IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පොන්සේකාට ජනවාරියේ ජනපති සමාව?

හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ජනපති සමාව යටතේ 2012 වසර ආරම්භයේදී හිරෙන් නිදහස් කරතියි රජයේ ඉහල පෙළේ ආරංචි කියයි. මේ අනුව ඔහු 2012 ජනවාරි 01 වැනිදා නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි සඳහන් කරයි. මේ අතර මල්වතු අස්ගිරි මහානාහිමි වරුන් ඇතුළු පාර්ශව ගණනාවක් පොන්සේකාට නිදහස දෙන ලෙස ඉල්ලා තිබිණි. පොන්සේකාගේ බෑනාවන දණුන තිලකරත්නගේ හයිකෝප් සමාගමේ යුද හමුදාවට උපකරණ කීපයක් මිලට ගත්තැයි දෙවැනි යුද්ධාධිකරණයෙන් වැරැදිකරු වූ පොන්සේකාට මාස 30ක සිර දඬුවමක් නියම විය. ඒ සමග ඔහුගේ මන්ත‍්‍රීධූරයද අහිමිවිය. යුද්ධයේ අවසන් දිනවල සුදුකොඩි රැගෙන එන කොටි නායකයින් වෙඩි තබා මරා දමන්නැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළැයි කියන ප‍්‍රකාශයක් සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවීම සම්බන්ධයෙන් පොන්සේකාට එරෙහිව පැවැති නඩු විභාගයකින් පසුව ඔහුට රුපියල් 5000ක දඩයක් නියම කර තවත් තුන් වසරකට සිරගෙට නියමවිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනපතිට පැවරෙන බලතල යටතේ ඔහුට නිදහස ලැබෙතියි දැනගන්නට ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා පැවැසුවේ සමාව ලබාදීම පිළිබඳව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග කීප වරක් සාකච්ඡා කළ බවත් ඊට ඇති ගැටළු ගැන අවධානය යොමුකළ බවත් එහෙත් පැවැති සාකච්ඡුා මොනවාදැයි හෙළිකළ නොහැකි බවත්ය.



අදහස් (0)

පොන්සේකාට ජනවාරියේ ජනපති සමාව?

රංග Monday, 19 December 2011 12:11 PM

ඔබ ගැන ආඩම්බරයි..

:       0       0

කේ එෆ් ෆ්‍රනෑන්ඩු Monday, 19 December 2011 12:16 PM

පලමුව වැරදි. දෙවනුව නඩු. තෙවනුව ජනාධිපති සමාව

:       0       0

nowfel Monday, 19 December 2011 12:24 PM

හොද තීරණයක්. නමුත් ඔහුගේ ජීවිතය සුරකින්න..

:       0       0

ආර් එම් Monday, 19 December 2011 12:29 PM

හොද වැඩක්

:       0       0

සුමිත Monday, 19 December 2011 12:43 PM

මෙය විය යුතුම දෙයක්. නිවැරදි මාවතට යොමු වීම ගැන සතුටුයි. ජෙනරල් ඔබට ජය..

:       0       0

චමින්ද Monday, 19 December 2011 12:58 PM

ඒ තීරණයට අපිට ගොඩක් සතුටුයි...

:       0       0

රෝහිත Monday, 19 December 2011 01:00 PM

ගරු ජනාධිපතිතමනි, ඔබගේ දේශපාලන ගමන් මග සහ අද්දැකීම් සමුදාය මේ රටෙහි කිසිදු පුද්ගලයකට සමාන කල නොහැක. මන්ද ඔබ ගිරිවාපත්තුවේ සිට කොළඹට පයින් ආ නියම සිංහලයෙක් නිසා. ඒ බව බහුතරයක් ලාංකිකයන් දන්වා. හිටපු හමුදාපති තුමනි ඔබට ජනපතිගෙන් ඉගනගතයුත දෑ බොහොමයි. නිදහස ලබා ජනපති සමග ර‍ටට සේවයක් කරන්න බලන්න, වෛරයෙන් වෛරය නොසන්සි‍දේ....!

