්පත් එකතු කරපු දේශ ප්‍රේමී ව්‍යාපාරයේ සෝමවංස
Live and Let LiveSaturday, 28 September 2024 09:26 PM
UNP එකේ අය ඇර අනෙක් හැමෝම 60,000ක් තරුණ ජීවිත සම්බන්ධ කරන්නේ ප්‍රේමදාසටයි. කබර තලගොයි දේශපාලනේ යෙදෙන තව සමහරු අවශ්‍ය වෙලාවල්වල 60,000 මැරුවේ JVP කියනවා. JVP එකටත් මේ වගකීමෙන් ගැලවෙන්න බැහැ. නිවැරැදි ගණනයක් කරල මම වැරැදියි කියල ඔප්පු වෙනකං මම දන්නා විදියට මරණ අනුපාතය UNP/JVP -- 80/20 කියලා.
ගල් බමුණාSaturday, 28 September 2024 11:58 PM
විජේවීරගේ පවුලේ ආරක්ෂාවට කිව්වාට ඇත්තටම ඒක නොනිල සිරදඬුවමක් හා සමානයි. හිරේ හිටියත් කෑම, බීම අවශ්‍යයි. නොනිල නිසා ළමයි ඉස්කෝලේ යවන්නත් වෙනවා. හිටපු ආණ්ඩුව මේක කරේ දාගත්තට වෙන කාටවත් බැනලා වැඩක් නෑ.
අමල්Sunday, 29 September 2024 04:47 PM
ඇයි ජවිපෙ පොදු අරමුදලෙන් විජේවීරගේ දරුවොයි, පවුලයි නඩත්තු කරන බැරිවුණාද? ජවිපෙ පොදු අරමුදලෙන් කරන්න පුළුවන් අනුරාධපුරේ ලාල්ගේ දුවයි, තඹුත්තේගම අනුරගේ පුතයි පුද්ගලික විශ්ව විද්‍යාලවලට යවලා උගන්නන එක විතරද...?
Shantha Saturday, 28 September 2024 02:59 PM
යකෝ මුන් නඩත්තු කරනවාට වඩා වැඩක් නැ නේ අපිට
අපි බලා සිටින්නෙමු Saturday, 28 September 2024 03:31 PM
කරුණාකර ප්‍රතිචාර දැක්වීමේ ('ලයික්ස්'/'ඩිස්ලයික්ස්') යාන්ත්‍රණය නිවැරැදි කිරීමට පියවර ගන්න. අප්‍රසාදය පළ කළ විට ප්‍රසාද තුනක් ස්වයංක්‍රීයව එකතු වේ...!
කර්තෘ Saturday, 28 September 2024 04:26 PM
" අපි බලා සිටින්නෙමු ", ඔබට කුමක්ද වෙලා තියෙන්නේ?
SL Saturday, 28 September 2024 05:35 PM
ඇමැතිලාට (මන්ත්රීලාට තියෙනවද දන්නේ නැහැ) තමන්ගේ පුද්ගලික ලේකම් සහ වෙනත් ස්ථාන 5ක් පත්කරගෙන ඒ පස් දෙනාට පාර්ලිමේන්තුව අවසානයේ විශ්‍රාම වැටුපක් ද දෙන ක්‍රමයක් තියෙනවා. ඊළඟ පාර පාර්ලිමේන්තු ආවොත්, ඒ අයම පත්වුනොත්, pension දෙකක් වෙනවා. දැනටත්. බහුතර පාර්ලිමේන්තු සාමාජිකයින් සහ පවුලේ ලඟම නෑයින් pension දෙකකට වැඩිය ගන්නවා. එහෙම තමයි මුන් මුන්ගේ ගොඩ වැඩි කරගෙන තියෙන්නේ - මේ සියල්ල වහාම නැති කරන්න ඕනේ...
Perera Sunday, 29 September 2024 12:02 AM
එක පෑන් පහරින් ඕවා ගෙවන එක නවත්තන්න බෑ..ඔය ගෙවීම් කරන විශ්‍රාම ජනාධිපතිවරුන් නඩත්තු කිරීමේ පනත පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් අහෝසි කළ යුතුයි..එසේ කිරීමට නම් ජනතාව ඊළඟ මහ මැතිවරණයෙන් මාලිමාවට බහුතර බලයක් දී ඊළඟ ආණ්ඩුව පිහිටුවීමට වගබලා ගත යුතුයි..
ගුණරත්න Sunday, 29 September 2024 08:10 AM
මම නම් කියන්නේ සියලුම පැන්ෂන් දීමනා අහෝසි කරන්න ඕනෑ කියලා. නිලධාරීන් ඇහුලුවා. දේශපාලකයෝ ගානටම රජයේ නිලධාරීන් හොරකම් කරනවා. ඉතින් තව පැන්ෂන් මොකටද? සමෘද්ධි, අස්වැසුම වගේ විවිධාකාර නම් වලින් දෙන දීමනාත් අහෝසි කරන්න ඕනෑ. අස්වැසුම දීමනාකරුවෝ කුරුඳුවත්තේත් ඉන්නවා කියලා පත්තරේ තියෙනවා දැක්කා. මිනිස්සු වැඩක් කර වැටුපක් උපයා ගන්න ඕනෑ, ඒ වැටුපෙන් විශ්‍රාම ජීවිතය ගත කරන්නත් වැඩ පිළිවෙලක් හදාගන්න දැනගන්න ඕනෑ.
ranjith Sunday, 29 September 2024 10:08 AM
වවාගෙන කන තනතුරක් කරගෙන මෙයාලා හිටියේ.. පවුලේ සෙට් එක පිටරට තානාපතිවරු කරලා. මහින්දගේ පවුලේ ගොඩක් හිටියා. තවමත් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් කොන්සල් ජෙනරල් මිනිහගේ මස්සිනා ඔහොම තම රට කර සුදුස්සාට සුදුසු තැන් දුන්නේ නෑ..
රොබින් Sunday, 29 September 2024 12:53 PM
මේ අයගේම සුජාත දරුවන් නැත්ද බලාගන්ට?