:       0       0

සම්පත් නිලාක Thursday, 22 December 2011 10:56 AM

අතිගරු ජනාධිපති තුමාත් ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාත් අපේ ලක්මවගේ නෙත්දෙක වගේ අපිට ඇස් දෙකම අවශ්‍යයි. දෙදෙනාගේම උත්සාහයෙන් දිනු මව්බිමට සහනය උදා වේවා දෙදෙනාටම චිරං ජයතු.........

:       0       0

කුමාර Monday, 19 December 2011 01:01 PM

සත්‍ය වලදැමිය නොහැක. අපි ඔහුට ණය ගැතියි

:       0       0

කේ.ජී.කේ පාලිත Monday, 19 December 2011 01:33 PM

ඒ ගොල්ලො දැම්ම ඒ ගොල්ලොම ගන්නවා

:       0       0

සෝමරත්න කෑගල්ල Monday, 19 December 2011 01:35 PM

ජනපතිතුමාගේ අදහස හරිම හොදයි.

:       0       0

ශන්ක Monday, 19 December 2011 01:44 PM

හොද නායකයෙකුගේ හොද තීරණයක්.

:       0       0

දිමුත් Monday, 19 December 2011 01:44 PM

රෝහිතගේ කතාවට අපිත් එකගයි.

:       0       0

dsfs Monday, 19 December 2011 01:45 PM

මෙච්චර කාලයක් නිකන් හිරේ තිබ්බේ ඇයි?

:       0       0

සුරංග Monday, 19 December 2011 01:46 PM

සත්‍ය සිර කර තැබිය නොහැක.

:       0       0

ලක්ස්මි Monday, 19 December 2011 01:46 PM

මගේ ජීවිතේ අසපු සතුටුම තීරණය

:       0       0

dsfs Monday, 19 December 2011 01:47 PM

ෆොන්සේකාගෙන් සැවොම සමාව ගත යුතුයි

:       0       0

රුවන් Monday, 19 December 2011 01:52 PM

වැරදීම මිනිස් ගතියයි.... සමාව දීම දේව ගතියයි......

:       0       0

පියුමාල් Monday, 19 December 2011 02:00 PM

හොද තීරණයක්....

:       0       0

අතුල Monday, 19 December 2011 02:08 PM

ෆොන්සේකා මැතිතුමනි, ඔබට සියලුම ආගම් වල පිහිට ආශිර්වාදය ලැබේවා ! ඔබතුමාණන් හට මුලු මහත් ජාතියම ණයගැතිය. ෆොන්සේකා මැතිතුමන්ව නිදහස් කිරීම යුතුකමකි.

:       0       0

සිසිර කුමාර Monday, 19 December 2011 02:12 PM

හොද තීරණයක්. රට නැටුමට එක්වන්න.

:       0       0

abhijiith Monday, 19 December 2011 02:19 PM

නව වසරට ජනපතිතුමන් ජාතියට දෙන ලොකුම තෑග්ග මෙයයි. ෆොන්සේකා මැතිතුමනි ඔබට ජය.

:       0       0

Fareez Monday, 19 December 2011 02:28 PM

අවංක සිතින් නිදහස් කරනවානම් තමයි හොද.

:       0       0

අනුපම Monday, 19 December 2011 03:12 PM

නිදහස් කළාට පස්සෙත් එතුමාට වටින කමක් විපක්ෂය දෙයි ද මන්දා.....

:       0       0

අනූෂ දිල්ෂාන් Monday, 19 December 2011 03:25 PM

ජනාධිපතිතුමාගේ තවත් හොද වැඩක් බවට පත්වෙයි. මිනිසුන්ගේ ගරුත්වය තවත් වැඩිවෙයි

:       0       0

සුදත් Monday, 19 December 2011 03:41 PM

තීරණය අවංක නම් හොදයි. ජාත්‍යන්තරයේ බලපෑමක් නෙමෙයි නේද?

:       0       0

අරුණ දිසානායක Monday, 19 December 2011 03:44 PM

නිදහස් කළාට ඉස්සරහට තියෙන නඩු වලට මොනවද වෙන්නෙ? මොනව වුණත් අපි ඔබ සමගයි. වීරයාණෙනි ඔබට ජය

:       0       0

ජයනාත් Monday, 19 December 2011 03:45 PM

ජනපති තුමා ගත් තීරනය හොදයි. ඒත් ජෙනරල්තුමා නැවත දේශපාලනයට නොඑනවනම් තමා හොද.

:       0       0

චාමර Monday, 19 December 2011 04:16 PM

නියමයි... ජෙනරාල්තුමනි ජනපති සමග එක්ව වැඩ කරන්න. දේශපාලන පක්ෂයකට යන්න එපා..

:       0       0

නිරාෂා Monday, 19 December 2011 04:39 PM

ඉතා හොද තීරණයක්

:       0       0

KKW Thursday, 22 December 2011 03:17 PM

දැන්වත් දෙගොල්ලො එකතුවෙලා වැඩ කරනවානම් තමා හොඳ. නැත්නම් ලංකාවට එරහි ජාත්‍යන්තරේ එකම ආයුධය වෙන්නේ මේ ෆොන්සේකා

:       0       0

චතුරංග Monday, 19 December 2011 05:34 PM

මගේ සන්තෝෂය

:       0       0

ජය Monday, 19 December 2011 05:44 PM

ො දෙන්නම එකතුවෙලා රට හදන්නොකෝ

:       0       0

කුමාර Monday, 19 December 2011 06:27 PM

සියලුම දේශපාලකයන් සහ රජය සමාව ගත යුතුයි ‍ෆොන්සේකා මහත්තයගෙන්

:       0       0

මංගල Monday, 19 December 2011 09:36 PM

සරත් මහත්තයට නියම මිතුරන් හදුනාගන්න පුලුවන් විය යුතුයි. ඔබ මේ රටේ සතුරන්ගෙ ඉත්තෙක් නොවිය යුතුයි. මිතුරු පිල මිසක් අවස්ථාවේදී සතුරන්ගෙන් ඉවත් වෙන්න. 2001-2004 කාලයත් 2005-2009 කාලයත් හොදින් සිහිපත් කර තීරණයක් ගන්න

:       0       0

අනුලා Monday, 19 December 2011 02:51 AM

අදහස ගොඩක් හොදයි.. ජනපතිතුමනි ඔබට ජය...

:       0       0

ඉන්දික වික්‍රමසිංහ Monday, 19 December 2011 03:09 AM

වැදගත් තීරණයක් ගැනීම පිලිබදව ජතපතිට සුබ පතනවා

:       0       0

චරත් Monday, 19 December 2011 03:21 AM

ආණ්ඩුව වරද්ද ගන්නද දන්නෑ යන්නේ...

:       0       0

අජිත් අමරවීර Monday, 19 December 2011 03:48 AM

එක්වෙලා සතුටු සිතින් රට ගොඩ නගමු. ජනපතිතුමාට ජයවේවා...

:       0       0

වර්නි Monday, 19 December 2011 10:32 PM

ඉතාමත් විශිෂ්ඨ තීරණයක්, පරක්කු වී ගත්තත්

:       0       0

SENADHI Monday, 19 December 2011 04:15 AM

වෛරයෙන් වෛරය නොසන්සිදේ ..! සියලු බේද පසෙකලා එකමුතුව රට ගොඩනගන්න අතිගරු ජනාධිපතිතුමාටත් ජෙනේරල් සරත් ෆොන්සේකා මහතාටත් සුභ පැතුම්.

:       0       0

Karu Monday, 19 December 2011 04:39 AM

රජයෙන් ඉතා හොද තීරණයක්... ඒවගේම ෆොන්සේකාද හමුදාපති කාලයේ මෙන් ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතුයි.. අවංක දේශපාලනඥයකු වන්න...

:       0       0

නිශාන්ත Monday, 19 December 2011 05:34 AM

තීරණාත්මක අවස්ථාවක්....

:       0       0

රුක්මාල් Monday, 19 December 2011 05:43 AM

ඒක හොද අදහසක්...

:       0       0

ක්‍රිස් Monday, 19 December 2011 05:45 AM

ඇසුව හොදම ප්‍රවෘත්තිය. සරත් ෆොන්සේකාට ජයවේවා...

:       0       0

සුසන්ත Monday, 19 December 2011 06:21 AM

ලොකු වෙනසක් වෙන්න ඕන...

:       0       0

ලලිත් Monday, 19 December 2011 06:26 AM

ඔබට තෙරුවන් සරණයි.

:       0       0

සිසර කුමාර Monday, 19 December 2011 06:26 AM

ඒක හොද තීරණයක්....

:       0       0

Yoonus Monday, 19 December 2011 06:27 AM

ජනාධිපති තුමනි එය වහාම කරන්න.මක්නිසාද ඔබගේ ඉදිරි ගමනට මෙය බාධාවක්.

:       0       0

Mohd. Monday, 19 December 2011 08:07 AM

ජෙනරාල්ට සමාව දෙන්න තරම් වරදක් කර නැත.

:       0       0

විපුල Monday, 19 December 2011 08:18 AM

ඒක වසරේ හොදම තීරණය වේවි..

:       0       0

ජයන්ත Monday, 19 December 2011 09:21 AM

සමාව දුන්නට කමක් නෑ....

:       0       0

ලක්ෂ්මන් පෙරේරා Monday, 19 December 2011 09:33 AM

අතිගරු ජනාධිපතිතුමනි, මෙම තීරණය ගත්තොත් ඔබතුමා තව තවත් ජනප්‍රිය වෙනවා.. ඔබට ජේසු පිහිටයි...

:       0       0

ඉන්ද්‍රානි Monday, 19 December 2011 09:38 AM

හොද අදහසක්...

:       0       0

dine Monday, 19 December 2011 09:38 AM

දැනටත් පරක්කු වැඩී...

:       0       0

නිවන්ත Monday, 19 December 2011 09:41 AM

තීරණය හොදයි.. හිටපු හමුදාපතිතුමනි, නැවත නොමග යන්න එපා. ජනපති එක්ක රට වෙනුවෙන් වැඩ කරන්න. ඔබතුමාට අවංකම මිතුරා ජනපතිතුමායි...

:       0       0

සමන් කුමාර උඩුකුඹුර Monday, 19 December 2011 09:47 AM

විය යුත්ත එය තමා.

:       0       0

පාලිත Monday, 19 December 2011 09:48 AM

ජනපතිතුමනි, ඔබතුමා රටට සාමය උදා කරන්න ගත් තීරණයට පමණයි මෙය දෙවැනි වෙන්නේ... ඔබට සදා ජය..

:       0       0

චාමර Monday, 19 December 2011 09:49 AM

මේට මේ ප්‍රවෘත්තිය ඇසීම ගොඩක් සතුටක්. ගොඩක් හොදයි..

:       0       0

සමන් Monday, 19 December 2011 09:56 AM

ඉතාමත් හොද තීරණයක්

:       0       0

වොල්වින් රණවීර Monday, 19 December 2011 09:57 AM

ඔබ අග්‍රගන්‍ය නායකයෙක් බවට පත්වෙනවා..

:       0       0

ජනිත් Monday, 19 December 2011 10:07 AM

නිදහස් කරන එක හොදයි. ෆොන්සේකා මහත්තයාත් කෙළින් වැඩ කරන්න ඕන

:       0       0

හංසි Monday, 19 December 2011 10:08 AM

කල වැරැද්ද බැටරි වැනි දේ මිලදී ගැනීමලු. ඒකත් හමුදාවේ ප්‍රයෝජනයටලු. ෆොන්සේකා මැතිතුමනි, ජයවේවා!

:       0       0

ප්‍රදීප් පරණගම Monday, 19 December 2011 10:11 AM

ඔබ හොද හමුදා නිලධාරියෙකි. නමුත් හොද දේශපාලනඥයකු නෙවේ...

:       0       0

සුමනා Monday, 19 December 2011 10:35 AM

ජනපතිතුමන් ප්‍රමාධ වී හෝ ඔබ තුමා ගත්ත නිවැරදි තීරණය හොදයි...

:       0       0

චමින්ද - සෞදි අරාබිය Monday, 19 December 2011 10:41 AM

සරත් ෆොන්සෙකා මහත්තයගෙ ජිවිතය අවදානමකට ලක් වෙනව මේ තිරනයත් සමග. සරත් ෆොන්සෙකා මහත්තයගෙ ජිවිතය ආරක්ශා කරන්න ජනපති තුමනි. හෑම දෙනාම එක මවකගෙ දරුවො

:       0       0

සෙනවිරත්න Monday, 19 December 2011 10:47 AM

මහින්ද මහත්තයා ඒක කළොත් ගොඩක් හොද වැඩක්.. ඔහුට පුළුවන් දැනට වැඩිය ගොඩන් ඉදරියට එන්න..

:       0       0

රිෆ්ඩි DUBAI Thursday, 22 December 2011 09:37 AM

ඔබ දෙපළටම එකතු වී යුද්ධයේ ජය ලබාගන්න පුලුවන් නම්, අපේ රටත් ගොඩ ගන්න පුලුවන්

:       0       0

චින්තක Monday, 19 December 2011 11:13 AM

මහත්තයෝ,බුදු බණෙත් කියන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ.. අවෛරයෙන්ම වෛරය සන්සිඳේ.. කියලා..ඔබතුමාගේ ඔය තීරණයට මගේ ශීර්ෂ ප්‍රණාම ස්තූතිය..ජනාධිපතිතුමනි,අපි සියලු දෙනා එක්වී අපේ මව්බිම අපි ගොඩනගමු..

:       0       0

කිරිබණ්ඩා Monday, 19 December 2011 11:17 AM

මේක දේශපාලන තීරණයක් මත හෝ ගත්ත හොද තීරණයක්. දැන්වත් සරත් මහත්තයාත් ඉවසලා කතා කරන්න පුරුදු වෙන්න ඕන. ඒක එහෙම උනොත් බෙදුම්වාදීන්ටයි රටේ හතුරන්ටයි කනේ පහරක් වෙයි.ජයවේවා ශ්‍රි ලංකා!

:       0       0

චාමර Monday, 19 December 2011 11:17 AM

වෛරය අමතක කරන්න ෆොන්සේකා මහතාට හැකි වේවා!

:       0       0

චානක Saturday, 24 December 2011 05:37 PM

තීරණය හොදයි.. හිටපු හමුදාපතිතුමනි, නැවත නොමග යන්න එපා. ජනපති එක්ක රට වෙනුවෙන් වැඩ කරන්න. ඔබතුමාට අවංකම මිතුරා ජනපතිතුමායි...

:       0       0

මනෝරි Monday, 19 December 2011 11:27 AM

හොද වැඩක් කරන්න යන්නේ...

:       0       0

ලක්ෂ්මන් කුමාර Monday, 19 December 2011 11:34 AM

විශිෂ්ට තීරණයක්

:       0       0

ජීවනී Monday, 19 December 2011 11:37 AM

2012 ට හොද ප්‍රවෘත්තියක්..

:       0       0

ප්‍රසන්න Monday, 19 December 2011 11:57 AM

2012 වසරේ අපගේ ජනාධිපති විසින් ගනු ලබන විශිෂ්ටතම අයිතිහාසික තීන්දුව මෙයයි. ජනපතිතුමනි, ඔබට දීර්ඝායුෂ...

:       0       0

අතපත්තු Monday, 19 December 2011 11:57 AM

එකට එකතු වී අපේ රට ගොඩ නගමු...

:       0       0

සන්ජී Monday, 19 December 2011 12:09 PM

තීරණය හොදයි.. හිටපු හමුදාපතිතුමනි, නැවත නොමග යන්න එපා. ජනපති එක්ක රට වෙනුවෙන් වැඩ කරන්න.ඔබතුමාට අවංකම මිතුරා ජනපතිතුමායි....2012 වසරේ අපගේ ජනාධිපති විසින් ගනු ලබන විශිෂ්ටතම අයිතිහාසික තීන්දුව මෙයයි. ජනපතිතුමනි, ඔබට දීර්ඝායුෂ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 349 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


ඡන්දෙට සියල්ල සූදානම්
2024 සැප්තැම්බර් මස 20 465 0

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.


මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 633 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු
2024 සැප්තැම්බර් මස 20 340 0

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස


බැසිල් රටින් පිටව යයි
2024 සැප්තැම්බර් මස 20 4668 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ


දෙහිවල වෙඩි තැබීමකින් සෞඛ්‍ය කම්කරුවා මරුට
2024 සැප්තැම්බර් මස 20 1416 0

දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 88 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 83 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site